පසුගිය කොවිඩ් සමයේ හුදෙකලා මොහොතක, ‘ලංකාවේ නව ප්‍රති-ජාතිකවාදී චින්තනයේ දස වසක්’ යන මැයෙන් 90 දශකයේ චින්තන ඉතිහාසය ගැන කෘති දෙකක් පළ විය. ඉන් ප්‍රථම වෙළුම තුළ සංගෘහිත වී ඇත්තේ, 80 දශකයේ ලංකාවේ බුද්ධිමය නිර්මිතය යි. එහි මාස්ටර් හැඟවුම්කාරකය වන්නේ, නිව්ටන් ගුණසිංහ ය. ඒ පිළිබඳව අපට විවාදයක් නැත. ගැටලුව එන්නේ, දෙවන වෙළුම අරභයා ය. එහිදී, කෘතියේ සංස්කාරකවරයා වන නිර්මාල් රංජිත් දේවසිරි විසින් ගම්‍යමාන කරන්නේ, 90 දශකයේ දී මාස්ටර් හැඟවුම්කාරකයක් වෙනුවට විකේන්ද්‍රණයක් (De-centering) පෙන්නුම් කිරීමට ය. එහිදී, ඔහු දෙවන වෙළුම නලින් සුවාරිස්ට කැප කරන අතර තරුණ ක්‍රියාධරයින්ට දැවැන්ත බුද්ධිමය උත්තේජනයක් ඔහු සැපයූ බව පවසයි. ඔහු එතැනින් නතර නොවී, ඔහුගේ පුද්ගලික ජීවිතයට ද උත්තේජනයක් සැපයූ බව පවසයි.

            කෙනෙකු කිසියම් බුද්ධිමය සංස්කෘතියක් අරභයා තම ”ආත්මීය ඡන්දය” ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පැහැදුවාට අපට කම් නැත. නමුත්, පොදු භාවයකට හෝ වාස්තවික පද්ධතියකට ආත්මීය එන්නත්කරණය කිරීමක් කරන්නේ නම් අපි න්‍යායිකව ඊට විරුද්ධ ය. 

           අපිට නලින් සුවාරිස් හමු වූයේ, මේ සියලු මහත්වරුන්ට ප්‍රථමව ය. ඒ, 1989 අග හෝ 1990 මුල දී ය. ස්ථානය වූයේ, විලාසිතා නිවස අසළ වූ ක්‍රිස්තියානි කවුන්සිලයට අයත් ‘සාමයික කේන්ද්‍රය’ නම් ස්ථානය යි. මේ සිදුවීම දන්නේ, එම ආයතනයේ ලේකම් ලෙස එවකට රාජකාරි කළ මාර්ෂල් ප්‍රනාන්දු මහතා සහ බිෂොප් කෙනන් ප්‍රනාන්දු පියතුමා ය. මට මුලින්ම නලින් සුවාරිස් හමු වන්නේ, මාර්ෂල්ගේ ඉල්ලීම පිට බිෂොප් නිවසේදී ය. එදින, නලින් සමඟ සාකච්ඡාවට අහම්බයකින් දීපාල් චන්ද්‍රරත්න මහතා ද සහභාගි විය. සංවාදයේ දී, මම ඒ කාලයේ පුරුද්දට මෙන් යොදන ෆූකෝ, ඩෙරීඩා, ලැකාන් නම් වචන විසි කළෙමි. ඔහු ඒ ගැන ඒ මොහොතේ අසාවත් තිබුණේ නැත. ඊට වසර එකහාමාරක පමණ කාලයකට පසුව, නලින් සුවාරිස් ලංකාවට නැවත පැමිණි අතර ඒ වන විට ඉහත චින්තකයන්ගේ කෘති ඔහු උඩින් පල්ලෙන් කියවා තිබුණි.

           ලංකාවේ ව්‍යුහවාදී චින්තනය 90 දශකයේ මුල ආරම්භ කරන විට දී තිබූ මූලික ගැටලුව වූයේ, පොත් නැතිකම ය. අනෙක් ගැටලුව වූයේ, ‘සංඥාව’ පිළිබඳ වන පාරභෞතික මානය යි. නලීන් සුවාරිස් යනු, හිටපු දේවධර්මාචාර්යවරයෙකි. ඔහුට ලතින් භාෂාව ගැන තිබූ ප්‍රවීණත්වය නිසා, ඔහු විසින් Sign යන වචනය සතු ක්‍රිස්තියානි අදහස විදාරණය කරන ලදී. රොහාන් පෙරේරා ව්‍යුහවාදය තුළ Sign යන වචනය යොදා ගත්තේ, ‘සන්නිවේදනය’ නම් සන්දර්භය තුළදී ය. අප විසින් සිදු කළේ, මෙම විග්‍රහ දෙක සංස්ලේෂණය කිරීමයි.

           ‘නලීන් සුවාරිස්’ විසින් පසුව සකස් කරන ලද්දේ, අප දෙගොල්ලන් විසින් එකට එක් වී සාකච්ඡා කළ කරුණුවල සාරය යි. එහිදී අපට ඩෙරීඩාගේ දර්ශනය පිළිබඳව තිබුණේ, අල්ප අවබෝධයකි. ඒ නිසාම, ඩෙරීඩා පිළිබඳ නලීන්ගේ වැරදි කියවීමට අප ද එකල යටත් විය. නලීන් සුවාරිස්ගේ ඩෙරීඩා පිළිබඳ කියවීම දෝෂ සහගත බව පෙන්වීම අද ඉතා පහසු ය. ඒ සඳහා, පොත්පත් සහ විචාර ග්‍රන්ථ ඕනෑතරම් ඇත. ගැටලුව වන්නේ, එය නොවේ. නලීන් සුවාරිස් සිංහල ජාතිවාදීන්ගේ ගොන්නට අවසානයේ ඇද වැටීමයි. ඉන්දියාවේ ‘නවයාන’ මුද්‍රණ ආයතනය විසින් ප්‍රකාශිත සුවාරිස්ගේ පොත නිසා ඔවුන් ඉතාම දුෂ්කර අඩවියකට වැටී ඇත. මන්ද, ජාතිවාදයට සහ කුලවාදයට එරෙහිව ඔවුන් සටන් කරන ප්‍රකාශන කණ්ඩායමක් නිසා ය. සමන්ත හිත්තැටියලා මේ ඉතිහාස කතාව දන්නේ නැත.

       ගැටලුව ආරම්භ වූයේ, ‘වියමන් වල’ අර්ථය සොයන දාර්ශනික සම්ප්‍රදායට අයත් සුනිල් විජේසිරිවර්ධන සහ කුමුදු කුසුම් කුමාර මැදට පැනීම නිසා ය. ලැකාන් පරිදිම ඩෙරීඩා ද අයත් වන්නේ, ‘අර්ථකතනවේ දී සම්ප්‍රදායට’ නොවේ. ඔවුන් දෙදෙනාම සාකච්ඡා කරන්නේ, ‘යථ’ [Real] නොහොත් සංකේත රටාව බිඳ වැටෙන ස්ථානය ගැන ය. අර්ථකතනවේදය සහ විසංයෝජනය අතර ඇති සියුම් වෙනස නිසා සුවාරිස් ඩෙරීඩාව අර්ථකතන පෙළඹුමක් කරා ගෙන යයි. අනෙක් පසින්, සුවාරිස් ඩෙරීඩාව ආගම හරහා යළි පාරභෞතිකවාදයකට කැඳවාගෙන යයි.  

