පංති සතුරෙකු ගැන අපේ කාලයේ ලෙනින්වාදී විග්‍රහය

1996 වසරේදී කොළඹ විශ්ව-විද්‍යාලයේ ආචාර්යවරයෙකු ගේ කාමරයේ පවත්වාගෙන ගිය දේශපාලන පන්තියේ දී සිරිමලී ලියනගමගේ නම් ශිෂ්‍යාව තරමක බරපතල පැමිණිල්ලක් නිර්මාල් රංජිත් දේවසිරි අරබයා වර නැගුවේය. මේ පැමිණිල්ලේ අන්තර්ගතය වූයේ ලිංගික හිරිහැරයකි.(අතවරයක් නොවේ.)සරලව එම පැමිනිල්ල මෙලෙස ආකෘතිගත ගක හැක. ’මට නිර්මාල් අනවශ්‍ය හිරිහැර කරනවා’ මෙම පැමිණිල්ල එවකට ඇයගේ පෙම්වතා සහ පසුව සැමියා වූ අරවින්ද හෙට්ටිආරච්චි මහතාද යළි යළිත් සහතික කළේය.

මෙම ‘සිරිමලී ප්‍රශ්ණය’ නිසා එම පංතියේ සිටි සියළු දෙනා මවිතයට පත් විය. ප්‍රශ්ණයට නිසි පිළිතුරක් කිසිවකු ළග නොතිබුනේය. ඉන්පසු  පන්තිය අහවර වී නිර්මාල් සමග දීප්ති ඇතුළු කිහිප‍දෙනෙක් බම්බලපිටයේ බස් නැවතුමට දකුණින් ඇති තෝසේ කඩයට ගියේ ගැටළුව සාකච්ඡා කරන්නටය. ප්‍රශ්ණය නැවත සාකච්ඡා කිරීම ආරම්භ වූ වහාම නිර්මාල් හඩන්නට පටන් ගත් අතර දීප්ති විසින් ස්ථිර සාරව ප්‍රකාශ කරන ලද්දේ මෙය සිරිමලී ගේ හුදු ප්‍රබන්ධක් බවයි. සංවිධානය තුළ දීප්ති ගේ මතය තහවුරු වූ අතර නිර්මාල්ට එල්ල වූ විනාශකාරී චෝදනාවෙන් ඔහු නිදහස් විය. මෙම ගැටළුව ගැන කරන ලද සාකච්ඡාව කෙතරම් දුරට ගියාද කිවහොත් එක් අවස්ථාවක දීප්ති විසින් නිර්මාල් ගැන මෙසේ කීවේය.

‘බලන්න නිර්මාල් දිහා ඔහු ජීවත් වෙන්නෙ ස්ත්‍රීන් ගැන කිසි උනන්දුවක් නැති නිශ්ක්‍රීය චරිතයක් වගේ’. ඊට පසු දිනෙක සංවිධානයේ වෙනත් සගයෙක් සමග නිර්මාල් මෙලෙස පවසා තිබූ අතර, එය ඔහු දීප්ති සමගද බෙදා ගත්තේය. නිර්මාල් ගේ අදහස කෙටියෙන් මෙසේය. ‘දීප්ති මම ගැන හිතන් ඉන්න විදිහ වැරදියි.මම sex වලට අකමැති කෙනක් නෙවි.’ මෙම වාක්‍ය දීප්ති අසාසිටි මුත් ඔහුට එය වැටහුනේ නැත.ඒ පූර්ව x අවධියයි.

