වසර 20 කට පසුව, X දේශපාලනය ඇතුළත ජාක් ඩෙරීඩාගේ විසංයෝජනය ගැන සිංහල භාෂාවෙන් සරලව ලිවිය හැකි ‘පොඩි එකා’ බිහි වී ඇත. මෙවැනි පොඩි එවුන් බිහි කිරීමට සංවිධානයේ භාවිතාවට දීර්ඝ කාලයක් ගත විය. ‘පොඩි එකා’ බිහි වීමේ ඓතිහාසික සන්දර්භය පහත පරිදි ය. විප්ලවකාරී දෘෂ්ටියකින් නැරඹූ කළ, දේශපාලනයට මාක්ස් සහ ෆ්‍රොයිඩ් (ලැකාන්) ට පසුව පර්යාවලෝකන දෙකක් නිපදවිය හැකි ය.

 

1. මාක්ස්වාදය සමාජ-ක්‍රමයේ ‘අසහනයන්’ (පන්ති පීඩනයේ සිට දරිද්‍රතාවය දක්වා) සමතික්‍රමණය කිරීමට යෝජනා කරයි. (එය, මේ මොහොතේදී ත් ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ සහ පුද්ගලයන් විශ්වාස කරති) එනම්, පන්ති රහිත සමාජය යුතෝපියාවක් ලෙස ගැනීම.[radical exteriority]

 

2. ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණයට අනුව, මේ පවතින පොදු ධනේශ්වර සමාජ ක්‍රීඩාව යළි යළිත් ප්‍රතිනිෂ්පාදනය වන්නේ එමගින් නිපදවන අසහනයන් (නියුරෝසියාව, සයිකෝසියාව, විපරිතභාවය) මත ය. එබැවින්, මානසික සහ ශරීර පීඩාවන්ගෙන් තොර යුතෝපියාවක් යනු, සිහිනයක් පමණි.[Marxist disease and sick psychoanalysis.]

 

                       මනෝවිශ්ලේෂණය මගින් ඔබගේ අවිඥාණය (ආශාව) වඩ වඩාත් යථාර්ථය ලෙසට බහිෂ්කරණය වෙයි. දැන්, ඒ නිසා ඔබගේ රහස් පැත්ත ඇත්තේ හෙළුවෙනි. අනෙක් අතට, ඔබේ ‘මනෝවිද්‍යාව’ ඔලු කුහරය තුළ සාරයක් ලෙස නිදන්ගතව පවතියි. එබැවින්, මනෝවිශ්ලේෂණයට ඔබගේ මනෝවිද්‍යාව අතහැරෙන අතර මනෝවිද්‍යාවට -psychology-ඔබගේ අවිඥාණය අමතක වෙයි. සමපේක්ෂණ තර්කයට අනුව කිවහොත්, මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය නම් ප්‍රතිපක්ෂ දෙක එකට එකමුතුව පැවතිය හැකි ය.

                        විසිවෙනි සියවසේ ඉහත අන්ත දෙක සංස්ලේෂණය කරන්නට දරන ලද ව්‍යාපෘති සියල්ල (විගොත්ස්කි සිට ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය හරහා එරික් ෆ්‍රොම් දක්වා. බුද්ධ දර්ශනය ද මේ වෑයම වියට්නාම් යුද්ධයේ සිට උත්සාහ දරා ඇත) අසාර්ථක විය.

                        එබැවින්, මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය යන විද්‍යාවන් දෙක අතර පෑස්සිය නො හැකි ව්‍යුහාත්මක අපෝරියාව- aporia- යනු, යටත්විජිත සුදු ස්වාමියා ය. (ආකෘතික ප්‍රජාතන්ත්‍රවාදයේ පියා)

