විශේෂයෙන්, 2010 වසරේ යුධ ජයග්‍රහණයෙන් පසුව අප සංවිධානය සුසංවාදී අනාගතයක් පිළිබඳ සියලු සිහින අතහැර දමන ලදී. යථාර්ථය තුළ අපට වඩාත් ගැළපෙන පක්ෂ සාමාජිකයා/ සාමාජිකාව වෙනුවට අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වලින් යුතු අපරිපූර්ණ සාමාජිකයන් වෙතට යොමු විය. පසුගිය වසර 10 තුළ සංවිධානයේ උන්නතිය සඳහා ප්‍රචාරක වැඩකටයුතු අවම මට්ටමෙන් සිදු කරන ලද්දේ දැනුවත්ව ය. ඒ වෙනුවට, සංවිධානයේ ‘දේශපාලන චින්තනය’ (සමහරු මෙය දැනුම ලෙස වරදවා වටහා ගනී) අනාගත පරපුරට සම්ප්‍රේෂණය කරන ආකාරය ගැන අපි අධ්‍යයනය කළෙමු.

                1989 වර්ෂයේ දී ජවිපෙ විසින් මෙහෙයවන ලද අරගලය ප්‍රේමදාස රෙජීමය පරාජය කර ජයග්‍රහණය කළේ නම් අපේ රට කුමන දිශාවකට ගමන් කිරීමට නියමිතව තිබුණේ ද? වසර 30 කට පසුව ආපසු හැරී බලන විට, අප ගමන් කරනු ඇත්තේ උතුරු කොරියාව වැනි රාජ්‍යයක් දෙසට ය. ශිෂ්‍ය දේශපාලනය මඟින් ජ්වලනය කරන බහුජන ව්‍යාපාරවලට ගෝලීයකරණ යුගයක දී රජයෙන් මාසික වැටුප් ලබන වරප්‍රසාදිතයන්ට වැඩි වටුප් ලබා දීමට එහා ගිය කිසිදු සමාජ සාධාරණ න්‍යායක් ඉදිරිපත් කල නොහැක. විජේවීරගේ ගෝලයන් ධනවාදය පෙරළීමට දරණ සෑම වෑයමක් ම අවසන් වීමට නියමිතව ඇත්තේ වරප්‍රසාදිතයන්ගේ වැටුප් පසුම්බිය ප්‍රසාරණය කිරීමෙනි. බල්ලාගේ වලිගය උණ පුරුකේ දමාවත් කෙළින් කළ නො හැකි පරිදි මේ අය වයසට ගොස් මිය යන තුරු මෙම විකාර සටන් ශෛලිය පවතිනු ඇත.

                    21 වැනි සියවසේ අනාගත දේශපාලන මං පෙත තීරණය කරන සහශ්‍රකයන් විසින් 20 වන සියවස පුරා වාම දේශපාලනයේ නායකත්වය තීරණය කළ ගම්බද දේශපාලනය පළමුව විසංයෝජනය කළ යුතු ය. 1935 සිට 1970 දක්වා ලංකාවේ වමේ දේශපාලනයේ නායකත්වය ගත්තේ නාගරික සමාජ-ආර්ථික පසුතලයකින් එන ප්‍රබුද්ධ නායකත්වයකි. එය, ඉහත යුගයේ දී සමසමාජ පක්ෂය විසින් පුරවන ලදී. 70 වෙන් පසු අද දක්වා විජේවීරවාදය විසින් ලංකාවේ වාමවාදයේ සියලු සාර්වත්‍රික ඇගැයුම් ඉවතට දමමින් වර්ගවාදය දක්වා තල්ලු කර ඇත. මෙම ගම්බද නායකත්ව බල රටාව පරාජය කිරීම යුගයේ පළමු මෙහෙවර ලෙස සලකන්නෙමු. පවතින-ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කරන්නේ පාලක කල්ලි විසින් නොව මෙම හාල්පාරු පහළ-මැද පන්තියේ දේශපාලන ප්‍රකාශකයන් විසිනි.  

                මෙම ගම්බද කල්ලිවලට මතවාදී සුජාතභාවය ලබා දෙන දේශපාලන පරපුට්ටන් සහ දෙපිටකාට්ටුවන් වන්නේ, ගම සහ නගරය අතර වැනෙන උභය ජීවීන් ය. මෙම පරපුටු හාන්සිපුටුවාදීන් බොහෝවිට වෙනත් අය රැවටෙන තරමට ‘නිදහස’ ගැන අදහස් දක්වති. ඔවුන්ට අනුව නිදහස යනු, සියලු ආකාරයේ ආධිපත්‍යයන්ට (Authority) එරෙහිව යාමයි. අකීකරුකම, කැරලි ගැසීම, නීති කැඩීම, විරෝධය පෑම මෙම දේශපාලන ප්‍රවර්ගයේ මූලික ලක්ෂණය යි. දයලෙක්තික ප්‍රවර්ගයක් ලෙස නො සලකන මෙම ආධිපත්‍යය පිළිබඳ නිර්වචනයට අනුව නිදහස යනු, මෙම ආධිපත්‍යයට එරෙහි සටනයි. නමුත් ආධිපත්‍යය නැති තැන නිදහස අර්ථකථනය වන්නේ කෙසේ ද යන දයලෙක්තික අදහස ඔවුන්ට නො වැටහෙයි.