ඉන්පසු සංවිධානය එහි ප්‍රකාශන සහ විවිධ ක්‍රියාකාරී වැඩසටහන් හරහා සිංහල සමාජයේ ප්‍රචලිත විය. ප්‍රේමයද,දේශපාලනයද යන අන්ත දෙකින් එකක් තෝරා ගැනීමට බල කෙරුණු තත්ත්වයක් තුළ 2001 වසරේ දී පමණ සිරිමලී සහ අරවින්ද සංවිධානයෙන් ඉවත් විය. මේ මුළු කාලය තුළ දීප්ති විසින් අමතක කළ එක් සාධකයක් විය. එනම් නිර්මාල් ගේ වාක්‍යයයි. ‘දීප්ති මම ගැන හිතන් ඉන්න විදිහ වැරදියි.මම sex වලට අකමැති කෙනක් නෙවි.’දීප්තිට නිර්මාල් ගැන තිබුනේ දැනුමක් නොව විශ්වාසයක් බව දීප්තිට වැටහුනේ නැත. මේ මුළු කාලයම හැදින්වීමට අපිට නමක් දෙන්න පුළුවන්. ඒ තමයි දීප්තිට මනෝවිශ්ලේෂණය ගැනත්,එහි විද්‍යාත්මක ප්‍රදේශය ගැනත් දැනුමක් තිබුනේ නැහැ කියන එක. සරලව කිවිවොත් නර්මාල් තමන් ගැන කියන වාක්‍යය මගින් එයා ප්‍රකාශ කරන්නේ එයාගේ අවිඥාණික ආශාව.

සුමිත් චාමින්ද 2007 වසරේ දී තමන්ගේ කන්ද උඩ දේශනාව පටන් ගන්නේ ‘ආශාව’(Desir) නිර්වචනය කරමින්. ඔහු මෙහෙම කියනව. ‘එක එක්කෙනා ‘ආශාව’ එක එක විදිහට විග්‍රහ කරනව. හොද ආශාව,නරක ආශාව කියල නිලබලරටාවකට අනුව ආශාව විග්‍රහකරන්න බැහැ. මනෝ විශ්ලේෂණයට අනුව ආශාව කියන්නේ ආශාව. ඒකට හොද-නරක භේදයක් නැහැ.’ අපේත් ඔහුගේත් අවාසනාවට ආශාව ගැන ඔහුගේ මෙම නර්වචනය වැරදිය. සුමිත් කතා කරන ආශාව සහ මනෝවිශ්ලේෂණයේ කතා කරන ආශාව කියන්නෙ එකක් නෙවි දෙකක්. සුමිත් කතා කරන්නේ දැනුමට විෂය වන සවිඥානක ආශාවක් ගැන. ‘මම එයාට ආසයි‘ කියන්නෙ සවිඥානක ආශාවක්. නමුත් මනෝවිශ්ලේෂණය කතා කරන්නෙ ‘අවිඥානක ආශාව‘ ගැන. ‘දීප්ති දන්නෙ නැහැ මමත් sex වලට ආසයි කියන කොට නිර්මාල් කියන්නෙ එයාගෙ සවිඥානක ජීවිතයේ ආශාවක් නෙවි. ඔහුගේ සවිඥානක ජීවිතය නරඹන ඕනෑම කෙනෙකුට පේන්න තියෙන්නෙ asexual ජීවිතයක්. නමුත් ඔහු sex වලට ආසයි කියන කොට ඒ කියන්නෙ ඔහුගෙ අවිඥානක ආශාවක් ගැන. ඒ අදහස සරලව මෙහෙම කියන්න පුලුවන්. ‘මගේ නිවසේ කණ්ණාඩිය ඉස්සරහට ගියාම මට තේරෙනව ඊනියා  සුන්දර කාන්තාවක් (පිස්සු නැති) මා සමග ලිංගිකව එකතු වීමට අකැමතියි කියල. ඉතින් මම එම දන්න ආශාව සැබෑ ලෝකයේ ඉෂ්ට නොවන නිසා ඒක අවිඥානයට තල්ලු කරනවා.

