[dropcap color=”red”]දො[/dropcap]ස්තර ජයලත් ජයවර්ධන මිය ගියේය. මේ කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ. ඔහු වැනි විශේෂඥ වෛද්‍යවරයෙකු වැරදි තැනකින් තමන්ගේ බයිපාස් සැත්කම කර ගත්තේ ඇයිද යන්නය. බයිපාස් සැත්කම් වලට අදාලව සංකීර්ණ ශ්‍රම විභජනයක් සිදු වී ඇත්තේ ඉන්දියානු ශෛල්‍ය වෛද්‍යවරුන් අතරය. ( මාක්ස්ට අනුව ශ්‍රම විභජනය ශූක්ෂම වන්නට වන්නට ජාතියක් දියුණු වෙයි.) ලංකාවේ හෘර්දය ශෛල්‍ය වෛද්‍යවරුන් අතර නැත්තේම මෙම ශ්‍රම විභජනයයි. ඔවුන් ඕනෑම සැත්කමක් (ප්‍රධාන සැත්කම් වර්ග තුනකි.) බදා ගනියි. එසේ කරන්නේ වැඩියෙන් මුදල් සෙවීමට මිස රෝගියා ගැන සිතා නොවේ.

දොස්තර ජයලත් ජයවර්ධනට සම්බන්ධකම් තිබුනේ එංගලන්තයේ වෛද්‍ය මිතුරන් අතරය. ඔහු සිතුවේ එංගලන්තයේ තාක්ෂණික සහ විද්‍යා දියුණුවයි. නමුත් එංගලන්තයේ පවා බයිපාස් සැත්කම් වලට අදාලව ( රෝගී/වෛද්‍ය අනුපාතය නිසා) ඇත්තේ අඩු ශ්‍රම විභජනයකි. මේ නිසා යම් රෝගියෙකුගේ සුවිශේෂි අංශයකට අදාලව සුවිශේෂී වෛද්‍යවරයෙකු සොයා ගැනීම අපහසුය. ඇගළුම් කම්හල කමිස කොලරය පමණක් මහන සේවිකාවක් ඒ ගැන දැඩි පුහුණුවක් ලබයි. මෙය බයිපාස් සැත්කම් වලටද අදාලය. (කමිස කොලරය සහ හදවත අතර වාස්තවික දැනුමේ වෙනසක් නැත.එවැන්නක් තිබෙන්නේ යැයි සිතෙන්නේ වාස්තවික දැනුම අධිනිශ්චය වූ අයටය.) එබැවින් ඉන්දියානු ශෛල්‍ය වෛද්‍යවරුන් අතරින් තමන්ගේ රෝගී තත්ත්වයට සුවිශේෂී වූ වෛද්‍යවරයෙකු සොයා ගැනීමේ සම්භාවිතාවය වැඩිය. එපරිදිම ශෛල්‍යකර්මයේ සාර්ථක මිමිමෙහි අපගමනයද කුඩා පරාසයක විහිදෙයි. මේ නිසා ජයලත් ජයවර්ධන එංගලන්තයේ හෝ සිංගප්පූරුවේ නොගොස් චෙන්නායි ගියා නම් ගොඩයෑමට ඉඩක් එතැන තිබිය හැක. නමුත් එවැන්නක් සිදු නොවුනේ අහම්බයකින් නම් නොවේ. එය අවිඥාණික නොදැනුමකි. මේ ගැන මොන්ටේරෝ සිහින දකින ලංකාවේ වෛද්‍යවරුන් මොනවා කරන්නද? සාමාන්‍යෙයන් මේ වෛද්‍යවරුන් ගේ නොදැනුම  කොපමනද යත් මේ වෛද්‍යවරුන්ට තමන් තොරාගත යුතු වාහනය සහ අනාගත සහකාරිය ගැන පවා ඇත්තේ මේ ආකාරයේ අවිඥාණික නොදැනුමකි. මේ නිසා කෑලැ බද ප්‍රෙද්ශවල යන්නට නිර්මාණය කර තිබෙන ඕෆ්රෝඩ් වාහන වල ආඩම්බරයෙන් නගරයේ සැරිසරන මේ අය නිළියන් කසාද බදින්න දැඩි කැමැත්තක් දක්වයි. ඊට අමතරව ගීත ගායනයේ සිට රගපෑම දක්වා ඕනෑම නොදන්නා මලදානයක් කරන්නට මේ ගොබ්බ වෛද්‍යවරුන් මහත් සේ ආශා කරයි.

ඔබේ අදහස කියන්න...