Theodor Adorno ගේ සංකල්පයක් වන “paradoxicality of Otherness is a necessity” හරහා උත්සාහ කරමු රැවන් ජයතුංග ට උත්තරයක් ගොනු කරන්න. දිප්ති ගේ දැනුම අනුව නමි රැවන් කියන දේ ගැන එතරමි එකගතාවයක් පෙන්නුම් නොකරත් මෙ මොහෙතෙ දේශපාලනිකව රැවන් කියන දෙය දිප්තිට වැදගත් යන්නයි මගේ අදහස එනමි දැනුම දේශපාලනයට ඌනනය විම.

Dr.රැවන් ජයතුංග රෝහන විජෙවිර ගැන උපතේ සිට මරනය දක්වා දිර්ග විස්ලෙශණයක් කරනවා ඒ අතරින්;

1. විජෙවිරගේ දුෂ්කර ළමා කාලය
2.පාසල් අධ්‍යාපනය
3.මොස්කව් නගරය දැකිමෙන් පුදුම විම
4.දුර්වල ඉංග්‍රීසි භාෂාව… රැවන් විසින් අවදාරනය කරන ලද කාරනා.

මම දැන් උක්සාහ කරන්නේ Theodor Adorno භවිතා කරමින් රැවන් ජයතුංග විසින් ඉහත රොහන විජෙවිරට කරන ලද කතිකාව, නැවත එය රැවන් ජයතුංගගෙම අනන්‍යතාව බව පෙන්විමට.

දැන් බලමු අදොර්නො ගේ “paradoxicality of otherness is a necessity” කියන්නෙ මොකක්ද කියලා ඉතා කෙටියෙන්…

අනේකත්වය දැනුමක් බවට පත් කිරිමට නමි එය මාගේ දෙයක් බවට පත් කල යුතුයි. තියඩොර් අදොර්නො ට අනුව අනෙකත්වය දැනුමක් වු විගසම අනෙකත්වය අහොසි වි එතැනට තමාව(subjectivity) ආදේශ වෙ.

තව දුරටත් ආදොර්නොගේ උදාහරණයකට යමු එනමි ධනවාදය විවෙිචනය කිරිමට නමි අපි ධනවාදය යනු කුමක්ද කියා දැන ගත යුතුය එයට අනුගත විය යුතුය. යමි කෙනෙකු ධනවාදි සබදතා වලින් පරිභාහිරව සිට විවෙිචනය කරන්නේ නමි එම විවෙිචනය ධනවාදය ගැන විවෙිචනයක් නොවන්නේය යන්න අදොර්නොගෙ අදහසයි. නැවතත් දැනුම පිලිබඳ ප්රශ්නයක් දේශපාලනික ප්රශ්නයක් බවට පත් කරයි.
අපි යමි කෙනෙක්ට විවෙිචනයක් ගෙනා විගසම අපගේත් දැත් අපිරිසිදු වෙ. එසේ නොවි අපට විවෙිචන ගෙන ඒමට නමි පුර්ව ඩෙකාටිසියානු යුගයට යා යුතුය යන්න අදොර්නොගෙ ඉගැන්විමයි.

ඒ අනුව ඉංග්‍රීසි භාෂාව, මොස්කව් නගරයේ අසිරිය වැනි දැ අධිනිශ්චය විම විජෙවිරගේ ප්රශ්නයකට වඩා රැවන් ජයතුංගගේම අනන්‍යතාවයයි. එය විජෙවිර හරහා සමනය විම රැවන්ට සහනයකි.රැවන් ජයතුංග ගේ නොදැනුම, දේශපාලනය ලෙස අර්ථ ගන්වයි.

එතකොට විජෙවිරගේ “අනේකත්වයට” මොකද වෙන්නේ? අදොර්නො ට අනුව එය අහිමි වස්තුව. ලැකාන්ට අනුව “The Objet Petit A ”.
අහමි දේ නැවත නැවත අපට හමු වෙනවා. හැබැයි 71 සහ 89 විදියට නෙවෙයි in a way of Enigmatic….

Prasanna gonapinuwala [දීර්ඝව ලියන්න.]

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මම හුදෙක් අදහසක් විතරයි දැක්වුවේ එය ඔබ වෙබි අඩවිසේ පල කිරිමට නොව කෙසෙ වෙතක් එයට ස්තුතියි in sense of virtu’. එසේ දිර්ග ලිවීම සාමුහික විය යුතුයි මගේ අදහස එයට සංවිධාන ගත දේශපාලනය විනයක් අවශ්‍ය බව මගේ අදනසයි. මම කරෙ අවිදිමත් උත්තර දිමක්.

Comments are closed.