(මෙම ලි‍පියේ කොටසක් අද ලක්බිම පුවත්පතේ පළ කොට ඇත)
දැනට මගේ තීරණය වන්නේ ජනාධිපතිවරණ හැර ඉදිරියේ දී පැවැත්වෙන සෙසු මැතිවරණ වලදී මා ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බවයි. එළඹෙන ජනාධිපතිවරණයේ දී නම් ජනාධිපතික්‍රමය අහෝසි කළ හැකි විශ්වාසදායක පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් සහයෝගය දීමට මම තීරණය කර සිටිමි. මේ ලිපියේ අරමුණ වන්නේ මා ජවිපෙට ඡන්දය දෙන්නේ මන්ද යන්න පැහැදිළි කිරීමය. මගේ මේ තීරණය සම්බන්ධයෙන් මගේ දේශපාලන මිතුරන් හා සම්භාෂකයින් අතර, විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය තුළ යම් අදහස් හුවමාරුවක් ඇතිවී තිබෙන බැවින් ඒ සංවාදය තුල ඉදිරිපත්වන අදහස්ද සැලකිල්ලට ගනිමින් මේ අදහස් හුවමාරුව සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
මා ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වන ආකල්පය පිළිබඳව මුලින්ම සඳහන් කිරීමට කැමැත්තෙමි. ගැඹුරු සමාජ පරිවර්තනයක දෘෂ්ටිකෝණයෙන් දේශපාලනය වෙත ප්‍රවේශ වන කල් හී ලංකාවේ දැනට පවත්නා මැතිවරණ ක්‍රියාවලිය මුලූමනින්ම නොතකා හැරිය දෙයක්ය යන්න මගේ සාමාන්‍ය අදහසයි. කෙසේ වෙතත් මැතිවරණ පැවැත්වේ. ඒවායේ ප්‍රතිඵල අපගේ ජීවිත කෙරේ යම් යම් බලපෑම් කරයි. මේ නිසා අපට ඒවා මුළුමනින්ම අමතක කර දමා සිටිය නොහැක. මේ නිසා මැතිවරණ ක්‍රියාවලිය කිසියම් දුරකට යහපත් ලෙස යොදා ගැනීම වැදගත්ය. මා මැතිවරණ ක්‍රියාවලියට දායක වන්නේ ඒ අර්ථයෙනි.
මේ තත්වය තුළ අප ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කරන්නේ කිනම් කණ්ඩායමකට ද යන්නයි. දැනටමත් ප්‍රකාශකර ඇති පරිදි මා තීරණය කරනු ලැබ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීමටයි. මා ඒ තීරණයට එළඹියේ මූලික වශයෙන් එක් සාධකයක් සැලකිල්ලට ගෙන ය. එය මෙසේ සංක්ෂිප්ත ලෙස ගොනුකරනු ලැබිය හැක:
මා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාවේ දැනට ආණ්ඩුකරණ ක්‍රියාවලිය හසුරුවමින් සිටින අතිශය දූෂිත ප්‍රභූ ස්තරය ඉවත් කිරීම හෝ අඩුම තරමින් එහි ශක්තිය දුර්වල කිරීමයි. දැනට දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකේ ඉහළ සහ මැද තලයන් සමන්විත වී ඇත්තේ මූලික වශයෙන්ම මෙම දූෂිත ප්‍රභූ කණ්ඩායමෙනි. මෙහි දී මා මෙම ප්‍රභූ ස්ථරය දූෂිත