(1) ඇයි ෂපිරෝගේ ලිපි පළ කරන්නේ?

උත්තරය- ෂපිරෝ යනු ධනවාදය මනුෂ්‍යයාගේ අවසාන සමාජ-ක්‍රමය බව විශ්වාස කරන්නියකි. නමුත් ඇය විසින් වාමාංශිකයන්ට එල්ල කරන අභියෝගවලට මුහුණදිය යුතුය. උදාහරණයක් වශයෙන් රාජ්‍ය ධනවාදය යනු සමාජවාදයට කියන තවත් සමාන පදයක් බව ඇය කියන විට එය නිවැරිදිය. අගේ බොහෝ ප්‍රශ්න එල්ල වී ඇත්තේ ආර්ථිකය දෙසටය. අනෙක් අතට ධනවාදය යනු නිදහස ලබාදෙන සමාජ-ක්‍රමයක් යැයි ඇය කියන විට එයද නිවැරිදිය. කොමියුනිස්ට් සමාජයක් යනු නිදහස නොව සමාජීය විමුක්තිය බව අප ඇයට පෙන්වා දිය යුතුය. ඉදිරියට ඇගේ ප්‍රශ්නවලට එකින් එක ගෙන උත්තරදීමට අබ උත්සාය කරන්නෙමු.

(2) විවාදයට තුඩු දෙන දේවල් පළ කිරීම ගැන-

මිනිසුන්ගේ ආත්මමූලිකත්වය හෝ රත්‍රී ජීවිතය 21 වන සියවසේ දේශපාලනයේදී අතිශය තීරණාත්මකය. උදා-කරුණා,විමල්,ඩලස්…. අප විවිධ උත්සාහයන් මගින් උත්සාහ කරන්නේ මිනිසුන් මේ සමාජ ක්‍රමයට බැදී ඇති ස්ථානය පෙන්වීමටය. එම තැන ආර්ථිකය හෝ පීඩනය හෝ මර්දනය නොවේ. එම නිලය ඇත්තේ අපගේ අවිඥාණක විශ්වාසයන් තුළය. එබැවින් අප පළ කරන සෑමදෙයකම වගකීම අප බාර ගන්නෙමු.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. අරුනි ශපිරෝ වගේ හිමවලස්සු කොහොමද මාක්ස්වාදයේ අදාලත්වය වගේ සුවිශාල මිනිස් ක්‍රියාකාරීත්වයක් තුලින් ගොඩනැන්වුනු දේවල්වල යතාර්තය පිටු දෙක තුනකින් විග්‍රහ කරන්න හදන්නේ.කෝපි බොන ගමන් කවුරුහරි කියලාතියෙන දෙයක් හෝල් සේල් ලියනවා(හෙජමොනිය පොත 1999 දීප්ති කුමාර ගුනරත්න ,119 පිටුව ඇසුරෙනී)

  2. කතුතුමා. සමාජවාදය (තිබුන) රාජ්‍ය ධනවාදයක් කියල කිව්වේ මම. ශපිරෝ කලේ එකට හිනා වෙන එක. – මෙන්න ඒ කොමෙන්ටුව. ශපිරෝ නොකිව් දෙයක් එයා කිව්වා කියල දන්නා එපා.
    Ajith Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:00 පෙ.ව.
    සෝවියට් දේශයේ තිබ්බේ රාජ්‍ය ධනවාදයක් අරුණි . අපි කවුරුත් ඒක සමාජවාදයක් හැටියට නම් කරන්නේ නැහැ. lenin ge NEP පිළිවෙත war communism වලින් පස්සේ ගෙනාවෙත් ඒකයි . නමුත් ස්ටාලින් එය නැවත රාජ්‍ය ධනවාදයටම හැරෙව්වා . kapital එක කියවනවානම් Marx රාජ්‍ය ධනවාදයක් පිහිටුවන්න කියල නැහැ. සෝවියට් දේශය ජීවත්වූ හා දැනට නව ලිබෙරල්වාදී රටක ජීවත් වන අයෙක් වශයෙන් මම නව ලිබෙරල් වදයට කැමතියි . නමුත් එයින් රාජ්‍යය අහෝසිවී කොමුනිස්ට්වාදයට යනවට ඊට වඩා කැමතියි. හැබැයි ඔබ කියන පරණ සමාජවාදී ක්‍රමයට නොවේ. මන් හිතනවා නොර්වේ රාජ්‍යය ඉක්මනින්ම කොමියුනිස්ට්වාදයට යයි කියා. – අජිත්
    arunishapiro said, on පෙබරවාරි 28, 2014 at 4:09 ප.ව.

