අරගලයේ යෙදෙන උද්ඝෝෂකයන් ගේ දෘෂ්ටිවාදය වටහා ගැනීම අපහසු නැත. උත්සහ කල යුත්තේ බලය ජනතාවට යන දෘෂ්ටිවාදය වටහා ගැනීමටයි. ඒ සදහා මිචෙල් ෆූකෝගේ දර්ශනය වැදගත් වේ.

 

ෆූකෝගේ බලය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්නේ ප්‍රංශ විප්ලවය කේන්ද්‍ර කරගනිමිනි. ප්‍රංශ විප්ලවය 1789 දී සිදු වීමට පෙර බලය පැවතියේ එක් අයෙකු ලගය. ඒ රජු (King) ලගය. ඒ නිසා මිනිසාගේ ජීවිතය මර්දනය කරන මර්දකයා බාහිර සාධකයක් වූ අතර රජුට ඕනෑම අයෙකුගේ ජීවිතය සදහා මැදිහත් වීමට හැකි විය. රජු පමණක් නිදහස් විය. අනෙක් සියල්ලන් යටත් වැසියන් ය. සියලු යටත්වැසියන් මෙන්ම භූමිය ද රජුට අයත් විය. ජීවත් විය යුත්තේ කෙසේ ද, ජීවත් විය යුත්තේ කවුද ආදී සියල්ල තීරණය කල තීර්කයා වූවේ ද රජු ය. නීති පැනවීම මෙන්ම නීති ක්‍රියාත්මක කිරීම ද රජුගේ කාර්‍යයක් විය. රජුව පත්කලේ දෙවියන් වහන්සේ විය. මේ නිසා රජුට එරෙහි වීම දෙවියන්ට එරෙහි වීමක් ලෙස සලකන්නට වූ අතර යටත් වැසියන්ට කල හැකි වූ එකම දෙය වූවේ දෙවියන්ට යාඥා කිරීම පමණි. රජුගේ බලයට යටත් වැසියන් යටත් වූවේ බලහත්කාරය මගිනි. එනම් දඩුවම් හා තර්ජනය හරහා වේ. 

රජු  පාලන කටයුතු සදහා ප්‍රාදේශීය පාලකයන් පත්කල ද ඔවුන් ද රජුගේ පාලනයට යටත් විය. බල පිරමීඩයේ රජු ඉහල ස්ථානය ක සිටි අතර යටත් වැසියන් සිටින්නේ පිරමීඩයේ පහල ස්ථරයේ වේ. මෙහිදී බලය ඉහළ සිට පහළට ඒමක් සිදු විය. එම බලය සියල්ලන් පිළිගත යුතුය. ඒ සදහා රජු බලකිරීම (Force) බාවිතා කරන ලදී.

1789 දී විප්ලවයේ දී සිදු වූවේ රජු අල්ලා ගෙලටීනය මගින් හිස ගසා දැමීමයි. එහි ප්‍රතිඵලය වූවේ රජු සිටි ස්ථානය හිස් තැනක් (void) බවට පත් වීමයි. බලය රජුගෙන් ජනතාවට හුවමාරු විය. මෙම ආකෘතියක වෙනස නිසා මෙතෙක් බලය ව්‍යවහාර කිරීම රජු සිදු කල ආකාරයට වඩා වෙනස් ස්වරූපයකින් සිදු කරන්නට විය. රජු නියෝජනය කල ස්ථානය රජුගේ ඝාතනයෙන් පසුව හිස් වීම නිසා එම ස්ථානය සදහා යම් යම් ආදේශයන් ආදේශ කිරීමට මිනිසන්ට නිදහස (freedom) හිමි විය. එබැවින් ජනතාව එම හිස්තැන සඳහා තමා වෙනුවෙන් පාලකයන් පත් කිරීමට මැතිවරණ හරහා සිදු කරන ලදී. මෙය ෆූකෝට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය විය. බලය රජුගෙන් ජනතාවට ලැබුණු අතර එම බලය ක්‍රියාවට නැංවීම ජනතාව විසින් වේ. බලය ඇත්තේ ජනතාව අතය. බලයේ නව ව්‍යුහය (Structure) තුළ දී සිදු වන්නේ බලය පහළින් ඉහළට ගමන් කිරීමකි.  මිනිසා තමන් විසින් පත්කර ගන්නා පාලකයාට තමන් යටත් වන්නේ බලකිරීම හරහා නොව සිය සිය කැමැත්තෙන් ය.

මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් වේ. එනම් ප්‍රංශ විප්ලවයට ප්‍රථමව පාලනය  පැමිණියේ බාහිරිනි. එනම් රජු විසින් පාලනය ක්‍රියාත්මක කල බැවින් යටත් වැසියා ඊට අවනතව කටයුතු කරන ලදී . මර්ධනය කරන ලද සමාජයක් නිසා ආශාව (Desire) පැවතුනි. නමුත් රජුගේ හිස ගසා දැමීමෙන් සිදු වූවේ පාලනය හෝ තහනම තවදුරටත් ‘සත්” [real]ලෙස නියෝජනය කරන්නෙකු නොමැත. එබැවින් ආශාව මිය ගිය යුගයක් නිර්මාණය විය. ආශාව එන්නේ තහනම හරහා වන බැවින් සහ තහනම ගෙන එන ඒජන්තයෙකු නොමැති නිසා ආශාව නිර්මාණය කරගන්න වෙන්නේ බාහිර පාලකයෙකු හෝ තහනම ගෙන එන්නෙකු ෆැන්ටසිගත කිරීමෙනි. එනම් බාහිර සතුරෙකු තමා විසින්ම නිර්මාණය කරලීමෙනි. ධනවාදය වඩ වඩාත් ප්‍රසාරණය වන්නට ලක්වූ කල සිදු වූ වේ ඉහත අදහස තවුරු වීමයි. 

එනම් මුල්කාලීන ධනවායේ දී අධිනිශ්චය වූවේ ශ්‍රමය වේ. මේ නිසා සූරා කෑම සිදු වූවේ ශ්‍රමය හරහා ය. සූරා කෑම සිදු කරන ධනපතියෙක් සිටි අතර ඔහුට විරුද්ධව සංවිධානය වීමට කම්කරුවන් කටයුතු කිරීම සිදු විය. නමුත් නූතන ධනවාදය යනු තව දුරටත් ශ්‍රමය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ධනවායේ පැරණි ස්වරූපය නොව මිනිසාගේ විනෝදය මත පදනම් ව ක්‍රියකරන්නකි. එනම් ශ්‍රමයෙන් මුදල් නිර්මාණය කිරීම වෙනස් විය, මුදල් වලින් මුදල් මැවීම දක්වා. එහෙයින් ශ්‍රම සබඳතා වෙනුවට බල සබඳතා නිර්මාණය විය. එබැවින් තව දුරටත් බාහිර සූරා කන්නෙකු නොමැති අතර පුද්ගලයාගේ ජීවිතයට බාහිර බාධාවකින් තොර යුගයක් උදා විය. මේ නිසා ආශාව (මෙම ආශාව යන්න මනෝවිශ්ලේෂනයේ එන ආශාව සමහ පටලවා නොගත යුතුය. ෆූකෝ මනෝ විශ්ලේෂණයේ එන අවිඥානය සිය දර්ශනය සදහා යොදා නොගත් බැවින් ආශාව ඔහුට අනුව සවිඥානික ආශාව වේ) නිර්මාණය කර ගැනීමට බාධාව බාහිරින් නිර්මාණය කර ගැනීමට මිනිසාට සිදු වේ. එහිදී බල සබඳතා හරහා එම බාධාව නිර්මාණය කර ගැනීමට යොමු විය.

Czar Family

මෙම බල සබඳතා උදාහරණයක් මගින් තේරුම් කරමු.

 

රුසියානු විප්ලවයට පසුව සමාන්‍ය මිනිසුන් සෝවියට් සංගමයට චෝදනා කලේ සෝවියට් සංගමය විසින් ආගම් ඇදහීම සීමා කර ඇති බවයි. මේ බව මිලාන් කුන්දේරාගේ කෘති ඔස්සේ වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත.  නමුත් සෝවියට් සංගමය විසින් ප්‍රකාශ කලේ ඕනෑම අයෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකි ප්‍රකාශ කලේ ය. එයින් සෝවියට් වැසියා ජනයා තමන් විසින් බාධාව බාහිරින් නිර්මාණය කරගත් එකක් බව අවබෝධ කරගන්නා ලදී.

තව උදාහරණ දෙකක් ගෙන අපගේ න්‍යායික අදහස් පැහැදිලි කර ගැනීමට උත්සහ කරමු.

යම් පුද්ගලයෙකු සිය විවහයට පිට සබඳතාවයක් නිර්මාණය කර ගැනීමේදී බාහිර කාන්තාව සිය ජීවිතයේ පාලකයා බවට පතකර ගන්නා අතර ඇයට යටත් වන්නේ තම කැමැත්තෙනි. මේ නිසා එම අනියම් සම්බන්ධතාවය සදහා බාහිරින් බාධාවක් ගොඩ නගා ගන්නා අතර එහිදී බාධාව ලෙස ගැනෙන්නේ සිය විවාහක බිරිඳ ය. අනියම් සම්බන්ධතාවය පරිපූර්ණ නොවීමේ හේතුව ලෙස ගන්නේ විවාහක් බිරිඳ බැවින් ඇය විනාශ වූ විට තමන්ට පරිපූර්ණ වීමට හැකි බව අනියම් සම්බන්ධතාවයේ නිරත අය සිතයි. මේ නිසා එවැනි සම්බන්ධතාවයක නිරත පුද්ගලයන් සිදු කරන්නේ සිය විවාහක බිරිඳ මරා දැමීම හෝ දික්කසාද වීමයි. නමුත් ඔවුන් නොසිතන්නේ සිය අනියම් සම්බන්ධයට අර්ථයක් ලැබෙන්නේ මෙම බාහිර බාධාව නිසා වන බවයි.