                ආධිපත්‍යයට එරෙහි නිශේධනාත්මක නිදහස යම් මොහොතක ධනාත්මක නිදහසක් බවට පරිවර්තනය වන්නේ කෙසේ ද යන්න ඔවුහු විභාග නො කරති. නිදහස යනුවෙන් හේගල් නිර්වචනය කරන්නේ ‘සාරයක් නැති අනෙකා’ හඳුනා ගැනීම ලෙසිනි. අප සමීපව ඇසුරු කරන අනෙකා යනු, අඩුපාඩු සහිත අයෙක් යැයි සැලකූ විට ඒ සම්බන්ධය නිදහස් එකකි. ආදර සම්බන්ධතා වලදී පිරිමින් ආරම්භක අවස්ථාවල දී ස්ත්‍රිය අමතන්නේ, ‘වස්තුව’ කියා ය. නමුත් කාලයක් ගත වී විවාහ වී කාලයක් ගත වූ පසු ඇයව ‘හුත්තී’ කියා අමතයි. මෙය දේශපාලන නායකයන්ට ද අදාළ ය. චන්ද්‍රිකා ළඟ ඉන්න කාලයේ මහින්දානන්ද මංගල සමරවීරව ඇමතුවේ ‘බුදු සර්’ කියා ය. නමුත් රාජපක්ෂලා සමඟ එකතු වූ වහාම මහින්දානන්ද මංගලව ඇමතුවේ ‘පොන්නයා’ කියා ය. LTTE යේ සිටිය දී කරුණා ප්‍රභාකරන්ට ඇමතුවේ ‘දෙවියා’ කියා ය. ඔහු රාජපක්ෂ සමඟ එකතු වූ විට ප්‍රභාකරන්ට‘මිනීමරුවා’ කියා ඇමතුවේ ය. 2005 දී අප සංවිධානයේ කපිල නම් සාමාජිකයා දීප්තිව ඇමතුවේ ‘මගේ පණ’ කියා වන අතර 2013 දී පමණ ඔහු දීප්තිට කීවේ ‘හුත්තා’ කියා ය. අද මේ ‘කපිල’ ඕස්ට්‍රේලියාවේ සැඟවී සිටින්නේ සියාරා මාස්ට්‍රාව ඕස්ට්‍රේලියාවේ කඳු නිසා ය.

                ‘නායකත්වය’ පිළිබඳ ඉහත සියලු දයලෙක්තික විරුද්ධාභාසයන් වනාහී ගම්බද දේශපාලන චින්තනයේ ප්‍රතිඵලයන් ය. ඉතිහාසය විග්‍රහ කරන විට, සියලු වර්ගයේ ආධිපත්‍යයන්ගෙන් නිදහස් වීම මිනිස් නිදහස ලෙස වර්ගීකරණය වෙයි. මෙය සිදු වන්නේ, ආධිපත්‍යයන් සතු විවිධ ප්‍රතිවිරෝධයන් පෙන්වා දීමෙනි. ‘යම් මිනිසෙකු’ ආධිපත්‍යයන්ට ස්ථිර නොවෙනස් වන පොළවක් නැත යන්න අවබෝධ වූ විට ඒ තැනැත්තා තම නිදහස සතු විභවය කතා කරයි.

                ලංකාවේ වම්මුන් තම රැඩිකල් වාමාංශිකභාවය කෙතරම් විද්‍යාමාණ කළත්, ‘නිදහස’ සංකල්පය කරා ඔවුන් පැමිණෙන විට ඔවුහු ලිබරල්වාදීන් වෙති. තම ලිංගික නිදහසට එරෙහි සතුරන් බාහිර යථාර්ථයෙන් සොයා ගන්නා ඔවුහු තම නිදහස යනු මෙම බාහිර සතුරා පරාජය කිරීම ලෙස දකිති. එතැන දී, ඔවුහු පාක්‍යසෝති සරවණමුත්තු, සුනන්ද දේශප්‍රිය සමඟ පවා එක පෙළට සිට ගනිති. ඇත්තටම, මෙහි දී ඔවුන් සිතනවාට වඩා බාහිර ආධිපත්‍යයන් මත පරායත්ත වෙති. නිදහසට ඇති ලොකුම බාධාව වන්නේ, බාහිර සතුරන්ට අනුරාගිකව ආලය කිරීම මිස ඔවුන්ව විනාශ කිරීමට තැටමීම නොවේ. උදාහරණයක් ලෙස, දීප්තිගේ ආධිපත්‍යය විකාරසහගත යැයි ප්‍රකාශ කරන බහුතරය ”Not- Deepthi” මිස Beyond Deepthi නොවේ.  ඔවුන් මරා ගන්නා තරමට ”විරුද්ධ – දීප්ති” නොමැති තැන ඔවුන්ගේ අනන්‍යතාවය ද, නිදහස ද අහෝසි වන බව ඔවුහු නො දනිති. සරලව කිවහොත්, ඔවුන් දීප්තිව කෙතරම් දෘෂ්‍යමානය තුළ හෙළා දැක්කත් ඔවුන්ගේ අවිඥාණික ආශාව වන්නේම දීප්ති මෙන් වීමට ය.