පොඩි එකා ලංකාවේ ප්‍රථම වරට, ඩෙරීඩාව කියවන්නේ සිංහල සිතන ක්‍රමයකට ය. ඔහු සිංහලයාගේ මනෝවිද්‍යාව සහ සංඥා ක්‍රමය -semiotics- (ජාතික චින්තනය) අභ්‍යන්තරයෙන් විසංයෝජනය කරයි. ලැකානියානු මනෝවිශ්ලේෂණය හරහා බහුතර සිංහල පිරිමින්ගේ අවිඥාණය බාහිරට නිරාවරණය වූ නමුත් ඒ අය විසංයෝජනය වූයේ නැත. පොඩි එකා ඩෙරීඩා මඟින් විසංයෝජනය කරන්නේ, සිංහලයාගේ අභ්‍යන්තරික මනෝවිද්‍යාව යි. සිංහල-බෞද්ධයාගේ ”නරුමත්වය”[cynical nature] මනෝවිශ්ලේෂණය මගින් විශ්ලේෂණය වූ අතර ඔහුගේ ”තක්කඩිකම” විශ්ලේෂණය කිරීමට සංඥාර්ථවේදයක් අවශ්‍යය. එනම්, සිංහල මනෝවිද්‍යාව සමතික්‍රමණයට සිංහලකරණය කළ ඩෙරීඩා කෙනෙක් අවශ්‍යය. (ඇල්ජීරියානු යටත්විජිත හීනමාන පිරිමියා)

පහත පළ වන්නේ, පොඩි එකාගේ විසංයෝජනය යි.

+++++++++++++++++++++++++++++++++++++++++++

දෙබස

මම ‍‍:-   දීප්ති ඩෙරීඩාගේ චින්තනයේ වැඩියෙන්ම මූලිකත්වය ගත්ත දෙයක් තමයි කථනය/ ලිවීම, Speech vs Writing කියන බයිනරිය deconstruct කරන එක. ඩෙරීඩා කියනවා සොක්‍රටීස්ගේ චින්තනයේ ඉඳන්ම philosophy තුළ කථනයට වැඩි වරප්‍රසාදයක් ලිවීමට වඩා ලබාදීලා තිබුණා කියලා. මේක Husserl, Heidegger සහ Freud, Saussure වැනි චින්තකයන් තුල පවා තිබුණා කියලා ඩෙරීඩා කියනවා. මේකට Phonocentrism (කථනය ලිවීමට වඩා මූලිකයි යන විශ්වාසය) කියලා කියනවා. ඒගොල්ලෝ මූලිකවම කරපු assumption එකක් තමයි කථනයට පසුව ලිවීම බිහිවුණා කියලා. ඒ කිව්වේ, මිනිස්සු මුලින්ම කතා කරන්න පටන් ගත්තා කියලා, පස්සේ කාලෙක ඒ කතා කරන වචන marks (සලකුණු) හැටියට copy කිරීමෙන් ලිවීම බිහිවුණා කියලා. නමුත් ඩෙරීඩා කියනවා කථනයට පෙරත් ලිවීම තිබුණු හැටි. ඒ කිවුවේ මිනිස්සු නැතිවත් ස්වභාවික පරිසරය තුළ ලිවීම තිබ්බා කියලා. මේක ගැන උදාහරණයක් ඔයාගේ “කලාව සහ විසංයෝජනය” පොතෙත් තියෙනවා. කුරුල්ලෙක් ගඟක් උඩින් පියාඹනවා. කුරුල්ලගේ හෙවනැල්ල ගඟ මතට වැටෙනවා. ගඟ මත කුරුල්ලාගේ හෙවනැල්ල සලකුණු වීම යනු ලිවීමක්. ඒක මිනිසාට පෙර තිබුණු එකක්. ඩෙරීඩා කියනවා ලිවීම කියන්නේ කථනයෙන් කැඩිලා ආපු එකක් නෙවෙයි, ඒක කථනය එන්න පෙර සිටමත් තිබුණු දෙයක් කියලා. එහෙම නේද?

 

දීප්ති ‍‍:- ඔව් ඔයාට එහෙම හිතන්න පුළුවන්.

 

මම ‍‍:-   ඒ කිවුවේ?

 

දීප්ති ‍‍:- මිනිස්සු එන්න කලින් ලිවීම තිබ්බා කියලා ඔයාට හිතන්න පුළුවන්, ඒ කිවුවේ ඔයාට එහෙම සංකල්ප ගත කරන්න පුළුවන්. ලිවීම, කථනයෙන් කැඩිල ආපු දෙයක් කියල සංකල්ප ගත කරනවා වගේම, ඒකේ අනිත් පැත්ත, ඒ කිවුවේ කථනයට පෙර ලිවීම තිබ්බා කියලත් සංකල්ප ගත කරන්න පුළුවන්.

