මරණය සතුරාට සහනයකි.

ප්‍රභා මනුරත්න අප සංවිධානයට පැමිණෙන වකවානුව වන 2002 පමණ වන විට දීප්ති විසින් අප ව්‍යාපාරයට ආශක්ත වුණු ග්‍රාමීය තරුණ කොටස්වල  ග්‍රාමීය සාරය නැමැති බාහිර හැව ඉවත් කිරීම හමාර කර තිබුණි. ඒ සඳහා ඔහු එම තරුණ කොටස් වෙත නාගරික වෙළදපොළෙහි Market symbols හදුන්වා දී තිබුණි.

         ඒ අනුව කුරුණෑගල සිට පැමිණි බුද්ධික බණ්ඩාර තම දකුණු අතේ මැණික් කටුවට බැඳ තිබූ රත්‍රන් බ්‍රේස්ලට් එක ගලවා දමා පූමා ටී ෂර්ට්ස් ඇදීමට පටන් ගෙන තිබුණි. ප්‍රභා X නිවසට පැමිණෙන විට බුද්ධික කියවමින් සිටියේ FHM මැගසින් එක ය. නිතරෝම අතේ DVD කිහිපයක් හා දීප්ති විසින් කියවීමට ලබා දුන් පොතක් – දෙකක් ගැවසුණි. අප සංවිධානයේ හෝ බුද්ධිකගේ ඉතිහාසය කිසිවක් නොදත් ප්‍රභා සිතුවේ බුද්ධික කුරුණෑගල ගමෙන් ගෙනා උරුමයක් නිසා එසේ හැසිරෙන බවකි. එම වෙස් මුහුණ එතරම්ම සොබාවික තත්වයේ පවත්වා ගැනීමට බුද්ධික සමත් විය.

         බුද්ධිකට අවශ්‍ය වූයේ ඔහුගේ පියාට අවශ්‍ය වූ දේ හැර වෙන කිසිවක් නොවේ. ඔහුගේ පියා සැබවින්ම නීතීඥයෙකු ලඟ සේවය කළ ලිපිකරුවෙක් විය. නමුත් බුද්ධිකගේ මව විවාහ කර ගැනීමට පෙර ඔහු විසින් තමාව හදුන්වා දී  ඇත්තේ තමා නීතීඥයෙකු ලෙසින් ය. එම ව්‍යාජ වෙස්මුහුණත් සමග එම විවාහට සිදු විය. බුද්ධිකද තම විවාහයෙන්  අවිඥානිකව අපෙක්ෂා කළේ තම පියා මෙන්ම විවාහය තුළින් ජීවිතේ ඉදිරි පියවරක් තැබීමට ය.  ඒ සඳහා ඔහු  අප සංවිධානය දෙකඩ කර,  නයා සහ ඉණිමඟ බෝඩ් එක හරහා යාමට ප්‍රභාව විවාහ කර ගත්තේය.  පවුලේ එකම දරුවා වන ප්‍රභාට ඒ වන විට පදිංචිව සිටි ගල්කිස්සේ නිවසේ හිමිකම තිබුනි. පසුකලෙක X කණ්ඩායමේ උග්‍ර හිතවතියක වන ප්‍රභාගේ මව, ප්‍රභා සහ බුද්ධික අප සංවිධානයට කළ අපරාධයට කළකිරී ඇය  විසින් ගල්කිස්සේ දේපළ විකුණා ප්‍රභාට කිසිදු මුදලක් නොදී හුදකලා වූවාය.[Car එකක් හැර ] ඒ අනුව බුද්ධික බලාපොරොත්තු වුණු ගල්කිස්සේ නිවස ඔහුට නොලැබුණ නමුත්, ඔහුගේ නයා සහ ඉණිමග බෝඩ් ක්‍රිඩාවෙන් ලැබුණේ වරාය පියන් කෙනෙකුට විශ්ව විද්‍යාල ගුරුවරියක විවාහය සඳහා ලැබීම සහ ඒ තුළින් උපරිම වේදනාත්මක සතුටක් (විදවීමේ විනෝදය -Pleasure in pain) ජීවිත කාලයටම ලැබීමකි.