එකක් යනුවෙන් අදහස් කරන්නේ මෙම පිරිස් බලය ලබාගත් විට විවිධ ආකාරයන්ගෙන් බලය සහ මහජන අරමුදල් සිය පුද්ගල උවමනාවන් සඳහා අවභාවිත කිරීම ආණ්ඩුකරණයේ මූලික ව්‍යුහාත්මක ලක්ෂණයක් වී තිබෙන බැවිණි. මෙම කණ්ඩායම තුළ ආණ්ඩු බලය අත්පත් කරගැනීම සඳහා අසීමිත උනන්දුවක් ඇති අතර ආණ්ඩු වෙනස් වීමේ නිරන්තරභාවය වෙනස් වී ඇති නිසා මෙම ප්‍රභූ කණ්ඩායමේ සාමාජිකයින් ආණ්ඩු බලය ඇති පැත්තට මාරුවීමේ ප්‍රවණතාවයක් තිබෙන්නේ එබැවිණි. අඩුවැඩි වශයෙන් සරත් ෆොන්සේකාගේ පක්ෂය සමන්විත වන්නේද මෙම ප්‍රභූ ස්තරයේම කොටසකගෙනි. අඩු වශයෙන් ජවිපෙට සාපේක්ෂව ගත්කළ බලය පරිහරණය කරන අවස්ථාවකදී මෙම දූෂිත පාලක ප්‍රභූවට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීමට එම පක්ෂයට හැකියාව ලැබේ යැයි සිතිය නොහැක.
ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වය සහ ඉහළ ස්ථරය පසුගිය වසර විස්සක පමණ කාලය තුළකිසියම් ප්‍රභූකරණයකට ලක්වී තිබෙන්නේ වී නමුදු තවමත් මෙම දූෂිත පාලක ප්‍රභූ තන්ත්‍රයේ කොටසක් බවට පත්වී නොමැත. බලය සමඟ එවැන්නක් සිදුවීමට ඉඩක් නැතිද යන ප්‍රශ්නය කෙනෙක් මෙහිදී මතුකිරීමට පුළුවන. එවැනි තත්වයක් ඇතිවීමට ඉඩක් ඇතත් එවැන්නක් ඉක්මනින් සිදුවීමට ඇති ඉඩකඩ සීමිතය. මීට ප්‍රධාන හේතුව වන්නේ ජවිපෙ සාමාජිකත්වයේ දේශපාලන අනන්‍යතාවයේ ස්වරූපයයි. මෙම දේශපාලන අනන්‍යතාවයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මූලික වශයෙන්ම තමන් පවත්නා දූෂිත සමාජ ක්‍රමයේ කොටසක් නොවේය යන ආකල්පයයි. සමකාලීන සමාජ න්‍යායේ භාෂාවෙන් කියනවා නම් මෙය ‘මහා අනෙකා’ (Big Other) සමඟ ඇති සම්මුතිය ලෙස නම් කිරීමට පුළුවන. ඉහත සඳහන් කළ දූෂිත ප්‍රභූ තන්ත්‍රය සම්බන්ධ තත්වය වන්නේ එම තන්ත්‍රය රාජ්‍ය බලය තම පුදගලික අභිලාෂ උදෙසා අවභාවිත කිරීමට අදාළව ගත් කළ ‘මහා අනෙකා’ පිළිබඳ ගැටලූව විසඳාගෙන ඇති බවයි. නමුත් ජවිපෙ සාමාජිකයාට අදාළව තවමත් රෝහණ විජේවීර නමැති ‘මහා අනෙකා’ ජීවමාන සාධකයකි. රෝහණ විජේවීර පිළිබඳ මතකය ජවිපෙ සාමාජිකයාගේ දේශපාලන විඥානය හසුරුවන ප්‍රධාන බලවේගයකි. සමූහයෙන් මිදුනු කළ මේ මතකයේ බලපෑමෙන් ගැලවීමට ජවිපෙ සාමාජිකයෙකුට හැකි වුවත් (උදාහරණ ලෙස විමල් වීරවංශ) සැලකිය යුතු සමූහයක් තුළ (ජවිපෙ හෝ පෙසප වැනි) එවැන්නක් කිරීම දුෂ්කරය. මේ නිසා ජවිපෙ සාමාජිකයාට රාජ්‍ය බලය තුළ දූෂිතයෙක් වීමට, අඩුම තරමින්, සෑහෙන කාලයක් ගත වුන ඇත.