 

දෙබස ඉවරයි //

 

            අපි  ඕනෑම වැඩක් කරන්න යද්දී අපට අමතක වෙන දෙයක් තමයි ඒකට කලින් මානසික ක්‍රියාවලියක් පවතිනවා කියන එක. ඒ කිවුවේ ක්‍රියාවකට කලින් සිතීම කියල ක්‍රියාවකුත් තියෙනවා කියන එක. අපි හැමවෙලේම ගොඩක් දේවල් ගැන සිතමින් ඉන්නවා. උදාහරණයක් හැටියට අපිට තියෙන ප්‍රශ්නයක් ගැන, නැත්නම් හෙට කරන්න තියෙන වැඩක් ගැන, රෑට කන්නෙ මොනවාද? වාමාංශික දේශපාලනය, ධනවාදය පෙරලීම, ධනවාදය කියන්නෙ මොකද්ද? සහ විප්ලවයකින් සමාජය වෙනස් කරන්නෙ කොහොමද? වගේ ඕන දෙයක්. නමුත් අපිට හැමවෙලේම අමතක වෙනවා අපි මේ කරන්නේ සිතීමක් කියල. අපි ගොඩක් දේවල් ගැන හිතුවට “හිතනවා” කියන එක ගැන හිතන්නෙ නැහැ. අපි ව්‍යුහවාදය ඉගෙන ගන්නෙ සහ ගත යුත්තේ මෙන්න මේ හේතුවට.

 

            ඩෙරීඩා හඳුන්වාදෙනවා සිතීම තුල තිබෙන ඉතා වැදගත් වන ව්‍යුහයක්. ඒ තමයි සහසම්බන්ධ ප්‍රතිපක්ෂ (binary oppositions). ඒ කිවුවේ, අපි දේවල් ගැන හිතද්දී හිතන්නේ බයිනරි වලින් කියලා. සරලව කිවුවොත් අපි එන්න කලින් භෞතික වෙනස් වන ලෝකයක් කියනවා, ඊටපස්සේ අපි ඒක භාෂාව මූලික කරගෙන ගොඩනගන සංකල්ප හරහා ඒක (භෞතිකය පාරභෞතික වීම) තේරුම් ගන්න උත්සහ කරනවා සහ එතනදී එම භාෂාව තුල බයිනරියන් වැඩ කරනවා කියලා. [Ex:- Before scientific discourse, Fire = coming from God/ In scientific discourse, Fire = Fuel + Oxygen + Heat Energy. ධනවාදය යනු :- හොඳ දෙයක්/ ධනවාදය නරක දෙයක්]. මේක ව්‍යුහයක් හැටියට හඳුනාගන්නේ අපිට නොදැනීම මේක අපි හිතද්දී සිදුවන නිසා. අපි දේශපාලනය කරනවා නම්, අපේ අරමුණ වන්නේ පවතින ක්‍රමය වඩා හොඳ තැනකට වෙනස් කිරීම නම්, අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියාවට කලින් සිතීම (භාෂාව) තියෙනවා කියලා. නැත්නම් වෙන්නේ සිතීම නැමති වංකගිරිය තුළ අපිව සිරවීම (භාෂාවේ ඇති ව්‍යුහයන් විසින් අපිව පාලනය වීම).

 