         බුද්ධික සහ ප්‍රබා අප සංවිධනය වෙත ආකර්ෂණය වූයේ ඔවුන්ව මෙම ධනවාදී ක්‍රමය විසින් පොළොවේ ගැසූ නිසා නොවේ. ඔවුන් පැමිණියේ දීප්තිගේ දේශපාලනය තුළ තිබුණු නාගරික ලක්ෂණවලට ආකර්ෂණය වීගෙනය. අප දේශපාලනය කර අත්දැකීමෙන් මේ වන විට උගෙන ඇත්තේ මේ ධනවාදී ක්‍රමය මඟින් පොළොවේ නොගහපු කිසිවෙකු අපගේ දේශපාලය තුළ දුර ගමනක් යාමට සමත් නොවන බවයි. මේ  System එක විසින් එහි ක්‍රෑරත්වය අත්විඳි මිනිසුන් අවදිවී මේ ක්‍රමයට විකල්පව නූතන මාවතක් පිළිබද සිතන මුත්, ප්‍රභා සහ බුද්ධික තවමත් සිතන්නේ ධනවාදී ක්‍රමය පවතිනනේ ඔවුන්ගෙන් පරිභාහිර යථාර්ථයේ බවය. එබැවින් ඔවුන් FOOD CITY එකට විශාල බඩු ලිස්ට් අරගෙන යන ගමන් එළියේ යථාර්තය තුළ ධනවාදය ඇතැයි බාහිරට අත දිගු කරති. සදාර්මික වෙළද පොළ සංකල්පය ඔවුන් වෙත පැමිණෙන්නේ සහ ලෝකයේ පළමු වරට පශ්චාත් නූතනවාදය හදාරපු බුද්ධික වැනි කෙනෙක් සදාර්මික වෙළදපළ පිළිබදව කතා කරන්නේ ද එබැවිනි. මෙම සංකල්පය ගැන ‘අහේතුක  වෙබ් අඩවියට” එක් අතකින් ලියන ගමන් අනිත් අතින් තම දියණියට කොළඹ උසස් බාලිකා විද්‍යාලයක් ඉල්ලා ඉසුරුපායට අභියාචනා සහ ඇප්ලිකේෂන් යොමු කරන්නේ ද එබැවිනි.  එමෙන්ම අප සංවිධානයට පැමිණීමට පෙර බුද්ධික ‘ෂොපින් මෝල් ’ කියා හදුනා ගත්තේ කොළඹ පීපල්ස් පාර්ක් එක ය.  X කණ්ඩායම මුණගැසුණු පසුව ‘ෂොපින් මෝල් ’ එකක් කියා ඔහු ගියේ MC එකටය.  එයද ෂොපින් මෝල් එකක් නොවන බව දීප්තිගේ පාඩම් හරහා ඔහු උගත්තේය. පසුව සැබෑ  ෂොපින් මෝල් ’ තිබෙන නිව්යෝර්ක් වැනි City එකකට යෑමට ඔහුට පහසුම මාර්ගය වූයේ ද ප්‍රභා ය. අප ව්‍යාපාරයෙන් එළියට ගිය ඔහු වහාම විදේශගත වන්නේ සුමිත් චාමින්ද ඇතුළු සියලු වහලුන්ට කොකා පෙන්වමිනි.