                මෙහි ඊළඟ හාස්‍යජනක කාරණය වන්නේ, දීප්තිව ප්‍රතික්ෂේප කරන මේ ගම්බද කුහකයන් කුමාර්ගේ හෝ අනුර කුමාරගේ පිටේ එල්ලීම ය. ඉන් අදහස් වන්නේ, දීප්ති මෙන් නොව කුමාර් හෝ අනුර කුමාර ඔවුන්ගේ නියුරෝසික ෆැන්ටසියට ගැළපෙන බව ද? නිදහස යනු, සාරාත්මක නොවන අනෙකෙකු සමඟ බන්ධනය වීමයි. නමුත්, බොහෝ දෙනා ආධිපත්‍යය සහ නායකත්වය පිළිබඳ ගැටලුව විසඳීමට යන්නේ ඥාණ විභාගාත්මක තලයක සිට මිස සද්භාවවේදී තලයක සිට නොවේ. සමහරුන්, එක වර්ගයක නායකයන් හෙළා දැක වෙනත් වර්ගයක අය සමඟ අවිවාදිතව ගැට ගැසීම නියුරෝසික ප්‍රතික්‍රියාවකි.

                 ඊළඟ ගැටලුව වන්නේ, මාක්ස්වාදී දේශපාලනය ඉදිරියට ගෙනියන්නේ කෙසේ ද යන්නයි. යම් සමාජයක් ස්වයං-අනන්‍ය වීමකට නොයන්නේ, අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිසා ය. මෙය, ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් චලනය කරන එන්ජිමයි. මාක්ස්වාදය ඇතුළුව දේශපාලනය මිනිසුන්ට පොරොන්දු දෙන්නේ ප්‍රතිවිරෝධතා නැති, පසමිතුරුභාවයන් නැති සංවාදයක් පශ්චාත්-ධනවාදී සමාජයක තැනිය හැකි බවයි. මෙය කිසිදා කළ නො හැකි දෙයකි. අපගේ දර්ශනයට අනුව, කොමියුනිස්ට් සමාජයක දී පවා ප්‍රතිවිරෝධයන්, ඊර්ෂ්‍යාවන්, පසමිතුරුභාවයන්, කේලාම් කීම් පවතිනු ඇත. මාක්ස්වාදය පවා මෙතැනදී ගමන් කරන්නේ සහ යෝජනා කරන්නේ, ප්‍රතිවිරෝධයන් රහිත සමාජයක් ගැන ය. එය, පාරභෞතික දිශානතියකි. විමුක්තිය පැත්තෙන් එය බෙල්ල හිර කිරීමකි.

                පහත පළ වන්නේ, අලුත් සියවසේ අපගේ සංවිධානයේ න්‍යායවේදීන් දෙදෙනෙකු සමකාලීන දේශපාලන න්‍යායාචාර්යවරුන්ව දයලෙක්තික චින්තනය යොදවා විසංයෝජනය කරන ආකාරය යි. අපගේ සංවිධානයේ සිටියා යැයි කියා පුරසාරම් දොඩන කයිවාරුකාරයන්ට වඩා මේ අයගේ චින්තනය කෙසේදැයි තක්සේරු කිරීම පාඨක ඔබට භාර ය. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

++++++++++++++++++++++++++++++++

28 ජූලි 2021

 

පසුගිය වසර 30 කට ආසන්න කාලයක් තුළ අප සංවිධානය විසින් උපරිම මහන්සියක් යොදා උත්සාහ කරන ලද්දේ, ලංකාවේ වාමාංශය තුල දිගින් දිගටම අසාර්ථක වෙමින් පැවති පැරණි, සාම්ප‍්‍රදායික දේශපාලනය පිළිබඳ කියවීම වෙනුවට නව ලෝකයේ ඇති දේශපාලනය පිළිබඳ නව කියවීමක් මෙරට තුල ස්ථාපනය කිරීමයි. අප දැන් එය අතිසාර්ථකව නිමා කොට ඇත. දැන් අප එළඹ ඇත්තේ, අප විසින් මෙරටට ගෙන ආ එම න්‍යායන් මත පිහිටුවා ජාතික තලයට පිවිස දේශපාලනය කිරීමටයි. එය සඳහා ද අප විසින් මෙතුවක් කල් ගන්නා ලද ක‍්‍රියාමාර්ග සාර්ථකව නිම වී ඇත. ඉදිරියට කිරීමට නියමිත වැඩද සාර්ථකව සිදු කෙරෙමින් පවතී. අපට ලැබෙන ප‍්‍රතිචාරද අප හිතුවටත් වඩා ලෙස ඉහළ මට්ටමක පවතී. මීට සමගාමීව අප විසින් තවත් දෙයක්ද නිරීක්ෂණය කරන ලදී. එනම් අපගේ අතීතය නිසාම, අපගේ අතීතයේ නොවැළැක්විය හැකි අතුරු ඵලයක් ලෙස බිහිවී ඇති දේශපාලන විකෘතියකයන් (Political mutants) ඔවුන් විසින් ඉබේම කම්පනය (Vibrate) වීමට පටන්ගෙන ඇති ආකාරයයි. මෙය ඔවුන්ට දෙන පිළිතුරක් නොව, ඔවුන්ගේ අවසානයේ පටන් ගැන්ම සනිටුහන් කිරීමට තබන පළවෙනි ගඩොලයයි (Political Death).  

