පාරවල් ලස්සණ කරනව.කාණු කපනව.කොන්ක්‍රීට් දානව.මල් පෝච්චි තියනව.අලුත් වාහන ගෙන්වනව.මේව දකිනකොට අපි හැමෝටම (සිංහලයන්ට) සහනයක් එනව.මොන අසුන්දර මතකයක් වහන්නද?මේ සියළු දෙනා එකට එකතු වෙන්නේ?

චේ සමග මෝටර් සයිකල් වලින් රට වටේ ගමන් කරන අය ඇසිය යුතු ප්‍රශ්ණයක් තියෙනව.චේ කිසි දවසක ලතින් ඇමරිකාවේ ජීවත් වූ සුළුජාතිකයන් ඝාතනය කරල තියෙවද?

z_jun-p04-Victory-day
sri-lanka_1567883c
d48d8c89-36d9-4165-845a-84470ac8f2dcHiRes
1687866-4x3-700x5251383148_10201466490617072_1993461383_n1382824_10201466491177086_1280412617_n1381483_10201466489857053_1020371059_n1381266_10201466489057033_1199400640_n1378845_10201466490497069_2108674249_n1378718_10201466489897054_543650831_n1377117_10201466489977056_566248569_n1375000_10201466488857028_587489543_n524091_10201466489017032_1305248921_n43d8844cb7f4154f733ea0bf7e54_grande9b2b324ac2eaf4APTOPIX Sri Lanka Civil War

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. ත්‍රිමාන මහත්වරුන්ගේ කුහක කෑම පෙන්වන ජයාරූප එකතුවක්. මහා අනෙකා නොමැති සමාජයක ජිවත් වන ජනතාවට දිරවාගන්න බැරි දර්ශනයක් පෙරට දමාගෙන, දාර්ශනිකයන් වන්නට උත්සාහ කරන කල්ලියක කුහක බව මෙයින් හොදට පෙන්නුම් කරනවා. රටේ සිදුවන සියලුම වැරදි වලට ජවිපෙ වැරදිකාර කරුවන් කරවීම හැර මොවුන්ගේ දේශපාලනයේ වෙනත් වැදගත් දෙයක් තියනවාද යන්න දෙවරක් ප්‍රශ්ණ කලයුතුයි.

  2. ඇත්තටම ත්‍රිමාන අපිට අලුත් විදිහට හිතන්න පුරැදු කරනව . ඔබට ජය වේවා.

  3. දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළුදෙමළ දේශපාලකයන්ටත් අලුත් විදිහකට හිතන්න පුරුදු කරනවනම් හොදයි. දෙමළ ජාතිවාදය අවුස්සමින් සිංහල ජාතිවාදය අවුස්සමින් මදිවට මුස්ලිම් ජාතිවාදය අවුස්සමින් මේ හැමදෙනාම කරන්නේ ගරාවැටෙන මහින්ද පාලනය ට කිහිලි කරු ගැසීමයි. උතුරේ දේශපාලකයන් හට මහින්ද ගේ පාලනය ඉතාමත් වැදගත් සාදකයක් වෙනවා. මහින්දගේ ඔලමොට්ටල ජාතිවාදය ඔවුන්ට දේශපාලන තුරුම්පු ලබාදෙනවා.

  4. ස්වයං නිර්ණ අයිතිය ගැන කතා කරන උතුරේ දේශපාලකයින් ජනතාවට කියා දෙන්නේ ස්වයං තීරණ අයිතිය යනු තමන්ට කැමති පාටක කමිසයක් ඇදීමට තමන්ට කැමති ගමනක් යාමට කොලබ ආණ්ඩුවෙන් අවසර ගත යුතු නැති බවයි. එතැනදී කොළබ ආණ්ඩුව නමින් සහ යාපනේ ආණ්ඩුව නමින් රටේ ආණ්ඩු දෙකක් ඇතිවිය යුතු බවත් ස්වයං තීරණ අයිතිය හුදෙක් කමිසයක පාට තීරණය කරන තරම් සරල තීන්දුවකට ලගු කරමින් දෙමළ ජනතාව යලි යලිත් මුලා කරන්නට වැලි කන දේශපාලකයන්ට ත්‍රිමාන මහත්වරු ගේ මැදිහත් වීමෙන් දේශපාලන අවබෝදය ලබාදෙන්නේ නම් ඔවුන්ටත් අලුත් විදිහකට හිතන්න පුරුදු වෙයි. සිංහල ජාතිවාදයට පහර ගසන ගමන් දෙමළ ජාතිවාදයටත් පහර ගසන්න. ජාතිවාදයෙන් ජාතිවාදයක් ජයගන්නට බැරිබව ඔවුන්ටත් කියා දෙන්න. එසේ නොවන්නේ තිමාන උදවිය එම මතය අනුමත කරන නිසාවෙන් නම් මා හට තවත් කියන්නට දෙයක් නැත.