        සුවාරිස්ට වඩා හොඳින් ඩෙරීඩාව සිංහලෙන් අර්ථකතනය කළ කෙනෙක් ලෙස නිහාල් පීරිස් සැළකිය හැකි ය. ඔහුගේ ”අමරදේවලා, රූකාන්තලා” කෘතියේ දී, ඔහු විසින් ඩෙරීඩා ගැන සුවාරිස්ට වඩා නිවැරදි න්‍යායික විග්‍රහයකට යන ලදී. (එහි කොටසක් පහත පළ වේ)

Document-2022-01-26-75102 AM

 

        අප සමඟ ඇති පුද්ගලික කෝන්තරය පසෙකට තැබූවත්, දේවසිරි මහතා 90 දශකයේ බුද්ධි සම්ප්‍රදාය ඉතිහාසකරණය කර එහි ඇති ‘ආපතික අනෙකා’ මකා දමයි. එමගින් සිදු වී ඇත්තේ, න්‍යායික කෘතියක් දෘෂ්ටිවාදී අදහසකට ඌනනය වීමයි. දේවසිරිට අනුව, සුවාරිස් ඩෙරීඩාගේ චින්තනය ගැන පවසන දේවල් නිවැරදි ය. ඩෙරීඩාගේ කෘති කියවූ අයට අනුව, සුවාරිස් ඩෙරීඩාගේ සංකල්ප වටහාගෙන නැත. ඒවා අයත් වන්නේ, ඩෙරීඩා විවේචනය කළ ‘විද්‍යාමාණයන්ගේ පාරභෞතික’ [Metaphysics of Presence] කලාපයට ය. කුමුදු කුසුම් කුමාර ද ඩෙරීඩාගේ පොතක් කියවා නැතිව චණ්ඩියෙක් වී ඇත. ඒ අනුව, දේවසිරි ව්‍යාජ සළුපිළි පොරවාගත් කපටි මිනිසෙක්ගේ යුගයක් නියෝජනය කරන සුධීමතෙක් කොට ඇත. මෙය, නරුමවාදයකි. එය, දේවසිරි අයත් ග්‍රාමීය පහළ මැද පන්තියේ ලෝක දෘෂ්ටිය යි. 

               පහත පළ වන ‘ඩෙරීඩා පිළිබඳ ලියවිල්ල’  හරහා අවශ්‍ය කෙනෙකුට සුවාරිස්ගේ දෝෂ අවබෝධ කරගත හැකි ය. 

+++++++++++++++++++++++++++++++

2500 හෙළ ඉතිහාසයේ අවසානය පටන්ගෙන ඇත.

 
නැවතත් දිගු විරාමයකින් පසුව තමයි මේ ලියන්නේ. වෙලා ගියේ ඉදිරි ලිපි සඳහා සිදුකරන ලද අධ්යන කටයුතු වලට කාලයක් වැය කිරීමට සිදු වූ නිසා. මම විසින් ලියපු කලින් ලිපියේ අපි ව්යුහවාදයේ එන “සංඥාව Sign” නමැති සංකල්පය ගැන කතා කලා. මේ ලිපිය එතනින් තව ටිකක් ඉදිරියට යෑමක්.
 
අපි කෙටියෙන් “සංඥාව” ගැන නැවත මතක් කිරීමක් කලොත්, සංඥාව කියලා කිව්වේ එළියේ තියෙන දෙයක් අපි මනසට ධාරණය කර ගන්නේ සංඥාවක් හරහා කියලා. සංඥාවට කොටස් දෙකයි. ඒ හැඟවුම්කාරකය සහ හැඟවුම. පොල් ගහ කිව්වහම “පොල් ගහ” කියන උච්චාරණය කරන්න පුළුවන් වචනය හැඟවුම්කාරකය (Signifier) ලෙසත් “පොල් ගහ” කිව්වහම අපිට එන මානසික ප්රතිරූපය හැඟවුම (Signified) ලෙසත් හඳුන්වනවා. මෙහිදී තව එක් වැදගත් කරුණක් තමයි අපි සැමවිටම එළියෙ තියෙන දෙයක් තේරුම් ගැනීමට යද්දි නැතිනම් වටහා ගැනීමට යද්දි අපි හැමවෙලේම නතර වෙන්නේ එම එළියේ ඇති දෙය පිළිබඳව සෑදුණු සංකල්පයක් (Concept එකක්) ගාව කියන එක. අපිට කිසිම දෙයක එහි තුලම වූ සාරයකට ළඟා විය නොහැකි අතර “පොල් ගහ” යනුවෙන් අප වටහා ගන්නේ සංකල්පයක් පමණි.
සෝෂියර්ගේ ”සාධාරණ වාග් විද්යාව” (General Linguistics) තුලදී කතාකෙරෙන දෙයක් තමයි මෙසේ අපගේ මනස සමඟ සම්බන්ධ වන සංඥා වලට අර්ථය ලැබෙන්නේ එම සංඥා අනෙක් සංඥා සමඟ (අඹ ගස, පේර ගස, කොස් ගස…) දක්වන වෙනස නිසා වන අතර නැතුව එහිම වී පවතින සාරයක් නිසා නොවන බවයි. එනයින් අපට කිව හැකියි අපගේ Thinking Process එකේ තැනුම් ඒකකය වන්නේ සංඥාව එහෙම නැත්නම් භාෂාව කියල.
 
මෙහිදී බොහෝ ව්යුහවාදය දන්නවා කියන අයද වරද්දා ගන්නා Point එකක් තමයි අපගේ ඔළුවේ ඇතුලේ තියෙන අදහසක් එළියේ තියෙන වචනයකට ගැටගසා එළියට දානවා කියලා. ඒ කිව්වේ මනසේ තියෙන හැඟවුමට සම්බන්ධ කරන හැඟවුම්කාරකය එළියේ ඇති දෙයක් කියලා. (හැඟවුම යනු මනසේ සිතුවිල්ලට ළඟ දෙයක් සහ හැඟවුම්කාරකය යනු එම සිතුවිල්ල එළියට දාන්න හදලා තියෙන වචනයක් කියන එක) නමුත් මෙම හැඟවුම සහ හැඟවුම්කාරකය අතර ඇති සොෂියරියානු සම්බන්ධ ඩෙරීඩා විසම්බන්ධ කරනවා. (තවත් ඩෙරීඩා සම්බන්ධයෙන් බොහෝ අය පවා වරද්ද ගන්නා දෙයක් නම් “මෙය ඩෙරීඩා විසින් හඳුන්වාදුන් අලුත් දෙයක් නැතහොත් සොෂියර් කිව්වට වඩා දෙයක් ඩෙරීඩා විසින් කීමක්” ලෙස පැවසීමයි. නමුත් ඩෙරිඩාගේ විසංයෝජනය තුලින් කියවෙන්නේ කතිකාවක් තුල කේන්ද්රයකට මධ්යගත වී ඇති සංඝටක (elements) වල මධ්යගතවීම කතිකාව තුලින්ම විමධ්යගත කර හැකි බවයි. එනම් ඩෙරිඩා විසින් සොෂියර්ගේ න්යායන් විචාරය වන්නේ සොෂියර්ගේ න්යායන්ගෙන්ම මිස අලුතින් නිර්මාණය කරන ලද දෙයකින් නොවන බවයි. මෙය දර්ශන අශෝක් කුමාර යන ඩෙරීඩා සම්බන්ධ “ගෞරවාන්විත” දාර්ශනිකයා තවමත් දන්නේ නැත)
එම විසම්බන්ධය නම් හැඟවුම සහ හැඟවුම්කාරකය අතර අනිවාර්ය සම්බන්ධයක් නැත යන්නයි. ඇත්තේ Play එකකි. එනම් මනස ඇතුලත හැඟවුම්කාරක වලට පෙර පවතින හැඟවුමක් නැති අතර හැඟවුම , එක් හැඟවුම්කාරකයක් තවත් හැඟවුම්කාරක වලට ලෙස්සා යාම තුලින් බිහිවීමයි. උදාහරණයක් ලෙස ඔබ ඉංග්රීසී පොතක් කියවන විටදී නොදන්නා වචනයක් හමුවුන විට ඔබ ශබ්ද කෝෂය පෙරලා එහි තේරුම සොයයි. නොදන්නා බව යනු එම වචනයේ අර්ථය තවම ඔබ නොදන්නා බවයි, මොකද එම වචනය කියවූ පසු ඔබට එයින් හැඟවුමක් මනසට එන්නේ නැති වීමයි. එමනිසා ඔබ ශබ්ද කෝෂය පෙරලන්නේ හැඟවුමක් ජනනය කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඔබට එහිදී හමුවන්නේ තවත් වචන කිහිපයක් පමණි. එනම් හැඟවුම්කරක වලට පෙර පුර්වජ මානසික සිතුවිල්ලක් නොමැති බවයි. මෙහිදී “Play එක” යන්න මෙසේ විස්තර කල හැක. එනම් එක හැඟවුම්කාරකයකට එයට පමණක් අදාල වන හැඟවුමක් නොතිබීමයි. අපි එය සරල උදාහරණයකින් වටහා ගැනීමට උත්සාහ කරමු. “ගහනවා” යන වචනයට දියහැකි අර්ථ දිහා අපට බැලිය හැක. එයට “යමෙකුට පහර දෙනවා යන අර්ථයක්” තිබිය හැක. තව game ගහනවා ඇණ ගහනවා වැනි අර්ථද ඇත. සහ චින්තන ධර්මදාස වැනි Sex ගුරුන් එය වෙනමම අර්ථයකින්ද භාවිතා කරයි. මෙය භාෂාව වැඩ කරන විදිහයි. භාෂාව තුල ඇති Play එකයි. අපගේ මනස තුල ඇති සංකල්ප සෑදෙන්නේ මෙම අපට බාහිරින් ලැබී ඇති භාෂාව නිසා සංකල්පය තේරුම් ගැනීමට මෙම භාෂාවේ ක්රියාකාරීත්වය වටහා ගැනීම වැදගත් වෙයි.
 
