[dropcap color=”orange”]ප[/dropcap]සුගිය කාලයේ රූගත කරන ලද පිරිසිදු ආධ්‍යාත්මික චිත්‍රපට අතරින් වඩාත් කතා බහට ලක් වූ ච්ත්‍රපටියක් වූයේ සිරි දළදා ගමනය ය. මෙම චිත්‍රපටියේ හේමමාලාගේ චරිතය රගපෑම සදහා එහි චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සොයන ලද්දේ සිංහල-බෟද්ධ පිරිසිදු ස්ත්‍රියක්ය.දැඩි වෙහෙස සහ කැපවීම මධ්‍යයේ ඔවුන්ට ඔවුන්ට එවන් තරුණියක් හමු විය. ඇය එක්තරා ගුවන් සමාගමක ගුවන් සේවිකාවකි.

ඉන්පසු රූගත කිරීම් ඇරඹිණි. අධ්‍යක්ෂකවරයා ච්ත්‍රපටියේ දර්ශන තලයට පැමිණියේ පිරිත් අසා,කහ දියරයෙන් නහවා ගෙන සුදු වතින් සැරසීගෙනය. එක දර්ශණයක දී රූගත කිරීම සිදු වූයේ හේමමාලා අශ්වයා පිටේ යන දර්ශණයකි. ඒ අනුව හේමමාලා චරිතය රගන නිළිය අශ්ව අශ්වයා පිටේ යමින් අදාල දර්ශණය රග දක්වන ලදි. හදිසියේ සිදු වූ අත්වැරදීමක් නිසා ඇය අශ්වයා පිටින් බිමට වැටෙන්නට ගිය අතර ඉන් ගැලවීමට ඇය දරණ ප්‍රයත්නය කෙලවර ඇගේ සාය යටින් පස්ස පැත්ත මොහොතකට ප්‍රදර්ශනය විය. සියළු දෙනා අහම්බයකින් නොදැකිය යුතු දෙයක් දැක්කේය.

ඇගේ පස්ස පැත්තේ පච්චයක් කොටා තිබුණු බව සියළු දෙනාට පසක් විය.

එකිනෙහිම සිල්ගත් අධ්‍යක්ෂකවරයා ගේ හිස භ්‍රමණය වීම ආරම්භ වී ක්ලාන්ත ගතියක් මතුවිය. ඔහු ප්‍රබුද්ධ මෙන් මෙසේ කීවේය.

විඩාවයි ආනන්ද! ක්ලාන්තයි ආන්නද! වේසාලිය රමණීයයි! දේශපාලන ලෝකයේ දී මෙම පච්චය අප දකින්නේ කවදාද?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එකම දිනයේ දී පරමානු බෝම්බ දෙකක් සිංහල බෞද්ධ හිසමත පතිත වී තිබේ.
    1.කක්ක කරන ප්ලාස්ටික් පුටුව
    2.පස්ස පැත්තේ පච්චය

    මේක තමයි ක්‍රමය. ලංකාවට ම ගැලපෙන ක්‍රමය
    මේක තමයි මහජන දේශපාලනය!

Comments are closed.