එම… ලේබලය වේදනාව සඳහා පෙති දෙකක් නිර්දේශ කරයි Monroe-

දැන් මම මගේ මොලයට ප්‍රතිකාර කරමි

ඇය පිරිමදිනා මගේ ගැටුම්කාරී ප්‍රකෘතිය

කාණු වතුරෙන් සෝදා නොහැකි ලෙස තෝන්තුවී ඇත

අපට දැන් බලාපොරොත්තු නැත

බලාපොරොත්තුවක් නැති තරම් ආදරය කරමු

ඇය මා ඉච්ඡාභංග කරයි

ඉතින් ඇය මගේ තිත්ත බෙහෙතයි

මා ඇයට ඇබ්බැහි වී ඇත

සටන් කල නොහැකි මේ සීතල

මාගේ ලෝකය අදුරු කර දමයි

මාගේ තිත්ත බෙහෙත නම් වන ඇගේ නම…

රෑ අදුරේ වහන්වී යමු

බලාපොරොත්තු සුන් ආදරයේ

හුදෙක් ඒ සන්ත්‍රාස රසය විදින්නට…

 

මිනිසකු උමතු කරන ආදරයකි ඇය

මගේ බල නහරයටම ඇය හළා හළ විෂ එන්නත් කරයි

බමනය වන හිසින් යුතුව

ඔලුවෙන් හිටගෙන ආදරය කරමි

උඩු-යටිකුරු ආදරය…

මගේ ඉච්ඡාව බිඳදමන ඇය

මගේ තිත්ත බෙහෙත නම් වෙයි

මා ඇයට ඇබ්බැහි වී ඇත

කපා දැමිය නොහැකි මේ සීතල

මාගේ ලෝකය අදුරු කර දමයි

මාගේ තිත්ත බෙහෙත නම් වන ඇගේ නම…

‘ඇය’ මගේ තිත්ත බෙහෙතට කියන නාමයයි

රෑ අදුරේ වහන්වී යමු

කමකට නැති ආදරයේ

හුදු සන්ත්‍රාස රසයට

 

ඇය මගේ ලෝකය අදුරු කර දමයි

ඇය යි මගේ තිත්ත බෙහෙත…

 

අතීත සමාජයේ රූපක දෙසට ආපසු ගමන් නොකරමින්, සෞන්දර්යය දෙසට ද නොවැටෙමින්, බොරු විරෝධාකල්පික බවක්ද ඉස්මතු නොකර නාගරිකත්වය තුලම තම ක්ෂිතිමය අද්දැකීම් විදාරණය කරන්නේ කෙසේද යන්න මොට්ලි කෘ (Motely Crue) නම් ඇමරිකානු රොක් ගායක කණ්ඩායම ගායනා කරන මෙම ‘තිත්ත පෙත්ත’ (Bitter Pill) නම් ගීතය තුලින් පිළිබිඹු වේ. ගූගල් පරිවර්තනය (Google translator) පරිවර්තනය කළ ආකාරයටම කුඩා වෙනස් කම් කිහිපයක් එක්කකරමින් යාන්ත්‍රික පරිවර්තනය (machine translation) තුළ ආවේනික ලෙස මතුවන ගීතයේ නිර්-සෞන්දර්යකරණය එලෙසම පවත්වා ගන්නට උත්‍සාහ කලෙමි.   ඔවුන්ගේ අනෙක් සමකාලින ගීත වන Glitter, Wild side, Enslaved, Same old situation, Afraid මෙම ආශා  ආකෘතියම අනුදකියි. තිත්න උන පමණින් හෝ උඩු-යටිකුරු ලෙස හෝ ඇති ආදරය කිරීම අත් නොහරින මොට්ලි ආකෘතිය ආශාවේ දුරස්ථභාවය සදහා බොහෝ අනුමෙවෙනි කියන ලාංකික ආත්මයට බොහෝ දේ උගන්වයි. ඇය විසින් අඳුරු කර, තෝන්තු කර, විනාශ කරන මව හා බැඳුන ස්වාභාවික ආත්මයේ  හිස්බව තුළට පිරිමියාට නව විප්ලවීය අන්තර්ගතයක්  පුරවා ගත හැකි නොවේද? ස්වභාවික බවින් ඛණ්ඩනය වන ග්‍රාමීය ආත්මයට ඇය උගන්වන ජිජැකියානු ප්‍රචණ්ඩ අමානුෂික මුණගැසීම (violent encounter) එය නොවේද?  ඉතින් ඇයගේ වසඟය නම් තිත්ත පෙත්තට අප අවනත විය යුතු නොවේද? බටහිරට හෙවි මෙටල් (heavy metal) කරන අපිට පරිසරය රකිමු යැයි කියන ‘දෙමුහුම් ආත්මයන්ට’ (hybrid souls) මෙයින් උගත හැකි යමක් තිබෙනවා නොවේද?  එවන් අයගේ ‘ස්ටාර්බක් කෝපි’ (Starbucks Coffee) පන්නයේ යෝජනාවන්ට අපිට දිය හැකි පිළිතුර මෙයයි.  ඇදවැටීමෙන් වන ක්ෂිතිය දේශපාලනිකව ප්‍රකෘති කිරීම අපගේ විප්ලවීය වගකීම වූවද , අපේ ‘වරදකාරිත්වයම’ මිළ තුලට අන්තර්ගත කර ඇති ඔවුන්ගේ යෝජනාවන්ට වැඩිපුර ඩොලරයක් අපි දිය යුතුද?- ———-For Nature.

Mahesh Hapugoda

 

https://www.youtube.com/watch?v=P18UK5IMRDI

https://www.youtube.com/watch?v=8NTAfbIHHZw

 

Attachments area

Preview YouTube video Slavoj Zizek on the Capitalist Gratification of consuming Starbucks Coffee

Preview YouTube video Motley Crue – Bitter Pill

ඔබේ අදහස කියන්න...