[dropcap color=”pink-orange”]මේ [/dropcap]වන විටත් ලංකාවේ ඇත්තේ වැඩිහියන්ගේ සමාජයක් නොව ළමා සමාජයක් බව අප මීට පෙරත් තොරතුරු වාර්ථා කලා. සාමාන්‍යෙයන් ලිංගික සම්බන්ධකම් කියන්නේ වැඩිහිටි පිරිමි සහ ගැහැණුන් අතර හෝ වැඩිහිටි පිරිමි සහ පිරිමි අතර හෝ ගැහැණු ගැහැණු අතර ඇතිවන සම්බන්ධයක්. එය වැඩිහියන්ගේ මිනිස් අයිතිවාසිකමක්. වෙනත් රටවල ලිංගිකත්වය සම්බන්ධයෙන් ඇත්තේ නිදහස් මතවාදයක්. නමුත් ලංකාවේ ලිංගිකසම්බන්ධකම් සම්බන්ධයෙන් ඇත්තේ මීටවඩා වෙනස් මතයක්. ශ්‍රී ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය යනු රෑට කලුවරේ හොරෙන් කරන දෙයක්. මේ නිසා දහවල් කාලයේ වෙනත් ස්ථානයක ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනමට ලක්කල යුතු කරුණක්. මේ ඒ සම්බන්ධයෙන් ලැබෙන අලුත්ම වාර්ථාවක්

චිත්‍රපට ශාලාවල ඇති බොක්ස් ආසන තුල තරුණ තරුණියන් ලිංගිකව  එක්වන බවට තොරතුරු ලැබී ඇති බැවින් බොක්ස් ආසන ඉවත් කිරීමටත්,  සිනමා ශාලා තුලට එන තරුණයින් බාල වයස්කාරියන් රැගෙන එම වලක්විමටත්  නව නීති සකස් කිරීමට ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අතර මේ දිනවල අදහස් හුවමාරු වේ. ඉදිරි දිනවල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග සිනමා ශාලාවල බොක්ස් ආසන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්ද දියත් කරන බවට ද තොරතුරු වාර්ථාවේ.

ඒ අනුව මින් ඉදිරියට  සිනමා ශලාව වලින් බොක්ස් ආසන ඉවත්කිරීම හෝ නැතිනම් බොක්ස් ආසන වලට වී පෙම්වතුන් හැසිරෙන අකාරය නරඔන්නට සී.සී.ටී.වී කැමරා සවිකිරීම හෝ සිනමා ශාලාවල සේවකයන් යොදා එම ආසන විටින් විට පරීක්ෂා කිරීමට කටයුතු කරන්නට පුලුවන.

වයස අවුරුදු අටේ දැරියන් තෙවතාවක් දූෂණය කර මරා දැමීමෙන් පසුව තවත් වතාවක් දූෂණය කරන වැඩිහිටි පිරිමින් සිටින අප වැනි රටක දැන් කාලයක පටන් රූපවාහිනියේ ගැහැණියක ගේ කකුලක් පෙන්නුවත් කොටු දමයි. ඒ තරම්ම අපේ රට සදාචාර සම්පන්නය. එවැනි රටක මෙවැනි විරුද්ධාභාෂයක් ඇති වන්නේ ඇයි? කාලයක් රටේ සදාචාරය ආරක්ෂා කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික ඇමති විජිත හේරත් රට පුරා කටවුට් ගැලවීම ආරම්භ කල අයුරු අපට මතකය. ඒ අනුව විජිත හේරත්ලා ප්‍රාර්ථනා කළ සදාචාර සම්පන්න සිංහල බෞද්ධ රටේ දැන් බොක්ස් ආසන වලට පැන වැඩිහිටියන්ගේ ( ලංකාවේ නීතිය අනුව අවුරුදු 18ට වැඩි සියළුම පුද්ගලයන් වැඩිහිටියන්ය.) ලිංගික රහස් සොයන්නට පටන්ගෙන තිබේ.