  5. එකගවෙනවා, මෙය විවුර්තව සාකච්චා කලයුතු කරුණක්. අද උතුරේ ජනතාව ලබාගත් ජයග්‍රහණය නිවැරදිව ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වුනොත් ජනතාවට නැවත වරක් සිදුවන්නේ අපේක්ෂා බංගත්වයයි. ආයුදයෙන් තමන්ගේ අයිතිවාසිකම් ලබාගැනීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසර ගනාවක් බලාගෙන සිටි ජනතාවට සියලු දේ කැපකරමින් බලාගෙන සිටිය ජනතාවකට එය අහිමි වෙලා.. ජන්ද බලයෙන් ඒ දේ ලබාගත හැකියි සිතන්නට අද අවස්තාවක් ලැබී තියනවා. ඉතින් ඒ අනගි අවස්තාව දේශපාලකයන් තම තමන්ගේ බලය පෙන්වන ව්‍යාපාරයක් බවට පත්කරගන්න යන නිසා එමගින් නැවත වරක් ජනතාවගේ බලාපොරොත්තු සුනු විසුනු කරන්නට තිබෙන ඉඩකඩ බොහෝයි. එය නිවැරදිව තෝරාගෙන නිසි පියවර නොගන්නේනම් නැවත වරක් ජාතිවාදය අවුස්සන සියලුදෙනා ජයගන්නා අතර මහින්දගේ බලය රැකගැනීමට සහ පවත්වාගෙන යාමට එය පිටුවහලක් වෙනවා. මෙහිදී මහින්ද ගන්න අනෙක් පියවර තමයි අනෙකුත් පක්ෂ වලට සිදුකරන ලද සහ සිදුකරමින් ඉන්න දේශපාලක බිලිබාගැනීමයි. උතුරේ සන්දානයේ මන්ත්‍රීන් බිලිබාගැනීමේ වඩාපිළිවෙල දැනටමත් ආරම්බ කරලා ඇති. අනිත් කරුණ තමයි සන්දානයේ මන්ත්‍රීන් විරසක කර එකිනෙකා අතර අවිශ්වාසය ගොඩ නැගීම. එයත් බුද්දි අංශයේ එක කාරණාවක් වනු ඇත. උතුරට කරන සංවර්දන වැඩ නතර කිරීම මගින් ජනතාව ට දෙන සහන නවතා දැමීම මගින් මහින්ද බලාපොරොත්තු වන්නේ ජනතා ජන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීන් හට ජනතාවට සේවය කිරීමට නොහැකි තත්වයක් උදා කිරීමයි. එය වාසියකට හරවා ගන්න ජාතිවාදය පෝෂණය කරන මන්ත්‍රීන් කිහිපදෙනා එම අවස්ථාවට හොදින් පොහොර දමමින් ජනතාවට සේවය කිරීමට නොහැකිවන්නේ කොළබ ආණ්ඩුව අපව නොසලකන නිසා බව පවසමින් යාපනයේ ආණ්ඩුවට මුල්ගල තබන්නට සුදානම් වීමයි. එයත් වක්‍රව නොව කෙලින්ම මහින්දගේ බලය තහවුරු කරන්නක් බවට පත්වෙනවා. අනික ජනාදිපතිවරණය .. මීලගට එන ජනාදිපත්වරණයට උතුරේ ජන්දපදානම තීරණාත්මක වෙනවා. යම් හෙයකින් උතුරේ ජාතිවාදය අවුස්සා ලංකාවටම බලපාන ලෙස ජනාදිපත්වරණයට උතුරේ දෙමළ නායකයකු ඉදිරිපත් කිරීම මගින් තුන්වෙනි බලවේගයකට උදව් කිරීම දෙමළ ජන්දවල තීරණාත්මක බව අවම කර ගැනීමට පුළුවන. ඉදිරි මැතිවරණ වලදී උතුරේ සන්දානය දකුණේ මැතිවරණ වලට ඉදිරිපත් වීමට පුළුවන්. එහි කිසිදු අසාදාරනයක් නොමැති නමුත් ජාතිවාදය අවුළුවන දෙපාර්ශවයේ ම මන්තිවරු එය ආයුදයක් කරගන්නවා. එමගින් මහින්දගේ ජයග්‍රහණය පහසුවෙන් සිදුවනු ඇත. දෙමළ සන්දානයට ජනාදිපති තරගයෙන් ජය ගන්නට නොහැකි වුනත් අවුළුවන ජාතිවාදය නිසා උතුරු ආණ්ඩුවේ ජනාදිපති වරයා ලෙසට එම අපේක්ෂකයා පිළිගැනීමත් ජාත්‍යන්තර ප්‍රජාව වෙත මෙම මතය ගෙනයාමත් පහසුවනු ඇත. උතුරේ නැගෙන ජාතිවාදයට සමාන්තරව දකුණේ අවුළුවන ජාතිවාදය මහින්දගේ බලය ත්හවුරුකරන්නේ එලෙසයි.
    ඉතින් මෙම අවස්තාව වනතෙක් බලාගෙන හිද සිදුවූ පසු එකිනෙකාට දොස්කියමින් අන්තර් ජාලයේ පිටුගණන් පුරවන්නේ නැතිව අද දවසේ කාර්ය විය යුත්තේ උතුරත් දකුණත් එක්කරගනිමින් මෙම පාලන ක්‍රමය වෙනස් කිරීමට පොදුපෙරමුනක් ගොඩනැගීමයි. උතුරට වෙනම පොදු පෙරමුණු ගොඩනගමින් දකුණට වෙනම පොදුපෙරමුණු ගොඩ නගමින් යන මේ ගමන කිසි දිනක සාර්ථක නොවන අතරම දකුණේ ජනතාව දකුණේ දේශපාලකයන් ගෙන් පිඩා විදින අතර උතුරේ ජනතාව උතුරේ දේශපාලකයන්ගෙන් පිඩා විදිනු ලබනවා.

Comments are closed.