[dropcap color=”red”]පෙ[/dropcap]රටුගාමී සමාජවාදී පක්ෂය පිළිබඳව මේ දිනවල විවිධ ජනමාධ්‍ය තුළ විවිධ පුවත් පළ වෙමින් තිබේ. එම පක්ෂය තුළ අර්බුදයක් ඇති බවත් විවිධ කණ්ඩායම් බෙදී ඇති බවත් ඇතැම් ඉදිරිපෙළ සාමාජිකයන් විදෙස්ගතවී ඇති බවත් පැවසෙන පුවත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වේ. මෙම විවිධ ප‍්‍රචාරයන් පිළිබඳ සත්‍ය තත්වය කුමක්දැයි ජනරළ පුවත්පත විසින් කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත විසින් ජනරළ වෙත එවූ ලිපියක් ජනරළ පුවත් පතෙහි පලවිය.
එම ලිපිය ත්‍රිමාණ පාඨක ඔබට ඉදිරිපත් කරන්නට අපි අදහස් කලෙමු. පහත පලවන්නේ එම ලිපියයි.

ජූරිය රැස් විය. නියමිතව ඇත්තේ තීරණයක් ගැනීමටය. වැරැදිකරුද? නිවැරැදිකරුද? ජූරි සභාවේ එක් අයෙක් පමණක් වෙනත් තීරණයක සිටියි. ‘සිය පියාට පිහියෙන් ඇන මරා දැම්මා යැයි සැක කෙරෙන තරුණයා’ එසේ කළාද යන්නට එකොළොස් දෙනෙක් ‘ඔව්’ යැයි කියන විට එක් අයෙක් ‘නැත’ යැයි කීවේය. අනතුරුව ඔහු පවසන්නේ තමාට තර්කානුකූල අදහසක් ඉදිරිපත් කළ නොහැකි මුත් තරුණයා එසේ නොකළා යැයි තමාට හැගෙන බවයි. ඉන් අනතුරුව පැය තුනක කාලයක් පුරා ඉතිරි අයට කරුණු දක්වමින් ඒ සියලූ දෙනා සිය මතයට දිනා ගැනීමට ඔහු සමත් වේ.

හැගීමකින් පමණක් ඇරඹූ ඔහු, සිය ජයග‍්‍රාහී සංවාදය තුළ තර්ක කිරීමත් තර්ක සොයා ගැනීමත් මිනිසුන් දිනා ගැනීමේ කලාවත් ප‍්‍රගුණ කරයි. එහි දී ඔහු දිනා ගන්නා පළමු පුද්ගලයා අප ජීවත් වන වත්මන් සන්දර්භයට ඉතා වැදගත් වේ. පළමු වැන්නා කියන්නේ තමා ඉහත කී පුද්ගලයාට සහාය දෙන්නේ ‘ ඔහු ඉතාම ධෛර්යයෙන් යුතුව සිය මතය වෙනුවෙන් පෙනී සිටින නිසා’ එම ධෛර්යයට කරන සහයෝගයක් හැටියට බවයි. ඔබ මේ වන විටත් නරඹා ඇත්නම් මේ පවසන්නේ ‘දොළහක්’ නාට්‍යය පිළිබඳ බව වැටහෙනු ඇත. මේ නාට්‍යයේ කතා පෙළ අප ජීවත් වන වත්මන් මොහොතට ද ප‍්‍රබල ලෙස අදාළ කරගත හැක.

ඉඳහිට දුර ගමන් බස්වලට ගොඩ වන ධනාත්මක චින්තන සගරාවක අලෙවි ප‍්‍රවර්ධකයන් පවසන අපූරු කතාවක් ද මේ මොහොතේ සිහියට නැෙඟ්. ඔවුන්ට අනුව සොබාදහමේ දී සියලූ දේ කරකැවී ඇත්තේ දකුණටය. ඔවුන් ඊට උදාහරණ ද ගෙන හැර පායි. ‘ලෝක ගෝලය කරකැවෙන අත, ගස්වල වැල් එතෙන අත, ඔරලෝසුවේ කටු කරකැවෙන අත ලෙස ඔවුන් ගිරවුන් සේ තෙපළයි. එහෙත් ඔවුන්ගේ ගුරුන් නොපවසා ඇත්තේ සොබාදහමේ වමට කරකැවෙන දෙය ද තිබෙන බවයි. කෙසේ වුව ද දකුණේ ජයග‍්‍රහණය ස්වභාවධර්මයේත් සියල්ල දකුණට කරකැවී ඇති බවට පවසන තරමටම පීඩිතයන්ගේ හිස කරකවා ඇති බව පැහැදිලිය.