භාෂාව function වීම යනු මෙම “Play වීම” සිදුවීම සහ Play එක නවත්වා ගැනීමයි. අපි ලෝකය පිළිබද අර්ථ නිපදවාගන්නේ නැත්නම් උදාරහණයක “ජීවත් වෙනවා කියන්නේ මොකක්ද ?” වැනි බැරෑරුම් ප්රශ්න වලට පවා අර්ථ සපයාගන්නේ මෙම ක්රියාවලිය හරහාය. මෙය මම අත්විදපු සිදුවීමකින් පැහැදිලි කරන්නම්. අපේ රටේ සාමාන්ය ජනතාවගෙන් බොහොමයක් කිසියම් ආගමක් අදහයි. ඔවුන් “ජීවත් වීම” සම්බන්ධයෙන් අර්ථ සපයා ගන්නේ එම ආගමික මතවාදයන්ට අනූවය. මාගේ ළඟ නෑයෙකු හට මොලයේ සංකීර්ණ ශල්යකර්මයක් කිරීමට සිදුවිය. ඔහු භෞතික විද්යා මහාචාර්යවරයෙකි. නමුත් ඔහුගේ පවුලේ උදවිය සහ අනෙකුත් හිතවතුන් සාමාන්ය මිනිසුන්ය. සාමාන්ය මිනිසුන් ලෙස සිටින අය ඔහු අසනීප වුණ විට ඔහුගේ ශල්යකර්මය සාර්ථක වීම පතා දෙවියන් ඇදහුවේය, බෝධි පුජා පැවැත්වූයේය, හඳහන් බැලුවේය. ඔවුනට සිදුකළ හැකි සියලු සෙත් පැතීම් ඔහු වෙනුවෙන් සිදු කළේය. මේ යනු ඔවුන් ලෝකය යනු කුමක්ද යන්න තේරුම් ගත් ආකාරයයි.
 
මෙය අප සියලු ආගම් වලට අදාල වන ලෙස “ආගමික මතවාදයකට අනූව ලෝකය තේරුම් ගැනීම” ලෙස හැදුන්වමු. එවිට ඊට අනූව සිදුවන සෑම දෙයකටම ආගම විසින් ඔවුනට අර්ථයක් නිපදවා ගත හැක. මෙය සරලව වටහා ගැනීමට බටහිර ලෝකයේදී Enlightenment යුගයට පෙර යුගය උදාහරණයක් ලෙස දැක්විය හැක. මේ යුගයේදී සියලු සිදුවීම් වලට අර්ථය සපයා ගැනීමට දෙවියන්/God මූලික විය.
 
උදා : කෙනෙකුට කුමක් හෝ කරදරයක් සිදුවීම. මෙය තේරුම් ගැනීමට අසල ලද ප්රශ්නය : ඇයි එසේ වුනේ ?
පිළිතුර : දෙවියන්ගේ කැමැත්ත.
 
කෙනෙකුට හොඳක් සිදුවීම , ඇයි එසේ වුණේ? ඒකත් දෙවියන්ගේ කැමැත්ත…
 
මෙහිදී දෙවියන් යනු අර්ථය සපයන “මධ්යයක්, Center එකක්” ලෙස හැඳින්විය හැක. මෙහිදී ශල්යකර්මයෙන් පසුව සුව වී නිවසට පැමිණි මහාචාර්යවරයා පැවසුයේ බෝධිපුජා, හඳහන් බැලීම්, වෙලාවල් බැලීම් යනු සියල්ල මිත්යා විශ්වාසය බවයි. ඒවායේ කිසිදු සත්යයක් නැත සහ එවැනි කිසිම දෙයක් විද්යාත්මකව ඔප්පු වී නැත යන්නයි (මා සිටින්නේ ද මේ පැත්තේය). ඔහු ඔහුගේ භෞතික විද්යා පසුබිමක් සමග සියල්ල “විද්යාව” ට අදාල වන ලෙස තේරුම් ගනී. නමුත් මෙහිදී පෙන්විය හැකි සුවිශේෂ කරුණ වන්නේ මේ දෙකෙහිම අන්තර්ගතයක් වෙනස් වුවද (ආගමික මතවාදය , විද්යාව) ඒවායෙහි ආකෘතික වශයෙන් ඇති සමාන බවයි. එනම් මේ දෙකෙන්ම සිදුවී ඇත්තේ ලෝකය යනු කුමක්ද නැතිනම් ජීවත්වීම යනු කුමක්ද යන අපගේ ප්රශ්න වලට පිළිතුරු ලබාදීමයි. එනම් මේ දෙපැත්තේම සිටින අයගෙන් ලෝකය යනු කුමක්ද යන්න ප්රශ්නයට ලැබෙන පිළිතුරු පටන් ගැනීමට නියමිත වන්නේ “විද්යාවට අනූව ලෝකය යනු” නැත්නම් “අපේ ආගමට අනූව ලෝකය යනු” යන හැඟවුම්කාරක වලිනි. නමුත් කෙනෙක් දිගින් දිගටම ප්රශ්න කලොත් මේ හැඟවුම්කාරක පිටුපස ඇති හිස් බව පෙනී යනු ඇත. නව දැනුම බිහිවන්නේ එලෙසිනි. ව්යුහවාදයේදී අප ඉගෙන ගත යුතු වන්නේ මේ විදියට වැඩ කරන භාෂාවේ ආකෘතියයි (center and play).
මේ සිදුවීමේදී හාස්යජනක සිදුවීමක්ද සිදුවිය. එයනම් මේ භෞතික විද්යා මහාචාර්යවරයා සමඟ එකට වැඩකරන අනෙකුත් භෞතික විද්යා මහාචාර්යවරුන් විසින් විශාල වියදමක් දරා මොහුගේ සුවවීමට සෙත්පතා සතියක බෝධිපුජා පිංකමක් සිදුකර හරකුන් දෙදෙනෙක් නිදහස් කිරීමයි. (An undecidable) මේ සිදුවීමෙන් පෙනී යන්නේ මා ඉහත විස්තර කරන ලද මධ්යගත වීමේ දෙකෙහිම (ආගම, විද්යාව) පිටුපස ඇති හිස් බවයි.
 
