අප දන්නා වාමාංශික සහ විචාරශීලී සම්ප්‍රදායන්ට අනුව ‘ආගම’ අයත් වන්නේ මිථ්‍යා ක්ෂේත්‍රයටය. එබැවින් 20 වැනි සියවස පුරා ජීවත් වූ විප්ලවවාදී මාක්ස්වාදීන් සියලුදෙනා (ලෙනින්, ට්‍රොට්ස්කි, මාඕ) උන්මුල වශයෙන් ආගම් විරෝධීන්ය. විටින් විට මහේෂ් හපුගොඩ සහෝදරයා විසින් ‘ආගම’ ධනවාදය විචාරය කිරීමේ වියත් මාර්ගයක් ලෙස ආගම විභාග කිරීම ලංකාවේ වාමාංශික චින්තනයට ගැටලුවක් වී ඇතිවාට සැකයක් නැත. කිහිපදෙනෙක් දැනටමත් ඒ ගැන ප්‍රශ්න කර ඇත.

මේ ප්‍රවණතාව ගැන මට කියන්නට ඇත්තේ කුමක්ද?

‘ආගම’ යනු මිනිස් ඉතිහාසයේ බිහි වූ පළමු සහ බලවත් විචාර සංස්ථාවයි. මිනිසුන්ගේ ක්‍රියාවන්වලට විනිශ්චයක් ලබා දීමට මුලින් ඉදිරිපත් වූ බුද්ධිමය ආයුධය වූයේ ආගමයි. ධනවාදී සබඳකම් සමාජය තුළ තහවුරු වන තුරු ආගම වනාහි මිනිසාගේ හෘද සාක්ෂියයි. එය බලයේ සහ ධනයේ උපකරණයක් වූයේ පසුකාලයකය. නමුත් 18 වන සියවස මැදභාගය වන විට ධනවාදය ලාභය මුල් කරගත් සමාජ සබඳතා තහවුරු කරන සන්දර්භයක් තුළ පරමාදර්ශයක මාධ්‍යයෙන් ආගම විසින් ධනවාදය විවේචනය කරන ලද්දේය. නමුත් 19 වන සියවස මැද වනවිට වාණිජ ක්‍රමය වඩ වඩා තහවුරු වෙමින් යන තතු යටතේ ආගමට පසුබිමට තල්ලු වන්නට සිදු විය. ධනවාදී සමාජ සබඳතා වඩාත් තහවුරු වූ සමාජයක එකම පරමාර්ථය වන්නේ ලාභයයි. ලාභය මුල්කර ගත් සමාජයක සමාජ නීතිය බවට පත් වන්නේ ‘ප්‍රාග්ධනයයි’ ධනවාදයේ පසුකාලීන තත්ත්වය තුළ ආගමත් ධනවාදයට අනුව අනුවර්තනය විය. එය දෘෂ්ටිවාදයේ මූලයක් වූයේ ඉන් අනතුරුවය. මාක්ස් සහ එංගල්ස් ‘ආගම’ මිනිස් චින්තනයේ ඵලයක් මිස දෙවියන්ගේ ඵලයක් නොවන බව පෙන්වූයේ මෙම තතු යටතේය. මෙම නව සන්දර්භය තුළ ආගමට හිමිව තිබූ විචාරක ආස්ථානය මාක්ස්වාදය විසින් ලබා ගත්තේය.

‘සමාජ විචාරය’ පටන් ගත යුත්තේ ආගම විචාරය කිරීමෙන් යන අදහස මාක්ස් රෝපණය කරන ලද්දේ ඉහත ඓතිහාසික පරිවර්තනය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. මාක්ස් ‘ප්‍රාග්ධනය’ කෘතිය තුළ යේසුස් වහන්සේගේ උද්ධෘත පාඨයක් මෙසේ උපුටන්නේ එනිසාය.

“ඔවුන් දන්නෙ නැහැ, ඔවුන් කුමක් කරනවාද කියා’’

යේසුස්වහන්සේ එතුමා ජීවත් වූ යුගයට සාපේක්ෂව ඉහත පවසන්නේ සත්‍යයකි. ඉන් අදහස් වන්නේ රෝම සොල්දාදුවන් එතුමාට ඇණ ගසන්නට යන විට ඔය ඔවුන් කරන්නේ දැනුමකින් තොරව, යම් විශ්වාසයකි. එතුමා කියන්නේ ඔවුන් එය නොදන්නා නිසා කරන බවයි.

