ලේ පරීක්‍ෂාවට යන්නේ රු. 3.00යි.. කොලෙස්ට්‍රෝල් රු. 9.00යි.. එත් ගිණි ගනන් ගන්නවා

මෙරට බොහෝ නගරවල පිහිටුවා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවාවන්වලට නිසි ප‍්‍රතිපත්තියක් සකස් නොකිරීමෙන් ඒවායින් ජනතාව සූරාගෙන කෑම සිදු වන නිසා වහාම මේ සදහා වැඩපිළිවෙළක් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමය සදහන් කරයි.

රුපියල් පහක් හයක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් තුන්සියයක් පන්සියයක් අතර මුදලකුත්, රුපියල් 30-40ක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් 900-1200 දක්වා එම ආයතන වලින් මුදල් අය කිරීම සිදු කරන බවද එම සංගමයේ සභාපති ජානක නිෂාන්ත මහතා පවසයි.

රුධිරයේ සීනි ප‍්‍රමාණය පරීක්ෂා කිරීම සදහා වියදම් වන්නේ රුපියල් 3-5 මුදලක් වුවත්, එම පරීක්ෂණ කටයුතු සදහා රුපියල් 300-350 අතර මුදලක් අයකරන බවත් කොලෙස්ටරෝල් පරීක්ෂන කටයුතු සදහා වියදම් වන්නේ රුපියල් 9.00-12.50 අතර මුදලක් වුවත්, එම පරීක්ෂණ කටයුතු සදහා රුපියල් 900-1200 අතර මුදලක් අයකරන බවද ජානක නිෂාන්ත මහතා සදහන් කළේය.

එසේම බොහෝ වෛද්‍ය රසායනාගාරවල සේවය කරනු ලබන්නේ නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් නොවන බවට හෙළි වී තිබෙන නිසා සිදු කරන පරීක්ෂණ වල ගුණාත්මක තත්ත්වය පිළිබදවද ගැටලූ ඇති වෙමින් තිබෙන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

lankacnews.

ලංකාවේ දුගීන් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට කතා කරන, වසර 40ක් දේශපාලනය කළ,රාජ්‍ය බලය පිළිබද දුරස්ථපාලක මේනියාවකින් පවා පෙළුණු  ජනතා විමුක්ති පෙරමුණට මේ ගැන කියන්නට ඇත්තේ කුමක් ද? චම්පික සහ විමල් වැනි ජාතිය ගැන හොටු,කදුළු පෙරාගෙන කතා කරන අයට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්ද? අප දන්නා පරිදි මේ වන විට පර්යේක්ෂණ වලින් ඔප්පු වී ඇත්තේ කොලස්ටරෝල් සහ අහාර අතර සම්බන්ධයක් නැති බවයි. එමෙන්ම ව්‍යායාම කිරීමෙන් කොලස්ටරෝල් අඩුවන බවට වූ අදහස ද මිත්‍යවකි. මේ සියළු මිත්‍යවන් වලින් අවසාන විග්‍රහයක දී රෝගීන්ව ගසා කන්නේ පුද්ගලික රෝහල් හිමියන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ය. මේ පිළබදව පරියේක්ෂණ වාර්ථා මේ වන විට අන්තර්ජාලය තුළ ඇති අතර ඒවා පළ කිරීමට ආචාර ධාර්මික වශයෙන් අපට අයිතියක් නැත්තේ ඒ විෂය ගැන අප වෘත්තිකයන් නොවන නිසාය. ඒවා පළ කල යුත්තේ ප්‍රගතිශීලි වෛද්‍යවරුන් විසින්ය.

ඔබේ අදහස කියන්න...