[dropcap color=”red”]මැ[/dropcap]ඩෝනා යනු ඇමෙරිකාවේ අතිශයින්ම ජනප්‍රිය පොප් ගායිකාවකි. ලෝකයේ අන්ත දුප්පත් රටක් වන ‛මලාවි’ වල අන්ත අසරණ දරුවන්ට උගන්වන පාසැල් කිහිපයකට පසුගිය කාලයේ මැඩෝනා විසින් උදව් කරන ලදි.

පසුගිය දිනෙක ‛මලාවි’ වලට මැඩෝනා ගියේ තම අරමුදල් වලින් පාලනය වන පාසල් අධීක්ෂණය කිරීමටය. සංචාරයෙන් පසු මැඩෝනා මලාවි ආණ්ඩුවට දොස් තබමින් කියා සිටියේ තමන්ට ඔවුන් විශේෂ පුද්ගලයෙකුට ලෙස සළකා ගෞරව නොකළ බවයි. මැඩෝනා වැනි බටහිර ලෝකයේ අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙකු දුප්පත්ම රටක ආණ්ඩුවකින් පිළිගැනීමක් අපේක්ෂා කරන්නේ ඇයි? (මැඩෝනාට ස්වාමි-සේවක සම්බන්ධය හමුවීම)

කොතරම් මුදල් හදල් තිබුනත්, බලය සහ කීර්තිය තිබුනත් පොහොසත් මිනිසුන්ට ඇසුරු කිරීමට දැන් මිනිසුන් හමුවන්නේ නැත. ඒ නිසා ඔවුන්ට මිනිසුන් සොයා යාමට සිදු වී තිබෙන්නේ ලෝක ගෝලයේ අන්ත දුප්පත් රටවලටය. තෙරේසා මව්තුමිය ලෝකයේ මේ තරම් ජනප්‍රිය වූයේද මේ නිසාය. අපි හැමෝම එකවගේ වෙන කාලයක් මේක. එහෙම වෙන්නේ අපේ ජීවිතය ගොඩ නැගෙන්නේ වෙළෙදපොල මගින් මිස තවත් මනුෂ්‍යයෙකුගෙන් නොවන හින්දයි. ෆේස්බුක් වගේ සමාජ ජාලයන් මේ කාලයේ ජනප්‍රිය වන්නේ මේ නිසයි. මාළු පාන් වල මාළු වෙනුවට අල තියෙනවා වගේ මේ වගේ කාලයේ මිනිස් සම්බන්ධකම් වල තියෙන්නේ උණුසුම වෙනුවට රාගය. මැදිහත්වීම වෙනුවට පලායාම. විශ්වාසය වෙනුවට අවිශ්වාසය.ශ්‍රමය වෙනුවට මුදල්. හමුවීම වෙනුවට ලයික් කිරීම.

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. ෆේස්බුක් ගැන දීර්ඝ විග්‍රහයක් අවශ්‍යය යි.

  2. Need to have a good understand about your politics.
    Hope to discuss with you all.
    How could it make ?.
    Hope you will reply this.

Comments are closed.