පශ්චාත් – චූටා – The – Romeo යථාර්තය —- අපගේ සාරය අපම විසංයෝජනය කිරීම
සමාන්‍යයෙන් අපගේ දිගු X දේශපාලනයේ ඉතිහාසය පුරාවටම “නිකමුන් සමහරුන් වීම” කියන දේ හොඳින් අත් විඳි තත්වයක්. අපි ඒ මාතෘකාව ගැන ලන්ඩන් සරඟරාවක්ම මුද්‍රණය කළේ 2001 වසරේදී. ඒ සඟරාවේදි තමයි කොළඹ වරාය තාප්පෙන් පැනලා “චූටා” කියලා කෙනෙක් අපේ සංවිධානෙට ආවේ. ඒ සඟරාවේ චුට ගේ කේන්දරය ඔහු විසින්ම ලියා තිබුණා. කේන්දර කොපියට අනුව ඔහු තාප්පන් පැනලා ඇවිත් තිබුණේ ධනවාදී සමාජයේ තිබෙන අවුල තේරුම් අරන් විප්ලවවාදී විදිහට ඒ දැනුම සමාජය වෙත ගෙනයන්න. ඒත් ඔහුට හමුවෙනවා කේට් මෝස් නොවන, ජෙනිෆර් ලෝපේස්ද නොවන, ශකිරා ද නොවන ජුලියා ක්‍රිස්ටිවා දනොවන ‘intercityයක්.’ අපිට එයාව ඉන්ටසිටියක් නොවී චුටා ට එයාව පෙනුනේ ඉන්ටසිටියක් වගේ. නිකංමම නිකං ප්‍රභා, ‘ඉන්ටසිටි ප්‍රභා’ වුණේ එහෙමයි. පළවෙනි අයිසිං තට්ටුව දැම්මෙ චූටා. ඒක සමාන්‍ය අයිසිං තට්ටුක් නෙවෙයි. බටර් දැම්මා බීට් කළා, අයිසිං ෂුගර් දැම්මා බීට් කළා, වැනිලා ටිකකුත් දාලා, කොකෝවා පවුඩරුත් දාලා, කුකින් චොක්ලට් එහෙමත් දාලා හදපු අයිසිං එකක්. ඒ වගේ හොද අයිසින් දාලා හැදුව ඉන්ටසිටියට ෂේනුයි – මහියයි, බසීයයි දෙන්නම වහ වැටිලා හිටියා අපිට හොදට මතකයි. චුටයි – intercityයයි 2002 දි අපගේ සංවිධානේ සංස්කෘතික කමිටුව බාර අරන් සති දෙකයි ගතවුණේ. ඉන්පස්සේ චූටා ඉන්ටසිටිය tackle කරගත්තා ලේසියෙන්. දැන් චූටා The Lover වුණා. ගැහැණියක් සමඟ තනිවුණු ගමන්ම පිරිමි සියල්ලන්ම ඒ ගැහැණියගේ ආශාව පස්සෙන් සෙම පෙරාගෙන දුවන්න ගන්න ලෙඩෙන් චුටට මිදෙන්න බැරි වුණා. අන්න එහෙමයි එයා චුටා ද රෝමියෝ වුණේ. ඒත් එයා other lovers ගෙන් වෙනස්. මොකද චුටට හිටියා ගමේ අරලිය මලක්. සංවිධානය ඇතුලේ නිර් -ලිංගිකයි වගේ හිටියේ. නිකං ගෑණුන්ට කැමති නෑ නෑ වගේ. [Other side of desire]ඔයගොල්ලෝ කොහොමත් දැන් දන්නවා ආදරේ අන්ධයි කියලා. ඒත් විප්ලවේ අන්ධ නෑ. අරගල අන්ධවෙලා කරනත් බෑ. ඉන්පස්සේ ද රෝමියෝ යි intercityයයි ඉන්ටසිටි බස්වල ඉදන් හොරෙන් ලව් කරන්න ගත්තා.
මේ දෙදෙනාම දැනගෙන හිටියා තමන්ගේ ආත්මයන් හිස් බවත්, ඒ හිස් බවට විකල්ප පිළිතුර සාමුහික බවත්. ඒත් ඒ සාමූහික පිළිතුරට මේ අය කැමති වුණේ නැහැ. ඒක හිස්බවට ලොල්වුණු ව්‍යුහාත්මක subject තත්වයක්.
මිනිස් ආත්මය කොහොමත් ව්‍යුහාත්මක හිස් බවකින් යුක්ත නිසා චුටා ට 2004 න් පස්සෙත් හිතපු තරම් විමුක්තියක් ලැබුණේ නෑ. එම ව්‍යුහාත්මක හිස්බව ඔබට- මට විතරක් නෙවෙයි චූටටයි- ඉන්ටසිටියටයි දෙන්නටම පොදුයි. එහි හොද නරක අපට නිශ්චය කළ නොහැකි නමුත් සමාජ සංකේත ලෝකයේදී අප දිගින් දිගටම හිස්බව වටහා ගන්න , ආවරණයක් යොදා ගන්න ගොඩක් දේ කරනවා, කියනවා.
මධ්‍යය හිස් නිරුවත් වානරයෙක් පාරේ ඇවිදගෙන යනකොට බලන්න කැතයි,… අපි අහක බලා ගන්නවා. ඒ යතාර්තය මඟහරිනවා. නමුත් ඒ මධ්‍ය හිස් වානරයා බොබ් මාලේ වගේ ගංජා සුරුට්ටුවක් බිබී…චේගේ කැප් එක දාගෙන….මාක්ස්ගේ රැවුලත් වවාගෙන …. ග්‍රාම්ස්චි කටගැස්ම සහිත… දීප්ති කතාකරන ලියන -ඇඳුම් අඳින පලදින විදිහත් බලං පොඩි ෆොටෝ කොපි ඩයල් එකක් වගේ අප ඉදිරියට ආවම [discourse] ඔන්න අපි ආශාවෙන් බලලා එයාට අනන්‍ය වෙනවා. මොකද අප්‍රිකා-ලතින්ඇමරිකා-ජර්මානු-හා දීප්තියානු සළු පිළිවලින් ආත්මයේ නිරුවත වැහුනම එතන නිරුවත් වානරයෙක් නෙවී ඉන්නේ…මතුපිට ශිෂ්ඨ මානවයෙක්. හැබැයි මේ වැහිල්ල පුද්ගලික තැනේදී හරිම ආතති දනවන සුළුයි. බෙහෝවිට ආත්මය කියනවා ඔයා හිස්…ඔයාගේ අනන්‍යතාවය නෙවී ඔය කියලා. ඒ නිසා සමාජ වැඩකදී ඉතාම ඉක්මනින් අශ්ලීල විනෝදයට යන්නේ මේ වගේ අය. රාත්‍රියට තරැන ගැහැණුක්ට කෑමට ආරාධනා කරනව.

