මොනාර්ක් ශාලාවේ කරන ලද අනුර කුමාරගේ දේශනය අපට සිහිපත් කරන්නේ, සිහින පිළිබඳ ෆ්‍රොයිඩියානු විහිළුවකි. එය කේතල් තර්කය (Kettle Logic) ලෙසින් ද හැඳින්විය හැකි ය. එක්තරා මිනිසෙක් තමන්ගේ අසල්වැසියාගෙන් කේතලයක් ඉල්ලාගෙන පසුව, එය කැඩුණු තත්වයකින් යළි බාර දෙයි. කේතලය අබලන් වීම ගැන තර්ක තුනක් පහත පරිදි ගොඩනැඟේ.

 

1.අබලන් කිරීමකින් තොරව එය යළි බාර දී ඇත.

2.එය ලබා ගන්නා විටම එය අබලන් වී තිබුණි.

3.කේතලයක් කිසිවෙකුගෙන් ඉල්ලාගෙන නැත.

 

                  ‘ජාතික ජන බලවේගයේ’ සමුළුව ආමන්ත්‍රණය කරද්දී අනුරට අමතක වූයේ, තමන් සහ තම පක්ෂය වන ‘ජනතා විමුක්ති පෙරමුණ’ද දැන් අප මේ මුහුණ දී තිබෙන සමාජ-දේශපාලනික අර්බුදයේ කොටස්කරුවන් බවයි. උදාහරණයක් වශයෙන්, ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පැවති ආණ්ඩු උත්සාහ කරද්දී, ඒවාට සපුරා විරුද්ධ වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අල කර දැනට පවතින මුඩුම විශ්වවිද්‍යාල ගුරුවරුන් බිහි වීමට අවශ්‍ය පසුබිම සකස් කළේ, ජවිපෙය. අනෙක් අතට, ‘ජාතික ගැටලුව’ ත්‍රස්තවාදය ලෙස හංවඩු ගසා, දෙමළ ජන සංහාරයේ කොටස්කරුවන් වූයේ ද ඔවුන් ය. ඊළඟට, වෘත්තීය සමිති දේශපාලන පක්ෂ බවට පත්කර රාජ්‍ය ත්‍රස්ත කරවන තත්වයක් බිහි කළේ ද බාලා තම්පෝ හෝ මහනාම නොව ජවිපෙ විසිනි.

                    පසුගිය දශකයක පමණ කාලය තුළ දී ජවිපෙ නායකයන් පවතින ක්‍රමය යන වචනය ‘ධනවාදය’ සම්බන්ධයෙන් ආදේශ කර ඇත. ඊට අමතරව, ග්‍රාමීය කෘෂිකාර්මික ගොවීන්ගේ මූලික ගැටලුව වන ‘ඉඩම’ පිළිබඳ ගැටලුව නොසලකා හැර, රාජ්‍ය සහනාධාර හරහා කෘෂි බිම් වගා කිරීමට අනුබල දෙන්නේ ද ජවිපෙ ඊනියා අධිරාජ්‍ය විරෝධය නම් අදහස නිසා ය.

                   ඊළඟට, රට භාර ගැනීමට අනුර කුමාර තමන් සූදානම් බව පැවසුවත්, (ඔහුගේ අවිඥාණක විසඳුම වන්නේ, රාජ්‍ය ධනවාදය යි) දූෂණයෙන් තොර පාරිශුද්ධවාදයක් මිස වෙනත් විසඳුමක් ඔවුන් සතුව නැත. පාරිශුද්ධවාදයේ අනෙක් කෙළවර ත්‍රස්තවාදය බව ද ඔහුට මතක නැත. පශ්චාත්-නූතන ගෝලීය ධනවාදය නිසා පූර්ව-නූතන-පැරණි-සමාජ ‘නූතනත්වය’ හරහා යා කළ හැකි පාලමක් පශ්චාත්-දේශපාලනික යුගයක දී අපට සම්මුඛ වී ඇත. මැක්ඩොනල්ඩ් ඉන්දියාවට එන විට, හරක් මස් අමතක කර ගවයා පාරිශුද්ධ කර ඇත.

                   අද අප මුහුණ දී ඇති සංකීර්ණ සමාජ අර්බුදයේ කොටස්කරුවන් හැටියට තමන් ද ඇතුළුව, තම සංවිධානය ද වගකිව යුතු බව කියන්නට අමතක වීම ‘ඉතිහාසය’ පිළිබඳ අනුරගේ දුර්වල සංඥාර්ථවේදය යි. එමඟින්, ඔහු සමාජ පසමිතුරුතා ‘ආඥයවාදයක්’ බවට පසු බස්සවයි. ලෙනින් කී පරිදි, පෙරටුගාමී සංවිධානයකට තෙවන මුහුණක් ද ඇත. දේශපාලන අරගලය, ආර්ථික අරගලය සේම අප දෘෂ්ටිවාදී අරගලය ද කළ යුතුය.

පහත පළ වන්නේ, ලංකාවේ පසුගිය දශක තුනක ඉතිහාසය පිළිබඳ ලුහුඬු සටහන් ය. 