නිර්මාල් ඉහතදී අවිඥානයට තල්ලු කරන ආශාව එයාගේ සවිඥානක ජීවිතය තුළදී විටින් විට රෝග ලක්ෂණයක් හැටියට මතු වෙනවා. දීප්ති දන්නෙ නැත්තෙ නිර්මාල්ගේ අවිඥානය. නමුත් සිරිමලීට හමුවෙන්නෙ තල දර්පණයකින් තමන්ව නරඹන නිර්මාල් කෙනෙක් නෙවි. මේ අන්ත දෙක ඒ යුගයේ හැමදාම පැවතුණේ gap එකක් සහිතව පැති දෙකක. දීප්තිට ඒ කාලයේ දේශපාලයේදී හමුවුණේ ‘සවිඥානික ආශාව‘. නමුත් සිරිමලීට හමුවුණේ ‘අවිඥානක ආශාව‘. මොකද ඇය ස්ත්‍රියක් නිසා. ඒ නිසා ඒ වන විටත් සංවිධානයේ අභ්‍යන්තර පැල්ම සිරිමලී සංජානනය කරමින් සිටියෙ. මේ යුගයට අද ඉදල කියන්න පුලුවන් පැවති x කණ්ඩායම කියල. x සංවිධානය ඇතුළත පැවති සංවාද ආකෘතිය නරුමවාදියි. ප්‍රසිද්ධියේ කියනව අපි sex ජය අරගෙනයි තියෙන්නෙ  කියල. නමුත් පුද්ගලික ජීවිතයේදී sex  වලට ආසයි කියනව. මේ නිසා සංවිධානයේ හිටපු ස්ත්‍රීන් නිකම්ම දාර්ශනිකයෝ වෙනවා. පැණියා කියන්නෙ මේ අභ්‍යන්තර සංවාදයේ විකාරසහගත බාහිර ප්‍රකාශකයා.

2004 දෙසැම්බර් 26 වනදා බුද්ධික බණ්ඩාරගේ දින සටහන් පොතට අනුව ඔහු කළ දේශනය මගින් ඒකාබද්ධ වන පිරිස ගැන දැන් යම් ඉගියක් දෙන්න පුලුවන්. සුමිත් චාමින්දට අනුව බණ්ඩාර මේ කරන්නෙ පර්සනල් වැඩවලට අනුව දේශපාලන න්‍යාය සකස් කිරීම. උදාහරණය-බස්නායක කියන්න ප්‍රභාගේ කලින් පෙම්වතා. කාගේත් ආශිර්වාදය ඇතුව පැවතුණු සම්බන්ධය. නමුත් ‘ආශාව පාවාදිය නොහැක‘ යන සටන් පාඨය න්‍යායිකව ප්‍රභා ගේන්නෙ දීප්තිව විවේචනය කරන්න නෙවි, තමන්ට තියෙන Guilt එක නැති කරගන්න. ඒ කියන්නෙ බස්නායකගේ සම්බන්ධය තිබියදීම බණ්ඩාර එක්කත් සම්බන්ධයක් පවත්වාගෙන යාම. ඒක දේශපාලන කැත වැඩක් නෙවි. ඒක මනුස්සයන් හැටියට කරන කැත වැඩක්.

බණ්ඩාරගේ කන්ද උඩ දේශනාවට පසුව නිර්මාල් ඇතුලු පිරිස ඔවුන්ගේ පැත්තට යනවා. මොකද නිර්මාල්ගේ අවිඥානක ආශාව සමග එකග වීම තමයි බණ්ඩාර නිල වශයෙන් කියන්නෙ. බණ්ඩාරගෙ භාෂාව අපට මේ ආකාරයට සරලව කියන්න පුලුවන්. ‘ඔන්න සංවිධානයේ ලොකු Cushion Ball  එකේ වැතිරිල පොතක් කියවනව සිරිමලී. නිර්මාල් ඔයා එකපාරටම සාලයට ගිහිල්ල අර Cushion Ball  එකේ පැත්තකට පනිනව. මේ පැනීම නිසා සිරිමලීගේ ශරීරය පොඩ්ඩක් මිරිකෙනව ඔයාගෙ ශරීරයට. මේ ක්‍රියාවලිය සිරිමලීට හිරිහැරයක්, ඔයාට විනෝදයක්, අරවින්දට කරදයක්.මේ වගේ සිද්ධි නොදකින සමාජය ඉස්සරහට ගිහිල්ල උතුරේ කාන්තාවන්ට හමුදාවෙන් වෙන හිරිහැර ගැන ඔයාට විදග්ධ දේශණයක් කරන්න පුළුවන්. ඒ මොකද ඒ දේශණයේ දී ඒ අසරණ කාන්තාවන්ට සිරිමලී හමු වෙන්නෙ නැහැ. අනිත් පැත්තට එම දේශන ශාලාව ඇතුලත ඔයාට සිරිමලී හමු වෙන්නෙත් නැහැ. මේ නිසා ඔයාට අපේ දේශපාලනය ඇතුලත මෙහෙම ඉඩක් තියෙනව. එක පැත්තකින් ඔයාට දිගටම දේශන කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තෙන් සිරිමලීලාට හැරිහැර කරගෙන යන්තත් පුළුවන්. ඔයා අපිත් එක්ක එකතු වෙන ප්‍රධාන කාරණය මේකයි. මොකද අපිට අනුව දේශනය කරන ඔයා සහ සිරිමලීට හිරිහැර කරන කෙනා කියන්නෙ දෙන්නෙක්. දීප්තිට අනුව මේ කතාව වෙනස්. ඔහු මේකට සම්බන්ධ කරනව නිර්මාල්ගේ අවිඥාණික ෆැන්ටසිය කියල එකක්. ඒක මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්.