            ඩෙරීඩා හඳුනාගන්නවා ඔහුට කලින් philosophy තුළ තිබුණු බයිනරියන් (කථනය vs ලිවීම). සොක්‍රටීස්ගේ ඉඳන් දර්ශනය තුළදී වැඩි මූලිකත්වයක් කථනයට ලබා දී තිබුණා. ඒක වෙන්නෙ මෙහෙමයි. philosophy තුළ තිබ්බ සංකල්පගත කිරීමක් තමයි, යමකට meaning එකක් ලැබෙන්නේ විඥානය (consciousness) තුළ කියලා. ඒ කිවුවේ සියලුම බාහිර දේවල් [වචන, ශබ්ද (“ගස” කිවුවම ගස කියන වචනය සහ උච්චාරණය කරන ශබ්දය)] ඉවත් කරහම අර්ථයක් පමණක් (Pure thought) විඥානය තුළ ඉතිරි වෙනව කියලා. (Logocentrism) :-අර්ථයක්එන්නේ මුලයකින්/ කේන්ද්‍රයකින් යන මතය). මෙතනදී කථනයට මූලිකත්වය ලැබෙන්නේ මෙහෙමයි. අප විඥානයේ තියෙන thought එක අපි ඉස්සෙල්ලාම හරවන්නේ කථනයට. ඊටපස්සේ අපි කථා කරන වචන සලකුණු ගත කරල ලිවීම සිදුකරනවා. මෙහිදී meaning එකට එහෙම නැත්තන් thought එකට වඩා ලඟින් තිබෙනවා කියල සලක්නේ කථනයයි. ලිවීම තියෙන්නේ කථනයට පසුව. මෙහෙම ගමු. අපි කවුරුහරි කෙනෙක් කතා කරන දෙයක් අහගෙන ඉන්නවා. අපිට යමක් තේරෙනවා. අපෙන් කවුරුහරි ඇහුවොත් ඔයාට ඔය තේරුන දෙය ආවෙ කොහෙන්ද කියලා අපි කියනව (සහ අපිට හිතෙනවා) ඒක ආවේ කතාව කියන එක්කෙනාගෙන් කියලා. ඒ කිව්වේ කතා කරන එක්කෙනාගේ විඥානය තුළ ඇති දෙයක් ඔහු කථනයට හරවල ශබ්දයක් හැටියට ඔහුගේ මුඛයෙන් පිටකරනවා, එය ශබ්ද තරංගයක් හැටියට අපේ කන තුළින් අපේ විඥානයට ගිහිල්ල අර්ථයක් ජනනය කරනවා. නමුත් ලිවීම තුළදී එසේ වනවා කියල අපිට තේරෙන්නේ නැහැ. මොකද ලිවීමක දී එසේ කථා කරන්නෙකුගේ presence එකක් නැහැ. අපිට හිතෙන්නේ අපි දෙයක් කියවනව, අපිට දෙයක් තේරෙනවා නමුත් අපිට තේරුන දෙය ලියන්නා අදහස් කරපු දෙයමද යන්න පිළිබඳ sure එකක් නැහැ. philosophy තුළදී කථනයට, ලිවීමට වඩා වැඩි වරප්‍රසාදයක් ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසයි. මෙතන දී වැදගත්ම point එකක් වන්නේ (philosophy තුළ කෙසේ වෙතත්) මේක වෙන්නේ අපිට අහන් ඉද්දී අපිට නිකන්ම හිතෙනවා මට මේ තේරෙන දෙයට අර්ථයක් නැත්නම් සාරය එන්නේ ඒ කථා කරන කෙනාගෙන් කියලා. නමුත් ඇත්තටම වෙන්නේ එහෙමද?

 

            මම මේක මගේ ජීවිතයේ උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මම මෙතන දී ප්‍රශ්න කරන්නේ බාහිර reality එකේ ඇති දෙයක් නොව මාගේ සිතීමේ ක්‍රියාවලියයි.

 

            මට මුලින්ම බූපතිව හමුවන්නේ “නිම්න දහසක් පසුකර” කියන YouTube වීඩියෝව තුළින්. මම ඒ වෙද්දී පක්ෂයට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මම ඒ වෙද්දී දීප්ති ලියන කියන දේවල් අධ්‍යනය කරමින් සිටින නිසා දීප්ති කවුරුන්ද යන්න අදහසක් තිබුණා. නමුත් වීඩියෝව තුළ සිටි අනෙක් පුද්ගලයා (බූපති) කවුරුද යන්න අදහසක් තිබ්බේ නැහැ. (Boopathi :- Empty Signifier)  වීඩියෝව තුළ බූපති කථා කරනවා. දීප්ති කතා කරන දේවල්, දීප්ති ගේන අදහස් කථා කරනවා. දීප්ති කියවන චින්තකයන්ගේ නම් පවසනවා. (උදා:- ජිජැක්, ලැක්ලෝ….). මට නොදැනීම මට හිතෙනවා. බූපති කියන පුද්ගලයා දීප්තිව හොඳට ළඟින් ආශ්‍රය කරපු එක්කෙනෙක්, දීප්ති කියන දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන එක්කෙනෙක් කියලා. ඒ බූපති පිළිබඳ පළමු හමුවීම.

 

            බූපතිව ආයේ පාරක් හමුවෙනවා. ඒ ඔහු ඊට පසුකාලෙකදී සිදුකරන තවත් YouTube වීඩියෝවකින්. මේ කාලයේ දී බූපති සංවිධානයෙන් ඉවත් වී ඇති අතර මම සංවිධානයට සම්බන්ධ වී ටික කලක් ගත වී ඇත. හොඳටම තේරෙන විදිහකට කියනවා නම් මෙම දෙවනි වීඩියෝව තුළදී බූපති දීප්තිව අම්බානකට පළු අරිමින් සිටියි. එතනදී මට සිදුවන්නේ විශාල අර්බුදයකට යාමයි. මට ආපු ප්‍රශ්නය නම්, කොහොමද මෙච්චර දේවල් දන්න, අධ්‍යනයක් කරපු සහ දීප්තිව ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක් දීප්තිව මේ විදිහට විවේචනය කරන්නේ? කවුරු කියන ඒවද පිළිගන්න ඕනෙ, දීප්ති කියන ඒවද නැත්නම් බූපති කියන ඒවද?