 

තවත් උදාහරණයක් ගතහොත් X නම් පුද්ගලයෙක් ආදර සම්බන්ධතාවයක් මත විවහයට ඇතුළත් වූ අතර දිගු කාලයක් ගත වීමට මත්තෙන් තමන්ගේ නිදහස සිය බිරිඳ විසින් නැති කරන බව පවසමින් දික්කසාද විය. නමුත් වැඩි කල් නොගොස් ඔහුගේ නව සතුරෙකු නිර්මාණය කරගත් අතර ඒ ගෝඨාභය රාජපක්ෂ වේ. දැන් ඔහු උත්සහ කරන්නේ ගෝඨාභය විනාශය කර පරිපූර්ණ වීමටයි.

 

මෙම උදාහරණ අයතන ඔස්සේ ක්‍රියාතමක වන ආකරයක් දැකිය හැක. රාජ්‍ය ආයතනයකට සිය කටයුත්තක් කර ගැනීමට යන පුද්ගලයෙකු සිය කාලය විශාල වශයෙන් වැයකර ලීම සිදු වන්නේ බල සබඳතා හේතුවෙන් වේ. එවැනි ආයතනයකට බුරිය පෙනීමට සාරියක් ඇදන් එන සේවිකාව එහි සිටින පිරිමින් සියල්ලමන් පාලනය කරයි. පිරිමින් ඇයගේ කීමට සිය ජීවිතය පවා  පුද කිරීමට පෙළඹෙන්නේ බාහිර බලයක් නිසා නොව සිය කැමැත්ත හරහා ය.

මේ ආකරයෙන් විවිධ පාලකයන් තම තමන්ට පත්කර ගැනීමට සහ එම පාලනය සදහා යටත් වීම සිය කැමැත්තෙන් ම සිදු කරයි. මෙය පුද්ගලයෙකු සතු බල සබඳතා නිර්මාණයේ ප්‍රතිඵලය කි. සිරස් සබඳතා එනම් ඉහළ සිට පහළට එන සබඳතා වෙනුවට පහළ ස්ථරය තුළ නිර්මාණය වන සබඳතා සහ පහළින් ඉහළට යන සබඳතා ක්ෂේත්‍රයක් නිර්මාණය වේ. එහෙයින් අභ්‍යන්තර අසංගත තාවය සංගත කරනය කර ගැනීමට බාහිර බාධාවක් ගොඩ නගා ගැනීමෙන් යම් සහනයක් අත්විඳීමට හැකිය. බාහිර බාධාව නොමැති වූ විට ආශාව මිය යන බැවින් නැවත බාධාවක් නිර්මාණය කර ගැනීමට උත්සහ කරයි. මෙය අනවරත් ක්‍රියාවලියක් වන අතර බාධාව හෝ බල කේන්ද්‍රය සදහා සොය කායික හා මනසික ශක්තිය යොදවයි. එමගින් සිදු වන්නේ සිය ආත්මීයත්වය නොවෙනස්ව පවතවා ගැනීමක් වේ. බාධාව දෙමළ මිනිසා, මුස්ලිම් මිනිසා, ගෝඨාභය හා රාජපක්ෂ පවුල,……etc. ලෙස මෙය ගමන් කරයි. සතුරා විනාශ වීමෙන් තමන්ගේ සියලු කරදර අවසන් වන බව සිතුවත් එය දෘෂ්ටිවාදයක් වන්නේ ඉහත න්‍යායික අදහස හේතුවෙනි. එබැවින් බලය ගෝඨාභය හෝ අන් අයෙකු ලඟ ඇතයි සිතුවත් බලය සැබෑ ලෙස පවතින්නේ තමන් සතුවය. ගෝල්ෆේස් යාම හෝ නොයාම මගින් බලය ලබා ගැනීමට නොහැකි අතර බලය ඇත්තේ තමන් සතුවය. අරගල කරුවන් මෙහෙයවන දෘෂ්ටිවාදය මේ නිසා ෆූකෝට අනුව කියන්නේ නම් ධනවදී ක්‍රමයට පුද්ගලයා සම්බන්ධ වන සවිඥානික ආකාරය ද වේ. බලය ගෝඨාභය ලඟ ඇතැයි සිතයි නම් අරලිය ගහ මන්දිරයේ බැරි ගේට්ටුවෙන් පැන අඩි 6ක් ඇතුළට ගොස් බැලිය හැක.

Buddhika

ඔබේ අදහස කියන්න...