අර්බුදයේ ඉතිහාසය

 

1.නූතන ගෝලීයකරණය හමුවේ, ජාතික රාජ්‍යයේ භූමිකාව බාහිර තලයේ අර්බුදයට ලක් වීම. ජාතික රාජ්‍යයේ අභ්‍යන්තරික සීමාව වන ‘වැටුප් මිල’ තීරණය වීම පවා බාහිර තලයේ අර්බුදයට ප්‍රතිචාරයකි.

 

2. 80 දශකය දක්වා සාමූහිකත්වය නිරූපණය වූ ආයතන විනාශ වීම. වෘත්තීය සමිති සහ ප්‍රාග්ධනය අතර පැවති ගැටුම මේ වන විට, වෘත්තීය සමිති සහ රාජ්‍ය අතර ගැටුමක් බවට ගුණාත්මකව වෙනස් වී ඇත.

 

3. මැද පන්තිය වෙනුවට ලුම්පන් සමාජ ස්තරයක් හරහා පරිභෝජන ධනවාදය තහවුරු වීම. එබැවින්, ධනවාදය පිළිබඳ ඓතිහාසික දැනුමක් මේ ස්තරයට නැත.

 

4.දේශපාලනය පක්ෂ-ක්‍රමයකින් ජනප්‍රියවාදයක් කරා තල්ලු වීම. මහජනයාට මෙන්ම දේශපාලකයා ද තමාට අවශ්‍ය කුමක්දැයි දන්නේ නැත. එබැවින්, තාක්ෂණ ජනප්‍රියවාදයක් (අන්තර්ජාලය මත පදනම් වූ සමාජ මාධ්‍ය) බිහි වී ඇති අතර ඒ නිසාම දේශපාලකයා නව ආකෘතියකින් මහජනයාගෙන් පරාරෝපණය වී ඇත.

  

5.තාක්ෂණ ධනවාදය සහ ”පරිගණක සමාජ විද්‍යාව” අතර මුහුම්කරණය හරහා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය වේශ නිරූපණය වීම. උදාහරණයක් ලෙස, කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් මෘදුකාංගය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීම.

 

6.දශක ගණනාවක ”අසංවිධානාත්මකයේ” ප්‍රතිඵලයක් ලෙස ‘අසංවිධානාත්මකයේ අසහනයන්’ බිහි වී ඇත. උදා:- බර්නි සෑන්ඩර්ස්.

 

7. 90 දශකයේ දී, වාම අර්බුදයට විසඳුමක් ලෙස මතු වී ආ ‘සිවිල් සමාජය’ නම් විකල්පය ද අර්බුදයට යාම.

 

8.වසර සීයක් පමණ පැවති ‘සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂ ක්‍රමය බිඳ වැටී, එතැනට වර්ගවාදය ආදේශ වී ඇත. ආර්ථික අසමානතාවය වෙනුවට අනන්‍යතා දේශපාලනය ආදේශ වී ඇත.

 

9. අවිඥාණය සලකා බලන්නේ, යහපත් කුමක් ද යන්න නොව තෘප්තිමත් වන්නේ කුමක්ද යන්න ය.

 

10.‘ලිංගික පසමිතුරුභාවය’ අනන්‍යතා වෙනසක් බවට ඌණනය වීම හරහා ලිංගික වෙනස පවා අතුරුදහන් වීම.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. // ‘ජාතික ජන බලවේගයේ’ සමුළුව ආමන්ත්‍රණය කරද්දී අනුරට අමතක වූයේ, තමන් සහ තම පක්ෂය වන ‘ජනතා විමුක්ති පෙරමුණ’ද දැන් අප මේ මුහුණ දී තිබෙන සමාජ-දේශපාලනික අර්බුදයේ කොටස්කරුවන් බවයි. උදාහරණයක් වශයෙන්, ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පැවති ආණ්ඩු උත්සාහ කරද්දී, ඒවාට සපුරා විරුද්ධ වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය අල කර දැනට පවතින මුඩුම විශ්වවිද්‍යාල ගුරුවරුන් බිහි වීමට අවශ්‍ය පසුබිම සකස් කළේ, ජවිපෙය. අනෙක් අතට, ‘ජාතික ගැටලුව’ ත්‍රස්තවාදය ලෙස හංවඩු ගසා, දෙමළ ජන සංහාරයේ කොටස්කරුවන් වූයේ ද ඔවුන් ය. ඊළඟට, වෘත්තීය සමිති දේශපාලන පක්ෂ බවට පත්කර රාජ්‍ය ත්‍රස්ත කරවන තත්වයක් බිහි කළේ ද බාලා තම්පෝ හෝ මහනාම නොව ජවිපෙ විසිනි.//

    මේක හරි තමා. නමුත් මේ වෙලාවේ දීප්තිට වත් කුමාර් ගුණරත්නම් ටත් දිනන්න බැහැ. ජනතාව විප්ලවයකට් සූදානම් නැහැ. එනිස අමේගේ තේරීම් දෙක එක්කෝ චම්පික රණවක නැත්නම් අනුර කුමාර. ලංකාවේ චන්ද දායකයට තියෙන අඩුවෙන්ම නරක චොයිස් දෙක

  2. අපි වගෙ විදේශ ජනයාට මිහිරාන් වගෙ සන්ග්ලාස් පාරක් බස්සලා ඉන්න පොරක් ගැලපෙනව!

Comments are closed.