පළමු පරිච්ඡේදය…
ඔහු ගාලුපාර දිගේ පැමිණියේ වැස්සේ තෙමෙමිනි. දිරා ගිය අත්පිස්නාවකින් තම සෙම් සොටු පිසදමමින් ඔහු පැමිණියේ සෙම් සොටු පිස දැමීමට ලෙහෙන්සු, සහ ටිෂූස් සමාජ පංතියක සංස්කෘතික මෙවලමක්ව පවතිද්දී ය. නගරයේ කොල්ලෙක් වැසේසේ තෙමෙමින් මෙලෙස ගාලුපාර දිගේ ඇවිද ඒමට මද ලජ්ජාවකින් පසුවේ. බකල් එක කැඩී ගිය කලුපාට ලැප්ටොප් නොමැති කළු බෑග් කැබැල්ලෙ අම්මා විසින් හිමිදිරියේම පිසූ ඇගේ ආදරයද සමග කෙසෙල් කොලයක ඔතා දුන් අල කිරිහොද්ද සමග බෝංචි වෑංජනය සහිත බත්මුලකි, ඇදුම් කිහිපයකි. බැලු බැල්මට ජීවිතකාලය පුරාම බඩකට පිරෙන්ට හොද ආහාරවේලක් භුක්ති විද නැති බව ඔහුගේ මුහුණ බලන නාගරිකයෙකුට පෙනේ. නගර වැසියන් පොළියට මුදල් රැගෙ න හෝ තම ආහාර වේල හොදින් සපයා ගනියි. නැතිනම් තුන්වේලට හොදින් වියදම් කරයි. එබැවින් නගරවැසියාට කන සහ නොකන කොල්ලෙක්ව හදුනා ගන්නට එතරම් අපහසු නැත.
ඔහුගේ දෑසේ කලබලකාරී බවක් සහ බියමුසු ස්වරූපයක් දිස්වේ. වැස්සේ තෙමෙමින් පැමිණෙන හෙයින් ඔහු කඩිනම් ගමනකින් ගමන් කරන සෙයකි. අසල කඩයෙන් සිගරට්ටු දෙකක් මිලදීගෙන තම මුවේ එක් සිගරට්ටුක් තබා දල්වා හොදින් දුම් උගුරක් ඇද, දබරැගිල්ලත් මැදගිල්ලටත් මැදිව එය නැවත ගෙන ෂ්…. හඩ දීගෙන දුම් උගුර ඇතුට ඇද, එළියට ගත්තේ ය. තමා මේ යන්නේ කොහිදැයි ඔහු හරියටම නොදනියි. තම පෙම්වතිය තමා ප්රතික්ෂේප කළේ කුමක් නිසාද? ශරීරය කෙට්ටු නිසාද? ඇග කළු නිසාද? කඩහඩ තුළ ස්ත්රී ස්වරයක් ඇති නිසාද? එකම එක කළු ටී ෂර්ට් එකත් හම ගිය ඩෙනිමත් අදින නිසාද? වියදම් කරන්නට මුදල් නොමැති නිසා ද? නැතිනම් තමාගේ පහත් යයි සම්මත කුලය හදුනාගෛන ද? නමුත් මේ සියල්ල මැද්දේ වුවත් පෙම්වතෙකු වශයෙන් තමා විසින් සියලු යුතුකම් ඇයට ඉටුකර ඇත. අවුරුදු 23- 24 ක කදිම වයසක යොවුන් කොල්ලෙක්වන තමන්ව පිළිනොගැනුමට තරම් කාරනා ඇයට නොමැත. ඇය එසේ කළේ ඇයි? ඔහුගේ සිතට නිරතුරු වද දෙන ගැටළුව සිතින් යටපත් කර දැමීමට ඔහු නොගන්නා උත්සාහයක් නොමැත.
වංගුවේදී “චරස්” හඩින් නිසාන් කාරයක් වැහිවතුර තලියක් වීසිවෙන අයුරු නුදුටුවා සේ ඉගිල ගියේ ය. එය පදවාගෙන ගිය එකා කවුද? මේ සමාජ ක්රමයේ අපිට වැස්කදිවත් පාරේ යන්න මුං දෙන්නේ නැත්තේ ඇයි? මඩ වල ලගදි වාහනය හෙමින් පදවන්නට මුංට බැරි මොකද? තවමත් වැස්ස තුරල් වී නොමැත. ඔහු කඩිනම් ගමනින් පිය නගයි. මමත් දුප්පත් නිසා, මෙවැනි ධනපති පංතියක් මට්ටු කරන්නට මා විප්ලවාදියෙක් විය යුතුම ය. මම බැස්ටිලයට පහර දෙන දා එතන හිටියොත් මා නිසැකවම වීරයෙකු වන්නේ ය. ඔව්, මා එදිනට වීරයෙකු වනු ඇත. එවිටවත් ඇය මා කව්දැයි තේරුම්ගනු ඇත.
