[dropcap color=”black”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයට පත් කරන වර්ණවත් සගරාවක නම වන්නේ Left  ය. එහි කතු මඩුල්ලේ දොස්තරලා දෙදෙනෙක ද සිටියි.පුදුමයකට මෙන් මේ සගරාවේ පළවන බොහෝ ලිපි 90 දශකයේ පළවූ ‘මාතොට’ සගරාවේ ලිපි වලට බොහෝ සමීපය.

සංස්කෘතිය හරහා කළහැකි දේශපාලනයයේ එක්තරා අන්තයක් කරා X කණ්ඩායම 2004 දී ගමන් කලේය. නමුත් ජ.වි.පෙ මේ කිසිවක් ගැන හැදෑරීමකින් තොරව යළි ආප්ප බාන ආකාරයට විසිතුරු සගරා පිටතට දමමින් පුබුදු ජයගොඩ ලා පරාජය කරන්නට උත්සහා කරයි. ලංකාවට ජාතිවාදය බෝ කළේ තමන් බව පිළානොගන්නා ජ.වි.පෙ දැන් එම කටයුත්ත කළේ පිටසක්වල ජීවීන් බව අපට හගවයි. මේ අයට බොහෝ දේවල් අමතක වී ඇත. චන්දන සිරිමල්වත්ත සගරාවක් කරන කාලයේ ඔහු මිචෙල් ෆූකෝ ගේ විනය සහ දණ්ඩනය නම් පොත කොටස් වශයෙන් පළකල බව වර්ථමාන Left සගරාවේ කතුවරුන් නොදනී. මීට අමතරව ඇලන් බදියු ගේ නම බඩියෝ යන නමින් වහරයි. ජිජැක් ගේ නම සිසැක් කියයි. මේවා මළ විකාර පව මේ අයට පමණක් නොව මුළු ජ.වි.පෙ නායකයන්ටමත් නොවැටහේ. බදියු ගැන කතා කරන අය ගැන හරිටය අවබෝධයක් ඇත්නම් මේ අය බුදු බණ නොඅසා රහත්වනු ඇත. දැන් ජ.වි.පෙ ට සිදුව ඇත්තේ කුඥ්ඥය ගලවා ගත් වදුරාට සිදු වූ දේය.

අපගේ පැත්තෙන් දැන් අපට සතුටු වීමට හැක.දැන් සියළු දෙනා දැන හෝ නොදැන කතා කරමින් සිටන්නේ අපේ භාෂාවයි. කරමින් සිටින්නේ අප කළ දේශපාලනයයි. යම් දිනෙක මේ කතාවේ කේන්ද්‍රය ඇති තැන මහජනතාව වටහා ගනු ඇත. එදාට කොටයත් පෙරලාගෙන වදුරා ඇදගෙන වැටෙනු ඇත.

 

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. J V P eka den desapalanikava hodatama amaruve vetila .den karanne hithata negena ona deyak karala me amaruve vateemen beruna kiyala hithanava.jvp ekata REAL hamuvenna vedi durak neha!ethakan ohe balan emu!

  2. ජවීපේ පමණක් නොව අනෙක් මාක්ස්වාදී පක්ශද අතාර්තික වී ඇත්තේ ඔවුන්ට නිර්දන පන්තිය මුණ නොගැසුණ නිසයි. මේ ක්‍ෂිතමය අත්දැකීමෙන් මිදීමට සියලුම වාමාංශික පක්ශ​, පුද්ගලයන් විවිද විකාර කරයි. නිර්දන පන්ති විප්ලවය දිනෙන් දින කල් කයි. ඔබලා දෙමල බෙදුම් වාදයට රෙදි නැතිව කඩේ යන ගමන් සිංහල ජාතිවාදී මුව හමට පහර දෙයි……

  3. මේ දවස්වල ජ.වි.පෙ. කිය කියා ගියේ ‘රට අවුලක’ කියාය. ඒත් දැන් බලපුවාම රට අවුල් නැත. ජ.වි.පෙ. අවුල් ය.

  4. machan thushara ,anne puluvannam oya kiyana Nirdana panthiye ekek hoyadenda!mokada mata (hire )karanda puluvanda kiyala balanna rata rata valata yavala!