ලංකාව තුළත් ලෝකය තුළත් ධනවාදය රමණය කරන්නේ මරණය ඉදිරිපිටය. එහෙත් මේ රමණය මරණයක් කළ නොහැකිව ඇත්තේ වම සහ දකුණ අතර අරගලය පීිඩිතයන්ගේ ජයග‍්‍රහණයක් කරා රැුගෙන ඒමට වම අසමත්ව ඇති නිසාය. ඒ සඳහා ලෝක පරිමාණයෙන් කෙරුණු උත්සාහයක් ලෙස සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳවැටීම තියුණු බලපෑමක් මානව ඉතිහාසයට කර ඇත. 1990 න් පසු ඇරඹී වාමාංශික පක්ෂවල වාමාංශිකහරණය විවිධ මාවත් ඔස්සේ ඉදිරියට ගියේය. ඇතැම් දේශපාලන පක්ෂ සිය රතු ධජය අත් හැරියේය. ඇතැම් එවා විසුරුවා හැරියේය. පක්ෂවල නම් වෙනස් කළේය. ධනේශ්වර පක්ෂවල පිළිකනු බවට පත් කළේය. වමට සිග්නල් දමා දකුණට හැරවීය. මේ සියලූ අභාවාචක අත්දැකීම්වල ජීවමාන උදාහරණ ලාංකේය දේශපාලනය තුළ ද පසුගිය දශක දෙකේ දැකගත හැක.

එහෙත් මාක්ස් පැවසූ ලෙසට ‘‘මිනිසුන්ට විසඳිය නොහැකි ප‍්‍රශ්න ඉතිහාසය විසින් ඉදිරිපත් නොකරයි’’ යන්න අපි විශ්වාස කරමු නම්, අපට යළිත් හැෙ`ගන්නේ ඉතිහාසයත් සම`ග පොරබැදිය යුතු බවයි. ලෙනින් වරක් පැවසුවේ ‘‘විප්ලවය දස වතාවක් අසාර්ථක වුවහොත්, එකොළොස් වැනි වතාව නැවත මුල සිට අරඹන’’ ලෙසය. දකුණ ලබා ඇති තාවකාලික ජයග‍්‍රහණය හමුවේ බෙහෝ දෙනෙක්ගේ ආත්මධෛර්යය බිඳී ඇති බව සැබෑය. ඉටි පහනට පියාඹන මැස්සන් සේ ධනවාදය තුළටම ඇදී යන්නේ ඒ නිසාය. ධනවාදය විසින් උරුම කළ පීඩාවේත් තිළිණ කළ සිහින තුළත් සිරකරුවන් වී තෙමේ ම නිදහසේ ගී මුමුණයි.

මේ පීඩාවන්ටත් ව්‍යාජ සිහිනයන්ටත් අදාළ උදාහරණ සිය දහස් ගණනින් අප අසා ඇත. අප අත්විඳියි. පවතින ධනේශ්වර යථාර්ථය වෙනස් කිරීම මේ මොහොතේ තෝරාගත හැකි අසීරුම තීරණයයි. ඒ හමුවේ දෙපා ඍජුව තබා හිට ගැනීමට සූදානම් වන්නෝ කවරහුද? පෙර කී දොළහක් නාට්‍යයේ පළමු චරිතය (තරුණයා නිවැරැදි යැයි සිතන චරිතය) අපට සිහි ගන්වන්නේ මේ භූමිකාවයි. ඔහුට තර්ක නැත. කරුණු නැත. එහෙත් හැගිමක් පමණක් ඇත.

2011 වර්ෂයේ  ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩණය වූ ව්‍යාපාරයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි වන්නේ මේ සියලූ යථාර්ථයන් මැදය. එය, වසර හතක් පසුපස බැලූවහොත් 2004 සිට 2011 දක්වා ජවිපෙ සභාගවාදී දේශපාලනය, ජාතිවාදී දේශපාලනය, ප‍්‍රතිසංස්කරණවාදී දේශපාලනය විසින් ලංකාවේ පීඩිත පන්ති විඥානයට සිදු කළ දේශපාලන බලපෑම  අනෙක් පැත්තට හරවන භාවිතාවක යෙදිය යුතුය. ඊටත් වසර දහයක් පසුපසට ගියහොත් 1994 පක්ෂයේ වැඩ ඇරඹූ අවස්ථාවේ අත හැරුණු සෝවියට් කඳවුරේ බිඳවැටීම පිළිබඳ කියවීම සිදු කළ යුතුය. එයිනුත් වසර 17 ක් පසුපසට ගියහොත් 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය ලෙස එවකට හැඳින්වූ ‘නව ලිබරල් ධනවාදය’ පිළිබඳ පුළුල් මාක්ස්වාදී විග‍්‍රහයකටත් ව්‍යවහාරයකටත් එළඹිය යුතුය.

පසුගිය සියවස දෙස යොමු වුණහොත් සෝවියට් දේශය බිඳවැටීම නිසා ‘‘සමාජවාදය හරියන්නේ නෑ. ඒක ප‍්‍රායෝගික නෑ නේද?’’ ආදී ලෙස  පීඩිත පන්ති විඥානයට සිදු කළ  බලපෑමට අභිමුඛ විය යුතුය. කොටින්ම කිවහොත් මේ සියල්ලෙන්ම විශ්වාසය බිඳවැටුණු සමාජයකට නැවත විශ්වාසය ඉපදවිය යුතුව ඇත. වම තනුක කරගත් වමටත් විශ්වාසය ගොඩනැ`ගිය යුතුය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය කළ යුතුය. ඒ සඳහා ඉතිහාසමය ශ‍්‍රමයක් හෙළිය යුතුය. ජුපිටර්ගේ හිසින් මිනර්වා පහළ වනවා සේ විප්ලවය පහළ නොවන බව අපි දනිමු. එහෙත් ඒ දුෂ්කර කටයුත්තට මිනිස් ඉතිහාසයේ කවුරුන් හෝ අභිමුඛ විය යුතුය.