 

මා මෙම ප්‍රශ්නය විවේචනයක් ලෙස දීප්තිගෙන් අහනවා.

 

දෙබස

මම ‍‍:-   දීප්ති, කොහොමද මෙහෙම වෙන්නේ. බූපති කියන්නේ සංවිධානයේ හිටපු ඔයා ළඟින්ම වැඩ කරපු ඔයාගේ ගෝලයෙක්. නමුත් දැන් එයා ඔයාව බරපතල විදිහට විවේචනය කරනවා.

 

දීප්ති :-  ඔයාට කවුද කිව්වේ එයා මගේ ළඟින් වැඩ කරා, මගේ ගෝලයෙක් කියලා?

 

මම :-   ඇයි අර “නිම්න දහසක් පසුකර” වීඩියෝ එකේ තියෙන්නේ. එයා ඔයත් එක්ක  ළඟින් වැඩ කරපු කෙනෙක්නේ. ඔයා කියන ඒවා හොඳට අධ්‍යනය කරපු එක්කෙනෙක්නෙ.

 

දීප්ති :-  ඔයාට ඇයි එහෙම හිතුනේ. ඔයාමනේ එහෙම හිතන්නේ. මේකට පලි මමවත් බූපතිවත් නෙමේ ඔයාමයි. මේ වැරැද්ද ඔයාට විතරක් නෙමෙයි තව ගොඩක් අයට වෙලා තියෙනවා. බූපති වීඩියෝ එකක මාත් එක්ක කතා කරපු පලියට ඇයි ඔයාට හිතුනේ එයා මගෙන් ඉගෙනගත්ත මාත් එක්ක ළඟින් වැඩ කරපු එක්කෙනෙක් කියලා. එහෙම නොවෙන්නත් පුළුවන් කියල හිතුවෙ නැද්ද? දැන් එහෙනම් ව්‍යුහවාදය ඉගෙනගන්න තරුණයෙක් හැටියට එහෙම වුනේ ඇයි කියලා ඔයාම හිතල බලන්න.

 

දෙබස ඉවරයි //

 

            ඩෙරීඩා මෙම philosophy තුළ කථනයට මූලිකත්වය දීම (හුසරල්ගෙන් පැවත එන ප්‍රපංචවිද්‍යාව phenomenology) සෝෂිය ගෙ ව්‍යුහවාදයේ එන මූලික සංකල්පද භාවිතා කරමින් විවේචනයට ලක්කරයි. මෙහිදී පළමුව සිදුවන්නේ කථනය සහ ලිවීම යන බයිනරියේ කේන්ද්‍රය (කථනය) විකේන්ද්‍ර කිරීමයි. මෙහිදී කථනය සහ ලිවීම යන දෙකම තුළ භාවිතා වෙන්නේ භාෂාවයි. භාෂාව යනු එකිනෙකට වෙනස් සංඥා පද්ධතියකින් (Sign system) සෑදුම් ලද්දකි. මෙම සංඥාවකට අර්ථයක් ලැබෙන්නේ එහි තුළම ඇති (intrinsic) සාරයක් නිසා නොවන අතර එක් සංඥාවක් තවත් සංඥාවකට දක්වන වෙනස්කම නිසාය. මෙය කථනය සහ ලිවීම යන දෙකටම පොදුය. කථනයේ දී කතා කරන්නාගේ විඥානය තුළ ඇති අර්ථය කථන වචනයකට ගැට ගැසීමෙන් එයට අර්ථයක් හිමිවීම සිදුනොවන අතර අර්ථයක් ජනනය වන්නේ වචන අතර ඇති වෙනස්කම් නිසාය.