දැන් අප ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන දේහය තුළ දක්නට ඇති සෙසු අංග ලක්ෂණ වලට සාපේක්ෂව ජවිපෙ ට ඡන්දය දීමේ මගේ ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්නයි. එවැනි වැදගත් ගැටලූ තුනක් මෙහිදී අපගේ සාකච්ඡාවට ගැනීම වැදගත් වන බව මගේ අදහසයි. ඒ මෙසේය: ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ ගැටලූව, දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිළිබඳ ගැටලූව සහ සමාජවාදී සමාජ පරිවර්තනය පිළිබඳ ගැටලූවයි.
සමාජවාදී සමාජ පරිවර්තනය පිළිබඳ දැක්මට අදාළව ජවිපෙ භූමිකාව සලකා බැලූවොත් මගේ අදහස වන්නේ එහිදී මා ජවිපෙ කෙරෙහි එතරම් බැරෑරුම් බලාපොරොත්තු තබා නැති බවයි. වර්තමානයේ සමාජවාදී සමාජ පරිවර්තනයක් පිළිබඳ ගැටලූව අප අභිමුවට පමුණුවා ඇති අභියෝග වලට මුහුණ දීමට තරම් ජවිපෙ දේශපාලන වශයෙන් හෝ බුද්ධිමය වශයෙන් පරිනත ව්‍යාපාරයක් යැයි මම නොසිතමි. එනිසා ජවිපෙට මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමේදී මම එහි ‘සමාජවාදී අක්තපත්‍රය’ (socialist credential) සලකා නොබලමි. සමාජවාදී සමාජ පරිවර්තනයක් පිළිබඳ කටයුතු කිරීමේ දී ජවිපෙට වඩා මා සමීප වන්නේ ජවිපෙන් කැඞී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටයි. සමාජවාදී සමාජ පරිවර්තනයක් පිළිබඳ සාකච්ඡාව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගය තුළ තීරණාත්මකව වැදගත් තැනක් ගනී.
නමුත් සෙසු සාධක දෙක, එනම් ප්‍රජාතන්තරගය වාදය සහ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිලිබඳ ගැටලූ එලෙස පහසුවෙන් මගහැරිය හැකි ඒවා නොවේ. මේ සාධක දෙක සම්බන්ධයෙන් තීරණාත්මක පරීක්ෂාවන්ට භාජනය වූ අවස්ථාවන්හිදී ජවිපෙ විසින් අත්පත්කරගෙන ඇති ප්‍රතිඵල ඍණ අගයක් ගනී. එහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ තම විරුද්ධවාදීන්ට එරෙහි ව විවිධ මට්ටම් වලින් භෞතික ප්‍රචණ්ඩත්වය යෙදවීම සම්බන්ධයෙන් එහි ආරම්භයේ සිට මෑතකදී පක්ෂයේ ඇති වූ බෙදීමේදී ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ප්‍රතිචාර දැක්වූ ආකාරය දක්වා වූ නිශේධාත්මක අත්දැකීම් ය. මේ සම්බන්ධයෙන් ජවිපෙ වෙතින් පිළිගත හැකි පැහැදිළි කිරීමක් ඉදිරිපත් වී ඇත්තේ ද නැත.