මේ මොහොතේ වමත් සමග හිට ගනු ඇත්තේ පූර්ව ප‍්‍රකාශිත නාට්‍යයේ සඳහන් පළමු වැනි සහායකයා වැනි මිනිසුන්ය. ඔවුන් මෙසේ කියනු ඇත. ‘‘අපිට හරියටම තේරෙන්නේ නෑ ඒ ගොල්ලෝ කරන්න යන දේ, කියන දේ හැබැයි මොකක් දෝ දෙයක් ධෛර්යයෙන් කරන්න හදනවා. අපි ඒ ධෛර්යයට ගරු කරනවා. ඒ නිසයි අපි ඒ ගොල්ලන්ට උදව් කරන්නේ’’ කියාය. අයෙක් කියනු ඇත්තේ පෙරටුගාමීන් නිහඩයි නේද? කියාය. තවත් අයෙක් අප කුරුටුගාමීන් යැයි කියනු ඇත. තවත් අයෙක් විමසනු ඇත්තේ ප‍්‍රශ්නයක්ද? අවුලක්ද? කියාය. මේ සියල්ල දෙස හාස්‍යයෙන් බලන අයට අප කියන්නේ කන්නාඩියක් අබියසට යන ලෙසය. මේ සියල්ල දෙස ධෛර්යය බිඳගෙන බලන අයට අප කියන්නේ මිනිස් ඉතිහාසය විශ්වාස කරන ලෙසය. බලාපොරොත්තුසහගතව අප දෙස බලන අයට අප කියන්නේ මහ පොලවට බසින ලෙසයි.

පසුගිය වසරක පමණක කාලය තුළ ක‍්‍රියාත්මක වීමේ දී පක්ෂය නව සාම්ප‍්‍රදායික ඡායාමාත‍්‍රයක් ගොඩනැගූ බව අපි සිතමු. මේ රටේ පීඩිත පන්ති ජනතාවට සැගවීමට අපට යමක් නැත. බොහෝ දේශපාලන ව්‍යාපාරවලට මතවාදී අරගල, මතවාදී ගැටලූ නැත්තේ ඒවා ජීවතුන් අතර නැති නිසාය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට අනෙකුත් බොහෝ පක්ෂ දක්වා ඇති දේශපාලන සංවිධානවල මතවාදී ගැටලූ පැන නොනගින බව අපට කැට තබා කිව හැක. මළ සිරුරුවලට තුවාල සිදු වන්නේ නැත. එහෙත් ජීවමාන මිනිසුන් එසේ නොවේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය ඉතිහාසයක් පුරා වමට අත් හැරුණු සංවාදයකට සූදානම් වෙමින් ඇත. එය පක්ෂය තුළ කෙරෙන වියුක්ත සංවාදයක් නොව මුළු වාමාංශික ව්‍යාපාරය තුළම කෙරෙන සංවාදයක් බවටත් පීඩිත පන්තියේ ඉදිරි පෙළ කොටස් පුබුදුවාලන සංවාදයක් බවටත් පත් කිරීමට අපේක්ෂා කරමු.
නව ලිබරල් ධනවාදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සමාජයේ පැහැදිලි රිත්තකයක් තිබෙන බව නොකිව මනාය. එහෙත් එම රිත්තකය පුරවන්නේ තවත් දක්ෂිණාංෂික වැඩපිළිවෙළකින්ද, වාමාංශික වැඩපිළිවෙළකින්ද යන්න තීරණය කරනු ලබන්නේ අනාගතය තුළය. පන්ති සමාජයන් හි පීඩිතයන්ට උරුම කළ සදාතනික ප‍්‍රශ්න වූ සූරා කෑම, පෞද්ගලික දේපළ ක‍්‍රමය, අසමානාත්මතාව, නිදහස පිළිබඳ ප‍්‍රශ්න අභිමුඛ වීමෙන් තොරව නව වාම වැඩපිළිවෙළකට පීඩිත පන්තිය බද්ධ කරගත නොහැක. එම දෘෂ්ටිමය ගැටලූ විසඳා ගැනීම විප්ලවය දශක ගණනාවකින් සමීප කරනු ඇත. කළ යුත්තේ කුමක්ද කෘතිය ලෙනින් අරඹන්නේ ලසාල්, මාක්ස් වෙත 1852 ජුනි 24 යැවූ ලිපියක උපුටනයකිනි.

‘‘පක්ෂ අරගලවලින් පක්ෂයට ශක්තිය සහ ජීව බලය ලැබේ. පක්ෂයක දුර්වලකම දක්වන බලවත්ම සාක්ෂිය, එහි ලිහී විසිරුණු ස්වභාවය සහ පැහැදිලි සීමා සටහන් දුර්වර්ණ වීමයි. පක්ෂය ශුද්ධ කර ගැනීමෙන් එය වඩාත් ශක්තිමත් වේ.’’

චමීර කොස්වත්ත

ඔබේ අදහස කියන්න...