    සමාජවාදය බංකොළොත් වුනාම ඒකටත් මොකක් හරි ධනවාදී ලේබලයක් අලවන හැටි!!!!
    ධනවාදය හඳුනා නොගෙන එයට වැරදි ලේබල් ගැහැව්ව මාක්ස් එයාගෙ දාස් කපිතාල් එකේ සමාජවාදී රාජ්‍යයක් හැදෙන හැටි ගැනත් කියා දීලා නැතිකම තමයි ලොකුම අඩුපාඩුව. සෝවියට්ලාට කලින් ඒක පැහැදිලි කරල නැහැයි කියල අවබෝධ කරගත්තේ ඔස්ට්‍රියන්-ජර්මන් අධිරාජ්‍යයයි. අනගි පාරට්ටු බාන අය ඒවා ඉෂ්ට වෙන හැටි නොපෙන්වන එක එදත් එහෙමයි අදත් මෙහෙමයි.

  3. රාජ්‍ය ධනවාදය කියන එක අපි සෝවියට් දේශයේ කඩ වැටෙන කාලේ එකක. අරුණි කිව එකක් නෙමේ. කැමතිනම් මේක පල කරන්න.
    http://kolambagamaya.blogspot.co.uk/2014/04/blog-post_4.html

    ඔයාල අරුනිට දෙන පිළිතුරු දිහා අපි කැමැත්තෙන් කියවන්න බල සිටිනවා. මොකද අරුනිට හරි පිළිතුරක් දුන්නම එයාගේ ප්‍රසිද්ධ පිය ගැනයි බොහ්ම් බවෙර්ක් ගැනයි කියල මග අරිනවා.

  4. පිළිතුරු ලබා දිය හැකි බව පැවසුවද මා විසින් අසා ඇති කිසිඳු ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරු ලබා නොදී අරුණි ශපීරෝ ගැන අසා ඇති ප්‍රශ්නයකට පමණක් පිළිතුරු ලබා දී ඇත. මෙය 3මාන වෙබ් අඩවියේ ප්‍රධාන ලක්ෂණයක් බව මා හට මෙම වෙබ් අඩවිය හඳුන්වා දුන් මිතුරා පැවසීය. මා 3මාන වෙබ් අඩවියට ආගන්තුකයෙකි. මට ඇති දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැක්කේ 3මාන වෙබ් අඩියට මව මාගේ මිතුරා අවධාරණය කර සිටියේය. කරුණා කර මා හට උදව් කරන්න.

  5. රාජ්‍ය ධනවාදය කියන එක අපි සෝවියට් දේශය කඩා වැටෙන කාලේ කතා මතයක් . අරුණි ශපිරෝ කීව දෙයක් නෙමේ. කැමතිනම් මේක පල කරන්න.
    http://kolambagamaya.blogspot.co.uk/2014/04/blog-post_4.html

    ඔයාල අරුනිට දෙන පිළිතුරු දිහා අපි කැමැත්තෙන් කියවන්න බලා සිටිනවා. මොකද අරුනිට හරි පිළිතුරක් දුන්නම එයාගේ ප්‍රසිද්ධ පියා ගැනයි බොහ්ම් බවෙර්ක් ගැනයි කියල මග අරිනවා.

Comments are closed.