විශේෂයෙන්ම තමන්ට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් රාජ්‍ය බලය හැසිරවීමට අවස්ථාව ලැබුණු විට, තම අභිලාෂ සහ තම විරුද්ධවාදීන්ගේ අභිලාෂ අතර තීරණාත්මක ආතතියක් ජනිත වූ කල්හී තම හැසිරීම කෙතරම් දුරට ප්‍රජාතන්තර්ගේවාදී ප්‍රතිමාන වලට අනුකූල වේද යන ප්‍රශ්නය මෙතෙක් ජවිපෙ විසින් බැරෑරුම් ලෙස අවධානයට ගනු ලැබ නැති බව මගේ අදහසයි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දෙස සානුකම්පිතව බැලීමට උත්සාහ කරන කෙනෙක් මගෙන් පෙරළා ප්‍රශ්න කිරීමට ඉඩ ඇත්තේ එවැනි දෙයක් මා අපේක්ෂා කරන මට්ටමින් සිදුකර ඇති දේශපාලන පක්ෂයක් ලංකාව තුළ තිබේද යන්නයි. එයට මගේ පිළිතුර වීමට ඉඩ ඇත්තේ ‘නැත’ යන්නයි. තව දුරටත් මා එහිදී ප්‍රකාශ කිරීමට ඉඩ ඇත්තේ බලය නැති විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාව්‍යෝක්ති උච්ඡාරණය කොට බලය පරිහරණය කරණ විට ඊට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරීම අපට තේරුම් ගත හැක්කේ මේ ගැටලූව බැරෑරුම් එකක් ලෙස සාකච්ඡාවට නොගැනීම හේතුකරගෙන බවයි. මගේ අදහස වන්නේ මේ සම්බන්ධයෙන් ජවිපෙ සමඟ විවේචනාත්මක අභිමුඛ වීමක් අවශ්‍ය බවයි.
දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් ද මෙවැනි ගැටලූ සහගත තත්වයක් තිබේ. ජවිපෙ මෑතක් වන තුරුම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබුවේ සිංහල අන්ත ජාතිකවාදීන්ගේ ස්ථාවරය සමඟ සමාන්තර ස්ථාවරයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ජවිපෙහි කැපී පෙනෙන වෙනසක් දක්නට තිබෙන බව මගේ නිරීක්ෂනයයි. එක් අතකින් පසුගිය වසර කීපය තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වීමට උනන්දුවක් ඒ තුළ ඇතිවී ඇත. එසේම දෙමළ ජාතික සංධානය සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීමේ නැඹුරුවක්ද මීට සමාන්තර ලෙස දැකගැනීමට පුළුවන. තව දුරටත් ගත් කළ දැනට මාස කීපයකට පෙර දී එළිදක්වන ලද ‘ජාතීන්ගේ ගැටලූව’ පිළිබඳ ප්‍රකාශනය තුළද දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සම්බන්ධව සාපේක්ෂ වශයෙන් සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීමේ සුළු නැඹුරුවක් දක්නට ඇත. ප්‍රශ්නයේ බරපතලකමට සාපේක්ෂව ගත්කළ මෙම තත්වය ප්‍රමාණවත් නොවන බැවින් මේ සම්බන්ධව ජවිපෙ සමඟ වැඩිදුරටත් විවේචනාත්මක ලෙස අභිමුඛ වීම අවශ්‍ය වේ. (එසේම ඊයේ සිරස රූපවාහිනියේ විකාශය වූ සටන වැඩසටහනේදී ජවිපෙ අපේක්ෂක මහින්ද ජයසිංහ දැක්වූ ඇතැම් අදහස්ද මේ සම්බ්නධයෙන් බරපතල ගැටලු මතුකරන බව මගේ අදහසයි.)