‘යථාර්ථය ගොඩ නගන්නේ අශ්ලීල ආත්මයක් මගින් යන න්‍යායික අදහස පිළිගන්නේ නම් එහි විරුද්ධාභාෂය මෙලෙස සටහන් කළ හැක. ’ සිරිමලී ගේ උරහිස මිරිකුවේ මම නෙවී වෙන කෙනෙක්. එනම් ආත්මය විසින් නිපදවූ අශ්ලීල අන්තර්ගතය එය විසින්ම හෙළා දකියි. ආත්මයක් නැතිව ඕපපාතිකව මෙන් බිහිවන මෙම ‘අශ්ලීල අඩංගුවට’  අපිට කියන්න පුළුවන් ෆැන්ටසිය කියලා. මෙතනදී ෆැන්ටසිය විසින් ආශා‍වේ අවිඥාණික මානය තහවුරු කරන මුත් සදාචාරාත්මකව එය තමන්ගේ ආශාවක් බව පිළි නොගනියි. ඒ අනුව එය කලේ මා නොව වෙන කෙනෙක්. නමුත් මෙය වෙන කෙනෙකු (සිරිමලී) අත්විදි නිසා මගේ ආශාව මටම ආගන්තුකය. එහි චූදිතයා මම වෙමි. විනෝදය යනු වාගීෂ්වර නොවන මානයකින් කියන්නේ නම් මම මගේ විනෝදය අනේකත්වයක් ලෙස අත්විදීමයි. එවිට චූදිතයා මා නොව සිරිමලීය. මෙතැන සදාචාරය සහ නීතිය යන කරුණු දෙකම අන්තර්ගතය.’

කෙනෙකු ගේ අවිඥාණික අශ්ලීල ෆැන්ටසියේ අයිතිකරු වෙන කෙනෙක් නොව ඒ ‘මමමය’ කියා වටහා ගැනීම පශ්චාත් x දේශපාලනයකි. එහි එකම සාමාජිකයා දීප්ති පමණි.

සුමිත් චාමින්ද ගේ සටහන

නිර්මාල් විසින් enjoyment නම් ඉංග්‍රීසි වචනයට සිංහලෙන් විනෝදය යැයි අරුත් දීම වැරදි යැයි ලියා ඇත. පශ්චාත්-මාක්ස්වාදයේ මූලිකම අර්ථකථනයක් වන්නේ ‘විමර්ශකය කියා සාරයක් නැති බවයි.’ ඩෙරීඩා නම් දාර්ශණිකයා අනුගමනය කරමින් ‘අර්ථයක’ මූලාශ්‍රය හෝ සම්භවය වචනයකින් කෙළවර වන්නේ යැයි කීම වාගීශ්වරවාදයකි. (Logocentrism )