20 වැනි සියවස මැදභාගය වන විට දෘෂ්ටිවාදයෙන් ගැලවීමට දැනුම අවශ්‍යය යන අදහස ජර්මානු දාර්ශනික පීටර් ස්ලෝටර්ඩයික් විසින් අභියෝගයට ලක් කරන ලදී. ඔහුගේ දෘෂ්ටිවාදය පිළිබඳ නවීකාරක අදහස පහත දැක්වේ.

“ඔවුන් දන්නවා ඔවුන් කුමක් කරන්නේද කියා,
නමුත් ඔවුන් එයම කරමින් සිටිනවා’’
(නරුමවාදය)

ඒ අනුව මාක්ස්වාදය පවා නරුමවාදීන් අතට පත්වීමට ඉඩක් ඇත. ධනවාදය සහ තමන් අතර යම් පරතරයක් තබාගෙන සිටින මිනිසුන්ට ප්‍රබුද්ධ ව්‍යාපෘති හරහා කිසිවක් කළ නොහැකිය යන ආස්ථානය මින් ස්ථිර වෙයි. මින් අදහස් වන්නේ ‘මනස’ යනුවෙන් වූ ස්ථිර, අචල, පාරගම්‍ය දෙයක් පවතින්නේ නැත යන්නය. තේරුම් ගන්නට මනසක් නැති තත්ත්වය තුළ (මනස යනු වෙන කෙනෙකු සතු යැයි අප හිතන ඔහුගේ/ ඇයගේ සිතිවිලි ගොනුවයි) මේ යුගයේදී මනෝ විද්‍යාඥයාට සහ මනෝ චිකිත්සකයාට කරන්න තිබෙන්නේ දෘෂ්ටිවාදී කටයුත්තකි.

උමාලි තිලකරත්නට ‘මනස’ යනුවෙන් සාරාත්මක දෙයක් නොපවතියි. එබැවින් ඇයට මනසක් නැත. එනිසා ඇගේ මනස සංශ්ලේෂණය කරනවා කියා දෙයක් නැත.

උමාලි තිලකරත්න යනු ෆැන්ටසියකි. ෆැන්ටසිය යනු අනෙකාගේ ආශාවේ ප්‍රහේලිකාවට අප ලබා දෙන පිළිතුරයි. උමාලි යනු ඇය ආදරය කළ අර කී ටෙලි නාට්‍ය නළුවාගේ ආශාවේ ප්‍රහේලිකාවට ඇය ප්‍රබන්ධ කළ පිළිතුරයි. අප අවිඥානය කියන්නේ එයටයි. එවිට අවිඥානය යනු ඇයට බාහිරින් පවතින දෙයක් මිස ‘ඇය’ තුළ සැඟ වී පවතින්නක් නොවේ. මනෝ විශ්ලේෂණය භාෂාව මත පදනම් වන විශ්ලේෂණ ක්‍රමයකි. එයට ඖෂධ හෝ Therapy සම්බන්ධ යැයි සිතීම දෘෂ්ටිවාදයට ඇතුල් වීමකි. මහේෂ් කරන්නේ මිනිසුන්ගේ බාහිරට යොමු වී අවිඥානය විශ්ලේෂණය කිරීම මිස ආගමට යොමු වූ ප්‍රතිකාර ක්‍රමයක් යෝජනා කිරීම නොවේ.

බටහිර දාර්ශනිකයකු වන ස්ලාවෝජ් ජිජැක් දෘෂ්ටිවාදයට තෙවන මානයක් හඳුන්වා දෙයි. එය පහත පරිදිය.