සිංහල ජාතිකවාදය හා ජවිපෙ අතර සම්බන්ධය පැත්තෙන් සලකා බැලූකළ අපගේ අවධානයට ලක්විය යුතු තවත් වැදගත් පැත්තක් තිබේ. එනම් ජවිපෙ යනු ජාතික හෙළ උරුමය, චින්තන පර්ශදය වැනි ආකාරයේ ඍජු සිංහල ජාතිකවාදී සංවිධානයක් නොවන බවයි. ජාතිකවාදයට එහි ඇති සම්බන්ධය උභයමනෝභාවී (ambivalent) එකකි. එක් අතකින් ඒ තුළ තම ප්‍රධාන සහය ජනකොටසේ (constituency) ලෝක දැක්මේ අංගයක් වන සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය කෙරේ ආවේණික නැඹුරුවක් සහ පක්ෂපාතිත්වයක් තිබේ. ඒ අතරම මාක්ස්වාදී ලෝක දැක්ම තුළින් උරුම කරගත් ජාතිකවාදය කෙරේ වූ, විශේෂයෙන්ම ජාතිකවාදය තුළ සෙසු ජනවර්ග කෙරේ ඇති අගතිගාමී හැසිරීම සම්බන්ධව විවේචනයක් ද ඊට ඇත. කෙසේ වෙතත් මේ නැඹුරුතා දෙකෙන් කිසියම් නිෂ්චිත අවස්ථාවක ජවිපෙ හී ප්‍රසිද්ධ දේශපාලන හැසිරීම තුළ අධිනිෂ්චය වන්නේ කිනම් නැඹුරුතාවයද යන්න තීරණය වන්නේ එය සිය දේශපාලන න්‍යාය පත්‍රය පොදුජනයා අතරට ගෙනයාම සඳහා භාවිත කරන උපාය මාර්ගයේ වැදගත් අංගයක් වන බහුජන සංධානයේ ස්වභාවය අනුවයි. සිංහල ජාතිකවාදය මෙම බහුජන සංධානයේ මූලික සංඝඨකයක් වන අවස්ථාවල ජවිපෙ සිංහල ජාතිකවාදී නැඹුරුව අධිනිෂ්චය වීම දක්නට පුළුවන. 1985-1990 කාලයේ හා 1998-2009 කාලයේ මෙම ලක්ෂණය හොඳින් දැකගැනීමට ලැබුණි.
නමුත් මේ මොහොතේ මේ තත්වයේ වෙනසක් සිදුවී ඇත. අද ජවිපෙ හි බහුජන සංධානයේ සිංහල ජාතිකවාදී දේශපාලන සංඝඨක නැතුවාක් පමණක් නොව එය සිංහල ජාතිකවාදී බලවේගවල තියුණු ප්‍රතිවාදී ඉලක්කයක් බවට පත්වී තිබීමද දැකිය හැකිය.
කෙසේ වෙතත් මා සිතන්නේ ලංකාවේ සමාජයේ පොදු යහපත පැත්තෙන් සලකා බැලූ කළ, විශේෂයෙන්ම සිංහල සමාජයේ ඡන්ද දායකයාට, ඇති වඩාත්ම යහපත් සහ කල්පනාකාරී තේරීම වන්නේ ජවිපෙට ඡන්දය දීම බවයි. මා මුලින් සඳහන් කර ඇති ආකාරයට ලංකාවේ මැතිවරණ ක්‍රවමය මේ වනවිට මුළුමනින්ම පාහේ නොතකා හැරීමට තරම් දෙයක් බවට පත්වී ඇති තත්වයක් තුළ එයින් කිසියම් හෝ ප්‍රයෝජනයක් අත්පත් කරගැනීමට උත්සාහ කරනවානම් එය කළ හැක්කේ මෙවැනි පියවරක් ගැනීම මගින් පමණි.
නිර්මාල් රංජිත් දේවසිරි