දැන් අපි ඉතිහාසය වෙතට එමු. ඉතිහාසය තුලද ඇත්තේ මෙවැනි මධ්යගතවීමයි. ඒවා කුමන හෝ වේලාවක විමධ්යගත වියද හැක. අපට ඉතිහාසය පොතක් ගෙන කියෙව්ව පමණින් එම ඉතිහාසය වටහා ගත නොහැක. එයට දාර්ශනික පදනමක් ද අවශ්ය වෙයි. ලංකාව තුල ඉතිහාසය ගැන කතා කරන අය බොහෝ සේ සිටිය ද , ඔවුන් එය කරන්නේ දාර්ශනික පසුබිමක සිට නොවෙයි. ලංකාවේ විශ්ව විද්යාල තුල ඇති ඉතිහාස අංශ වල උගන්වන මහාචාර්යවරුන් ද ඉතිහාසය පිළිබද උගන්වන්නේ තාක්ෂණික විධික්රම පමණි. ඉතිහාසය කියවිය යුතු දාර්ශනික පදනමක් ඒවායෙහි නැත. එමනිසා අප ඉතිහාසය දෙස ව්යුහවාදය තුලින් බලමු. එය නම් ඉතිහාසය චලනය වන ආකෘතිය හදුනා ගැනීමයි.
 
භේගල් නැමැති දාර්ශනිකයා පැවසුවේ ඉතිහාසය චලනය වන්නේ අවිනිශ්චිත (Contingent) ආකාරයකට කියලා. ඒ කියන්නේ ඉතිහාසය තුල එක සිදුවීමක් වෙලා ඊළග සිදුවීම වෙලා තියෙන්නේ හරියටම මෙන්න මේ නිසා කියලා හරියටම එම සිදුවීම් දෙක අතර අනිවාර්යතා සම්බන්ධතාවයක් ගොඩනැගිය නොහැකි බවයි. එනම් අපි එසේ සාදා ගන්නා හේතුව පසු ආවර්තිකව සාදා ගන්නා එකක් බව සහ එම නිසා ඉතිහාසය තුල ඉතිහාසය පටන් ගන්නා මුල ලක්ෂයක් සෙවිය නොහැකි බවයි. අපිට ඊළගට ජනාධිපති වන්නේ කවුද යන්න උපකල්පනය කිරීම් සිදුකර හැකි අතර නමුත් හරියටම කිව හැක්කේ ජනාධිපතිවරණයෙන් පසුවයි. එවිට අපට දැන් සිදුවෙමින් යන සිදුවීම් වලට අර්ථයක් පසු ආවර්තිකව ගොඩ නගා ගත හැක. අපි ව්යුහවාදයට එන විට ඉතිහාසය යනු භාෂාව මුලික කරගෙන නිදපවුණු සංකල්ප ලෙස වටහා ගනී. එමනිසා අපට මේ චලනය හැඟවුම්කාරක ඇසුරෙන් ද වටහා ගත හැක. සොෂියර්ට අනූව එක් හැඟවුම්කාරකයක් අනෙක් හැඟවුම්කාරක වලට දක්වන සම්බන්ධය මත අර්ථය තීරණය වෙයි (Syntagmatic). හැඟවුම්කාරක දාමය තුළ ඊළගට එන හැඟවුම්කාරකය මගින් හැඟවුම්කාරක දාමයේ අර්ථය පසු ආවර්තිකව වෙනස් විය හැක.
උදා: “මම ගෙදර ගියා” යන වාක්යය පළවන වාක්ය ලෙස ගන්න. අපි මෙයට තව වචන එක්කර බලමු.
 
“මම ගෙදර ගියා ඊයේ රෑ”
 
දැන් අලුතින් එකතු කරපු හැඟවුම්කාරකය නිසා පළවන වාක්යයේ අර්ථය වෙනස් වී ඇත. දැන් තව වචන එකතු කර බලමු.
 
“මම ගෙදර ගියා ඊයේ රෑ කියල අරයට බොරු කිව්වා”
 
දැන් නැවතත් පළවන වාක්යයේ තිබූ අර්ථය වෙනස් වී ඇත. මෙහිදී අප දැනගත යුතු වැදගත්ම කරුණක් වන්නේ මෙසේ අර්ථය වෙනස් වූයේ අලුතින් එක්වුණු හැඟවුම්කාරකය නිසා වන අතර , නැතුව පළවන වාක්යයේ තිබුණු සාරාත්මක ගුණයක් නිසා නොවන බවයි. උදාහරණයකට 2020 මුලදී කොරෝනා වසංගතය පැමිණි නිසා සමහර කාලවලදී අපට නිවසට පමණක් වී සිටින්නට සිදුවිය. එහිදී බොහෝ දෙනා පැවසුයේ කොරෝනා වසංගතය නිසා අප සිරවී සිටින බව සහ කොරෝනා පැමිණීමට පෙර අප ඉතා සතුටින් චාරිකා යමින් අවන්හල් වලින් කෑම ගනිමින් සිටිය බවයි. නමුත් ඇත්තටම අපි කොරෝනා පැමිණීමට පෙර එසේ ඔය කියන තරම් සතුටක් බුක්ති විදිමින් සිටියාද ? චාරිකා ගිය එක සහ අවන්හල් වලින් ආහාර ගත්ත එක ඇත්ත. නමුත් එය අප නොදැන විඳි සතුටක් ලෙස අපට පසුආවර්තිතව දැනුනේ කොරෝනා වසංගතය (අලුත් හැඟවුම්කාරකය) පැමිණ අප නිවෙස් වල හිරවුණු නිසා නොවේද? (අර්ථය නැත්නම් හේතුව එන්නේ පසුආවර්තිතවයි). දැන් අපි හැඟවුම්කාරක දාමයේ තව ටික්ක ඉදිරියට යන්.
 
“කොරෝනා වසංගතය පැමිණි නිසා අපේ රටේ ආර්ථිකය ඉතා දරුණු තත්ත්වයකට ඇද වැටිණි. පිටරටකින් ණයක් නොදුන්නොත් ඉදිරියේදී ලංකාව බංකොලොත් බාවයට පත්විය හැක. එවිට අපට IMF (International Monitory Fund) වෙතින් සහය ලබා ගැනීමට යාමට සිදුවෙයි. එහිදී අපට ඔවුනගේ කොන්දේසි වලට යටත් වීමට සිදුවේ. එවිට ඔවුන් අපට නිසි ආර්ථික දැක්මක් දෙනු ඇත සහ මෙරට පාලකයන්ට ද වෙන් කිරීමට දෙයක් නොමැති නිසා එය අනුගමනය කිරීමට සිදුවනු ඇත. නිසි ආර්ථික ප්රතිපත්තියක් අනුගමනය කිරීම නිසා අවුරුදු 15 කින් පමණ අප හිතුවාටත් වඩා හොද ආර්ථිකයක් නිර්මාණය වුණි. මෙය සියල්ල පටන් ගත්තේ කෙරෝනා වසංගතය නිසයි.”
 