 

         පළමුව පටන් ගන්නේ කතිකාචාර්ය සුමිත් චාමින්දගෙනි. මොහු අපගේ අතීතය නිසා නොවැළැක්විය අතුරුඵලයක් ලෙස බිහිවූ දේශපාලනය තුල බලෙන් එල්ලීගෙන ඉන්නා තවත් එක් අයෙකි (කූඩැල්ලෙකි). මෑතකදී ඔහු විසින්, ඔහු දේශපාලනය කරන ප‍්‍රධාන සහ එකම භූමිය වන Facebook තුලදී සටහනක් තබමින් කියා සිටියේ මෙරට වාමාංශය තුල පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මූලික කරගත් විකල්ප එකමුතුවක් සඳහා වන තීරණාත්මක මොහොතක් එළඹ ඇති බවයි. මොහුගේ දේශපාලන ස්ථාවරය ලෙස ඔහු නම් කරන්නේ පශ්චාත් මාක්ස්වාදයයි. ඔහුට අනුව ඔහු කියන්නේ පෙ.ස. පක්‍ෂයට වත්මන් දේශපාලන මොහොත පිළිබඳ ඉතාම තියුණු න්‍යායික සහ ප‍්‍රායෝගික අවබෝධයක් තිබෙන බව අතර, මෙම ස්ථාවරය, ඔහුගේ ස්ථාවරය (ඔහු කියන පශ්චාත් මාක්ස්වාදය, මෙයට ලැක්ලෝ හෝ ජිජැක්ගේ ඇති සම්බන්ධතාවය අපට තවමත් තේරුම් ගැනීමට නොහැක) සමඟ සමපාත වන බවයි. මෙයට අප විසින් කීමට ඇත්තේ අපද පශ්චාත් මාක්ස්වාදය කියවා ඇති බවයි. කොටින්ම කිව්වොත් මෙරට තුළදී පශ්චාත් මාක්ස්වාදය දැනුමක් ලෙස සමාජගත කිරීමට වැඩිම කර්තව්‍යයක් ඉටුකරන ලද්දේ අප පක්ෂයේ නායක දීප්ති සහෝදරයා විසිනි. (මුගෙන් (සුමිත්ගෙන්) අහන්න ලැක්ලෝ, ජීජැක් නම් දෙක මුලින්ම ඇහුවේ කොහෙන්ද කියලා).

 

         මෙම ලිපිය ලියන මම ඇතුලූ අප යනු සමබිම පක්ෂයට සම්බන්ධ Z පරම්පරාවයි. ඉදිරියට මෙරට තුල දේශපාලනය භාරගැනීමට ඉන්නේ අපයි. අපට සුමිත් චාමින්දට කීමට ඇති එකම දෙය වන්නේ පුලූවන්නම් ඔයා ඔය කියන පෙ.ස. පක්ෂයට වත්මන් දේශපාලනය ගැන තියෙන තියුණු න්‍යායික සහ ප‍්‍රායෝගික අවබෝධයත්, ඊට අදාල ඔයාගේ ස්ථාවරයත් සහ මේ දෙකම පශ්චාත් මාක්ස්වාදයට අදාල වෙන්නේ කොහොමද? කියන එකත් ගැන එකම එක ලිපියක් කොහේ හරි ලියන ලෙසයි. මොකද එවිට ඉතිරිය අප විසින් බලා ගැනීමට නියමිතව ඇත. (යකෝ….. ඇත්ත කියපන්. උඹ ඔය වැරදි කියල දැන දැනත් පෙ.ස. පක්ෂයේ පශ්චාත් භාගය ලෙව කමින් ඒකේම එල්ලිලා ඉන්නේ උඹ තනියෙන් එළියට ඇවිල්ලා දෙයක් කිව්වොත් බල්ලෙක්වත් ඒක ගනන් ගන්නේ නැති නිසානේ. ඉතින් ඒකට ඇයි යකෝ පශ්චාත් මාක්ස්වාදය වේසකමේ යවන්නේ…)

 

         දෙවනුව අප එන්නේ පාසැල් ගුරුවරයෙකු වන විදර්ශන කන්නංගර වෙතටය. මොහුගේ න්‍යාය ආචාර්යවරයා වන්නේ සුමිත් චාමින්දය. මොහුද අපේ අතීතය විසින් දැඩි ලෙස බැට කෑම නිසා එන වේදනාවකින් විනෝදවෙමින් සිටින පුද්ගලයෙකි. මොහු කියන අන්දමට මොහුගේ දේශපාලනය වන්නේ පවතින හෙජමොනික වී තිබෙන සමාජ ක‍්‍රමයට විරුද්ධව යෑම බවයි. අපි ඔහු විසින් සිදුකරමින් සිටින නොනිමි දේශපාලන අරගලය මෙසේ නම් කරමු.

