පසුගිය දිනෙක වාමාංශික පක්ෂ නායකයෙකු වන විමල් වීරවංශ මහාචාර්යතුමා දීර්ඝ දේශණයක් කර තිබු අතර ඒ දේශනයේ සම්පුර්ණ වාර්ථාවක් ලංකා සී නිවිස් වෙබ් අඩවියේ පලකර තිබිනි. මේ සම්පූර්ණ දේශනය තුළ විමල් මහාචාර්යවරයා කතා කරන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධ,දූෂණයට විරුද්ධ වංචාවට විරුද්ධ කොටින් අද දවසේ සමාජ ප්‍රශ්න ගැන ඔහු බහුශ්‍රැත අන්දමින් කතා කරයි.

නමුත් ඔහු කිසිම විටක අප මේ වන විටත්ජීවත් වන්නේ ධනවාදී සමාජ ක්‍රමයක බව කියන්නට අමතක කරයි. ඔහු විසින් හදුන්වා දෙන සියළුම සමාජ ප්‍රශණ යනු ධනවාදය නිසා ඇතිව තිබෙන ගැටළු නොව හම්බයන් සහ දෙමළුන් නිසා ඇතිව තිබෙන ගැටළුය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයා ලෙස අඩුම තරමේ ඔහු මාක්ස්වාදය සම්බන්ධයෙන් සිංහලයෙන් පළකල ලෙනින් කෘති 12 සහ මාක්ස් සහ එංගල්ස් ගේ වෙළුම් හතර වත් කියවා තිබිය යුතුය. එහෙම නම් ඔහු කතා කරන විට අඩුම තරමේ එක්වතාවක්වක් ඔහු ධනවාදය පිළිබදව සදහන් කළ යුතුය.

අනෙක් අතට ඔහු දැනට ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුවද ඔහු නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ යනු සිංහල බෞද්ධ මාක්ස්වාදි පක්ෂයකි. එසේ වන නමුත් විමල්ට ධනවාදය ගැන අමතක වන්නේ අහම්බයකින් ද?

චමිපික රණවක සහ රතන සාදු නම් මාක්ස්වාදයෙන් සමුඅරගෙන සිංහල ජාතිවාදය වැළගත් නිසා ඔවුන් ගැන ගැටළුවක් නැත. ඒත් විමල්ට ධනවාදය අමතකවීම ඒ තරම්ම සරල කාරණයක් ද? මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ සෙමින් සෙමින් මාක්ස්වාදයෙන් සමුගනිම්න් සිංහල බෞදධ සමාජයක් උදෙසා වූ ගමන ආරම්භ කර අවසන්ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන ගමන ගැන අපට දැනට කිසිවක් කියන්නට බැරිය. සමාජ ප්‍රශ්ණ ගැන අතිශයින්ම සවිඥාණක බහුතරයක් දෙනාට විමල්ට මෙන්ම සමාජ ප්‍රශණ ගැන කතා කරන විට ධනවාදය අමතක වන්නේ ඇයි? මේ යුගයේ දේශපාලනය කරන නිහඩ සත්‍යවාදී පිළිවෙත තුල අපත් ධනවාදය අමතක  කර දේශපාලනය කරමුද? සමාජ ප්‍රශ්න සහ ධනවාදය අතර ඇති සහසම්බන්ධන්ය ගැන නව ප්‍රවේශයකින් අලුත් දේශපාලන කතිකාවක් ආරම්භ කරන තුරු විමල්ලාට සහ තවත් අයට වාමාංශික මාහාචාර්යවරුන් වශයෙන් පෙනී සිටිමින් මේ ධනවාදය පෝෂණය කරමින් ඒ මත යැපෙමින් එය අමතක කර දමා කටයුතු කරන්නට පුලුවන.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සරලව යමක් කියන්නද මේ අය මාක්ස්වාදීන් වත් දනවාදීන්වත් නෙමෙයි අමුම අමු තක්කඩි

Comments are closed.