සයිටම් විරෝධී මාරාන්තික උපවාසය පවත්වන ස්ථානයට ජවිපෙ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාත් පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් කුමාර ගුණරත්නම් මහතාත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන්ද සහභාගි වී තිබුණි. අඩුවකට තිබුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නිදහස් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින මන්ත‍්‍රීවරයෝ පමණි. චම්පික රණවක ඇමැතිවරයා හෝ එහි අධ්‍යාපන ලේකම් අප මිත‍්‍ර අනුරුද්ධ ප‍්‍රදීප් මහතා හෝ සහභාගි වූයේ නම් නිදහස් අධ්‍යාපනයේ බහුජන සටන්කාමීත්වයේ තමන්ට හිමි නාගරික පහළ මධ්‍යම පාන්තික ඡුන්ද වෙළෙඳපොළ කොටස වෙන්කර ගැනීමට තිබුණි. නිදහස් අධ්‍යාපනය යනු ඡුන්ද ලබා ගැනීමට පවතින මතවාදයක් පමණි. එය ද සමාන වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය/ මානව හිමිකම් නීතිය ඉදිරියේ සමානාත්මතාවය/ සමාජවාදය මෙන්ම මිනිසුන් රැුවටීමට යොදාගන්නා අලංකාරිකයක් ලෙසය. නිදහස් අධ්‍යාපන මතවාදය හරහා පෙළගැසෙන ඡුන්ද කුට්ටිය මේ සඳහා පෙනී සිටින අයගේ ඉලක්කයයි.

මා මේ කෙටි ලිපියෙන් විමසීමට උත්සාහ ගන්නේ මේ සටන් සාධාරණ ක‍්‍රියාධරයන්ගෙන් ගිලිහුණු ජන කොටසකගේ මානව අයිතිය පිළිබඳවයි. අධ්‍යාපනය යන්න විශ්ව අයිතියකි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය එසේ වුව ද යම්කිසි සමාජයක අභ්‍යන්තර හෝ බාහිර ගැටුමක් පවතින විට එම අයිතිය විශාල ලෙස තර්ජනයට ලක් වෙයි. 1983 සිට අද දක්වාම මෙය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාව අත්දකිමින් සිටී. දරුවකු පාසලේ දී අධ්‍යාපනය ලැබිය යුතු කාලය සහ එම කාලය තුළ ඉගෙන ගත යුතු විෂය පථය දැඩි ලෙස කප්පාදුවට පත්ව ඇත. තවමත් අවම කුසලතා පෙන්වන්නේ ගැටුමට සම්බන්ධ ප‍්‍රදේශවල දරුවන්ය. අධ්‍යාපන සේවා ව්‍යාප්තිය ගත්තද දැනටත් අවම සේවා සහිත පාසල් පද්ධතිය ඇත්තේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලය. ඊට අමතරව අධ්‍යාපනය ලබන දරුවන්ගේ ප‍්‍රියයන් වෙන්වීම නිසා ඇති වන ආතතිය තමන්ට අයිති නොවන නිවසක හෝ රජය විසින් සපයන ස්ථානයක සිටීම නිසා ඇති වන අනාරක්ෂිත බව යනාදී කරුණු සම්බන්ධව වම නිද්‍රාශීලීය.