 

  • සතියට තුන් සැරයක් පමණ Facebook තුල මොනවා හරි ලිවීම.

  • ලොකු මල්ලක් සමඟ එළියේ තියෙන සෑම සාකච්ඡුාවකටම, සංවාදයකට හෝ අදහස් දැක්වීමකට බස් එකේ ගොස් සහභාගී වීම හෝ බැලීමට ගොස් ප‍්‍රශ්නයක් ඇසීම. (මෙහිදී මොහු අත සෑමවිටම ලැක්ලෝගේ හෝ ජිජැක්ගේ පොතක් දක්නට ඇත. බස් එකේ යන්නේ පවතින ක‍්‍රමයට විරෝධය පෑමක් ලෙසයි).

  • Covid නිසා දැන් එසේ කිරීමට අවස්ථාව අහිමි වීම නිසා Zoom සාකච්ඡා 250 කට අධික සංඛ්‍යාවකට සහභාගී වී ඇති අතර මසකට සැරයක් ලැක්ලෝගේ පොතක පින්තූරයක් FB දැමීමයි.

  • ලංකාවේ වාමාංශිකයින් විසින් පවත්වන සෑම උද්ඝෝෂණයකටම සහභාගී වීම සහ බෝඞ් එකක් අල්ලන් උද්ඝෝෂණය කිරීම සිදුකිරීම දැක්වෙන ආකාරයේ Photo එකක් FB දමයි.

  • පෙ.ස. පක්ෂයේ මාධ්‍ය සාකච්ඡා වල පෝලිමේ තම වාරය එනතෙක් සිටගෙන සිටියි. (මොහුගේද පශ්චාත් (භාග) මාක්ස්වාදී දේශපාලන ස්ථාවරය, පෙ.ස. පක්ෂයේ න්‍යායික ස්ථාවරය සමඟ සමපාත වී ඇත.)

  • මොහුගේ සෑම දේශනයකදීම, ලිවීමකදී න්‍යායක අගත් මුලත් නොමැතිව නම් පමණක් අතහැරීම සිදුකරයි. Names Dropping. (උදා. ෆ්‍රොයිඞ්, සිසැක්, ලැකාන්, ලැක්ලෝ, ග‍්‍රාම්සි, හෙජමොනිය, ප‍්‍රතිහෙජමොනිය, අවහෙජමොනිය….)

 

         මේ යනු විදර්ශන විසින් කරමින් සිටින දේශපලානයේ ආකෘතියයි. මෙම ආකෘතියට පිටතින් යන දෙයක් මොහු විසින් සිදුකර ඇත්නම් කරුණාකර අපට පවසන්න. මේවා යනු පවතින ක‍්‍රමය විසින්ම ඉදිරිපත් කර ඇති පුරුදු Rituals වන අතර විදර්ශන ඒවාට ඇබ්බැහි වී ඒවායේ නොපෙනෙන තාක් දුරට ගිලී සැඟවී ගොස් ඇත. ඔහුට ආපහු ඒවායෙන් ගොඩ ඒමත් නැත. මේවාට ඔහු විසින් ඇබ්බැහි වී ඇත්තේ දිගින් දිගටම පවතින ක‍්‍රමය විසින් ඔහුට ලබාදෙන සමාජ සංකේතීය අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමටයි. මේවායින් පවතින ක‍්‍රමයට කිසිදු විරෝධයක් සිදු නොවන අතර, සිදුවන්නේ පවතින ක‍්‍රමය නිසා ලැබෙන විනෝදය නැවත නැවත තහවුරු වීමයි. මෙය ජිජැක් විසින්ම විපරීතාභාවයක් Perversion ලෙස නම් කරන අතර මීට එරෙහිව ඔහු විසින් යෝජනා කරන්නේ හිස්ටෙරිකකරණය වීමකි. එනම් පවතින ක‍්‍රමය විසින් තමුන්ට ලබාදෙන අනන්‍යතාවය නැවත නැවත ප‍්‍රශ්න කිරීමයි. මොහු විසින් කරනවා යැයි කියාගන්නා අරගලය තුල මූලය වන්නේ අර්ථය නොව විනෝදයයි. මෙය වැරදි යැයි ඔබට සිතේ නම් මොහු විසින් පසුගිය වසර 10 තුලදී සිදුකරන ලද සියළු ක‍්‍රියාවන් ඉවත් කරල බලන්න මේ සමාජයට කිසිදු වෙනසක් සිදුවෙනවද කියලා. නැහැ. අපේ පසුගිය වසර 10 ඉවත් කර බලන්න. එසේ නම්, ජර්මන් විඥනවාදයෙන් එන හේගල් මූලික වුණු දයලෙක්තික තර්ක ක‍්‍රමය අනාගත පරපුරට දායක වීම සිදුනොවනු ඇත. ඊට කලින් අවුරුදු 10 ඉවත් කර බලන්න. ලකානියානු මනෝවිශ්ලේෂණය නැතිව යනු ඇත. ඉදිරියට ඇති වසර 10 ඉවත්කර බලන්න. පශ්චාත් මාක්ස්වාදය මත පිහිට වූ ලංකාවේ එකම දේශපාලනය ව්‍යාපාරය ලංකාවට අහිමි වනු ඇත.