මේ මා විසින් කරන ලද උපකල්පනයක් පමණි. නමුත් මෙසේ සිදුවූවා යැයි සිතන්න. එවිට කොරෝනා වසංගතයට හිමිවී තිබුණු අනන්යතාවයට කුමක් සිදුවනු ඇතිද ? එයයි මෙතන්දී මම මතුකරන්න හදන Point එක. එසේ සිදු වුණහොත් අප තවදුරටත් කොරෝනා වසංගතය අපට නරකක් සිදු කර දෙයක් ලෙස නම් කරනු ඇත්ද ? නැත. එසේ වුවොත් දැනට නුදුරු ඉතිහාසයේ(2020) ඇති කොරෝනා වසංගතය අනාගතයේදී කොරෝනා වසන්තයක් ලෙසට එම අතීත අනන්යතාවය වෙනස් වනු ඇත.
 
දැන් ඔබට වැටහෙන්න ඕනේ ඉතිහාසය යනු මෙසේ පසු ආවර්තිකව සාදාගන්නා දෙයක් බව, ඉතිහාසය තුල ඇති මධ්යගත වීමක් කාලයක් සමග එය විමධ්යගත වී එයට අලුත් අනන්යතාවයක් හිමිවියහැකි බව. එමනිසා ඉතිහාසය තුළ මුල ලක්ෂයක් -සියල්ල සිදුවූනේ හරියටම කොහොම ද යන්න පෙන්නා දිය හැකි center එකක්- වෙත යා නොහැකි බව. තවද ඉතිහාසය තුල සිදුවී ඇති සිදුවීම් වලට එහිම වූ සාරයක් සහිත වෙනස් නොවන අනන්යතාවයන් නොමැති අතර, එසේ ඇති අනන්යතාවයන් පසු කාලයේදී පසුආවර්තිකව වෙනස් විය හැක. මෙසේ අර්ථය වෙනස් වීම නැත්නම් විමධ්යගත වීම Play වීම වේ.
 
මෙය අපට නැවත සංඥාවේ කොටස් දෙක වන හැඟවුම්කාරකය සහ හැඟවුම වෙතට ඌණනය කර පෙන්විය හැක. ඉතිහාසය තුල මෙසේ අනන්යතාවයක් ඇති සිදුවීමක් හැඟවුම්කාරකය ලෙසත් ඊට ඇති පසුආවර්තිකව වෙනස්විය හැකි අර්ථය හැඟවුම ලෙසත් ගත හැක. මෙම කොටස් දෙක භාෂාවේ ක්රියාකාරීත්වය තුල ඇති ප්රධාන අංග දෙක ලෙස ගත්තොත් මේ දෙකට අමතරව තවත් ප්රධානව අංගයක් ලෙස තුන්වැන්නක් ද නම්කළ හැක. එය නම් මේ දෙක (හැඟවුම්කාරකය සහ හැඟවුම) ඇති “සම්බන්ධය හා විසම්බන්ධය” නැත්නම් “අර්ථය මධ්යගත වීම හා එය Play වීම” නැත්නම් “එක් හැඟවුම්කාරකයට එක් නිශ්චිත හැඟවුමක් ලැබීම හා එය වෙනස්වීම” යන ආකෘතිමය ස්වභාවය පෙන්විය හැක. මෙම තුන් වැන්න නැතිනම් භාෂාව ක්රියාකාරී නොවනු ඇත. සහ අපගේ සිතීමේ ක්රියාවලියද ක්රියාකාරී නොවනු ඇත.
 
ලෙවී ස්ට්රවුස් (Levi Strauss) යනු බටහිර ලෝකයේ මානව විද්යාඥයෙකි. ඔහුගේ සුවිශේෂිත්වය වන්නේ ඔහු මානව විද්යාවට ව්යුහවාදය හදුන්වා දීමයි. (The 1st structural Anthropologist) ඔහු විසින් සමකාලීන සමාජයන්ට පෙර පැවති ආදී වාසී සමාජයන් (Primitive Societies) පිළිබඳ අධ්යයනයන් සිදුකරන ලදී. මෙහිදී ඔහු විසින් එම ආදිවාසී සමාජයන් තුල ඇති Myths (මෙයට අදාල හරිම සිංහල වචනය කුමක්ද යන්න සෙවිය යුතුය, දැනට ඇදැහිලි යන්න භාවිතා කරන්න) පිළිබද සිදු කරන ලද අධ්යනයේදී ඔහු කියා සිටියේ එම ඇදැහිලි සඳහා එහිම වු සාරාත්මක අර්ථයක නොමැති අතර එක් ඇදැහිල්ලක් තවත් ඇදැහිල්ලකින් වෙනස් වීම නිසා එයට අර්ථයක් ලැබෙන බවය. තව ද එම ඇදහිලි වල කාලානුරෑපය බැලුවහොත් ඒවායේ අර්ථය කාලයෙන් කාලයට වෙනස් වී ඇති බවයි. මෙය භාෂාවේ ඇති Diachrony(පරකාලීන) සහ Synchrony(සමකාලීන) යන අක්ෂ දෙකෙන් වටහා ගත හැක. Diachrony(පරකාලීන) යනු භාෂාවේ එක් වචනයක එම වචනය සහ එහි අර්ථය කාලයක් සමග වෙනස්කම් වලට භාජනය වීමයි. Synchrony(සමකාලීන) යනු එසේ වෙනස් වූ වචනයක කාලානුරේඛාවේ එක් සුවිශේෂ මොහොතක තිබූ වචනය සහ එහි අර්ථයයි. උදාහරණයකට 1989 කාලයේදී ජේ.වී.පී/JVP ඇතුලු බහුතර සිංහල සමජය “සොල්දාදුවා” යන වචනයට ලබා දී තිබූ අර්ථය වූයේ “මිනිමරුවා” යන්නයි. නමුත් ඔවුන්ම 2009 දී “සොල්දාදුවා” යන වචනයට දී තිබූ අලුත් අර්ථගැන්වීම වූයේ “රණවිරුවා” යන්නයි. මේ යනු “සොල්දාදුවා” යන වචනය කාලයක් සමග වෙනස් වූ ආකාරයයි (මේ වෙනස්වීම සිදුවන්නේ ඉහත ඉතිහාසය පිළිබද දක්වා ඇති න්යායට අනුකූලවය). මෙසේම ලෙවී ස්ට්රවුස් විසින් පුරාණ ආදිවාසී සමාජවල තිබූ ඇදැහිලි වල අර්ථයද මෙසේ කාලයක් සමඟ වෙනස් වී ඇති බවද ඒවාට විවිධ අර්ථ ඇති බව සහ ඒවායේ මුල ලක්ෂයක් (Orgin) සෙවිය නොහැකි බව ද පවසයි.
 
