පසුගිය දිනක සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විසින් එහි නායකයාව පාවා දෙන ලදී. මෙසේ පාවාදෙන ලද්දේ සිංහල ජාතියට සුවිශේෂ සාරයක් ඇතැයි සිතා ක්‍රියාකළ ජනරාල්වරයාවය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එක අතකින් බැලූ විට ලැකාන්ව කියවූවෙකි. මේ ඔහුගේ ලැකානියානු ආප්තයයි.

‘‘….. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නැති එකම දෙය ප්‍රජාතන්ත්‍රවාදයයි….““

හෛඩගර් කියා සිටියේ මල් පෝච්චියට වැදගත් එකම දේ පෝච්චිය තුළ ඇති හිස්බව යන්නයි. මේ කාලේ වැඩියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ වැඩියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නැති මිනිසුන්ය. එහි විලෝමය මෙසේ ලිවිය හැක.

මේ කාලයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීන් යනු ප්‍රජාතන්ත්‍රවාදීන්ය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය යනු විරුද්ධ පද කියා සිතා ක්‍රියාකළ යුගය අවසන් වී ඇත. ජෙනරාල්ගේ පක්ෂයට පීඩිතයන් සහ සල්ලිකාරයන් යන කොට්ඨාශ දෙකම ඡන්දය දීමට නියමිත නැත. ඔවුන් ජෙනරාල්ට බියය. ජෙනරාල්ට ඡන්දය දෙන්නේ තම බිරිද ලවා කසයකින් තට්ටමට තලාගෙන ස්ව පීඩාවක් ඇති කරගැනීමට ආශා කරන පහළ මැද පාන්තිකයන්ය.

අනෙකාගේ ආශාවේ සහ විනෝදයේ උපකරණයක් විමටම ඉපදී ඇති ජෙනරාල් ගැන ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක කලින් කිසිවක් දැන නොසිටීම ගැන අප පුදුම විය යුතු නැත.

පහළ මැද පාන්තිකයන්ට මේ මොහොතේ අවශ්‍ය වී ඇත්තේ ආත්මයක් වීමට නොව අනුන්ගෙන් ගුටි කන්නටය.

ඔබේ අදහස කියන්න...