god dead 2
මිනිස් විෂයේ මේ නාඳුනන හිස්බව තුළ නොපැවතීම[evil nature] මත සියල්ල තීරණය වන බවයි ලැකැන් කියන්නේ. හිස්බව තුළ අසම්පූර්ණබව දිගින් දිගටම පවත්වා ගන්න තමයි මිනිස් මනසේ ව්‍යුහාත්මක හිස්බව තැනිලා තියෙන්නේ. ඒ නිසාම චූටත් මේ හිස්බවේ උගුලට අහුවුණා. ඒ නිසා එයා කුරුණෑගලින් ගල්කිස්සට ආවේ නූතන වමේ අරගලය තුළ අරගල කරුවෙක් වෙන්න. එයාගේ ජීවිතේට අර්ථය ආවේ දීප්තියානු දේශපාලන ඇකඩමියේ ඉගන ගනිද්දියි. ඒත් පවතින සාමූහික සමාජ ක්‍රියාව තුළදී මේ හිස්බව සම්පූර්ණවෙයි කියා අවිඥානික බියක් පැමිණ එයා X කණ්ඩායම කඩලා එයා තුළම වීරයෙක් වුණා. සමාජක්‍රියා කාරීත්වයෙන් පුද්ගලික තැනකට පැන්නා.
සම්ප්‍රදායික සමාජයේදී මිනිසුන්ගේ “හිස් බව” දෙවියන් (God) විසින් වසා දැමුවා. ජර්මානු සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර්ගේ 1905 දි ලියු The protestant Ethics and the spirit of capitalism පොතේදි ධනවාදය ගොඩ නැංවීම ක්‍රිස්තියානි ආගමේ ශුද්ධ වූ ආත්මය සහ මිනිස් ක්‍රියාකාරීත්වයේ බලපෑම විග්‍රහ කලේ සර්වත්‍රිකව.
මෙම පැරණි සමාජ විද්‍යාත්මක සංකල්පය අප දීප්තිගේ පශ්චාත් මාක්ස්වාදී අධ්‍යයන කවයෙන් උගත් කරුණු හා වෙබර්ගේ මෙම සංකල්පය එකට මුසුව විග්‍රහකළොත්…. , ක්‍රිස්තියානි අගමේ පුනර් -ජීවනය සහ ධනවාදයේ නැඟි සිටීමත් එක්ක මිනිස් විෂයේ හිස්කම වඩාත් දැනෙන්න පටන් ගත්තා. වෙළඳපලත්- සමාජයත් ප්‍රසාරණය වෙත්දි සෑම විටම හිස්බව වසා ගන්නට විවිධ අවාරණයන් මිනිසුන් සොයාගත්තා. ඒවායින් තාවකාලිකව සැනසුනා. දීප්ති සොයාගෙන චූටා අවෙත් ඒ නිසා. ඇයි එයාගේ ජීවිතේට අර්ථය සොයන්න දීප්තිට බාරදුන්නේ? දීප්තියානු දර්ශනයෙන් තමාගේ හිස්බව වසා ගන්න උස්සහ කළේ?