 

(විදර්ශන සහෝදරයාටද Z පරම්පරාව ලෙස අපට කීමට ඇත්තේ එක දෙයයි : හෙජමොනිය කියන වචනය නිකන් වේසකමේ යවන් නැතුව පුළුවන්නම් එක ලිපියක් ලියපන් හෙජමොනිය කියන්නේ මොකක්ද සහ හෙජමොනික අදහසක් සමාජයක ඇතිවෙන්නෙ කොහොමද කියල එදාට අපි උඹව ඉවර කරනවා. යකො ලැක්ලෝගේ Socialist Strategy පොතේ පළවෙනි පිටු 10 හරියට කියවල තියෙනවනම් උඹ ඔය කරන එක වැඩක්වත් කරන්නේ නැහැ).

 

         ඊළඟට එන්නේ පෙ.ස. පක්ෂය වෙතටයි. පෙ.ස. පක්ෂයේ නායක කුමාර් සහෝදරයා ගැන අපට කීමට ඇත්තේ ඔහු යනු පසුගිය වසර 20 තුල දේශපාලනය ගැන කිසිදු Serious පොතක් කියවා නැති අයෙකු බවයි. මොහුගෙන් යමෙක් ධනවාදය ගැන ඇසුවිට මොහුට දීමට හැකි එකම පිළිතුර වන්නේ ධනපතියන්ට වැඩි බද්ධක් ගසා එය දුප්පතුන් අතර බෙදා ඇති නැති පරතරය නැති කරන බවය. (එය එන්නේ මාක්ස්ගෙන් නොව රොබින් හුඩ් ගෙනි). පුබුදු ජාගොඩ යනු මොහුගේ විනෝදය නැවත නැවත තහවුරු Justify කරන්නායි. පුබුදු ජාගොඩ වසරකට මාධ්‍ය සාකච්ඡා 300 ක් කියයි. උද්ගෝෂණ 50 කින් පමණ පොලිසියෙන් ගුටිකයි. මොවුන්ට ජනතාවගේ අවිඥානය පිළිබඳ කියා තමන්ගේ අවිඥානය ගැනවත් අබමල් රේණුවක දැනීමක් නැත. එතනදී පියුමි හංසමාලි මොවුන්ට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියි. ඇයට ලංකාවේ පිරිමින්ගේ අවිඥානය පිළිබඳ ඉතා තියුණු කියවීමක් ඇත. එමනිසා ඇය බ්ලූටොතයින් injection එක ගසා මුළු ශරීරයම සුදු කරගත්තාය. දැන් ඇය එක tik tok video එකත් තුල උඩ පැන්නම මෙරට සමාජයේ සියළු ස්තරයන් සෙලවී යයි. පුබුදුලා උද්ගෝෂණ 50කින් ගුටි කෑවත් කිසිදු සමාජ ස්ථරයකට දැනෙන්නේවත් නැත. ඉදිරි අවුරුදු 10 තුලදීත් මොවුන් විසින් සිදුකිරීමට නියමිත දේශපාලනයේ ආකෘතිය වන්නේද මෙයමයි. නව වාමාංශික විකල්පයක් යනු කාලෙන් කාලෙට වෙනස් වෙන තවත් එක් අන්තර්ගතයක් පමණි. නමුත් ආකෘතිය වෙනස් වන්නේ නැත.

 

         සුමිත් චාමින්ද මෙම පක්ෂය තුල දකින ඉතා තියුණු න්‍යායික සහ ප‍්‍රායෝගික අවබෝධය තියෙන්නේ කොහිදැයි අප ඉන්නේ සිතාගත නොහැකිවය. තවද සුමිත් විසින් මෑතකදී Facebook තුල කියන ලද්දක් වන්නේ සාම්ප‍්‍රදායික විවාහයට වඩා විකල්ප ක‍්‍රම ලෙස හිපි සංස්කෘතිය, Living together සංස්කෘතිය වැනි දෑ තුල සාරය ඇති බවයි. ඔහු දන්නැති දෙය නම් හිපි සංස්කෘතිය අවසානයේ දී ඉන්දියාවේ යෝගීන් කරා ගොස් අවසන් වූ බව සහ Living together සංස්කෘතිය නැවතත් විවාහයෙන් අවසන් වන බවයි. මේවා නම්, අද කාලයේ ජනප‍්‍රිය සංස්කෘතිය (Popular Culture) ලෙස වටහා ගන්නා වැරදි වටහා ගැනීම්ය. අද ජනප‍්‍රිය සංස්කෘතිය වන්නේ Facebook, Tik Tok වැනි සමාජ මාධ්‍යයි. ජනප‍්‍රිය සංස්කෘතිය යනු, (එදා උනත් අද උනත්) පවතින ක‍්‍රමයට විරුද්ධ නැති, පවතින ක‍්‍රමය තුලින්ම පැමිණි නැවත නැවතත් පවතින ක‍්‍රමයම තහවුරු කරන්නකි. මොහු පවතින ක‍්‍රමයට විරුද්ධ දෑ ලෙස යෝජනා කරන්නේ මෙවැනි දේ ය. (මේවා යනු මොහු තුල සිටින මින්නේරි ගැමියාට ලොකු දේවල් අතර, මේවා කොළඹ අපිට ලොකු නැත.) මේවා නම් මොහු මින්නේරියේ සිට පැමිණ නාගරික සංස්කෘතිය ෆැන්ටසිගත කරන ආකාරය මිස පශ්චාත් මාක්ස්වාදයට මේවායෙහි කිසිඳු සම්බන්ධයක් නැත (මොකද පශ්චාත් මාක්ස්වාදය සාරයන් තුල නොපිහිටන නිසා).