14 COMMENTS

  1. Fronline Socialist Party readings are very traditional and some of it very wrong. Today Marxist politics has exceeded it’s own limitations. What they know about post Marxism, ziziek’s reading,structuralism, post structuralism, psycho analysis, judit butler’s intervention, laclau and moof’s reading, gramschi’s analysis, noam chomsk’s readings, luvi althusar’s studies,
    Have fsp guys got any idea about the contradiction of capital, marx’s asian mode of production , it’s called oriental despotism (karl wittfogel), David Harvey’s reading of how capitalism works, they should pay attention to what kind of relation to nature would be thinking about socialist society and how to get that relation to nature to which we are seeking under socialism, we have to talk about technological advances. By which I mean not only the hardware, division of labour, social form, organizational form, software and all the rest of it. What kind of social relationship we are looking for, what kind of technological system are we going to establish. Nature will always adapt to its own way. We have to echo with that. You can’t change the world without changing yourself, read marx properly and how he describes, i would like to say to FSP, just how does capitalism actually identify it’s only unique technology which is actually its own specific mode of production. Capitalism is after all development based on feudal technology which has developed by feudal organizational form. Please stop doing bullshit. You guys have no idea about what adam smith and what ricado says about open economy (wealth of nation so on….). You can’t change the world without subjective enrolment. You have to read hegel, earlier i said. you can’t change the world doing bullshit politics like you guys are doing right now. Capitalism has embodied our life now. Anti-capitalism must be a part of our life style otherwise you can’t change this system. I’m saying stop doing bullshit like you guys did with jvp. This is the time to change. If not, you can’t deal with ideological dynamics. I think this article is good for someone who supports your party so you can fill their heads with your narrow minded bullshit. But you do not give deep meaning of today’s ideological dynamics and its understanding………so you guys should deeply pay your attention to above theoretical readings and how capitalism works. But don’t make the same mistakes that x-group and deepthi have made in their interpretation of the readings. Don’t write a simple article like the one above. When doing this, we have nothing to do except laugh………..wish you all the best.

  2. චමීර කොස්වත්ත සහොදරයාගේ නාට්‍යයාණු සාරයෙන් අනෙකා සම්බන්ධයන් කරන වේදනාත්මක පැමිනිලිකාරී ලිපියෙන් ඔහු බලාපොරොත්තු ,වන පෙ.ස.ප අනුගාමකයන්ට සහ ඒ හා ;සම්බන්ධ උනන්දුවක් දක්වන්නන්ට කිසියම්වූ සංවර්ධනීය කඩඉමක් සලකුණු නොකරයි.එයට මුලිකම හේතුව ඔහු ඇතුලු පෙ.ස.ප.මේ වේදනාත්මක චෝදනා ලිපියෙන් වියුක්තය.ඔවුන්ව යුද්ධය හරහා ජාතිවාදයට ඇදගෙන ගියේ පිටසක්වළ ජීවීන්ය.ඔවුන් මුලින් සිටි පක්ෂයේ පුරජාතන්තරවිරෝධී ,සංශෝධණවාදී,නිර්මාක්ස්ලෙනින් වාදයට වගකිවයුත්තේ ඔහුද ඇතුලු පෙ.ස.ප යේ වර්තමාන නායකත්වය නොව ටිල්වින් සහෝදරයාය .මෙය මොවුන් ජ.වි.පෙ න් ඉවත් වුවිට කී කතාවයි.දෙවෙන වරටත් ඔවුන් පිහිටුවාගත් පක්ෂය තුල අභ්‍යයන්තර අර්බුදයක් ඇතිවුනු වර්තමාන තත්වය පැහදිලිකිරීමට නාට්‍යයාණු සාරයෙන් ඔවුන්ට කවදාවත් ගැලවීමට බැරි ,එකම මාදිලියම පුනරාවර්ථනය කරයි.ඔහුගේ ලිපියේ එක තැනක සදහන් පරිදි (කන්නාඩියක් ඉදිරි පිටට ගොස් බැලීම)ඔවුන්ටම අදාල කරගැනීම කාලෝචිතවේ යැයි මා සිතමි.මෙයට අමතරව පක්ෂය පිරසිදු කරගැනීම සම්බනධයෙන් මාක්ස්ගේ ලෙනින්ගේ උධෘතපාඨ උපුටා ගනියි.මට කීමට ඇත්තේ ඕවා ලියන්නේ තමුන් මුහුණ දී තිබෙන ක්ෂතිම අත්දැකීමෙන් මානසිකව ගැලවෙන්නට මිස අව්‍යාජභාවයෙන් නොවේ.ගැබුරු න්‍යායන් අවශ්‍යය නැත ,මම චමීර කොස්වත්ත සහෝදරයාට අභියෝගයක් කරන්නෙමි .ඔඹලා දැන් ජාතිවාදී නැත්නම් ,2009 වසරේ මළමිනී පාවුණු නන්දිකඩාල් කලපුවෙන් පිපාසය සංසිදවා ජීවිතය බේරාගත් දෙමළ ජනයාගෙන් පුරසිද්ධයේ සමාවගන්න.මක්නිසාදයත් කුරිරු යුද්ධයට අවශ්‍යය දෘෂ්ඨි වාදය සැපයු කංඩායම් වලට ඔබලාත් අයති බැවිනි.මිනිස් මැදිහතවීමක් හරහා වන සිදුවීමක් ඛෙදවාචකයකින් අවසානවී එය නැවත නැවතත් එකම ආකාරයටම පූනරාවර්තනය වෙනවා නම් එය විගඩම් සවරූපයක් ගනියි.

