[dropcap color=”red”]1[/dropcap]994 දී චන්ද්‍රිකා බලයට පත් වීමෙන් පසු ටික කලකට පසු එවකට කම්කරු ඇමති වූ මහින්ද රාජපක්ෂ P.B ජයසුන්දරට පහර දෙන්නට අරලිය ගහ මන්දිය තුළ ඇති ගහක් වටේ එලෙව්වේය. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන්නේ එදා ගස් වටේ දිවගිය පසුගිය දශක දෙකේ කලේ P.B ය. ඔහු ළග වැඩ කළ කොම්පියුටර් ක්‍රියාකරවන්නෙක් එකළ අප සමග වැඩ කළ නිසා ඔහු ගැන අප අන් අයට අමතර දෙයක් දන්නේය. P.B කෙතරම් දක්ෂ දැයි කිවහොත් ඔහු ළග වැඩ කළ කොම්පියුටර් සහයකයා අද ඉන්නේ ඇමරිකාවේය. ඔහුට දැන් අතීතය මතක නැත. අපි නැවත මාතෘකාවට එමු.

P.B යනු ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට ලෝක බැංකුව විසින් ගණුදෙණු කළ කුරුණෑගල ඉපදුනු සිංහල බෞද්ධයෙකි. ඔහුගේ විෂය “ආර්ථික මිණිතයයි” ( Econometrics) .  අද වන විට ආර්ථික විද්‍යාව යනු ශුද්ධ ගණිතයයි. විවිධ විල්‍යයන් සහ නියතයන් අතර ගණිතමය සමීකරණයක් ගොඩනැගීම අද දවසේ ආර්ථික විද්‍යාවයි. අවශ්‍ය නම් මේ තත්ත්වය තුළ අනාගත ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක සමාජවාදී අයවැයක් වුවද P.B ට සෑදිය හැක. සූත්‍රය පහත පරිදිය.

01- ජනතාවාදී අයවැයක් යනු කුමක් ද?

ඉහළ පන්තිවල අයට බදු පනවා එම ආදායමෙන් පහළ පන්තිවල අයට කන්න දීම. උදා-බ්‍රසීලය.

02- ධනපති අයවැයක් යනු කුමක් ද?

පහළ පන්තිවල පරිභෝජනය සීමාකර ඉහළ පන්තිවල ජනයාගේ බදු අඩු කිරීම. උදා-එංගලන්තය

03- ප්‍රගතිශීලී අයවැය

රට ඇතුලෙන් හැකිතාක් ණය ගෙන පිටරට වල ණය පියවා අලුතින් පිටරට වලින් පොළියට මුදල් ගැනීම උදා-ශ්‍රී ලංකාව

04- සමාජවාදී අයවැය

ශ්‍රමයට අවම මිළක් ගෙවා භාණ්ඩ නිෂ්පාදනය කර එමගින් ප්‍රාග්ධනය රැස්කර පොහොසත් රටක මිනිසුන්ට කන්න දීම.උදා-චීනය විසින් ඇමරිකාවට කන්න දීම

P.B  යනු දක්ෂයෙකි. ඔහු ළග ඇත්තේ සරල ආර්ථික විද්‍යා න්‍යායකි. ඔහු චන්ද්‍රිකා ගෙන් ඇසුවේ මෙවැනි ප්‍රශ්ණයකි. මැඩම් යාළුවන්ට කීයක් දෙන්න ඕනේද? මෙම මුදල දුන්පසු P.B ට කැමති විදිහට රටේ ආර්ථිකය හැසිරවිය හැක. චන්ද්‍රිකා සමග වැඩකළ P.B ට මහින්ද සමග ද වැඩ කළ හැක්කේ මේ නිසාය. එපමණක් නොව P.B ට විවිධ අයවැයවල් සෑදිය හැක. අවුරුදු පහක් සාම අයවැයක් සෑදු ඔහු තව අවුරුදු 05ක් යුධ අයවැයක් සෑදුවේය. අවශ්‍යනම් ඔහුට සමාජවාදී අයවැයක් ද ඉදිරිපත් කළ හැක. කවුරු හරි මෝඩයෙක් යකඩ රත්තරන් කීවත් පිළිගන්නා රටක අයවැය මොක වුවත් මොකද?

 

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. තමන්ට හොඳට ක්‍රෙඩිට් කාර්ඩ් නය ටික හසුරුවාගෙන , ලැබෙන පඩියට වැඩියෙන් වියදම් කරල ජිවත් වෙන්න පුලුවන්නම් පි බි වගේම අයවැය හදත හැකි. ආචාර්ය පට්ටම් ඕනැය ඕකට.
    අනික ඇමෙරිකාවේ වැඩ කරන්නනම් පී බී ගෙන් ඉගෙන ගෙන පුළුවන්. ඇයි ක්‍රෙඩිට් කාර්ඩ් ටික හරියට ගොඩ දා ගත්ත හැකිනේ.

Comments are closed.