එබැවින් වචනයක අර්ථය සදහා ඇත්තේ හෙජමොනික අරගලයක් මිස හරි/වැරදි වාදයක් නොවේ. එවැනි අදහසක් අපව ඩෙරීඩාට පූර්ව දර්ශනයක් වෙත ගමන් කරවනු ලබයි. යථාර්ථය පමණක් නොව දේශපාලන යථාර්ථය යන්නද ප්‍රබන්ධයක් යැයි (Fiction) යැයි දන්නා පශ්චාත්-මාක්ස්වාදී අපට නිර්මාල් ගැන පුදුමයක් ද නැත. මන්ද යත් නොදන්තා ඕනම දේකට හොට දමා ඉන් කිච වී වේදනාත්මක සතුටක් (pleasure in Pain) ලැබීම නිර්මාල් ගේ අවිඥාණික ආශාව නිසාය. සතුට අයිති විඥාණයටය. වේදනාව අදාල වන්නේ අනෙකාටය. අනෙකා වේදනා විදිනව ෆැන්ටසිකරණය කිරීම විනෝදයයි. එය සැබැවින්ම නොපවතින, එහෙත් පැවතීමට හැකි යැයි අනුමාන කරන්නකි. විනෝදය අපරිමිතය. එය ගණනය කළ නොහැක.

මෙම ලිපිය මගින් නිර්මාල්ට අවශ්‍ය කරන ඖෂධ නියම මාත්‍රාවෙන් ලබා දී ඇති අතර එය මදි නම් වට්ටෝරුව වෙනස් කර මාත්‍රාව වැඩි කළ හැක.

විශේෂ සටහන

අප වෙබ් අඩවිය සමග දීර්ඝ කාලයක් රැදී සිටි පාඨකයන් මෙන්ම අප සමග අලුතින් සම්බන්ධ වන පාඨකයන්ගේද දැන ගැනීම පිණිස මෙය සටහන් කළ යුතුමය. අප විසින් උත්සහා කරන්නේ නිවරදි දේශපාලන භාවිතාවක් මගින් පවතින ධනවාදී සමාජ ක්‍රමයට එරෙහිව නොනවතින අරගලයක් කිරීමටය. එහිදී ඇතැම් අයට අප විසින් ලියන මෙවැනි කටුක විවේචන නිසා සසර කළ කිරනේනට පුළුවන. ඒත් අපට අපේ මාවත තුළ ඇති කටු ඉති ඉවත් නොකර ඉදිරියට ගමන් කළ නොහැක්කේ අප පසුපසින් එන පිරිසට සිදුවන තුවාල වැලැක්වීම අපේ වගකීම වන බැවැනි. ඒ නිසා අප මේ කියන දෑ වල ඇති දුගද ඉවසන්නට බැරි නම් අප සමග අමනාප වන්න. සත්‍ය වශයෙන්ම සමාජ වෙනසක් කිරීමට කැමති අයට අප කියන දේ අවබෝධකර ගන්නට හැකි වනු ඇත. නිර්මාල් මේවා බොරු කියා ඔප්පු කරන්නේ නම් අප නිහඩ වන්නට සූදානම්ය. දෙසැම්බර් මාසයේ සිට පටන් ගැනීමට නියමිත ටෙට් ප්‍රහාර මාලාව පටන් ගත් විට මේ දේවල් ඔබට ඔබේ කටහඩින්ම ඇසිය හැක. ලංකාව වැනි රටක වැදගත් මිනිස්සු ඉන්නවා නම් අපි කැමතියි ඒ අය හමුවන්න. ඒ අයව අනුගමනය කරන්න.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. I regard it as an insult. what’s the tete : it is Dialog. this is Text. why you can’t kill him. Do you want a Gun

    • නිර්මාල් සමග අපට කිසිදු පෞද්ගලික වෛරයක් ඊෂාවක් හෝ ක්‍රෝධයක් නැත. අපට ඔහු සමග ඇතතේ දේශපාලන ප්‍රශ්ණයකි. එය විසදා ගත යුත්ාත් මේ ආකාරයෙන් මිස මහත්වරු වගේ නෙවි. මොකද නිර්මාල් ඔබට නොපෙන්නවන අප දන්නා අදුරු පැත්ත වසන් කරන්නට උත්සහා කරන බැවැනි. හැම මිනිහෙකුගේම ජීවිතයේ අදුරු පැත්තක් තිබෙන අතර අප මේ කතා කරන්නේ මහත්වරුන්ගේ රාත්‍රි ජීවිතයයි. එය අපට අනුව දේශපාලන මැදැහත් වීමක් මිස පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමක් නෙවි. ඒ නිසා කිසිවතුත් කළබල නොවන්න

Comments are closed.