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. නිර්මාල්ට තමන්ගේ මට්ටම වැටහී තිබේ. කොට ම ඒවා තිබෙන අයගේ ඒවා තිබෙන තැනින් තමන්ගේ කොට එක ද තැබීමෙන් තමන්ටද සමානතාවක් හිමිවනු ඇත. ආමෙන්! නිවස තුළ ලිංගිකව පරාජය වූ මිනිසා ස්ත්‍රිය පතිවත රැකිය යුතු බව කියයි.

  2. පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

    1989 යනු බර්ලින් තාප්පය බිඳ වැටුණු වර්ෂය පමණක් නොවේ. අඳුරු නොවැම්බරයේ වැසි පිරුනු සන්ධ්‍යාවල රතු ධජ මගින් යටපත් කිරීමට උත්සාහ දැරෙන, මියගිය සගයන්ගේ සිහිනය මිහිදන් කළ වර්ෂයයි. එක් උදෑසනක සියල්ල මිය ගිය වර්ෂයයි. සිහිනය මිහිදන් කළ වර්ෂයයි. වසර පහළවකට පසු ආපහු හැරී බලන විට අප විසින් අත්පත් කරගෙන ඇත්තේ මොනවාද? ලාංකීය සමාජය වේගයෙන් ධනවාදයට යටත් වන විට, දරිද්‍රතාවය, සූරාකෑම එහි හිණිපෙත්තටම ලඟා වී ඇති මොහොතක දෘෂ්ඨිවාදීමය තලයේදී අප සමාජය ‘පියෙකු’ සොයමින් සිටින්නේ මන්ද? “තමාගේ දරුවාට ආදරය කිරීම දේශපාලනය” යයි යන සටන් පාඨයට අත්පො‍ළසන් දෙන අවාසනාවන්ත මාක්ස්වාදීන්ගේත්, සමාජ ප්‍රතිවිරෝධතා වලට හේතුව ව්‍යාජ මානසික රෝග තුළ සොයන ජනතාවකගේත් යුගය තුළ එක් මිනිසෙක් අපට ස්ථිරසාර ලෙස මෙසේ කියයි: “ආදරය යනු ඔබ සතුව නැති දෙය දීමයි.” සමාජය පරිපූර්ණ පියවරුන් සොයා යන මොහොතක, “තමා සතුව නැති දෙය” දීමේ දේශපාලනය සොයා යාමට අපි ඔබට ආරාධනා කරමු. මෙම ලිපියෙහි අරමුණ “සංකේතීය පියා ගොඩනැගීමේ” දේශපාලන ව්‍යාපෘථිය මනෝ විශ්ලේෂණය ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

    ශ්‍රී ලංකාව තුළ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජූනි-ජූලි ලන්ඩන් කලාපයට බුද්ධික බන්ඩාර යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි. මින් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ මෙම සංවාදය විශාල වශයෙන් X කණ්ඩායමේ සාහිත්‍ය තුළත්, ඉන් පසුව එම සාහිත්‍ය ආශ්‍රයෙන් පුවත්පත් හා සඟරා තුළ පල කරන ලද වෙනත් ලිපි තුළත් දැකිය හැකිය. මෙම සංවාදයෙහි මූලික පාර්ශ්වකරු වන්නේ X කණ්ඩායම බැවින් සංකේතීය පියා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මතු වූ සංවාදය ඔවුන්ගේ අදහස් පදනම් කරගෙන විග්‍රහ කරමු. උක්ත කතුවරයා ඇතුළු X කණ්ඩායම විසින් රැගෙන එන ලද සංවාදයේ මූලික කරුණු කිහිපයක් වෙත අප මුලින්ම හැරෙමු:

    1) සංකේතීය පියා පිළිබඳව X කණ්ඩායමේ නිර්වචනය:
    “නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.” (උපුටා දැක්වීම -1)
    – බුද්ධික බන්ඩාර, LONDON, 2002 ජූනි – ජූලි 36-37

    2) සමාජය තුළ සංකේත පියා විනාශ වීම:
    2-1 “සංකේත පියා – එනම් භාෂාවේ හා සංස්කෘතියේ පිළිවෙල – නිකම්ම මිනිසුන් විසින් සමාජයීයව ප්‍රචලිත කරනු ලබන අදහස් මත පමණක් රඳා නොපවතියි. එම අදහස් ඓයින්ද්‍රීයව දරාගත් ශරීර, එනම් සමාජ ආයතන, ශික්ෂණ ව්‍යාපාර, සමාජ පරමාදර්ශ යනාදිය නොමැතිව යථාර්ථයට පැවතිය නොහැකිය. සංකේතීය පියාගේ මෙම භෞතික රූපකාය ඒ අනුව සමාජීයව නිෂ්පාදනය කරන ලද්දකි… යුරෝපයට අදාලව ගතහොත් අද අප හඳුනා ගන්නා යථාර්ථයෙන් සංකේතීය පියා ගොඩනැගුනේ කාර්මික නිෂ්පාදනය සමාජීයව සංවිධානය කිරීම මගින්ය.” (උපුටා දැක්වීම -2)
    – සුමිත් චාමින්ද, LONDON, 2003 අප්‍රේල් – මැයි, පි. 44