  3. සැළසුම අවසන් කළ පසු එය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද ඒ සදහා වගකීම් පැවරිය යුත්තේ කාට ද ඒ සදහා සම්පත් සැපයිය යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නවලට පිළිතුරු ඇතුළත් සංවිධානය ඊළග පියවර ය. මේ සදහා සංවිධානය තුළ ඇති විවිධ ආයතනයික ව්‍යුහයන් ගැන එක් එක් පුද්ගලයාගේ දක්ෂතා දුර්වලතා ගැන දැන සිටිය යුත්තේ ය. හැම දෙයක්ම හැකිතාක් සවිස්තරව පෙළ ගැස්විය යුතු නිසා සිදු කළ යුතු නිසා ගැඹුරින් විමසන මනසක් ඊට අවශ්‍ය ය.

  4. සැළසුම අවසන් කළ පසු එය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද ඒ සදහා වගකීම් පැවරිය යුත්තේ කාට ද ඒ සදහා සම්පත් සැපයිය යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නවලට පිළිතුරු ඇතුළත් සංවිධානය ඊළග පියවර ය. මේ සදහා සංවිධානය තුළ ඇති විවිධ ආයතනයික ව්‍යුහයන් ගැන එක් එක් පුද්ගලයාගේ දක්ෂතා දුර්වලතා ගැන දැන සිටිය යුත්තේ ය. හැම දෙයක්ම හැකිතාක් සවිස්තරව පෙළ ගැස්විය යුතු නිසා සිදු කළ යුතු නිසා ගැඹුරින් විමසන මනසක් ඊට අවශ්‍ය ය.

  5. නූතන මානවයා අප‍්‍රිකාවෙන් නික්මයාමේ න්‍යාය (out-of Africa theory) අද දින බොහෝ ලෙස කතාබහටත් වාදවිවාදවලටත් ලක් ව ඇති මාතෘකාවකි. සරලව දක්වතොත් මේ න්‍යායෙන් කියවෙන්නේ අප‍්‍රිකාවේ උපත ලද Homo sapiens ඉන් නික්ම ගොස් ලොව ව්‍යාප්ත වූ ආකාරයයි. පුරාවිද්‍යාඥයින්, ශිලා මෙවලම් පිළිබඳ විශේෂඥයින් මෙන්ම ජාන පිළිබඳ පර්යේෂණවල නිරත වී ඇති විද්වතුන් ද අද මේ න්‍යාය සමඟ ගැටෙමින් සිටිති. අවසාන වසර 20 ඇතුළත දී ්‍Homo sapiens පිළිබඳ කළ පර්යේෂණවලට අනුව පෙනීයන්නේ මෑත ප්ලයිස්ටොසීනයේ (late Pleistocene) අදින් වසර 150,000කට පෙර (මෙය සමහර විට අදින වසර 200,000-260,000 අතර කාලවකවානුවකට වුව ද අයත් විය හැකිය.) නැගෙනහිර අප‍්‍රිකාවේ දී මේ මානවයා පරිමාණය වූ බවයි (Cameron & Groves, 2004). මේ කතාව ගොඩනැගීම සඳහා ශිලා මෙවලම්, මානව ෆොසිල, මයිටකොන්ඩි‍්‍රයල් ඞී. එන්. ඒ. (mitacondrial DNA) හා වයි-ක්‍රොමොසෝම් (Y-Chromosome) පිළිබඳ කරුණු ආදාර කර ගැණින. නූතන ෘභ් පර්යේෂණ ප‍්‍රතිඵලවලට අනුව Homo sapiens (මෙතැන් සිට නූතන මානවයා යනුවෙන් මේ ලිපියේ සඳහන් වේ.) පරිණාමය වී හෙවත් උපත ලබා සුළු කලෙකින් විශාල බෙදීමක් සිදු වී ඇත. මේ අනුව අද අප‍්‍රිකාවේ ජීවත්වන බොහෝ ජනකොටස් එක් පාර්ශවයකටත්, අප‍්‍රිකාවේම වාසය කරන බුෂ්මන්වරු (Bushmen) (1 රූපය) අනෙක් පාර්ශ්වයටත් අයත් වේ. එමෙන්ම මේ පරීක්ෂණවලින් පෙනී යන තවත් කරුණක් වන්නේ නූතන මානවයාගේ ඉතිහාසයේ යම් කාලවකවානුවක පරිසරයෙන් වඳවීමට ආසන්නම තත්වයකට පත් වූ බවය. බොහෝ විට මෙයට හේතු වන්නට ඇත්තේ නැගෙනහිර අප‍්‍රිකාවේ සිදු වූ දරුණු නියඟයක් බව මේ ආකෘතිය තුළ විස්තර කෙරේ. කෙසේ වුව ද අවසානයේ මානවයා ලොව පුරා පැතිර ගියේ රංචු 40කින් වැනි සුළු පිරිසකගෙන් බව සනාථ වී ඇත. ඉහත DNA පර්යේෂණවල ප‍්‍රතිඵලවලට අනුව මේ වඳවීමට ආසන්න හා මේ අසීරු කාල පරිච්ෙඡ්දය ජයගෙන ජීවත්ව ඇත්තේ 2,000 පමණ වූ සුළු මානව පිරිසකි.