සෞඛ්‍ය සම්බන්ධව ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය වී ඇත. දරුවන් එන්නත් කිරීම් රෝහල් වෙත ළඟා වීම වෛද්‍යවරු හිඟ වීම යනාදිය උතුරු නැගෙනහිර සුලබ කාරණයකි. අදටත් ලංකාවේ වැඩිම මාතෘ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයෙනි. එය ජාතික මරණ අනුපාතය මෙන් දෙගුණයකට ඉහළ මට්ටමක ඇත. රෝග නිවාරණය පැත්තෙන්ද ඇත්තේ සතුටුදායක තත්ත්වයක් නොවේ. ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය රැුකියා සහ කර්මාන්ත බිඳවැටීම් නිසා ඇති වී තිබෙන ගැටලූ, වගා කිරීමට අවශ්‍ය ඉඩම් නොමැති වී දේපළ විනාශ වීම, වෙළෙඳපොළ අහිමි වීම යනාදී ගැටලූ තවමත් පවතින්නේ නොවිසඳුණු තත්ත්වයකය. 1982 – 2017 දක්වා උතුරු නැගෙනහිර වගා කළ බිම්වලින් 15% ත් 25% අතර ප‍්‍රමාණයක් අඩු වී ඇත. 1982 දක්වාම රටේ මත්ස්‍ය නිෂ්පාදනයේ 1/3 සපයා දුන්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාවය. මේ තත්ත්වය  අවසන් වී අවුරුදු 07 කට සතුටුදායක ලෙස වර්ධනය වී ඇතිද. ඒ වගේම රජයෙන් ලබා දෙන ඍජු ප‍්‍රදාන මේ ප‍්‍රදේශවල ජනතාවට ලැබී ඇතිද. 1990 ක‍්‍රියාත්මක වූ ජනසවිය ව්‍යාපාරය 1995 දී ක‍්‍රියාත්මක වූ සමෘද්ධි ව්‍යාපාරයේ සහන උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාවට ලැබුණි. රජය විසින් ක‍්‍රියාත්මක වූ නිවාස සහනාධාර/ නල ජලය/ විදුලිය යනාදී මහජන උපයෝගිතා සේවා නොලැබීම මේ සමාජ අසාධාරණයේ පැතිකඩකි. නමුත් මේ පිරිසගේ ජන ජීවිතය ගොඩනැංවීම වෙනුවෙන් වමට මතවාදයක් ඇති නොවන්නේ දැයි 2010 න් පසු විටින් විට මේ ගැටුමට ලක්වන පාර්ශ්වය වෙනුවෙන් ඇත්තටම පෙනී සිටීමට අවශ්‍ය නොවන්නේ ඇයි? උතුරු නැගෙනහිර අධ්‍යාපන අයිතිය දැඩි ලෙස අහිමිව ඇති අවස්ථාවක නාගරික පහළ මධ්‍යම පාන්තික සහ අර්ධ නාරිගක මධ්‍යම පාන්තික දරුවන්ගේ ඉහළ සමාජ සංචලන වෛද්‍ය සිහිනය වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? මෑතක කරනු ලැබූ අධ්‍යාපනය සම්බන්ධ පර්යේෂණයක සඳහන් වී තිබුණේ සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවෙන් 50%කට ආසන්න ප‍්‍රමාණයක් හා උසස් පෙළ හදාරන ශිෂ්‍යයන්ගෙන් 80%ක් අධ්‍යාපනය ලබන්නේ උපකාරක පන්ති මඟින් යන්නය. මේ සඳහා ඉහළ ආදායම් ලබන පවුල් තම ආදායමෙන් 20% ක් ද මධ්‍යම ආදායම් ලබන පවුල් තම ආදායමෙන් 30% ක් ද වෙන්කර ඇත. සාමාන්‍යයෙන් උපකාරක පන්තියක උසස් පෙළ විෂයන් තුනම ඉගෙන ගන්නා දරුවක් මසකට රු. 7500 ක් පමණ වැය කර ඇත. සමස්ත ජනගහණයෙන් 60% පමණකට මේ වියදම දැරිය නොහැක. මේ වියදම දැරිය හැකි වන්නේ පහළ මධ්‍යම පන්තියට හා මධ්‍යම පන්තියට පමණි. ඒ අනුව මේ අධ්‍යාපන ක‍්‍රමයෙන් ප‍්‍රතිලාභ ලබන්නේ ඉහත කී පන්ති දෙක පමණි. පහළ ආදායම ලබන 60%කට තම ආදායමෙන් 50%ත් 40%ත් අතර ප‍්‍රමාණයක් යොදන්නේ ආහාර පාන සඳහාය. මේ අයට තම දරුවන් උපකාරක පන්ති සඳහා යැවීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වී ඇත.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් ජවිපෙ හෝ පෙරටුගාමීන් පෙනී නොසිටින්නේ තවමත් ඒ ප‍්‍රදේශවල ඵලදාව රැුඳී තිබෙන්නේ වගා කළ හැකි බිම්වලය. මේ බිම්වල අයිතිය ජනතාවට පවරා දිය යුතුය. ඒ වගේම දැනට සිරකඳවුරුවල රඳවාගෙන සිිටින ගැටුමට සම්බන්ධ සිරකරුවන් නිදහස් කර ඔවුන්ගේ ප‍්‍රියයන් අතරට යෑමට අවස්ථාව ලබා දිය යුතුය. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නම් එය අත්‍යවශ්‍ය කාරණයකි. ඒ වගේම තවදුරටත් දකුණේ ගැටුමින් ආබාධයට පත් සෙබළුන්ගේ සුබසාධනය විධිමත් කළ යුතුය. මේ අවිධිමත්භාවය නිසා ඇති වන ජාතිවාදී දේශපාලනය පරාජය කළ හැකි වන්නේ විධිමත් සුබසාධනය තුළින් පමණි. ඒ වගේ උතුරු නැගෙනහිර බිඳ වැටී ඇති රාජ්‍ය සේවා ගොඩනැංවිය යුතුය. සෞඛ්‍ය සම්බන්ධව ලබා දෙන සේවා ඉතාම පහළ මට්ටමක තවමත් තිබෙන්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලය. උදාහරණයක් ලෙස මුළු කිලිනොච්චි දිස්ත‍්‍රික්කයටම සිටින්නේ දන්ත වෛද්‍යවරු දෙදෙනෙක් පමණි.[Because of PGIM-Post Graduate Institute of Medicine ] මුලතිව් දිස්ත‍්‍රික්කයේ අන්ත දුප්පත් පවුල්වලින් තවමත් සමෘද්ධි සහනාධාරය ලබන්නේ 50%ක් පමණි. මේ දැනටත් පවතින තත්ත්වයය.

උතුරු නැගෙනහිර සම්බන්ධ ගැටලූව සයිටම් වෛද්‍ය විද්‍යාල ප‍්‍රශ්නයට වඩා කුඩා ද සමස්ත උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවීමට වඩා වෛද්‍ය ශිෂ්‍යයන් 250 කට වෛද්‍ය විද්‍යාලය ලබාදීම අනුරට සහ කුමාරට පෙනෙන්නේ කෙසේද යන්න පක්ෂයේ අනුගාමිකයන් දෙවරක් සිතිය යුතු නොවේද?

විපුල කරුණාතිලක

x Group Member 98-2002

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.