 

         තවද සුමිත් චාමින්ද විසින් පවසන දෙයක් වන්නේ, “X එකෙන් සමාජයට සිදුවුණ දෙයක් නොමැත” යනුවෙන් තැන තැන පැවසීමයි. අපට ඔබලාගෙන් ඇසීමට ඇති දෙය වන්නේ “X එක නැත්නම් මොහු කවුද?” යන්නයි. අදටත් “සුමිත් චාමින්ද” නම් හැඟවුම්කාරකයට පසුව එන හැඟවුම්කාරකය වන්නේ “X කණ්ඩායමයි”.

 

         අපට ඔබලාට කීමට ඇති දෙය වන්නේ යමෙක් ජිජැක්, ලැක්ලෝ වැනි නම් කී පමණින් බිය නොවනා ලෙසයි. අප විසින් ජීජැක්, ලැක්ලෝ විසින් ගොඩනගන දැනුම ලංකාවට ගෙන ආවේ පවතින ක‍්‍රමය, ක‍්‍රමවේදයකට අනුව තේරුම් ගැනීමටයි. අප එය දැනටමත් සිදුකර ඇත. අපට තවදුරටත් ජීජැක්, ලැක්ලෝ වැනි නම් සමාජයට කීමට අවශ්‍ය නැත. විදර්ශන, සුමිත් වැනි අය දන්නා එකම දේ වන්නේ මෙවැනි නම් කියවමින් අසන්නාව බිය වද්දා සමාජ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමයි. මොවුන්ට අද වෙනතුරු ලංකාවේ එකම සමාජ, දේශපාලන සිදුවීමක්වත් ජීජැක්, ලැක්ලෝ විසින් ගෙන ආ දැනුම මත විශ්ලේෂණයක් කරගැනීමට නොහැකි වී ඇත. (අප විසින් සුමිත්ට සහ විදර්ශනට කරන අභියෝගය වන්නේ, උඹලා ඔය කරමින් සිටින ගුරු වැටුප් සහ නිදහස් අධ්‍යාපනය සඳහා වන අරගල ජීජැක් සහ ලැක්ලෝට (පශ්චාත් මාක්ස්වාදයට) සම්බන්ධ වන ආකාරය ගැන එකඳු ලිපියක් කොහේ හෝ ලියන ලෙසටය.)

 

         දීප්ති සහෝදරයා විසින් පසුගිය වසර 30 කට ආසන්න කාළයක් තුලදි දැඩි බාධක හමුවේ උත්සාහ ගන්නා ලද්දේ පැරණි වාමාංශික දේශපාලනය වෙනුවට නව වාමාංශික දේශපාලනයක් මෙරට තුල ස්ථාපනය කිරීමටයි.

 