  6. මගේ ප්‍රශ්නය මේකයි නාදිත දයාන් මල්ලි මේවා ඔක්කොම දන්නවද? මේ කොමෙන්ටුව FB එකෙත් දැක්ක නිසා අහන්නේ – Marxism, ziziek’s reading,structuralism, post structuralism, psycho analysis, judit butler’s intervention, bla bla bla . පෙසපේ කට්ටිය සමහර දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. මන් ගිය දේශනා දෙක තුනකදීත් (පුබුදු ජයගොඩ ගේ ආගමික සම්මුතිවාදයට පක්ෂ වුන දේශනයක් ඇරෙන්න) ඔවුන් පරණ ජවිපෙ මතවාදයන් ඉදිරියට ගෙන යන බවක් පේනවා . කුමාර් සහෝදරයාගේ සංවීධානය ගැන කරන කතා හැරුනම. මගේ ප්‍රශ්නය ඔයා දන්නවද ඔය ඔක්කොම ? මට අවස්තාවක් දෙන්න ප්‍රශ්න කරන්න ? – ajith
    මට හිතෙන හා ම කියවූ ලිපි පොත පත බැලුවහම පෙරටුගාමී පක්ෂය ( පෙරටුගාමී A එක) ගොඩක් ඉදිරියෙන් ඉන්නවා දර්ශනවාදී ප්‍රශ්න හා සාහිත්‍ය විචාරය පිළිබඳව . ඔවුන්ගේ marksvadaya ගැන පලවෙන ලිපිත් හොඳයි. මමත් සැහෙන ප්‍රමාණයක් කියවනවා මේ දවස් වල. නමුත් බලවේගයක් වශයෙන් ඉදිරියේ ඉන්නේ පෙසපේ. ආණ්ඩුව හා අනිත් අය (ජවිපෙ) ඔවුන්ව කඩන්න උත්සාහ කරන්නේ ඒකයි . ඉතින් ඒ පක්ෂය වැටෙනවට මගේ වැඩි කැමැත්තක් නෑ . (පෙරටුගාමී නම ගත්තත්. )

  7. අවදියෙන් ඉන්න සහෝදරයා කි දේ ගැන එකඟ වුනත් මෙහෙම ප්‍රශ්නයක් නැගෙනවා? නන්දිකඩාල් වල මළමිනී පාවුණ වතුර බිලා දැන් පිරටවල ඉන්න ගොඩක් දෙමල ජනතාවගෙන් සමාව ගන්න ඕනේ පෙසපේ ද එහෙමෙ නැත්නම් ඒගොල්ලන්ව එතනට තල්ලු කරපු – 1. දෙමල ඩයස්පෝරාවේ LTTE ලොට්ට , 2. ඒකට අනුබල දුන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීන් 3. ලංකාවේ ආණ්ඩුව 4. එජාපය 5. දෙමල විමුක්ති අරගලය කියා මල මිනි මතින් ජීවත් වුන පිටරට දෙමල රජය, Tamilnet , ජවිපෙ, ග්‍රී ලනිපය , වික්‍රමබාහු

    අනිත්අය ඔක්කොම පෙරටුගාමී A , සමානතා පක්ෂය නිර්දෝෂයි මෙතන පෙරටුගාමී B හෙවත් පෙසපේ ට මෙතැනදී සමව ඉල්ලන ඕනෙද? ඒගොල්ල කඩාගෙන ගිය එක මදිද ඔයාලට?
    මට LONDON වල හම්බ වුන දෙමල සහෝදරයෙක් මෙහෙමෙ කිව ? මං එයට කිවම මට ඉතාමත් කණගාටුයි අපි මොකවත් නොකර යුධ්ද්යට බූරුවෝ වගේ අනුබල දුන්නට එය කිවා – නෑ අය්යා උඹලා ටිකක රැල්ලට යට වෙන්නැති නමුත් උඹල දැන් තේරුම් ගනිමින් ඉන්නේ . උඹ මෙතන ඉන්නේ ඒ නිසා. නමුත් තමන්ගේ ළමයින්ව ලොකු university වලට දාලා හොඳ රස්සා කරගෙන ලොකු ගෙවල් වල ඉඳන් අපේ ලමය් උදුරාගෙන යුද්දෙට යවල, අපටත් යුද්ද කරන්න කිපු එවුන් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනෙව කියල. වැඩේ කියන්නේ මේ කතාව ආණ්ඩුව කියන නිසා ඒක ජාතීවාදී කතාවක් වෙලා ඉවරයි .

