බුකියේ ඉබාගාතේ සර්චි කරද්දි අපේ සංවිධානයේ අතීත සාමාජිකයෙක්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එක අහමිබයකින් වගේ හමුවුනා.ඒ ප්‍රොෆයිල් එකේ තිබුණු පොටෝ අතර පක්ෂ සාමාජිකයා රුසියන් කාන්තාවක් මැරි කරපු පොටෝ එකක් තිබුණා.අපිට සතුටු වෙන්න පුලුවන් අපේ පක්ෂේ සහෝදරයෙක් රුසියන් කාන්තාවක් බැන්ද නේද කියලා.නමුත් ගැටලුව වන්නේ කුමක්ද?
අපේ පක්ෂයේ අධ්‍යාපන මාලාවෙි මූලිකම පාඩමක් තමයි ස්වාභාවිකත්වය සහ සංස්කෘතිය කියන පාඩම.ඒ කියන්නේ මනුෂ්‍යය ශරීරය වශයෙන් ගත් විට එය අයිති වෙන්නේ ස්වාභාවිකත්වයට.එම මනුෂ්‍ය ශරීරය භාෂාව කතාකරන්න ගත් විට ඔහු ශිෂ්ටාචාරයට ඇතුල් වෙනවා.එනමි භාෂාව මගින් මනුෂ්‍යා සන්නිවෙිදනය කරන්න ගන්නවා.එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍යාට හැකියාව ලැබෙනවා දේවල් නමි කරන්න.ඒ වගේම මෙන්න මෙි භාෂාව අපි ඉපදෙන්නත් කලින් නිෂ්පාදනය කරපු එකක්.අපි කැමති වුනත් නැතත් මෙි භාෂා ලෝකයට (සිමිබොලික් ඔිඩර් – symbolic order) අපි යටත්.අපට ඔින ඔින විදිහට භාෂාව වෙනස් කරන්න බැ.උදා:විදිහට කොළඔ ට ලන්ඩන් කියලා දාන්න බැ.තිබෙන භාෂා ව්‍යුහයට එලියෙන් දේවල් නමි කරන්න බැ.එසේ භාෂාව සියලු දෙනා පිලිගන්නා ආකාරයට වෙනස් කරන්නේනමි ඊට විශාල බලයක් අවශ්‍ය වෙනවා.අපි පක්ෂයක් විදිහට සිංහල භාෂාවට යමි යමි වචන එකතු කරලා තියෙනවා.එසේ කරන්න පුලුවන් වෙන්නේ අයිඩියෝලොජිකලි අපි නඩත්තු කරන බලය නිසා.
දැන් අපේ පක්ෂ සාමාජිකයාගේ ගැටලුව විසදා ගැනීමට අවශ්‍ය කවුලුවක් මෙමගින් නිර්මාණය වුනා.යමි ජන සාමාජයක භාෂාව යනු එම සමාජය නඩත්තුවන ප‍්‍රදාන මෙවලමක් වනවා සේම සන්නිවෙිදනය කිරිමෙි ද උපකරණයකි.යමි පුද්ගලයෙක් උපතේ සිට භාවිතා කරන භාෂාව මගින් ඔහුගේ ආශාව නිර්මාණය වෙි.එසේම අදහස් බෙදාගැනීමෙිදි හා ආශාව නිර්මාණය වීමෙිදි තමන්ගේ මවි භාෂාව තරමි උචිත වෙනත් භෘෂාවක් නොමැත.පක්ෂ සාමාජිකයා මැරි කරන්නේ රුසියන් කාන්තාවක්.ඇයගේ මවි භාෂාව රුසියන් භාෂාවයි.පක්ෂ සාමාජිකයා සිංහල භාෂාව මවි භාෂාව ලෙස භාවිතා කරයි.රුසියන් කාන්තාව සිංහල භාෂාව නොදන්නවා සේම පක්ෂ සාමාජිකයා රුසියන් භාෂාව නොදනී.එලෙස භාෂාව දැනගත්තද ආගන්තුක භාෂාවක් මගින් ආශාවක් නිර්මාණය නොවෙි.සිදුවන්නේ මුලික දේවල් සමිබන්ද අදහස් හුවමාරුවක් පමණි.ඒ අනුව දෙන්නට දෙන්නා තම තමන්ගේ මවි භාෂාව නොවන ඉංගී‍්‍රසි භාෂාව මගින් සන්නිවෙිදනය කරගන්නට සිදු වෙි.එයද ආගන්තුක භාෂාවක් වන නිසා එමගින්ද ආශාවක් නිර්මාණය නොවෙි.
ඒ අනුව තමන්ගේ මවි භාෂාව නොවන වෙනත් භාෂාවන් කතා කරන පුද්ගලයෙක් කවරකු හෝ මැරි කරනවා යනු නිසි ආකාරයට ආශාවක් ඒ දෙදෙනා අතර නිර්මාණය නොවෙි.එසේ එකතු වෙන දෙදෙනෙක් අතර සිදුවන්නේ මුලික ආශයන් සමිබන්ද ගණුදෙනුවක් පමණි.ඔබ කල්පනා කර බලන්න ඔබ සිංහල භාෂාව කතා කරන්නේනමි රුසියන් භාෂාව තමන් දන්නේ නැතිනමි ඒ භාෂාව කතා කරන කෙනෙක් එක්ක ඔබ බෙදාහදාගන්නා ජීවිතය කුමක්ද?සිංහල කාන්තාවක් හෝ පුරුෂයෙක් සමග බෙදාහදාගන්නා ජීවිතයක් මෙවැනි වෙනත් භාෂාවක් තමන්ගේ මවි භාෂාව ලෙස භාවිතා කරන්නා වු කෙනෙක් සමග බෙදාහදා ගත හැකිද?ඒ ආකාරයේ දෙදෙනෙක් අතර සිදුවන්නේ මුලික ආශායන් සන්තර්පනයක් පමණි.
