යථාර්ථවාදී නවකතාව තුළ දී කියවන්නිය විසින් කෘතිය තුළ අන්තර්ගතව ඇතැයි අනුමාන කරන ‘සත්‍යය’ වෙත තම ලූබ්ධිය ආයෝජනය කරයි. නමුත් මෙවැනි ආයෝජනයක් නියමිත ලෙස කියවන්නියව රැුගෙන යන්නේ මුළාවක් කරාය. අපට බාහිරින් පෙනෙන දෘශ්‍යමානය අප වෙනුවෙන් ම නිර්මාණය කළ මුළාවකි. යථාර්ථය හැඩගැන් වී ඇති ප‍්‍රබන්ධමය ව්‍යුහය වටහා ගැනීමේ දී අත්වැරදීමට විශාල භූමිකාවක් ඇත.

සමන් වික‍්‍රමාරච්චිගේ ප‍්‍රබන්ධ කලාවේ නූතන හැරවුම සලකුණු කිරීමේ දී ඔහු සාහිත්‍යයේ නාභිය වූ සත්‍යය වෙනුවට ‘බොරුව’ ආදේශ කරයි. සමන්ගේ ‘අසන්ධිමිත්තා’ සහ නවතම ග‍්‍රන්ථය වන ‘අප්පච්චි ඇවිත්’ බොරුවක් වටා භ‍්‍රමණය වන්නකි. පාඨිකාව මෙම කෘති කියවීම ආරම්භ කරත්ම එහි චරිත ඔබට කියන්නේ ඔවුන් ගැනම බොරුය. අප මෙතෙක් ඇබ්බැහි වී ඇති සාහිත්‍යය තුළ චරිත සහ කතුවරයා ඔවුන් ගැන කියන්නේ සත්‍ය සිදුවීම් සහ සත්‍ය අන්තර්ගතයන්ය. නමුත් සමන් මෙම විධික‍්‍රමය උඩුයටිකුරු කරයි. ඔහුගේ චරිත ඔවුන් ගැන සහ තම සමාජ වටපිටාව ගැන කියන්නේ අමූලික බොරුය. මින් අපට යථාර්ථයේ ප‍්‍රබන්ධ මානය ගැන සත්‍යය මාධ්‍ය කර ගත්තාට වඩා නව සදාචාර මානයක් හමු වෙයි.

—————-

”බොරුව පශ්චාත්-නූතන සමාජ සබඳතාවල හරය ලෙස” යනුවෙන් දේශනයක් දීප්ති කුමාර ගුණරත්න පවත්වනු ලැබේ. ————–

‘ද සූරිය විලේජ්’ මගින් සංවිධානය කරනු ලබන ‘ද ටෝකින් ලයිබ්‍රරි’ මාසික පොත් කියවීමේ වැඩසටහන හයවන වරටත් නොවැම්බර් 25 වන සෙනසුරාද සවස 4 ට ද සූරිය විලේජ් හිදී පැවැත්වේ. මෙවර  ලේඛක සමන් වික්‍රමාරච්චිගේ නවතම නවකතාව ‘අප්පච්චි ඇවිත්’ කතුවරයාගේ සහභාගිත්වයෙන් කියවීම සඳහා තෝරා ගෙන ඇති අතර,  විචාරක දීප්ති කුමාර ගුණරත්න සහ චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක හඳගම ද පොත කියවීමට සහ කෘතිය පිළිබඳව අදහස් දැක්වීමට හා කෘතිය පිළිබඳව කතුවරයා සමඟ පවත්වනු ලබන සාකච්චාවට එකතු වේ. ‘ද ටෝකින්මෙ ලයිබ්‍රරි’ වැඩසටන මෙහෙයවීම අනුරාධා කෝදාගොඩ විසින් සිදුකිරන අතර මෙම වැඩසටහන හා සියළුම සාහිත්‍යකාමීන්ට නොමිලේ සම්බන්ද වීමට හැක. (සූරිය විලේජ්, නො.49, ස්කෙල්ටන් පාර, කොළඹ 5.)

ඔබේ අදහස කියන්න...