2016.02.09 වැනි දින ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී සවස 4 ට අපගේ නවතම කෘතිය වන
‘‘ ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය ‘‘ නිකුත් කෙරේ.
20 වැනි සියවසේ දී යථාර්ථයට මුසපත් වූ මාක්ස්වාදයක් වෙනුවට ෆැන්ටසියට මුසපත් වූ මාක්ස්වාදයක් මෙම කෘතිය හරහා අප යෝජනා කරන ප්‍රවාදය වේ.( මන්ද යත් ෆැන්ටසිය අවසානයේ හමුවන සැබෑව යනු දේශපාලනික පරමානු බෝම්බය වන නිසාය. ) ඩේවිඩ් ලින්ච් යථාර්ථයේ ජාන සංගතභාවය නිමවන ආශාව සහ ෆැන්ටසිය මගින් යථාර්ථය සහ අප අතර ඇති ‘ පරතරය ‘ නිමවෙයි.
කෘතිය තුළ ලින්ච්ගේ චිත්‍රපට හයක් පිළිබද රචනා අඩංගු කර ඇත.
ඒවායේ පිළිවෙල මෙසේය.
(1). Blue Velvet – ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව ඇයවත් නොදන්නා නිසා බිහිවන හිංසනය. ස්ත්‍රීන්ට පුරුෂයන් වෙනුවට පාර්ශවීය වස්තු ලෙසින් පිරිමින් අවශ්‍ය ඇයි ? විරූපී පිරිමියා, අගුටුමිට්ටා, පාදඩයා, දාමරිකයා, මැරයා, විප්ලවවාදියා ……
(2). Wild at Heart – පෙම් කරන ජෝඩුවක් තමා අවට යථාර්ථය වෙනස් නොකර තමන්ට රුචි යථාර්ථයක් ෆැන්ටසිකරණය කරයි. මේ නිසා ඔවුන්ට ඔවුන් අවට ලෝකය පෙනෙන්නේ දුෂ්ට, රෞද්‍ර ආකාරයකටය.
(3). Twin Peaks  –  Fire Walk With Me – ලෝකයේ වඩාත්ම උත්කර්ෂවත් වස්තුව ස්ත්‍රියයි. යම් ස්ත්‍රියක් මෙම උත්කර්ෂවත් පිහිටුමෙහි ස්ථානගත වුවහොත් එය ඇගේ ජීවිතයේ විනාශයයි.
(4). Lost Highway – පිරිමියෙකු තමන් පොන්නයෙකු යැයි වරදවා වටහා ගතහොත් ඔහු වීරයකු බවට රූපාන්තරණය වීමට ඕනෑම විනාශයක් කරයි.
(5). Straight Story – ලෝකය සහ අනන්‍යයා කෙරෙහි වූ අදහස සුන්දර නම් මේ මුළු ලෝකයම ඔබට පෙනෙන්නේ සුන්දරවය. ඔබට හමුවන සෑම කෙනෙක්ම ඔබගේ වෑයමට උදව් කරන සුන්දර මිනිසෙකි.
(6). Mulholland Drive – ස්ත්‍රියක් ඊර්ෂ්‍යා කිරීම පටන් ගත් විට පිරිමියාට සිදු වන්නේ ටොම් සහ ජෙරී යන කාටුන් චරිත රග දැක්වීමටයි.

ඔබේ අදහස කියන්න...