FullSizeRender(7)

1977 විවෘත ආර්ථිකයේ පදම අද චූටාට නියෙමෙට දැනෙනවා. ඒ නිසා පශ්චාත් නූතන තමන්ගේ ආතතිය අඩු කරගන්නේ ෆුඩ් සිටියට ගිහින්. ඉන්ටසිටියට ඩ්‍රැයිවර් කෙනෙක් වුණාට ටෙන්ෂන් අඩු වෙන්නේ නෑ. මොකක්දෝ අමුතු නොගැලපීමක් , අවුලක්, කියාගන්න බැරි අප්සට් ගතියක් චූටට නිතර ඉතුරු වෙනවා. ඒ තමයි චූටගෙයි – ඉන්ටසිටියෙයි නියම තැන. 2004 ට කලින් තමන්ගේ ජීවිතේ අර්ථවත් කියලත්, දැන් ජීවිතය පිස්සු විකාරයක් කියලත් ඔහු හිතන්නේ ඇයි? අද වෙත්දි චූටා ට මොකද වෙලා තියෙන්නේ ? එයාගේ ජීවිතේට අර්ථයක් නැහැ.
නියෙට්ෂේ කිව්වා වගේ 2004 දි චූටා හිතනවා මේ දෙවියෝ තමයි ඔක්කොම අප්සට් වැඩටික කරන්නේ මගේ හිස්තැනටත් දැන් දෙවියෝ කෙලවන්නයි යන්නේ… මම කැමති හිස්තැනත් එක්කම ජීවිතේ විදින්න…ඒ නිසා එයාගේ වරායේ කාමරේක හංගලා තිබුණු CR පොතක් කියවමින් එයා 2004 දි පොල්ලක් අරන් වනන්න ගන්නවා. හැමෝම හිස්ලු ලු අත පැන යනවා. පුදුම වැඩේ කියන්නේ චූටයි – ඉන්ටසිටියයි දෙන්නත් කවුදෝ ගහනවා කියමින් ගේට්ටුවෙන් පැන යාමයි. මේ දේවල් කොච්චර අවිඥානක තලයේ තිබෙනවද කිව්වොත් “දෙවියන්ව මියගොස්“ බව චුටට අමතක වෙනවා, ඒ විනාශයේ ආරම්භකයන්ගේ පුරෝගාමියා ඔහු බව. ඒක යි අපි එයාට ඒක හැම තිස්සෙම මතක් කරලා දෙන්නේ.
ඊට පස්සේ දොස’තොව්ස්කි කිව්වා වගේම කල්‍යයි – සුමිතුයි – ප්‍රදීපුයි මහරගම ග්‍රැන්බර්ග් වත්තෙදිත්, M-C සංවිධානේ මුදල් වලින් හොරකම්කරපු හයිබ්‍රිඩ් කාරෙක ඇතුළෙදියි මෙන්න මෙහෙම කතා වෙනවා. “දැන් දෙවියෝ මැරිලා නිසා අපි ෆුල් නිදහස්.” දැන් අපි කරන කියන අශ්ලීල වනචරකම් වලට බාධාකරන්න දැන් කිසි දෙවියෙක්නෑ….. මින් පස්සේ අපිට හැමදාම ජොලියේ ජීවත් වෙන්න පුළුවන් කියලා.