හිතවතා පැවසූ පරිදි 10/4 , පිරිවෙණපාර, රත්මලාන ලිපිනයේ පිහිටි, X කණ්ඩායමේ 3 වන නවාතැන්පලට ඔහු ජීවිතයේ ප්රථම වතාවට පැමිණියෙ ය. ඔහු පියමැන්නේ ආශ්රමයක් වැනි නවාතැන්පලකට ය . එය පන්සලක් හෝ කාර්යාලයකට සහ නිවසක වඩා වැඩි තැනක් බව ගොඩවන විටම ඔහුගේ ඇටමිදුලු වලටම දැනුනේ ය. මෙය ස්රොක්රටීස්ගේ බුද්ධිමතුන් සංවාද කල තැන මෙන් නොවුව ද, ඔහුගේ ග්රාමයේ තැන්තැන් වල බෝක්කු, කඩපිල් ගානේ සරම් හැද බුලත් විට කමින් හෝ මදන මෝදකය කමින්, පාරේ යන අයට දෙපැත්ත කැපෙන කතා කියමින් ඔච්චම් කරන, අපහස කරන තරුණකැලට වඩා වෙනස්ම ස්වරූපයක් ඉසිලීය. ඉතාමත් විනෝදයෙන් යුතුව සහ විශාල සංවරකමකින් යුතුව සාකච්ඡා කරන්නන් තැන තැන ඇත. තවත් තැනක විශාල ආලින්දයේ කෙලවරේ පොත් පත්තර දෙසට නෙත් යොමු කරන් සිටින තරුණකැලකි. තවත් තැනක සිගරට්ටුවක් උරමින් සංවාදයේ යෙදෙන කෙලිලොල් තරුණ කැලකි. ඔවුන් හොදින් සැහැල්ලු ඇදුම් ඇද පැලදගෙන විනෝදකාමීත්වයෙන් යුතුව යමක් තෙපලමින් හඩනගා සිනාහසුනෝ ය.
ඒ හිනා වුණේ මටද? කවුද ඒ හිනා වුණු එකා?- Maoist reading on X Group-

“ මට පුළුවන්ද ඇදුම් මාරුකරගන්න යන්න..” ඔහු අසල කෑම මේසයේ වාඩි වී සිටි පැහැපත් සමකින් යුතු වැඩි කතාබහක් නොමැති තරුණයෙකු වෙත ගොස් විමසුවේ ය.
ඔව් .. ෂුවර්… අන්න අතන බාත්රෑම් එක තියෙනවා… ඊට මෙහා පැත්තේ හිස් කාමරයක් ඇති. ඔහු ඉතා අචාරශීලීව පැවසුවේ ය.
අදුරුකාමරය වෙත ඇතුළු වුණු ඔහුට විදුලි බුබුල දල්වන්නට ස්වීචය සොයා ගත නොහැකි විය, අදුරේම තම ඇදුම් බෑගය දොරේ එල්ලීමට කොක්කක් සොයාගත හැකි විය. ඇත්තටම පුදුම තැනක්.. හිතා ගන්නත් බෑ. හරිම ලස්සනට මේ ගේ අස්පස් කර තිබෙනවා. හරි විශාල ගෙයක් නේ මේක. පුදුම නීට් එකක් තියෙන්නේ ,සෑම දෙයක්ම පිළිවෙලයි. දැනුමින් ද සතුටින්ද අලංකාරයෙන් ද පිරිපුන් මෙම x නිවසේ පැහැබරත්වයෙන් ඔහු වශී වී ගොස් ඇති සෙයකි. එම පැහැබරත්වය තවත් දිදුලන්නට වූයේ සිනා මුසු මුහුණින් යුතුව තම තමාන්ගේ කාර්යන් කරමින් හා සංවාදයන් ගෙන් පිරි තරුණ තරුණියන් හෙයිනි. මද දුරක් නිවසේ ඇතුළට ගොස් වමට හැරුණු පසු ඔහුට හමුවන්නේ බාත්රූම් එකයි. අඩේ..ෂ්ෂා.. පුදුම බාත්රෑම් එකක්නෙ. කමෝඩ් එක ලගින් ඇයි මේ තවත් පෝච්චියක්? ඒකට මොනවා කරන්නද? ගමේදී ලයිට්බෝයි සබන් ටිකක් උලාගෙන, සීතල ඇල්වතුර නා ගත්තේ වත්ත පහළ දොලෙනි. සීතලේ වෙව්ලමින්, ගස්කොළන් අතර සැගවෙමින් කඩිනමින් ඇල්වතුර දෙකතුනක් පනිට්ටුවෙන් දා ගත්ත ද, කොළඹ වතුරත් මාර සැපක් සනීපයක් ගතට ගෙන දෙන බව සැබෑවක් බව ඔහුට වැටහිනි. ඇත්ත වශයෙන්ම ජීවිතයේ කිසිම දිනක මෙතරම් සුඛෝපභෝගී නානකාමරයක ඔහු නා නොතිබුණි. ඔහුට කාලය බොහෝ සෙයින් ගත වී ඇති බව පෙනුනේ, නානකාමරයේ දොරට යමෙක් තට්ටු කරන ඇසිල්ලේදීය. වහා ෂවරයෙන් ඉවත්වී තම නිරුවත තුවායකින් වසාගෙන, ටී ෂර්ටය දමා ගත්තේ තම කෙසග ශරීරය අන්කෙනෙකු දකිනවාට තමා තුළ ඇති ලැජ්ජාව නිසාය.