ලෙවී ස්ට්රවුස් විසින් තවදුරටත් Myth (ඇදහිලි) සම්බන්ධ ඉදිරිපත් කරන වැදගත් කරුණක් වන්නේ Myth යන්න මා කලින් සදහන් කරන ලද භාෂාවේ තුන්වන මානයත් සමග සැසඳීමයි. එනම් හැඟවුම්කාරකය සහ හැඟවුම අතර පවතින නොනවතින Play එක නැත්නම් භාෂාවේ Diachrony(පරකාලීන) සහ Synchrony(සමකාලීන) අක්ෂ දෙක අතර ඇති Play එක (උදා: “සොල්දාදුව” යන වචනයට “මිනිමරුවා” , “රණවිරුවා” ලෙස අර්ථ කිහිපයක් තිබීමේ හැකියාව) තාවකාලිකව නැවැත්විය හැකි මධ්යකට(Center) Myth යන්න සැසඳීමයි. මෙය ලංකාවටත් අදාල වන ලෙස උදාහරණයකින් පෙන්නුවහොත් ලෙඩක් හැදුනුවිට එයට හේතුව, එය කුමක්ද යන්න තේරුම් ගත නොහැකි නම් එයට දෙවියන්ගේ ලෙඩක් නැත්නම් දෙවියන් විසින් එවන ලද ලෙඩක් ලෙස එය වටහා ගැනීම දැක්විය හැක. මෙහිදී දෙවියා, God යනු තාවකාලිකව අර්ථයක් සපයා දුන් Myth එක නැත්නම් භාෂාවේ තුන්වන මානය වේ. දැන් අපි එවැනි ලෙඩක් වයිරස් උණයක් ලෙස වටහා ගනී. JVP විසින් 1989 දී “සොල්දාදුවා” යන්නට “මිනීමරුවා” යන අර්ථය ලබා දී තිබුණේ එවකට ඔවුන් විසින් දරණ වාමාංශික යැයි කියාගන්නා මතවාදය විසින් වන අතර 2009 දී “රණවිරුවා” යන අර්ථය ලබා දුන්නේ ඔවුන් තුළ ඇති ජාතිවාදය විය හැක.
මෙහිදී ඩෙරීඩා විසින් ලෙවී ස්ට්රවුස් ගේ චින්තනය විචාරයට බදුන් වන්නේ මුලිකවම ඔහු විසින් මෙසේ භාෂාවේ තුන්වන මානය (Center and Play) සම්බන්ධව න්යායන් ඉදිරිපත් කළ ද ඔහුගේ මුළු චින්තනයම මධ්යගත වී ඇති මධ්යය පෙන්වා දෙමිනි. එය නම් “ස්වභාව,Nature” යන්නට ඇති අතීත කාමයයි. ඔහු විසින් එහි විරුද්ධ පැත්ත වන “සංස්කෘතික,Culture” යන්නට වඩා ස්වභාවික දේ තුළ සාරයක් දකියි. සමාජ සම්මතයන් සාදාගෙන ජීවත් වන සංස්කෘතික මිනිසාට වඩා සංස්කෘතික වීමට පෙර සිටි මිනිසා තුළ අහිංසකත්වයක්, අව්යාජත්වයක් ඇති බව ඔහු විසින් පවසයි. මෙහිදී ඔහු “ස්වභාව” ලෙස කාණ්ඩගත කරන්නේ සියළු සමාජ වලට පොදු “Universal” දේවල් වන අතර “සංස්කෘතික” ලෙස බෙදා වෙන් කරන්නේ එක් එක් සමාජ වල එම සමාජ තුල පමණක් දක්නට ලැබෙන “සුවිශේෂි Particular” සම්මතයන්ය. ඔහු එක් එක් සමාජ වල දක්නට ලැබෙන අංග උදාහරණ ලෙස ගෙන අනෙක් සමාජයන් සමග සසඳා ඉහත කාණ්ඩ දෙකට වර්ගීකරණය කරයි. මෙහිදී ඔහු විසින් ඔහුගේ සංකල්පය (Nature සහ Culture ලෙස බෙදා වෙන්කිරීම) විවිධ උදාහරණ වලට දමා විශ්ලේෂණය සිදු කරගෙන යනවිටදී එක් උදාහරණයකදී ඔහුට එම උදාහරණය ඔහුගේ සංකල්පය තුලින් තේරුම් ගැනීමට නොහැකි වෙයි. එම උදාහරණය නම් ව්යාභීවාරි තහනමයි (Incest Prohibition). ව්යාභිවාරය යනු එකම පවුලේ උදවිය අතර ලිංගික සබදතා සහ කසාද සඳහා ඇති තහනමයි. මෙය ලෙවී ස්ට්රවුස් විසින් nature සහ Culture යන කාණ්ඩ දෙකෙන් එකකට බෙදා වෙන් කර තේරුම් ගත නොහැකි එක වර කාණ්ඩ දෙකටම අයිති වන දෙයක් හැටියට නම් කරයි( Scandal, Undecidable). එනම් ව්යාභිචාරි තහනම සෑම ආදිවාසී සමාජයකම දක්නට ලැබෙන පොදු දෙයක් වූ නිසා එය nature යන්නට අයත් වන අතර , එහෙත් එය විවිධ සමාජ වල ඇති එකිනෙකට වෙනස් සම්මතයන්ට අනූකූලව එහි තහනම ක්රියාත්මක කිරීම (සහ එය තහනමක් වීම) නිසා එය Culture යන්නට ද එකවර අයත්වීමයි. ඩෙරීඩා විසින් මෙය Nature යන්න කේන්ද්ර කොටගත්,මධ්යය වූ ලෙවී ස්ට්රවුස්ගේ චින්තනයේ Play වීම නිරෑපණය වන තැනක් ලෙස පෙන්වා දෙයි. ඩෙරීඩාට අනූව මෙහිදී ප්රශ්න වන්නේ නැවත බාහිර යථාර්ථය නොව එම යථාර්තය ග්රහණය කර ගැනීමට උත්සහ ගන්නා සංකල්පයයි. මෙහිදී මෙම Center එක දිගින් දිගටම ප්රශ්න කළොත් එය තුළ ඇති හිස්බව එනම් අප Nature ලෙස වටහා ගන්නේ අප විසින්ම සාදාගත් සංකල්පයක් බව පෙනී යයි.
මෙය අපට අදාල උදාහරණයකින් පෙන්වා දිය හැක. තිස්ස ජනනායක (මොහුව උදාහරණයක් ලෙස ගන්නේ ලංකාවේ බහුතර ජනයාගේ සංකල්ප රාමුව, හිතන ආකාරය මොහු මගින් පෙන්වා දිය හැකි නිසාය) විසින් ඔහුගේ YouTube වීඩියෝ තුලින් ඔහු ඉදිරිපත් කරන ඔහු ලෝකය තේරුම් ගන්නා චිත්තනයේ කේන්ද්රය වන්නේ “අභිමානවත් හෙළ ජාතිය” යන්නයි. ඔහුට අනූව “හෙළයා” යනු “බටහිරයා” ට නැති අවුරුදු 2500 ක පමණ ප්රෟඩ ඉතිහාසයක් ඇති බුද්ධිමත් අසමසම ජාතියකි. ඔහු විසින් පෙන්වා දෙන “හෙළ විද්යාව” යන්නත් සමඟ බටහිරයාගේ විද්යාවට හැරෙන්නවත් බැරිය. ඔහුට අනුව බටහිරයා පෙනිසියුලින් සොයා ගැනීමට අවුරුදු ගාණකට පෙර දුටුගැමුණු රජතුමා හෙළ පෙනිසියුලින් නැතහොත් කොණ්ඩ කැවුම් සොයාගෙන ඇත. තව ද බටහිරයන් බුද්ධියෙන් අඩු ජාතියක් නිසා නාසා ආයතනයට හෙළයන් වැඩියෙන් බදවා ගනී. ඔහුට අනූව හෙළයන් යනු බටහිරයාට හැරෙන්නවත් බැරි අති බුද්ධිමත් ජාතියක්ය. මේ යනු ඔහු ලෝකය තේරුම් ගන්නා සංකල්පරාමුවේ කේන්ද්රයයි (Center). ඔහුගේ වීඩියෝ තුල විවිධ උදාහරණ ගනිමින් ඔහුගේ මෙම සංකල්පය සාධනය කර පෙන්වයි. නමුත් එක් සුවිශේෂී උදාහරණයක් සාධනය කිරීමට යෑමේදී මොහු අමාරුවට වැටේ. එනම් මොහුගේ සංකල්පයට අනූව “පාර්ලිමේන්තුවේ ඉන්න 225” යන්න තේරුම් ගත නොහැක (Founding of an Undecidable within his discourse). මෙය ඔහු විසින්ම පවසන දෙයකි. ඔහු අසන ප්රශ්නය වන්නේ “හෙළ ජාතිය යනු අසමසම බුද්ධිමත් ජාතියකි, නමුත් මෙච්චර බුද්ධිමත් ජාතිය කොහොමද ඔවුන්ව පාලනය කිරීමට අච්චර මෝඩ 225 ක් පත්කර ගත්තේ?” ඔහු වැටී සිටින අමාරුව වන්නේ “පාර්ලිමේන්තුවේ 225” යන්න අතිශය මෝඩ දුෂිත අශිෂ්ඨ පිරිසක් නිසා මොවුන් හෙළයන් ලෙස නම් කිරීමට නොහැකි වීම, නමුත් ලංකාවේ අය නිසා බටහිරයන් ලෙසද නම් කර නොහැකිවීම, එනමුදු ඔවුන් ලංකවේ අය නිසා හෙළයන්ද වීම සහ ඔවුන් මෝඩ නිසා බටහිරයන්ද වීමයි. මේ යනු තිස්ස ජනනායකගේ බාහිර යථාර්ථය ග්රහණය කර ගැනීමට ගොඩනගාගත් සංකල්පයේ සීමාව මිස බාහිරත්වය තුල ඇති ප්රශ්නයක් නොවේ. තිස්ස ජනනායක බුද්ධිමත් නම් ප්රශ්න කළ යුත්තේ බාහිරත්වය නොව බාහිරත්වය ග්රහණය කිරීමට ඔහු යොදා ගන්නා සංකල්පයයි. නමුත් ඔහු නැවත බාහිරත්වය දෙසට යයි. ඔවුන් විසින් මෙම තේරුම් ගත නොහැක්ක විස්තර කරන්නේ මෙසේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 වැනි අය යනු බටහිර සුද්දාගේ ජාන සමඟ හෙළ ජාන කලවම් වී සෑදුණු අය ලෙසය.
 
