සාරාංශය
1950, 60 සහ70 දශකයන් හි විශාල වාණිජ යතාර්ථයක් බවට ලෝක රොක් සංගීතය[ii] තුල අධිනිශ්චය වු බිට්ල්ස්  ගායක කණ්ඩායම විදහා දැක් වූ සංගීතමය නිපුණතාවය හා සමාජ තේමාවක් ආශ්‍රය කර ගනිමින් බිට්ල්ස් (Beatles) සම්බන්ධයෙන් ගොඩ නැඟී ඇති මිත්‍යාමය (වාණිජ) සමාජ අවකාශය විසින් බහිස්කරණය වී ඇති සැබෑ රොක් සංගීත ප්‍රවණතාවය ශාස්ත්‍රීය ආකාරයකට නැවත සන්දර්භගතකරණය කිරීම මෙම ලේඛනයේ අරමුණයි.  බිට්ල්ස් විසින් උපයා ගන්නා ලද ජනප්‍රියවාදී සංකේත ප්‍රාග්ධනය හේතුකො‍ට ගෙන එම කණ්ඩායමේ සාමාජිකයන් හතරදෙනා[iii], තරුණ වීරයින් (teen idols) බවට පත්වීමත් එම නිසාම ලොව කිසිම සංගීත කණ්ඩායමකට නොදෙවෙනි ආකාරයේ වාණිජ  සාර්ථකත්වයක් සහ  සමාජ අවකාශයක් අදටත් ඔවුන් සතු කර ගැනීම නිසා සැබෑ රොක් සංගීත වීරයින් වීමට අවකාශය හා හැකියාව තිබූ අනිකුත් සමකාලීන සංගීතකරුවන් මෙම ප්‍රධාන ධාරාවේ වාණිජ යතාර්ථය තුල බහිස්කරණය වීම නිසා අවම වශයෙන් 50 අග හා 60 දශකය ආරම්භය පමණ වන තුරු සැබෑ රොක් සංගීතයෙහි ව්‍යක්ත විප්ලවීයත්වය ලොව බොහෝ දෙනාට අහිමි වූ ආකාරයත් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.  දක්‍ෂතාවය, රොක් තේමාවන්ට අනුගතවීම හා එම යුගයේ දේශපාලන සමාජ යතාර්ථයන් ප්‍රතිබිම්භනය කිරීම වෙනුවට වාණිජ ප්‍රාග්ධන අවකාශය විසින් බිට්ල්ස් මධ්‍යම පංතික නිද්‍රාකාරකයක්[iv] (tranqilizer)ලෙස ඌණනය කිරීම නිසා අදාල සමාජ යතාර්ථයන් පුපුරායාමට හා ඒ මඟින් වඩා රැඩිකල් නැඹුරුවක් තිබූ යුරෝපීය සමාජ දේශපාලන අවකාශයේ සමාජ විප්ලවීයත්වය ත්‍රීව්‍ර කිරීමේ සමකාලීන වගකීම ඉටු කිරිම පසෙක තබා තමා ගොඩ නැංවූ ව්‍යාජ වාණිජ යතාර්ථයේම සිරකරුවන් බවට පත්වීමත් එම නිසාම තම ජීවිත කාලයෙන් විශාල ප්‍රමාණයක් ‘ලමා-වැඩිහිටියන්’ ලෙස බිට්ල්ස් ට ගත කිරීමට සිදු වූ අලකලංචියත් මෙහි දී සාකච්ඡාවට බඳුන් වේ.  ලිපිය අවසානයේ ඔවුන් දේශපාලනික අර්ථයෙන් රොක් සංගීත ලොවට සත්‍ය ලෙසම අයිති ද යන්නත්, පදමාලා සංසන්දනය කරමින් බිට්ල්ස් අව්‍යාජ අර්ථයකින් ස්වකීය භාවිතාව තුල විප්ලවීය ද යන්නත් සාකච්ඡා කරමු.
කේන්ද්‍රිය වචන: ප්‍රති-සන්ධර්භගතකරණය, වාණිජ ව්‍යාජ සංඥා, රොක් සංගීතය, බහිස්කරණය.
සම්පූර්ණ ලිපිය කියවන්න පහත සබැදියාට යන්න
http://lankathesis.blogspot.com/2013/03/blog-post_3071.html

ඔබේ අදහස කියන්න...