 

            අප භාවිතා කරන භාෂාව යනු අප සහ තවකෙනෙකු අතර සන්නිවේදනය සිදු කිරීමට ඇති දෙයක් ලෙස අපට හැඟේ. නමුත් ඩෙරීඩා පෙන්වා දෙන්නේ දෙදෙනකු අතර සන්නිවේදනයක් භාෂාව විසින් සිදුකරන අතරම ඊට බාධාවකුත් භාෂාව විසින් ඇතිකරන බවයි. සන්නිවේදනය අර්ථයක් කිරීම සඳහා භාෂාව තුළ ඇති ගුණාංගය වනුයේ එහි වචන repeat කිරීම, නැවත නැවත භාවිතා කිරීමට ඇති හැකියාවයි (Iterability – සලකුණාවර්ථනය). මම හෙටත් කතා කරන්නේ අද භාවිතා කරපු වචනමය. මා පාවච්චි කරන වචනම ඔබත් පාවිච්චි කරන නිසා මම සහ ඔබ අතර සන්නිවේදනයක් සිදුකර හැකිය. මා පාවිච්චි කරන්නේ මටම ආවේණික වූ භාෂාවක් නම් මා හා ඔබ අතර සන්නිවේදනයක් සිදුනොවනු ඇත. නමුත් මෙසේ වචන repeat කිරීමට ඇති හැකියාවම තවත් අතකින් සන්නිවේදනය අර්ථයක් කරනවා සේම ඊට බාධාවද ඇති කරයි. එය නම් එකම වචනය සන්දraN (context) දෙකක භාවිතා කිරීමට ඇති හැකියාව නිසාය. උදා :- “ආශාව (desire)” යන වචනයට බුදුදහම යන සන්දraNයේදී ඊට එක් අර්ථයක් ඇති අතර මනෝවිශ්ලේෂණය යන සන්දraNයේදී ඊට වෙනත් meaning ඇත. මම බුදුදහම යන context සිට “ආශාව” යන වචනය වාක්‍යයකට දමා ඔබට පැවසූ විට ඔබ සිටින්නේ මනෝවිශ්ලේෂණ සන්දraNයේ නම් ඔබට මා අභිමත කරන අර්ථයකට (intention) නොයනු ඇත. එනම් කථිකයක කුමක් පැවසුවද අසන්නා සිටින්නේ වෙන සන්දraNයක නම් ඔහුට කථිකයා අභිමත කරන meaningඑකට නොයනු ඇත. එනම් කථනය තුළදීද ලිවීමකදී මෙන් කථිකයාගේ presence එකක් නොමැත. ඇත්තේ absence එකකි. එනම් කථනයේ දී පවතිනවා යැයි සලකන ලිවීමක දී නොපවතින කථිකයාගේ presence එක නැමති කේන්ද්‍රයක් නොමැත. එනම් කථනය යනුද presence එකක් නොමැති ලිවීමකි (කථනය vs ලිවීම ප්‍රතිපක්ෂයේ ලිවීම කේන්ද්‍ර කිරීම).

 

            සෝෂියර් විසින් ව්‍යුහවාදයේ මූලික සංකල්ප ඉදිරිපත් කලද ඔහුගේ චින්තනය තුළ වන සීමාව වන්නේ මෙම කථනය/ ලිවීම යන බයිනරිය පැවතීමයි. සෝෂියරියානු සංඥාව කොටස් දෙකකට බෙදේ. එය නම් හැඟවුම (මානසික ප්‍රතිරූපය) සහ හැඟවුම්කාරකය (ශබ්ද කළ හැකි වචනය) යි. හැඟවුමකට එහි අනන්‍යතාවය ලැබෙන්නේ එය අනෙක් හැඟවුම් වලට දක්වන වෙනස නිසා වන අතර හැඟවුම්කාරකයකටද තවත් හැඟවුම්කාරකයට දක්වන වෙනස නිසා එහි අනන්‍යතාවය හිමි වේ. මෙහිදී සෝෂියර් විසින් හැඟවුම්කාරකයට වඩා හැඟවුමට වැඩි බරක් තබයි. සෝෂියර්ට අනුව කථනය යනු විඥානයේ ඇති meaning සංකේතවත් කරන සංඥාව (හැඟවුම) වන අතර ලිවීම යනු කථනය සංකේතවත් කරන සංඥාවයි (හැඟවුම්කාරකය). එනම් ලිවීම යනු සංඥාවක ‘සංඥාවකි’ (sign of a sign). ඊට අනුව වෙනස් නොවන ”අනුභූති උත්තර හැඟවුමක්” (Transcendental signified) තිබෙන අතර ඊට වෙනස් වන හැඟවුම්කාරක කිහිපයක් තිබිය හැකිය. (උදා :- “ගස” යන හැඟවුමට ඉංග්‍රීසියෙන් “Tree”, සිංහලෙන් “ගස” යන හැඟවුම්කාරක භාවිතා වීම). නමුත් ඩෙරීඩා පෙන්වාදෙන්නේ එසේ අනුභූති උත්තර වෙනස් නොවන හැඟවුමක් නොපවතින බවයි. හැඟවුමක්ද නැවත හැඟවුම්කාරක වලට කැඩිය හැකිය. ඇත්තේ එකිනෙකට වෙනස් හැඟවුම්කාරක පමණි. wra:h බිහිවීම සිදුවන්නේ එක් හැඟවුම්කාරකයක් ඊට වෙනස් තවත් හැඟවුම්කාරක වලට වන ලෙස්සා යෑමක් තුළින් පමණි. (defferance = differing and deffering)