“ඔවුන්ට තමන් කරමින් සිටින දෙය ගැන දැනුමක් තිබේ. එසේ නමුත් ඔවුන් එයම කරමින් සිටිති. එසේ කරන්නේ ඉන් ලැබෙන අවබෝධය නිසා නොව ඉන් ලැබෙන විනෝදය නිසාය’’

ගෝලීයකරණයේ දෘෂ්ටිවාදය සහ ජිජැක්ගේ දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම සම්පාත වන්නේ ඉහත නිර්වචනය තුළය. ගෝලීය ධනවාදී ක්‍රමය ස්ථාපිත වනතුරු ආගම ධනවාදය හරහා විනෝද වන ආකාරය ඉගැන්වීය. එබැවින් ආගම දෘෂ්ටිවාදයකි.

නමුත් රැඩිකල් ඉස්ලාම්වාදය, රැඩිකල් සිංහල-බෞද්ධ ජාතිවාදය, බටහිර කොන්සර්වේට්වාදය වැනි දේශපාලන බලවේගවල මූලය වන්නේ ‘ආගම’ දෘෂ්ටිවාදය විචාරය කිරීමේ මාර්ගයක් ලෙස සැලකීම තුළය. මෙම තත්ත්වය මගින් සනිටුවහන් වන්නේ මාක්ස්වාදය මගින් ප්‍රකට කළ ආගම පිළිබඳ විචාරයේ කණපිට පැත්තයි. එනම් ආගම නූතන ධනවාදයේ තතු යටතේ දෘෂ්ටිවාදයක් නොව දෘෂ්ටිවාදය විචාරය කිරීමේ අවියක් බවට පරිවර්තනය වී ඇත යන්නය. මෙය ‘ආගම’ පිළිබඳ දයලෙක්තික අදහසකි. ආගම අතීත ධනවාදය තුළ දෘෂ්ටිවාදයක් වුවත් සමකාලීන ගෝලීය ධනවාදය තුළ විමුක්ති මාර්ගයක් ලෙස සටහන් වන බවය. ඉන් අදහස් වන්නේ ආගමේ සංස්ථාපිතයන් ගැන නොවේ.

උමාලි තිලකරත්න ඇගේ ටෙලි නාට්‍ය පෙම්වතාව අවිඥානව ෆැන්ටසිකරණය කරන්නේ නිදහස හෝ විමුක්තිය උදෙසා නොවේ. ඇය ඔහුව ෆැන්ටසිකරණය කරන්නේ ඔහු හරහා විඳ වීමටය. (Suffering) ඇය සමාජයෙන් අනන්‍යකරණය ලැබෙන්නේ මෙම විඳවීම හරහාය. අතුල අධිකාරිගේ දෙවැනි බිරිඳට අනන්‍යතාවය එන්නේ විඳවීම හරහා මිස ගැලවීම හරහා නොවේ. ආගම යනු අද අප මේ ජීවත් වන යුගයේ විවිධ අවිඥානක විශ්වාසයන් පොරොන්දු වන විඳවීම් විචාරයට ඇති එකම මාර්ගයයි. ධනවාදය සමතික්‍රමණය කිරීමේදී ආගම යනු විප්ලවකාරී විධික්‍රමයකි. මන්ද ‘ආගම’ සහ ‘මනෝවිශ්ලේෂණය’ යන දෙකම විඳ වීමෙන් ප්‍රීති වන බව පෙන්වා දීම නිසාය.

Deepthi

Lankanewsweb

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. මහේශ් සද්ගුරු මුනි උඩ දාපු නිසා මම ඇහැවුවෙ දීප්ති ගෙ මතය මොකක්ද සද්ගුරු මුනි ගැන කියල, මේ සද්ගුරු ගැන නෙවෙයි නෙ ලියල තියෙන්න

    මහේශ්
    “මාක්ස්වාදය පවා ගමන් කරන්නේ ඉහත සාමුහික මොඩලය දිශාවට ය. නමුත් බුදුන් වහන්සේ පවසන්නේ තමා විසින් ම සත්‍ය ගවේෂණ කල යුතු බවයි. විමුක්තියේ අත්දැකීම ලැබිය හැක්කේ තනි පුද්ගල ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසය. ලෝකය පිළිවෙල කිරීමට බටහිර ලෝකය උත්සුක වෙද්දී පෙරදිග උත්සාහ කලේ අද්විතීය මිනිසෙක් නිෂ්පාදන කිරීමට බව සත්ගුරු පවසන්නේ මේ නිසාය.”
    සරල ප්‍රශ්නයක් අහන්නෙ දීප්තිගෙන්, හෙගල් ද සද්ගුරු ද