    2-2 “අද මාධ්‍ය විසින් කරනු ලබන්නේ, මිනිසාට හුස්ම ගැනීමට ඉඩ දෙන මෙම සංකේතීය අවකාශය විනාශ කිරීමයි. නූතන මාධ්‍ය මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම සතුරා බව අප මතක තබා ගත යුතුය. 80 දශකයේ විවෘත ආර්ථිකයත් සමඟ නගර වලට රිංගාගත් ග්‍රාමීය මැට්ටන් හා පාරවල් අයිනේ ගංජා ගැසූ ලක්ෂපති වැනි නාගරික ලුම්පනුන් වැනි අය විනාශ කරමින් සිටින්නේ ඉංග්‍රීසි පියා විසින් අමාරුවෙන් ශික්ෂණය කර ගොඩනගා ගිය අපගේ සංකේත විශ්වයය.” (උපුටා දැක්වීම -3)
    – ශාම්, LONDON, 2003 අප්‍රේල් – මැයි, පි. පි 44

    2-3 “තවද, ඉහත නීතිය හා සංස්කෘතික පිළිවෙල ප්‍රධාන වශයෙන්ම කාර්මික නගරවල නිදහස් සමාජ පංතීන් විසින් නායකත්වය දී ගොඩනගන ලද්දකි… කෙසේ වුවද මෙහි අදහස නම්, මෙම සංකේත පිළිවෙල යථාර්ථයක් වන්නේ එය හුදෙක් අදහස් තුළ ප්‍රකාශයට පත් වන නිසා නොවේ. එම යථාර්ථය දරාගත් භෞතික ශරීර ලෙස නූතන නාගරික දේශපාලන ව්‍යාපාර, ආයතන, ශික්ෂණයන් යනාදිය තහවුරු වීම නිසාය. යුරෝපීයයන් තම ජීවන පරමාදර්ශය නගරය තුළ දකින්නේ සහ එයට ගරු කර්න්නේ නිෂ්පාදනය (දේශපාලන ක්‍රියාව) මගින් භෞතිකව නගරය විසින් ගම පරාජය කිරීම නිසාය.” (උපුටා දැක්වීම -4)
    – එම, පි 45

    2-4 “යුරෝපයට අදාලව ගතහොත් ඉහත පරිවර්තනය (කාර්මීකරණය නිසා ඉහත සංකේතීය පිළිවෙල ගොඩනැගීම) ලංකාවේ සිදු වී නැත‍. . . නමුත් ඉංග්‍රීසි යටත්විජිත පාලනය යටතේදී යුරෝපීය නූතනවාදී යථාර්ථය කැඩපත කරගත් රාජ්‍ය ආයතන ලංකාවේදී ස්ථාපිත කෙරිනි… ලංකාවේ නූතන පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දය, රාජ්‍ය පරිපාලනය, පොලීසිය, පාසැල් සහ පොදු සුභසාධන ආයතන, කලාව, ජාතිය, කොළඹ කේන්ද්‍රීය බුද්ධාගම, නීතිය සහ පොලීසිය යනාදී සියල්ලම යටත්විජිත පාලනයේ නිර්මිතයන් ය. මෙම සමාජ – දේශපාලන පිළිවෙල දරාගෙන සිටි භෞතික ශරීරය අන් කිසිවක් නොව බ්‍රිතාන්‍යයේ නූතනවාදී දේශපාලනයයි.” (උපුටා දැක්වීම -5)
    – එම

  3. පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

    http://xfileslanka.wordpress.com/2014/03/23/%E0%B6%B4%E0%B7%85%E0%B7%8F-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B6/

  4. පිස්සු අපටද?