 

            දේශපාලනය කිරීම තුළදී මෙම බයිනරි තralනය ඉතා වැදගත් වේ. ලංකාවේ දේශපාලනය තුළ ඇති ප්‍රධාන බයිනරියක් නම් න්‍යාය සහ භාවිතය (theory/ practice) යි. අප පක්ෂය හැර අනෙක් සියළුම පක්ෂ වල අධිනිශ්චය වී ඇත්තේ “භාවිතය” යන්නයි. ජ.වි.පෙ. සහ පෙ.ස.ප. පක්ෂ වල සාමාජිකයෙකුගෙන් “සහෝදරයා ඔබල පොත් කියවන්නේ නැද්ද” යනුවෙන් ඇසුවොත් ඔවුන් පවසන්නේ “විප්ලවය කරන්න එච්චර theory ඕනේ නැහැ, කොහොමත් ඔය theory වල තියෙන දේවල් practically කරන්නත් බැහැ” යනුවෙනි. මෙම බයිනරියේ සිරවීම නිසා මෙම පක්ෂ තුළ, පසුගිය වසර 50 දී සිදුව ඇති ධනවාදය පිළිබඳ නව න්‍යායික වර්ධනයන් කිසිවක් නොමැත. මෙම පක්ෂයකට සම්බන්ධ වීමෙන් සතිපතා පවත්වන උද්ඝෝෂණයකට සහභාගී වී කිසිඳු කියවීමක මහන්සියකින් තොරව ඔබට සතියකින් විප්ලවකාරයෙකු බවට පත්විය හැකිය. මෙය සිරිමල් කියන ”බොහිමියන්” මෝඩයාටද නොතේරෙන දෙයකි. ඔහුට දීප්තිගේ වචන වලට වැඩිය විජේවීරගේ තුවක්කුව ලොකුවන්නේ ඒ නිසාය. මෙවැනි පක්ෂ සහ සිරිමල් වැනි මෝඩයින්ගේ තර්කනය තවමත් ඇත්තේ සොක්‍රටීස් යුගයේ ය.

 

            නමුත් දේශපාලනයේ දී මෙසේ බයිනරි තුළ සිරවීම වෙනුවට මේවා අභිබවා යා යුතුය (beyond binary). න්‍යාය/ භාවිතය යන බයිනරිය තුළ නැවත ඇත්තේ ලිවීම/ කථනය යන බයිනරියයි. දේශපාලනයේ දී භාවිතය යනු රැස්වීම් ඇමතීම, ජනතාව සංවිධානය කිරීම වැනි දෑය. එහිදී කථනය අධිනිශ්චය වේ. දේශපාලනයේ දී න්‍යාය යනු න්‍යායන් පරිශීලනය, පොත් කියවීම වැනි දෑය. එහිදී අධිනිශ්චය වන්නේ ලිවීමයි. නමුත් ඉහත දී සාකච්ඡා කළ පරිදි මේ දෙකම පදනම් වන්නේ භාෂාව මතය. න්‍යායට වැඩිය භාවිතය හොඳයි/ භාවිතයට වැඩිය න්‍යාය හොඳයි යනු භෞතික ලෝකය භාෂාත්මක සංකේතවලින් ග්‍රහණය කිරීමේ දී සිදුවන උස්පහත් වීම් පමණි. දේශපාලනය තුළින් සමාජය වෙනස් කිරීමට මේ දෙකම අවශ්‍ය වේ. අප පක්ෂයක් හැටියට දීර්ඝකාලීන න්‍යායික අධ්‍යනයකින් පසු ජාතික තලයේ දේශපාලනය වෙතට දැන් පැමිණ ඇත්තේ එම නිසාය.