  8. ගමයා 1 සහෝදරයා තවමත් හිතන්නෙ උතුරේ අරගලය ලංකාවට උත්තර්රෝපණයන කලේ ලංඩන් වල ඉදල හරි බාහු සහෝදරයගෙ ඔලුවෙන් ආපු එකක් හරි කියල.මහත්තොයො ඕක ජ.වි.පෙ කියන කතාවම තමා.උතුරේ අරගලය අධිරාජ්‍යයවාදීන්ගේ බෙදුම් වාදී උගුලක්!!!!!හිතට නැගෙන සිතිවිලි වලට අනුව තර්ක කරන්න එපා මහපොලවෙ ඇත්තටම වුනේ මොකක්ද කියල බලන්න.මට තේරෙන විදියට එංගලන්තෙ වගේ රටක ජිවත් වෙනකොට ඔයිට වඩා හිතන්න පුලවන් වෙන්න ඕන.කවුරු මොනව කිව්වත් බිරිතාන්‍යයන් තමයි ලාංකිකයව රාජ්‍යයකට හුරුකෙරුවෙ.ඔයා වාමාංශික දේශපාලනයට කැමති සහෝදරයක් හැටියට ලාංකිකයන්ට පරමාදර්ශී පුද්ගලයෙක් වියයුතුයි.මාක්ස් අවසාන කාලය ගතකලේ ලංඞන් නගරයේ නේද?දීර්ඝකාලීනව දෙමල ජනතාවට වෙනස් විදියකට සැලකීම නිසා තමයි දෙමල අරගලය ඇතිවුනේ(හේතුව නිසා ඵලය හට ගැනීම)මම ලිව්වෙ නරුමවාදි ලෙස පෙ . ස ප.අය ජ.වි.පෙ තුල ඉදන් දෙමල මිනිස්සුන්ට එරහිව යුද්ධය කරන්ඩ අවශ්‍යය දෘෂ්ඨිවාදය හදල දුන්න ,එමනසා මේ අය වාමාංශිකයො නෙමේ.දැන්වත් බොරු චන්ඞි කතා කියන් නැතිව, ලංකාවෙ වාමාංශික දේශපාලනය කරන්න අවශ්‍යය නම් පුරසිද්ධියේ දෙමළ ජනතාවගෙන් සමාව ගන්නන කියල.(ඔයා පිට රට දෙමල ජනතාව කියල කෑල්ලක් එකතු කරනව.ඒක මට අදාල නැහ.)විප්ලවවාදි ආත්මය තියෙන පෙ.ස.ප, ජ.වි.පෙ හෝ වෙනත් ඕනෑම සමාජව්‍යාපාරයක් තුල ඉන්නා සගයන් විනාශවීම ඔබ වගේම මාත් අනුමත කරන්නැහ මක්නිසාද unite and struggle of opposite මම තදින්ම විශ්වාස කරන නිසා.

  9. ජවිපෙ එහෙමෙ කියනවද නැත්ද යන්න මම දන්නේ නැහැ දැන්. මගේ කොමෙන්ටුවේ එහෙමෙ එකක් කියනවද? එතකොට ඔයද මහා ලොකුවට උතුරේ අරගලය ගැන දන්නේ ? ඔයාල මේ පොරවල් වෙන්නේ යන එකත් ලොකු ප්‍රශ්නයක් තමා . මම කතා කලේ නන්දිකඩාල් වල ජනතාව මැරුණ එකේ සමාව ගන්න කියපු එක ගැන විතරයි. එතනින් එහාට උතුරේ අරගලය ගැනයි ජාතික ප්‍රශ්නේ ගැනයි කතා කරනව්චානම් වෙනෙම කතා කරමු. මට උතුරේ අරගලය ගැන කියා දෙන්න කලින් ඔයා දන්නේ මොනවාද කියා කියන්න. බහු ගැන කියන නිසා මේ කතාව කියන්නම්. 1983 කලබල වලින් පස්සේ රජයේ ලිපිකරු සේවා සංගමයේ auditorium එකේ EPRLF කට්ටිය , ටෙලෝ කට්ටිය , විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (නම හරිද කියා මතක නැහැ) සුචරිත ගම්ලත් ආපු මීටින්ග් එකක් තිබුන. මම ඒ වෙනකොට දෙමල ජනතාවට ස්වයං තීරණ අයිතිය දිය යුතුය කියන මතයේ හිටි කෙනෙක්. එතන හිටි දෙමල සහෝදරවරු පස්සේ ඔක්කොම මැරුම් කෑව . හමුදාවෙන් නෙවේ . හිතා ගන්න පුලුවන්ද ? එතකොට විජේ ඩයස් සහෝදරයා ගෙන් හරි ඒ පක්ෂේ කෙනෙක් ගෙන් අහල බලන්න අර වතුර සොරොව්වේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ කලින් මාසේ LTTE එකෙන් මැරුම් කාපු ඒගොල්ලන්ගේ සහෝදරයාගේ නම මොකද්ද කියල? එතකොට මරපු TELO කට්ටිය ? තිරාණගම සහෝදරයා (රාජිනි සහෝදරියගේ සැමියා) ස්වයං තීරණ අයිතිය දිය යුතුය කියන මතයේ හිටි කෙනෙක්. එතකොට එයයි දුවලයි ආපු රැස්වීමකට මම ගියා Walthamstow වල. එයාල කිව්වේ මොනවද කියල හිත ගන්න පුලුවන්ද? දෙමල ජනතාවගේ විමුක්ති අරගලය පාවලා දුන්නේ පෙසපේ හරි ජවිපෙ ඇතුලේ හිටි එවුන් හරි නෙමේ. ඔයා ඔය දැන් මරුන නිසා අදහන කට්ටියනේ. කණගාටුයි තමා අපටත්.
    එතකොට John Ryan මන්ත්‍රී දන්නවද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ. ඉරාකේ යුද්ධෙට සහය දීල අත ඔසවපු එක්කෙනෙක්. එය තමයි මෙහෙ BTF එකේ ලොකු ආධාර කාරියෙක් . ඇයි එයාට කියන්න බැරිවුණේ මිනිස්සු බේරා ගෙන යටත් වෙන්න කියල. එයාගේ ආණ්ඩුව එළියෙන් විරෝධය පාන ගමන් යටින් අවි ආයුධ දුන්නේ නැත්ද. ? එතකොට මේ මෙහෙ ආණ්ඩුව ලිබෙරල්වාදී වුනාට කට්ටයි කියල දෙමල ඩයස්පෝරාවේ කට්ටියට තේරුනේ යුද්ධේ පැරදුනාට පස්සෙද? – මේවට ඔයාට උත්තර තියෙනවනම් ගිහිල්ල කියවන්න ලෙනින් මොකක්ද කිව්වේ කියල යුක්රයිනයේ ජාතිවාදීන්ට “ස්වයං තීරණ අයිතිය” පිලිබඳ පොතේ. ජවිපෙ කට්ටිය සමාව ගන්න ඕනේ විජයගෙන් හා ප්‍රේමකිර්තිගෙනුත් එහෙම බැලුවොත්. තව නම් වැලක්ම තියෙනවා. ගන්නැති එකයි ප්‍රශ්නේ . 🙂