  5. මම ලේ විලක් මැද බිම වැටී සිටියා. මගේ බාප්පා කීවා මේකා අහිංසක කොල්ලෙක් වෙඩි තියන්න එපා කියලා. උන් බාප්පාටත් ගහලා බිම දැම්මා. බාප්පත් සැමියාත් දෙදෙනාම ඇදගෙන මිදුලට ගිහින් මගේ මහත්තයාට වෙඩි තියලා මැරුවා. මගේ මහත්තයා දේශද්‍රෝහියෙක් වුණේ පොලිසියේ රස්සාව කළ නිසාද? උන් දේශප්‍රේමීන් වුණේ මේ වගේ අහිංසක මිනිසුන් මරලා දැම්ම නිසාද? ජ.වි.පෙ. නායකයෝ කියනවා අපි මැරුවේ දේශද්‍රෝහීන් කියලා. දේශද්‍රෝහීන් කව්ද? දේශප්‍රේමීන් කවුද? කියලා ගමේ රටේ මිනිස්සු දන්නවා.

  6. සුද්දා ලංකාව දාලා ගිහිල්ලා අවු. 65ක් වෙනවා. සුද්දා යනකොට ලංකාව ණය වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් වෙනකොට එක පුරවැසියා තුන්ලක්ෂ තිස්දහසක ණයකාරයෙක් කරලා. සුද්දා ලංකවෙන් යද්දී අපට යුද්ධයක් තිබුණේ නැහැ. හැබැයි ධනපති පාලකයෝ අපේ රටට තිස් අවුරුදු යුද්ධයක් ගෙනාවා. දැන් ආපහු සැරයක් ජාතිවාදයත් ආගම්වාදයත් අවුස්සන්න පටන්ගෙන තිබෙනවා. මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල බෞද්ධයා කුපිත කිරීමේ ව්‍යාපාර පටන් අරගෙන. අපි ජනතාවට කියන්නේ ධනපති පංතියේ වුවමනාවට ජනතාව බේද කරන එකට අහුවෙන්න එපා කියලයි. මේ රටේ පීඩිත ජනතාව 99%ක් ඉන්නවා. ධනපති පාලක පංතිය 1%යි ඉන්නේ. මේ කුඩා පිරිස අපිව පාලනය කරන්නේ බෙදා වෙන්කරලයි. ඒ නිසා අපි කියන්නේ ජාති වශයෙන් බෙදෙන්න එපා ආගමිකව බෙදෙන්න එපා. පක්ෂ පාට අනුව බෙදෙන්න එපා. කුලමලවලින් බෙදෙන්න එපා. බෙදෙන්න තියෙන්නේ එක රේඛාවයි. ඒ රේඛාව තමයි ධනපති පංතිය, නිර්ධන පංතිය වෙන්කරන රේඛාව. අපට 99%යි. උන්ට 1%යි අපි 99% එකතු කරමු. සිංහල දෙමළ මුස්ලිම්, බර්ගර් මැලේ, අපේ පංතියේ ඔක්කොම එකට එකතු කරමු. බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි, ඉස්ලාම්, කතෝලික හැම දෙනාම එකට එකතු කරමු. මේ ඔක්කොම අපේ පංතියේ මිනිස්සු. බෙදෙන්න එපා. බෙදෙන්න දෙන්න බැහැ. හැමදෙනාම එකට එකතු විය යුතුයි. ඒකට බාදා කරන හතුරන්ගේ උපක‍්‍රමවලට අහු වෙන්න එපා. ජාති ආගම් අතර නැවත ගැටුම් අවුළවලා මේක බේද බින්න කරලා ඡුන්ද දිනන්න හිතාගෙන ඉන්නවානම් අපි රාජපක්ෂට කියන්නේ ඕක වැරදි ක‍්‍රීඩාවක් කියලයි. අපි අනතුරු අඟවනවා ඕක භයානක ක‍්‍රීඩාවක් කියලා. ජාතිවාදය වපුරලා ඇතිකළ තිස් අවුරුදු යුද්ධයකට මේ රටේ ජනතාව මුහුණ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ දේශපේ‍්‍රමී ජනතාවත් කළ දැවැන්ත කැපකිරීම් නිසයි යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ. නැවත එම තත්වයන් ඇති කරන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා.

  7. NASH viplavavadee desappremee sahodaraya,desappremeenui jvp ekai ekathu vela samajavadaya godanagala jatheen atara samagiyai oya liyapu anith devalui karanna hithagena thamai anagatha balaporothuva unne!namuth une vena ekak rajapakshata kade yame prethipalayak hatiyata mulinma desapremee VIMAL kadagena giya. eelagata kumara gunarathnam atulu kandayama giya.eka navathath kedila kiyala aranchiyak thiyenava.kohoma namuth oyage (idealogy )eken venne sinhala peedithayo tika thava thavath avulata yanava.

Comments are closed.