 

            මෙහිදී තවත් එක් වැදගත් කරුණක් වන්නේ බූපතිගේ දෙවන වීඩියෝව නැරඹු පසු මා (ඇතුළු තවත් බොහෝමයක් ඔබ) අර්බුදයකට (pain) පත්වන්නේ ඇයි? ද යන්නයි. අර්බුදය නම් පළමු වීඩියෝව තුළින් X සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වටහාගත් බූපතිම දෙවන වීඩියෝව තුළ එහි විනාශය බලාපොරොත්තු වන්නෙක් ලෙස නිරූපණය වීමයි. පළමු වීඩියෝව තුළ බුපති යන්න බොහෝමයක් අප දන්නේ නැති හිස් හැඟවුම්කාරකයකි. වීඩියෝව තුළ ඔහු කථා කරයි. ඔහු X දේශපාලනය තුළ ක්‍රියාකාරී සාමාජිකයෙක් නැත්නම් දීප්ති ළඟින්ම හිටපු කෙනෙක් ලෙස ප්‍රේක්ෂක අපට හැඟේ (හිස් බව පිරවීම). නමුත් මෙසේ හිස්බව පුරවන්නේ අප විසිනි. එනම් බූපති X එකේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් කරන්නේ ප්‍රේක්ෂක අප විසිනි.[external me] නමුත් ඇත්තටම ඔහු X එක තුළ ක්‍රියාකාරී සාමාජිකයෙකු හෝ දීප්ති සමඟ අධ්‍යනයක් කරපු කෙනෙක් ලෙස හිඳ නොමැත. පළමු වීඩියෝව නැරඹීමෙන් පසු එන බූපති යනු කවුද යන විද්‍යාමානයේ (Presence) නිර්මාණකරුවන් වන්නේ අපය. නමුත් ඇත්තටම එම ”විද්‍යාමානය” පිටුපස ඇත්තේ හිස් බවකි. බයිනරියක ආකෘතිය යනු මෙන්න මේ හිස්බව හෙළිදරව් වීමයි. ඩෙරීඩාගේ විසංයෝජනය යනු මෙසේ බයිනරි වල ආකෘතිය (හිස්බව) හෙළිදරව් කිරීමය. මෙය ‘දර්ශන අශෝක කුමාර’ නමැති ගෞරවාන්විත philosopherටද අදාලය. ඔහු ඩෙරීඩා නමැති හැඟවුම්කාරකය මුලට දමා ඔබ ඉදිරියට එනවිට ඔබතුල සෑදෙන විද්‍යාමානය වන්නේ [metaphysics of presence]”මොහු නම් විසංයෝජනය ගැන හොඳට දන්නවා”  කියල නම් එයට අවිද්‍යාමානයක්ද (ඔහු ඉල්ලා සිටින සමාජ අනන්‍යතාවය) තිබිය හැකි බව සලකන්න. ඕනෑම පුද්ගලයෙක් කථා කරන විට ඒ පිළිබඳ අප සාදාගන්නා විද්‍යාමානයට අමතරව අවිද්‍යාමන වන දෙයකුත් (Absence) තිබිය හැකි බව එනම් සියලු විද්‍යාමානයනන් පිටිපස හිස්බවක් ඇති බව වටහා ගැනීමෙන් නිතර නිතර අර්බුද වලට පත්වී සිදුවන වේදනාවන්ට පත්වීමෙන්(enjoyment) ගැලවීමට හැකිය. නමුත් සිදුවන්නේ සැමවිටම අපට මෙය අවශ්‍යම මොහොතේ දී අමතක කිරීමයි. ”ව්‍යුහවාදියෙක්” වීම යනු මෙම තර්කනය පුරුදු පුහුණු කිරීමය. පක්ෂයේ සිටින Z පරම්පරාවට හැටියට අප මුලින්ම ඉගෙන ගත්තේ එයයි.

 

සමබිම පක්ෂයේ පොඩි එකා.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. බලාගෙන ගියාම, දීප්ත්ගෙ හරක් බලන පොඩි එකා තමයි හොදම මැඩිවිලි කාරයා ! හොදටම මඩවලා තියෙන්නෙ!

Comments are closed.