ලංකාවේ අපට අනුව ලිංගික සම්බන්ධතාවයක් යනු ප්‍රසිද්ධ රහසකි. ලිංගිකත්වය පිළිබදව අපට ඇත්තේ නරුමවාදී ආකල්පයකි. එනම් හැමෝම දන්නවා මොනවද වෙන්නේ කියලා ඒත් හැමෝම දන්නෑ වගේ ඉන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවයට අනුව ලිංගික සම්බන්ධකම් පැවැත්විය යුත්තේ රෑට කලුවරේ හොර රහසේ දන්නෑ වගේය. ඒ නිසා කලුවරේ වුනත් බොක්ස් ඇතුලේ දහවල් කාලයේ දැන දැනම ලිංගික සම්බන්ධකම් පවත්වන අය විදින විනෝදය තහනම් කරන්නට හැකි විය යුතුය. මුලින්ම පාරේ ඔබ ගමන් කරන මාවත් වලට සී.සී.ටී.වී කැමරා සවිකළ අතර දැන් එය සිනමා ශාලාවල බොක්ස් ආසන වලට එන්නට ලගය. හෙට එම සී.සී.ටී.වී කැමරාව ඔබේ නිදන කාමරයට එන්නට පුළුවන. අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යැයිද මිනිසුන් ගේ අයිතිවාසිකම් සහතික කරන ලද සමාජයක යැයිද බොහෝ දෙනා සිතා සිටියත් ඇත්තටම අප ජීවත් වන්නේ මුතුහර ළමා සමාජයක් වැනි වැඩිහිටිභාවය අත්හිටුවන ලද ළමයන්ගේ සමාජයක බව දැන් පැහැදිලය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දැන් අපි හිතමු මගේ දුවට අවුරුදු 18 පිරුනම ඔය කියන වැඩිහිටි ලිංගික නිදහස ඇයට දෙන්න මම නම් කැමතියි. මම විශ්වාස කරනවා මාක්ස්වාදීන්ගේ ලිංගික නිදහස​. ලංකාවේ අමුම අමු ලිංගික කුහකයෝ ටික ඉන්නේ මාක්ස්වාදී වමේ පක්ශවල​ පවා. උබල ලියන ලිපි විලින් ඒක තමා වෙනසක් වුනේ. ලිංගිකත්වය විශාලම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජනඅරගල ව්‍යාපාරයටයි. උන් චන්ඩිනම් ලංකා විවිස් එකකට අපි දාන කමෙන්ට් පලකරන්න ඕන.බොරුවට moderation කිය කියා comment පල් කර කර කුණු බක්කියට දාන් නැතිව​. උන්ගේ බොරු විප්ලවකාරීත්වය අපි දාන කමෙන්ට් පල කරන නොකරන එකෙන් මට මැන ගන්ඩ පුලුවන් වුණා උබලා විතරයි අපි දාන කොමෙන්ට් අකුරක්වත් වෙනස් නොකර පළ කරන්නේ. ඒත් ලංකා විවිස් එකේ උන් කොමෙන්ට් වෙනස් කරනවා. බොරුවට සමාජෙට විප්ලවවාදියෝ ගෙවල් වලදි හොර උපාසක මහත්තුරු ටිකක් බව අපි හොදටම දන්නවා. උන්ගේ ඔය දෙබිඩි බව නිසාම තමයි අපි උන්ගෙන් ඈත් උනේ……අපි දැන් සූදානමින් ඉන්නේ ඔබලාත් සමග එකතු වන්නයි.ඔබේ දෑත් අපට දෙන්න සොහොයුරාණනී,මුලින්ම අපි හැලපයා,අමාරිස් අයියා,පැනියා වගේ උන්ව විශ්වාස කළා. නමුත් පසුව අපට සත්‍ය අවබෝධ වුනා. දැන් මම නිදහස් මිනිසෙක්මි.

  2. /*ශ්‍රී ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය යනු රෑට කලුවරේ හොරෙන් කරන දෙයක්*/

    හරි දැන් මේක ලියපු අය්යා/ අක්ක ඔය වැඩේ දවල් සාලෙට වෙලා හොරෙන් නැතිව එලිපිට කරනවද? මම අහන්නෙ ගෙදර තව මිනිස්සු ඉද්දි? අඩුම ගානෙ ගෙදර අනිත් මිනිස්සු ඉද්දි අපි පොඩ්ඩක් ..කලා (හෝ රමණයට ) එන්නම් කියල කාමරෙට යන්න ගටක් තියනවද?

Comments are closed.