         ප්‍රබා විසින් දමා තිබූ තම කැළණිය විශ්ව විද්‍යාල වෙබ් පිටු Profile තොරතුරු අනුව ප්‍රභා විකසිත වී උත්කර්ෂවත් වස්තුවක් බවට පත්වී ඇත්තේ 2004 න් පසුවය. එම Profile එකට අනුව 2004ට පෙර ඇයට  දේශපාලන ඉතිහාසයක් නොමැත. ප්‍රභා අප සංවිධානයට පැමිණ ඇත්තේ අවිඥානක තැනකින් බව පැහැදිලිය.  ඇයට තිබෙන ප්‍රධාන ගැටළුව සංකේත පියාගේ නාමකරණය අහිමි වීමයි. එබැවින් ඇය වඩ වඩා සංකේතනය තුළ උත්සාහ දරන්නේ සංකේත ලෝකය තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමයි. Profile එක පිටු 04 ක් පුරා ලියමින් ඇය උත්සාහ දරා ඇත්තේ එයටයි. මේ Profile එකේ තිබෙන වැඩ-කිඩ තුළ ඇය X කණ්ඩායම පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැත. ඇය X කණ්ඩායම තුළ සිටි බවට ඇයට අමතක වේ. ප්‍රභාවත් නොදන්නා, ප්‍රභාම ප්‍රතික්ෂේප කරන මේ විෂයේ ආස්ථානය තුළින් මඟ හැරී යන සත්‍ය කුමක්ද?

          අප ව්‍යාපාරයට පැමිණෙන විට ඇයට තිබුණු එකම සුදුසුකම BA ඉංග්‍රිසි උපාධිය පමණි. කැළණිය විශ්ව විද්‍යලයේදී යල් පැනගිය විෂය නිර්දේශයන් අනුව සැකසු පැරණි නිර්දිෂ්ට ග්‍රන්ථ කිහිපයක් ආශ්‍රයෙන් ලබා ගත් දැනුම තුළ පැවතියේ නව්‍ය දැනුමක් නොවේ.  ඇය වඩ වඩා සංකේත ලෝකය තුළ පීතෘ නාමකරණයන් සෙව්වාය. දීප්ති ඇතුළු X කණ්ඩායම ඇයට හමු වන්නේ එබැවිනි.  එම ගමනේදී ඇයට මුණ ගැසුණු දේවල් අතර, ඇය ජීවත්වන බවට ඇයට දැණුනු ප්‍රථම හැඟීමද තිබෙන්නට ඇත.

 2002 න් පසු ප්‍රබා අප සංවිධානයෙන් ලබා ගත් දැනුම් කන්දරාව කොතෙක්ද යන්න පිළිබද ඇය දනී. ඇය අප සංවිධානයෙන් 2004.12.26 දින එළියට බහින විට රැගෙන ගියේ ඇදුම් බෑගය සමඟ DVD චිත්‍රපට කිහිපයක් පමණක් නොවේ. ඇය අප සංවිධානයේ ඒ වන විට දියුණුකර තිබූ සෝෂියර්ගේ සිට ලැකැන් දක්වා දැනුමද රැගෙන ගියා ය. නැතිනම් ඇයට ෆුල් බ්‍රයිට් ලැබී Kansas යන්නේ නැත. ඇය DVD සිනමා පට බැලීමට හුරුවීමේ උරුමය පවා අප සංවිධානයේ අධ්‍යාපන ක්‍රියාවලියේම උරුමයකි.

          අප සංවිධානයෙන් කිසිදු දැනුමක් රැගෙන නොගිය හෙයින් නිර්මාල් වැන්නෙක් තම Profile එකට තම  වැඩ- කිඩ පිටු එක් නොකිරීමට තරම් අවංක වී ඇති බවත් සදහන් කළ යුතුය.

          මේ අනුව අප සංවිධානයේ බුද්ධිමය දේපල සොරාගත් සහ ඒවා ගත් බවට හෙළි නොකරන, තක්කඩි වැඩ කරමින් සිටින බුද්ධිමය දේපළ හෙරක වන ප්‍රභා වැන්නියන් අනාගතයේ දවසකදී අප සංවිධානය හමුවට පැමිණ සමාව ගත යුතුවම ඇත.

PBM 3

 

ඔබේ අදහස කියන්න...