ඊට පස්සේ ලැකාන් කියනවා නෑ…. නෑ…. බලපල්ලා උඹලගේ අසහනයේ තරම…. කාබනික හාල් පස්සෙයි, බැදපු ගෑණු පස්සෙයි, ඇඟ පුම්බන් බිස්නස් පස්සේයි, පුංචි තියටර් එකේ බත් කොල්ලයි වෙන්නද උඹලා දෙවියෝ මරා ගත්තේ? දැන් බලපල්ලා දවසේ සෑම මිනිත්තු කීයකින් තප්පර කීයක් උඹලට දෙවියෝ මතක් වෙනවද? “හීනෙන් බය වෙනවද? දැන් වෙනදටත් වැඩිය උඹලාට මාංචු වැටිලායි තියෙන්නේ” කියල. නූතන ධනවාදය ඇතුලේ කල්පිත දීප්ති කෙනෙකු ඔවුන්ට අවිඥානක වෙලා පශ්චාත් නූතන චූට ද රෝමියෝටත් කෙළවෙලා.
ඉතිං මොකක්ද පශ්චාත් චූටා ද රෝමියෝ කරන්නේ ? මේ දරාගත නොහැකි හුදකලාව මඟහරවා ගන්න යාළුවො ගෙදරට ගෙන්නලා මුඩුතෙල්වල දාලා සාලයෝ බැඳලා දෙනවා කන්න. එයාලා කද්දි අහනවා කොහොමද මගේ කෑම රසයි ද කියලා. වරායෙදි පොර ටෝක්ස් දෙනවා එයත් එක්ක ආපු අනිත් පියන්ලට. සමූපකාර අස්සෙ රිංගනවා. ඉන්ටසිටියට හොරෙන් ත්‍රිමාන බලනවා. (ඉන්ටසිටිය චූටට හොරෙන් ත්‍රිමාන බලනවා) අදි මදි කරන, කල්දාන ඉන්ටසිටි සීතල මලමිනියක් සමඟ ලිංගික ජීවිතයක් ගෙවා දානවා, දරුවා වඩාගෙන කියන කියන දේ, ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා. ඔවුන්ට ප්‍රශ්න වැඩියි. ඒ ප්‍රශ්න ඔවුන්ට ජීවිතේ ජීවත් කරවනවා.
ඉතිං මේ තමන්ගේ හිස්බව වහගන්න ජීවීතේට අර්ථයක් ලබා ගැනීමට දීප්තිගේ දේශපාලනයට පැමිණි චූටා තමන්ගේ ජීවිතේ සෑබෑව එළිකර ගන්න කල් මරනවා. තමන්ටත් අවිඥානක දැක්මක පැටලිලා ධනවාදී සමාජයට වැඳ වැටෙමින් – ඇඳ වැටෙමින් සමාජ දේශපාලන ක්‍රියා වලින් බැහැර වෙනවා. ආතතිය මඟ හරවා ගන්න පරමාදර්ශක් හෝ හෘර්ද සාක්ෂියක් නොමැති චූටා ට තිබෙන එකම විකල්පය මේ මහ වෙළඳපලෙන් අත්තෙන් අත්තට පනින කුරුල්ල වගේ කඩේකින් කඩේකට ගිහින් විවිධ භාණ්ඩ මිලදී ගැනීම විතරයි.

Jet Lee

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. “Political Economy of Underdevelopment by S. B. D. de Silva” පොතෙහි සිංහල පරිවර්තනයක් තිබේද ?

  2. දර්ශනය විෂය ඉගෙන ගෑනීමට සුදුසු පොත් මොනවාද ?

  3. කියන්නේ කා ගැනද කියල තේරුමක් නැහැ. නමුත් කිය්වනකොට ආතල්. ගොඩක් අය ත්‍රිමාණ බලනව. පිළිගන්නේ අඩුවෙන්. මම නම් දැක්කේ ඒ විධිහට.

Comments are closed.