මම කලින් ලිපි වල ව්යුහවාදයේ විස්තර කෙරෙන ව්යුහය “Structure” යන්න අප දැන හෝ නොදැන පාලනය වන දෙයක් හැටියට සඳහන් කලා. තිස්ස ජනනායක විසින් ඉදිරිපත් කරන චින්තනය යනු මෙසේ ඔහුව පාලනය වන ව්යුහයකි. එහි කේන්ද්රය වන්නේ ඉහත සදහන් කල “අභිමානවත් හෙළ ජාතිය” යන්නයි. නමුත් මෙම කේන්ද්රය ව්යුහයට ඇතුලත (Internal) සේම පිටත (external) තුලටද අයත් වේ. ඒ නම් මෙම කේන්ද්රය විසින් ඉටුකරන සුවිශේෂි කාර්යභාරයයි. එනම් ව්යුහය කැඩීමට නොදී අල්ලාගෙන සිටීමයි. ව්යුහය තුළ ඇති අනෙක් හැඟවුම්කාරක වලට නිසි අර්ථයක් (එක් නිශ්චිත හැගවුමක්) Fix කරදීමයි. නමුත් මෙම කේන්ද්රය පිටුපස ඇත්තේ හිස්තැනකි. “අභිමානවත් හෙළජාතිය” යනු හිස්තැන පිරවීමට පැමිණෙන ආදේශකයක් Substitute) පමණි. රජා මැරුණු විට රජාගේ පුතා රජ පුටුවට ආදේශ වන්නා සේ සිදුවන්නේ මෙම හිස්තැනට හිස් හැඟවුම්කාරක් ආදේශවිමයි (Supplement). මෙසේ කේන්ද්රය විසින් ව්යුහය සදහටම අල්ලාගෙන සිටිය නොහැකි වීම එහෙම නැත්නම් ව්යුහය තුල ඇතිවන Play එක නැත්නම් අර්ථයන්ගේ අතිරික්තයක් ඇතිවීම (Surplus of Meaning) එනම් හැඟවුම්කාරකයට එක් නිශ්චිත හැඟවුමක් නොමැතිවීම (උදා: “පාර්ලිමේන්තුවේ 225” යන්න එක් පැත්තකින් හෙළයන් ද වෙයි, අනෙක් පැත්තෙන් හෙළයන් නොවන්නක්ද වෙයි) නිසාය.
 
හෙළයා/බටහිරයා යන බයිනරිය විසංයෝජනය කිරීම
 
මෙය “හෙළයා තුල බටහිරයාට වඩා සාරයක් ඇත.” යන්න විශ්වාස කරන හෙළයන් විසින්ම පවසන ලද දේවල් ලෙස මා විසින් වටහා ගත් දේවල් තුලින් විසංයෝජනය කිරීමකි. ලංකාවේ මිනිසුන් ලාංකිකයන් ලෙස ඉදිරියේදී මෙම බයිනරියෙන් මිදී මෙය අබිබවා (Beyond Binary) යෑම විය හැක්කකි.
දැන් දැන් අප සමාජයේ හෙළයන් බොහෝ විට හෙළයන්ට දියුණු වීමට නොහැකි වුණ හේතුව ලෙස බාහිරින් සාධකයක් (දෙමළා, මුසල්මානුවා, බටහිරයා…) අල්ලා ගැනීම සිදු නොකරන දෙයකි. ඔවුන් දැන් ඇඟිල්ල දික්කරන්නේ හෙළයන්ටමය. තිස්ස ජනනායක පවා බටහිරයන්ට ඇඟිල්ල දික් කීම අඩු වී හෙළයන්ගේම ඇද පවසයි. ඔහුට ඔහුගේ චින්තනයේ සීමාව දැන් ඔහුටම හමුවන්නේ එම නිසාය. තිස්ස ජනනායකම මෑතකදී පළවුණු විඩියෝවකින් පැවසුයේ බටහිර සුද්දා විසින් බිංදුවක්වත් ණයක් නැතිව බාර දුන් රට හෙළයන් විසින් ණය ගෙවා ගන්නා බැරි බංකොලොත් වීමට ඔන්න මෙන්න තිබෙන රටක් බවට පත් කර ඇති බවයි. මෙසේ බහුතර ජනයා බාහිර සාධකයක් වෙතට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට නිදහසින් පසු රට පාලනය කරන ලද දේශපාලකයන් වෙත ඇඟිල්ල දිගු කිරීම හෙළයා විසින් හෙළයාටම ඇඟිල්ල දිගුකිරීමකි. දැන් බටහිර සුද්දාගෙන් බේරා ගත්තා යැයි කියන රට හෙළයන්ගෙන් බේරා ගැනීමට නැවත බටහිර සුද්දා ((IMF) වෙතට හෙළයාට යාමට සිදුවී ඇත. තවදුරටත් “1948 දී නිදහස ලබා ගත්තා.” යනුවෙන් සැමරූ අයම නැවත එයට පසුතැවී “බටහිරයන් යටතේ පාලනය තිබුණා නම් හොදයි.” කීම මට නිතර ඇසී ඇත.
 