එවිට එම සමිබන්දය සංස්කෘතික සමිබන්දයකට වඩා කිටිටු වන්නේ ස්වාභාවිකත්වයටයි.ඊට හේතුව වන්නේ එම සමිබන්දය සත්ත්ව ආශයට ලග නිසයි.එනමි මූලික දේවල් හුවමාරු වනවා හැරෙන්න වෙනත් කිසිදු හෘදයාංගම ගණුදෙනුවක් එවැනි දෙදෙනෙකු අතර සිදුනොවිමයි.
මෙයට තවත් මෑතකාලීන උදාහරණයක් වන්නේ ප‍්‍රසිද්ධ ක‍්‍රිකටි ක‍්‍රීඩකයෙකුගේ විවාහ  ජීවිතය බිදවැටිම සමිබන්ධ පැන නැගුණු ගැටලුවයි.එහිදිද එම බිරිද විදේශීය සමිභවයක් සහිත කාන්තාවකි.සැමියා ශී‍්‍ර ලාංකික බෞද්ධයෙකි.බිරිදගේ සංස්කෘතිය සහ සැමියාගේ සංස්කෘතිය යනු සමිපූර්ණයෙන්ම වෙනස් වු එකිනෙකට නොගැළපෙන දෙයකි.මෙවැනි සමිබන්ධයක් යථාර්ථයේදි ස්වාභාවිකත්වයට කිටිටු වනවා මිසක් සංස්කෘතික උසස් සමිබන්ධයක් නඩත්තු නොකරයි.ඊට හේතුව වන්නේ යමි පුද්ගලයෙක්ගේ අවිඥාණික ආශාව නිෂ්පාදනය වෙන්නේ තමන්ගේ මවිභාෂාව තුලින් මිසක් වෙනත් විදේශීය භාෂාවෙන් නොවීමයි.
මෙවැනි සමාජ ප‍්‍රපංච විශ්ලේෂණය කිරිමට නමි ඔන්ටොලොජි [ontology] හැදෑරිය යුතුමය.අප මනෝවිශ්ලේෂණය අමාරුවෙන් හදාරන්නේ ඇගේ අමාරුවකට හෝ කරන්නට වෙනත් වැඩ නොමැති නිසා නොවේ.ධනවාදී සමාජ ක‍්‍රමය තව තවත් වර්ධනය වන විට ධනපතියා කමිකරුවා සමිබන්ධය වෙනුවට එනමි වාස්තවික ප‍්‍රතිවිරෝධතාවයන් පුද්ගලයන් අතර ආත්මීය ප‍්‍රතිවිරෝධතා බවට විස්ථාපනය වෙි.එවිට අපට පංති ප‍්‍රතිවිරෝධතා වෙනුවට හමුවීමට නියමිත වන්නේ පර්වර්ටි හිස්ටෙරික් නියුරෝටික් සහ සයිකොටිකයන් වෙි.21වන සියවසේ විප්ලවවාදියෙකු විප්ලවය කිරිම සදහා කමිකරුවන් සහ ධනපතියන් පසුපස ගියද සැබැ පංති ප‍්‍රතිවිරෝධතාවන් පැන නැගීමට නියමිතව ඇත්තේ ඉහතින් සදහන් කල කොටස් අතරයි.
අපේ සංවිධානයේ එක්තරා මහ දැන මුත්තෙක් අපිට ප‍්‍රකාශ කලේ ඇයි අපි මනෝවිශ්ලේෂණය හදාරන්නේ?ඇයි අපි ක‍්‍රියාකාරී දේශපාලනය නොකර හදාරන්නේ ?යනුවෙනි.නමුත් අද අප ඒ හැදෑරීමෙි ප‍්‍රතිඵල භුක්ති විදී.එම පුද්ගලයා වසර 12ක් එකම කාමරේ එකම ඇදකට වී සිටීමෙි සද්භවය අප අවබෝධ කර ගෙන සිටී.එසේම එම පුද්ගලයා විප්ලවය වෙනුවෙන් කසාද බදින්නේ නැති බවත් විප්ලවය වෙනුවෙන් ඔහුගේ මුලු ජීවිතයම කැපකරන බව අපට ප‍්‍රකාශ කරන ලදී.නමුත් එම විප්ලවවාදියාගේ සත්‍ය වන්නේ කුමක්ද?සංවිධානයේ සෙසු සාමාජිකයන්ට හොරෙන් එක්තරා ස්ත‍්‍රීයක් සමග සමිබන්ධයක් පවත්වා ගෙන යෑමයි.මෙවැනි සිදුවිමි තර්ක බුද්ධියෙන් තේරුමි ගැනිමෙිදි අපිට ලැබෙන්නේ ව්‍යාජ චිත‍්‍රයකි.එනමි ඥාණවිභාගය එක්තරා දුරකට පසු සත්‍ය නොවෙි.
මෙවැනි සමිබන්දයක් පක්ෂ සාමාජිකයාට ඇයි අවශ්‍ය වෙන්නේ?එනමි දැක්ම වෙනුවෙනි.  
 

ඔබේ අදහස කියන්න...