  10. අවදියෙන් ඉන්න සහෝදරයා , මේවා ලිව්වේ උත්තර හොයා ගන්න මිසක් බොරු වලියකට නෙමේ. ඒ ගැන හිතාගෙන පිළිතුරක් ලියන්න. මට නිකන් වාද කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

  11. ගමය 1 සහෝදරය එක්ක මටත් විවාදයට පැටලෙන්න අවශ්‍යය නැහ කිසිම නිෂ්පාදනයක් නැතුව.අතීතයේ ඔයාගෙ දේශපාලන ජීවිතයට සම්බන්ධ ඇති සහ නැති කථන්දර ගොඩක් ඔයා කියනව.මම ඇත්තටම ඔය කියන කතා හරියටම දන්නෙත් නැහ.ඇත්තටම මම දැනගන්න කැමතියි ඔයා මේ කතන්දර ගොඩක් මට කිව්වෙ ඇයි කියල?කොහොමනමුත්,විප්ලවය සදහා හිතනව වගේම ශාරීරිකව මැදිහත්වීමත් භෟතිකයි.සහෝදරයගෙ පැත්තෙන් ලාංකීය විප්ලවය සදහා යම්කිසි භෟතික මැදිහත් වීමක් තියෙනව නම් එය නිෂ්පාදනිකයි එහෙම නැත්නම් ඔහේ විනොදයෙන්(jouissance,enjoyment) මේ වගේ තර්ක කර කර ඉදල ජීවිතයේ අවසාන කාලය ගෙවිල යාවි.පෟද්ගලිකව මම අශාවේ දේශපාලනයට වඩා සතුටේ භෟතික දේශපාලනයට දැඩි ඇල්මක් දක්වයි.ඔබටත් එම පහන් සිතිවිල්ල පහලවේවා එවිට ඔබ නිදහස් වේවි!!!!

  12. අවදියෙන් ඉන්න සහෝදරයා , ඔයාට බහු සහෝදරයාගෙන් සමහර ඒවා අහල දන ගත්තහැකි මන් කිව්වේ කතන්දරයක්ද කියල. එතුමාට මතක ඇති මොකද මට මතක විධිහට එතුමා එතන හිටිය නිසා. නසසප කට්ටිය මග ඇරලා යනකොට ඔය මන් කියන්නේ කතන්දර කියල කීම ගැන පුදුමයක් නැහැ. ඔය කතන්දර කිවේ ඔය මන් දෙමල ජනතා අරගලය ගැන දන්නැති පිටරට ඩයස්පෝර වට බනින කෙනෙකුගේ ගානට දැම්ම නිසා. එකනේ ඔයගොල්ලන්ගේ එකම තර්කෙ අපි ජාතිවාදී නැහැ. අපි ස්වයං නිර්ණයට කැමතියි. එක ඉල්ලන්නේ හිට්ලර් වුනත් කමක් නැහැ. ලෙනින් කොහෙද එහෙමෙ කිව්වේ .මෙන්න මේකත් බලන්න . http://www.opendemocracy.net/authors/nirmala-rajasingam
    දෙමල විමුක්ති අරගලය (ඔයාගේ version එක) ගැන බලනකොට වැදගත් වෙයි.
    අනික මන් ලංකික විප්ලවය ගැන බෞතික මැදිහත් වීමක් තියෙනවද නැත්ද කියා ඔය දන්නෙත් නැහැ. එක මට නිර්වචනය කරලා කියනවද. ජවිපෙ පළාත්සභා චන්ද වියපරේට සහයෝගේ දෙන එකද, පෙසපේ කොටුව පැත්තේ හරි ශිශ්ශයෝ ටික එක්ක (දෙන්නෙක් මරාගෙන ) කරන “අරගල” වල පස්සෙන් යන්නද ? පෙරටුගමින්ගේ හෙගෙල් සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන එකද ? මොකද්ද ඔයාගේ විප්ලවේ ? ලංකාවේ දේශපාලනය (හරි දේශපාලනය) කරන මිනිස්සුන්ට පුළුවන් සහයෝගයක් දෙන එක මගේ දේශපාලනය. , ඒ නිසා තමයි පෙරටුගමින්ට සහයෝගය (දෙන්නේ පුළුවන් විධිහට) දීමත් පෙසපෙට සහයෝගය දීමත් කල යුත්තේ දැනට යම් තාක් නිවැරදි දේශපාලන ක්‍රියාවක මේ පක්ෂ දෙකම ඉන්න නිසා,

Comments are closed.