  2. දීප්තිට හරි මහේෂ් ට හරි මේ කතාව විශ්ලේෂණය කරන්න පුලුවන්ද?
    https://en.wikipedia.org/wiki/Charles_Whitman

    මේ චාර්ල්ස් වයිට්මන් ගැන විස්තරයේ මෙහෙම තියනවා:
    At 6:45 p.m., Whitman began typing his suicide note, a portion of which read:

    I do not quite understand what it is that compels me to type this letter. Perhaps it is to leave some vague reason for the actions I have recently performed. I do not really understand myself these days. I am supposed to be an average reasonable and intelligent young man. However, lately (I cannot recall when it started) I have been a victim of many unusual and irrational thoughts. These thoughts constantly recur, and it requires a tremendous mental effort to concentrate on useful and progressive tasks.

    ඔහු ලියනලද ලිපියේ මේ කොටසින් අපට වැටහෙන දෙයක් තමයි චාර්ල්ස් ඔහුගේ විනාශකාරී සිතුවිලි, ඔහුටම තේරුම් ගන්නනට නොහැකි සිතුවිලි සමග කාලයක් පොරබදමින් ඉඳල තියෙන බව. මේ සිතුවිලි චාර්ල්ස්ට පහල වෙන්න පටන්න ගන්නේ යම් කාලයක ඉඳන් එතෙක් ඔහුට එහෙම ප්‍රශ්නයක් නැහැ. අවසානයේදී ඔහුට සිදුවෙනවා ඔහු තුලින් එන මේ “ඔබ මිනිමරා විනෝදවන්න” කියන විධානයට අවනත වෙන්න. එහෙමනම් අපට නරුමවාදය ගැන අලුත් අර්ථකතනයක් දෙන්න වෙනවා.

    එනම් “ඔවුන් දන්නවා ඔවුන් කුමක් කරන්නේද කියා, නමුත් ඔවුන් එයම කරමින් සිටිනවා ඒ එසේ කරන්න කියන ඔවුන්ට ඔවුන් තුලින් ඇසෙන විධානයට අවනත වීම හැර වෙන විකල්පයක් නැති නිසා’’

    අනෙත් අතට මේකම නේද ෆ්‍රොයිඩ් ‘drive’ එක කියන්නේ?
    උදාහරණයක් හැටියට මේ හන්දම නේද Steve Jobs, Che Guevara වගේ අය ශේෂ්ට්‍රයින් වෙන්නෙත්?
    එහෙමනම් මේ හඬ කෙනෙක් ගේ ජීවිතය අවුල් කරන්නත් තව කෙනෙක් ජීවිතය අති සාර්ථක කරන්නත් හේතුවන මුල සාධකය මොකක්ද?

    දීප්ති ඉහත ලිපියේදී කියනවා “…අවිඥානය යනු ඇයට බාහිරින් පවතින දෙයක් මිස ‘ඇය’ තුළ සැඟ වී පවතින්නක් නොවේ” කියලා. නමුත් මේ ‘හඬ’ ඇහෙන්නේ අප තුළින් [සුපිරි අහම??] නේද?

    • Center of superego is not conscious. Problem of suicide is a proof of Big-other. He destroys his life because of something more- enjoyment.
      Inner voice is created and read as ”outer world” by mind. Remember Norman Bates mother’s voice.That voice came as a gaze or command of mother.

  3. In religion, the absolute manifests itself in representation or through a metaphorical thought, superior to sensible intuition because it is more detached from matter but inferior to the concept. It still uses myths and rituals, without being able to grasp the dialectical essence of truth. Religion tends to the pure thought of the infinite, but it is a failed attempt, because it is limited by the use of the exterior forms of religious representation. This situation is repeated continuously in the lives of the faithful who aspire to merge with God but know that it is impossible (unhappy conscience). For Hegel, Christianity is the best form of religion because God is caught as a pure spirit and the dedication to moral duty and inner life is a priority, so it is very close to philosophical concepts.

Comments are closed.