    විප්ලවවාදියෙකුගේ අභාග්‍යය (හෝ අභාවය)
    මම ජවිපෙට චන්දෙ දෙනවා – නිර්මාල් 2014

    මම එජාපෙට රනිල්ට චන්දෙ දෙනවා – පව් එයා දිනන්නෙම නෑ – නිර්මාල් 2016

    මම එක්සත් ජනතා නිදහස් සන්ධානේට චන්දෙ දෙනවා . මාවයි රටයි දෙකම බේරා ගත්ත – නිර්මාල් 2018

  5. මෙය ගොඩේ බයියා නැමැත්තෙකු විසින් මුහුණු පොතෙහි පල කොට තිබූ සටහනකි.

    නිර්මාල් රුන්නත් ගූ ගොඩ වටේ එක් රොක් වන පිරිසක් සිටී. ඉන් පසු එම පිරිස අතර සිටිනා ඇකඩමික පොරවල් එම ගූ ගොඩ පිළිබඳව විවිධ දාර්ශනික මත පළකරයි. ඒවා බොහෝ විට සමපේක්ෂි යථාර්තවාදී දාර්ශනික අදහස්ය. ඒවායේ සාමාන්‍ය ආකෘතිය මෙසේය.

    *නිර්මාල්ගේ ගූ වල පවතිනා අපට ග්‍රහණය කොට ගත හැකි මනසින් සහ පංචේන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වූ එහිම වූ ගුණයක් පවතී.
    *විද්‍යාවට අනුව කළා පීට‍ මහාචාර්යවරයෙකුගේ ගූ වල පවතින එම සුවිශේෂී ගුණයන් එක සමානය.
    *මෙවැනි ගූ ගොඩවල් පිලිබඳ තවත් නිවැරදි දත්තයන් ලබාගෙන ලෝකය දිවුණු කිරීම සඳහා පාසල් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නගා සිටුවීම සඳහා සටන් වැදිය යුතුය.

    එවැනි දාර්ශනික අදහස් පල කල නොහැකි අය මෙන්න මෙවැනි කමෙන්ට්ටු වලින් ඔහුට සංග්‍රහ කරයි.
    * මචන් නිර්මාල් එල ගූ ගොඩ…..
    * පිච්ච මල් සුවඳයි මචන්…..
    * ඔබ අපට නෙත් දහසකි දිගටම ඔය විදියට රෙන්න මචන්….

    ඔහුගේ ගෝලයින් මෙසේ කියයි.

    * සර් රෙනකොට පලාතම සුවඳයි…..
    * සර් අපිටත් ඔය විදියට රෙන්න ආසයි.
    * සර් රෙන විදිය නියමයි.
    මේ සියළු දෙනා අමතක කරනා ප්‍රධාන කාරණය වන්නේ නිර්මාල්ට මෙවැනි දැවැන්ත ගූ ගොඩවල් ගැසීමේ සිවිල් හැකියාවට යටින් පවතිනා රහසය. එනම් නිර්මාල් නම් තනි අලියා බිහි වන්නේ සමාජ කණ්ඩායම් රැසක ශ්‍රමය තුලින් බවය.

  6. @ සිරිමලා
    //1989 යනු බර්ලින් තාප්පය බිඳ වැටුණු වර්ෂය පමණක් නොවේ. අඳුරු නොවැම්බරයේ වැසි පිරුනු සන්ධ්‍යාවල රතු ධජ මගින් යටපත් කිරීමට උත්සාහ දැරෙන, මියගිය සගයන්ගේ සිහිනය මිහිදන් කළ වර්ෂයයි. එක් උදෑසනක සියල්ල මිය ගිය වර්ෂයයි. සිහිනය මිහිදන් කළ වර්ෂයයි. වසර පහළවකට පසු ආපහු හැරී බලන විට අප විසින් අත්පත් කරගෙන ඇත්තේ මොනවාද? //
    ඔබ තවමත් 2004 වසරෙද?

Comments are closed.