බුදු දහම ආරක්ෂා කරන්නේ හෙළයන් විසින් යැයි පැවසුවද හෙළයන්ම බුදු දහම නන්නත්තාර බාවයට ඇද දමා ඇත. හෙළ හාමුදුරුවන්ට හෙළ දැනුම භාවිතා කොට පවතින ධනවාදී ක්රමය කියවාගත නොහැකිවීම නිසා Facebook වැනි සමාජ මාද්ය තුල බුදු දහම පාච්චල් වෙමින් පවතී. අද හෙළ හාමුදුරුවන් විසින් බුදු දහම ජීවිතය තේරුම් ගැනීමට අදාල වන දෙයක් නොවන හුදෙක් චාරිත්රයක් ලෙස සිදුකරන දෙයක් වෙතට ඇද දමා ඇත. අද හෙළයන් සහ හෙළ හාමුදුරුවන් දෙගොල්ලන්ම ජීවිතය යනු දුකින් අවසන් වන දෙයක් ලෙස නොව ජීවිතය යනු තට්ටු තුනේ ගෙයකින් සහ සුපෝගබෝගී වාහන වලින් අවසන් වන දෙයක් ලෙස අදහයි. මේ හෙළයා බුදු දහමට අත් කර දී ඇති ඉරණමයි. අද හොඳ ගුණයහපත් හාමුදුරුකෙනෙකු යන්න පැවසූ විට මනසට එන රූපය(හැඟවුම) වන්නේ මහණ වූ සුදු බටහිර හාමුදුරු කෙනෙකි (මෑතකදී දෙරණ නාලිකාවේ Talk with Chathura වැඩසටහන තුලින් පෙන්වූ බටහිර සුදු හාමුරුවන් දෙස බලන්න). ඉංග්රීසී බස දන්නා හෙළයන් තව දුරටත් බණ අසන්නේ හෙළ හාමුදුරුවන්ගේ නොව ඔවුන් අසන්නේ Youtube හරහා බටහිර හාමුදුරුවන් කියන බණයි. අද හෙළයාට බුදු දහම පවා බේරා ගැනීමට බටහිරයා වෙතට යෑමට සිදු වී ඇත.
 

1948 සුද්දාගේ පාලනයෙන් පසු නැවත පාලනය හෙළයාට තතුවීමත් සමග මේ වෙද්දී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. මෙහිදී වැදගත් කරුණක් වන්නේ ලංකාවේ දැනට පවතින සමාජ ක්රමය (ධනවාදය: ලාභය මත පදනම් වූ සමාජ ක්රමය) ලංකාවේ පැවති එකක් නොව බටහිරින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට දායාද වූවකි. හෙළ විද්යාව , හෙළ දැනුම , තිබ්බා යැයි කියාගන්නා යුග වල ධනවාදයක් තිබී නොමැත. එමනිසා හෙළ දැනුමකින් , හෙළ විද්යාවකින් හෝ බුදු දහම තුළින් ධනවාදය යන්න තේරුම් ගත නොහැක. දැනට මුහුණපාමින් සිටින අර්බුදය යනු පවතින ධනවාදී ක්රමයේ ඇති අර්බුධයකි. මෙය හරියට තේරුම් ගැනීමට නම් එයට අවශ්ය වන්නේ හෙළ දැනුමක් නොව බටහිරයාගේ දැනුමයි.

 
හෙළයා / බටහිරයා යන බයිනරිය විසංයෝජනය කිරීම යනු හෙළයාට බටහිරයාට වඩා සාරයක් නැත යන්න පෙන්වීමයි. මෙහිදී බටහිරයාට හෙළයාට වඩා සාරයක් ඇත යන්න අදහස් වන්නේද නැත. විසංයෝජනයේදී සිදුවන්නේ හෙළයා සහ බටහිරයා යන බයිනරියේ ආකෘතිය සහ එහි ස්වභාවය පෙන්වාදීම පමණි. මෙමගින් මා පෙන්වාදීමට උත්සාහ කරන ලද්දේ භාෂාව විසින් නිර්මිත සංකල්ප (හෙළයා බටහිරයාට වඩා උසස්, අවු 2500 ක ප්රෞඩ ඉතිහාසය, හෙළයාගේ දියුණුවට ඇති බාධාව වන්නේ බටහිරයා නැත්නම් දෙමළ, මුසල්මානුවා…) වල ඇති මධ්යගත වීම් සහ ඒවා ඕනෑම වේලාවක විමධ්යගත වියහැකිවීමද (Center and Play) සිදුවිය හැක යන්නයි. ඉතිහාසය යන්න වෙනස් නොවන දෙයක් නොව එහි ඇති මධ්යගතවීම් නැවත පසු ආවර්තිතව විමධ්යගත විය හැක යන්න ව්යුහවාදය අපට උගන්වයි. මනෝ විශ්ලේෂණය වෙතට එද්දී අපට ඇසිය හැකි ප්රශ්නය වන්නේ ඇයි අපට සැමවිටම එල්ලීමට කුමන හෝ වර්ගයක අතීතයක් අවශ්ය වන්නේ නැත්නම් ඇයි අපි හැමවිටම අතීතය දෙස බලන්නේ? යන්නයි. “හෙළයාගේ සාරය” යන්න අප විසින්ම සාදාගත් සංකල්පයක් පමණි. එහි සීමාව “පාර්ලිමේන්තුවේ 225” යන්නට පැමිණෙන විට මතුවී පෙනීයයි. තවදුරටත් අප තේරුම් ගත යුත්තේ හෙළයාට ඇති බාධාව බාහිර සාධකයක් නොව හෙළයා තුලම ඇති දෙයක් බවයි. එනම් මෙම සංකල්ප තුල සිරවී සිටීමයි. මෙම හෙළ සාරය යන මධ්යයෙන් ඉවත් වුවහොත් අප සියලු දේ තුල දකිමින් සිටින අර්ථයන් වෙනස් වනු ඇත. උතුරේ සිදුවූ අරගලය පවා ත්රස්තවාදයක් ලෙස නොව හෙළයාගේ අසමත් පාලනයට එරෙහි කරන ලද අරගලයක් ලෙස පෙනෙනු ඇත. ඉදිරියේදී දේශපාලනය තුලදී අපගේ විකල්පය විය යුත්තේ JVP වැනි හෙළයන්ගේ පක්ෂ නොව අප සිරවී ඇති සංකල්ප වලින් ගැලවීමට දැනුම ලබාදිය හැකි සහ ඒ වෙත අපව ගමන් කරවිය හැකි පක්ෂයකටයි.
 
සමබිම පක්ෂයේ
පොඩි එකා

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. කාල් මාක්ස් රටක සමාජවාදය ගැන කතා කළේ නැත ඔහු කතා කළේ සමාජවාදී ලෝකයක් ගැනය. ජනතාවට පාන් ගොවියන්ට කුඹුරු යුද්ධය වෙනුවට සාමය ලෙස රුසියාවට ලෙනින් අර්ථකථනය කොට සමාජවාදය යථාර්ථයක් බවට පත් කරන ලදි. ජනතාවට බත්,ගොවියන්ට සාධාරණ මිලක්, නිර්ධන පංතියට

  2. කාල් මාක්ස් රටක සමාජවාදය ගැන කතා කළේ නැත ඔහු කතා කළේ සමාජවාදී ලෝකයක් ගැනය. ජනතාවට පාන් ගොවියන්ට කුඹුරු යුද්ධය වෙනුවට සාමය ලෙස රුසියාවට ලෙනින් අර්ථකථනය කොට සමාජවාදය යථාර්ථයක් බවට පත් කරන ලදි. ජනතාවට බත්,ගොවියන්ට සාධාරණ මිලක්, නිර්ධන පංතියට ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසට ශ්‍රී ලාංකික භූමිය තුළ රෝපණය කළ යුත්තේ ඒ සමාජවාදයයි. ලෝකයේ සියලුම චින්තකයන්ගේ තම තමන්ගේ නැණ පමණින් ගිල ගත්තාට කම් නැත.. ඒත් ධනපති පාලකයන් විසින් කොල්ල කනලද රටක ජනතාවට බලහත්කාරයෙන් ගිල්ල වීමට තැත් කිරීම නම් නම් පිළිකුල් සහගතය..

Comments are closed.