         ඔහුගේ උත්සාහය දැනටමත් සාර්ථක වී ඇත. දීප්ති සහෝදරයාට කලින් සිටි සියළු වාමාංශිකයින් අයත් වන්නේ විප්ලවකාරී දේශපාලනය (Revolutionary Politics) නැමති වාම දේශපාලන ක‍්‍රමයටයි. දීප්ති විසින් මෙරට තුල ස්ථාපනය කරන ලද්දේ කතිකාමය දේශපාලනයයි. (Discursive Politics) මෙහි මුලික පුරෝගාමීන් දෙදෙනා වන්නේ අර්නෙස්ටෝ ලැක්ලෝ සහ සලැවොයි ජිජැක් ය. සන්නද්ධ අරගල සහ උද්ගෝෂණ මගින් රාජ්‍ය ත‍්‍රස්ත කිරිම අයත් වන්නේ පැරණි දැනටමත් අහෝසි වී ගොස් ඇති ක‍්‍රමයටයි. නව ක‍්‍රමය යෝජනා කරන්නේ අදහස් මත පිහිටුවා දේශපාලනය කිරීමයි. ජිජැක් මේ යුගයේදී කරන උද්ගෝෂණයන් නිරර්ථකයි යනුවෙන් කියා සිටින්නේ මේ නිසාය. මොකද ඒවා පවතින ක‍්‍රමයේ උපරිව්‍යුහයේ ඇති දෘෂ්ඨිවාදය විසින්ම අපට ලබා ඇති විසඳුම් නොවන විසඳුම් ය. ඒවාට පවතින ක‍්‍රමය වෙනස් කිරිමට නොහැක.  අප උද්ගෝෂණ වලට සම්බන්ධ නොවන්නේ ඒ නිසාය. යමෙක්  ලැක්ලෝ සහ ජිජැක් යන නම් දෙක කියවමින් උද්ගෝෂණ වලද සිටගන්නේ නම් එය අයත් වන්නේ පශ්චාත් මාක්ස්වාදය මුලික කරගත් කතිකාමය දේශපාලනයට නොව, එය නම් සමාජය ඉදිරියේ අනන්‍යතාවයන් ගොඩනගා ගැනීමට තනිතනිව ගන්නා උත්සාහයන් පමණි. මොකද මෙම දේශපාලන ක‍්‍රම දෙක අතර ඇත්තේ විසඳිය නොහැකි පසමිතුරුතාවයකි. අපගේ ඉදිරි දේශපාලනය ගොඩනැගී ඇත්තේ පශ්චාත් මාක්ස්වාදය මතයි. අපගේ තර්ක ක‍්‍රමය වන්නේ දයලෙක්තික තර්ක ක‍්‍රමයයි. අප අරගලය බාහිරට ප‍්‍රක්ෂේපණය කර නොමැත. අපේ අරගලය පටන් ගන්නේ අපගේ අභ්‍යන්තරයෙන්මයි. අප සටන් වදින්නේ පවතින ක‍්‍රමය විසින් අපට දෙන අනන්‍යතාවයට එරෙහිවයි. සුමිත් චාමින්දට සහ විදර්ශනට, අප විසින් කීමට ඇත්තේ පුළුවන්නම් අප විසින් දක්වන ප‍්‍රශ්න වලට තැන් තැන් වල වැල් බයිල නැතුව පිළිතුරු දෙන ලෙසය. එවිට ඔබ විසින් මෙතුවක් කල් ගොඩනගාගත් සංකේතීය අනන්‍යතාවයට අප විසින් අවසානය ලබාදෙනු ඇත.

 

මීට,

සමබිම පක්ෂයේ

පොඩිම එකා.

 

 

 

}}}}}}}}}}}}}}}}}}}}}}} }+++++++++++++++++++++++++

 

 

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. I dont want to say “Excellent” to Depthi’s article because that is what his articles ALWAYS ARE! However, I must say I am VERY IMPRESSED with the article by “සමබිම පක්ෂයේ පොඩිම එකා”!! පොඩිම එකා මෙහෙම නම් අනිත් අය කොහොමට ඇද්ද?!!
    “විද්වතුන්” යයි ලේබල් ගසාගත් තකතිරුවන් ඉන්න රටක දීප්ති මෙතෙක් කාලයක් මේ කරන “උඩුගන් බලා පිහිනීම” (swimming upstream)මේ රටේ අවාසනාවට දේශපාලන තලයේ තවමත් සාර්ථක වී නැතත්, දැනුම බෙදාදීම් තලයේ දී( in the sphere of knowledge dissemination) දීප්ති නැවතත් ඉතා සාර්ථක ප්‍රතිපල ලබමින් ඇති බව “පොඩිම එකා”ගේ ලිපියෙන් පැහදිලිවම පෙනේ. මේ රටේ සමාජ චින්තනයේ සහ දේශපාලන චින්තනයේ දීප්ති බලාපොරොත්තුවන වෙනස ඇතිකිරීමට ඔබ සියලුදෙනාට හැකිවනු ඇතිබව අපගේ විශ්වාශය සහ ලාපොරොත්තුවයි.
    ජයවේවා!

  2. කව්රැත් comment කරන්නෙ නැද්ද මේ ලිපි වලට නැත්නම් comments hide කරලද? 3mana web එකේ පලවනු එක ලිපයක් ඉයේ රාත්‍රියේත් අද උදේ තව ලිපි 2කුත් මට මිතුරන් විසින් එවා තිබුනා.

    දිප්ති කුමාර ගුණරන්ත මේ ලිපියේ මතුකරන දේශපාලනිකව වැදගත් අදහසක් ගැන මට යමක් කිමට අවශ්‍යයි. Facebook පිස්සො‌ ටික මාව block කරඇ‌ති නිසා post එකට comment කරන්න බැහැ මට අනික මා පවසන්න යන දේ ටිකක් දිර්ඝයි. මට කලහැක්කේ කුමක්ද?

  3. වසන්තට මෙවා ලොකු දේවල් උනාට අපිටනම් සාරසාන්ග්‍රහ වාදී ලිවිම්!
    (“සමබිම පක්ෂයේ පොඩිම එකා”!! පොඩිම එකා මෙහෙම නම් අනිත් අය කොහොමට ඇද්ද?!)
    you guys are not smart enough anymore for me.

Comments are closed.