“ආ.. ඔයාද හිටියේ. සොරි. මම හිතුවේ නිකං කවුරුත් නැතිව ලයිට් දාලා ඇති කියලා. වැස්සෙම අපු නිසා, කෝපි එකක් බොමුද?” “ඔයාට පුළුවන් ඕන නම් තව ටිකකින් “යානි” ගේ ෂෝ එක දානවා, “හෝම් තියටර්” එක ගාවට එන්න”
‘හොදයි…’ ඔහු අචාරශීලිව කෙදිරුවේය.
යානි….. කවුද යකෝ ඌ? අම්මා උදේම උයාදීපුබත් එක ඉක්මනින් කන්න කිවුවා, ඔක්කොටම කලින් මම ගිහින් එක කන්න ඕන. ඒත් මේ කෑම මේසේ හෙන සෙට් එකක් ඉදගෙන ඉන්නවානේ. කයිවාරුවට අහුවෙයි ද දන්නේ නෑ. කමක් නෑ පුළුවන් තරන් කතා නොකර, කට අරින්නේ නැතිව කරබාගෙන බත් එක කනවා. මුං දැන් ව්යුහවාදේ දන්නවා, දීප්ති තව මොන මොන ගැඹුරු දේවල් උගන්නල ඇද්ද? මාතොට එකේ ලියන උනුත් මේ සෙට් එකේමනේ ඉන්නවා ඇත්තේ, ඒ නිසා මුං දන්න දේවල් වැඩියි. මම ඒවා මොනවත්ම දන්නෙත් නෑ… මගේ මොනවා හරි අප්සෙට් එකක් මුංට පෙනෙයි ද දන්නෙත් නෑ …. කමක් නෑ පුළුවන් තරම් පරෙස්සමින් ඉන්න ඕනෑ… ඔහුගේ සැගවුණු සිත මොර ගෑවේය.
X නිවසට පැමිණි නව අමුත්තා “මාතොට” සගරාවේ ගැඹුරු ලිපියක කොටස් පිළිබදව බරපතලව සිතමින් සිටින බවක් අවට සාමාජිකයින්ට පෙනුනි. එම බරපතල කාරණා පිළිබද සිතමින් ම තම බත් මුල කන්නාක් මෙන් අවට අයට පෙනුන බැවින් කිසිවෙකු ඔහුට බාධා කරන්නට නොගියෝ ය.
මොනවද අර එක එක්කෙනා කොම්පියුටරේ වට වෙලා බලන්නේ? බත්පත ලිහද්දි ඔහුගේ විමසිලිමත් දෑසට හසුවූ දර්ශනය ගැන ඔහු සිතන්නට විය.
“අද ඔයාට නිදාගන්න වෙන්නේ අර කාමරේ, අද දීප්ති ක්ලාස් කරන්න එන්නේ නෑ, එයා විභවි එකට ගිහින් මීටිමකට. සිකුරාදා ක්ලාස් එකට එන කට්ටිය හෙට ක්ලාස් එකටත් ඉදලමයි යන්නේ. ඒ කාමරේ සගරා පොත්පත් බිම ඇති පොඩ්ඩක් එහා මෙහා කරන්න. ඇදවල් නම් දෙකයි තියෙන්නේ. ඔයාට බිම පැදුරේ නිදා ගන්න වෙන්නේ” එක් තරුණයෙකු පැමිණ ඔහුවෙත නැඹුරුව පැවසුවේ ය.
“ආපොයි කමක් නෑ, ගෙදරදිත් එහෙමනේ. (යකෝ අප්සට් කතාවක් කිව්වද මන්දා) කොහොමටත් මට බිම නිදියලා හොදට පුරුදුයි, ඇදේ නිදා ගත්දි හීනෙන් වැටෙයි කියලා හිතෙනවා” ඔහුගේ බිදුනු සිතිවිලි දැහැනත් සමග පිළිතුරු ලබා දුනි.
බත්පත පිළුණු වී තිබුණෙන් ඔහු වහා බත්පතේ පිලුණු දුගද අවට හමාවියැයි සැකයෙන් සහ දැනටමත් එය කෙනෙකුගේ නැහැය හරහා අඝ්රාණය වී ඇතිදැයි සැකයෙන්ද යන හැගීම් දෙකේ මිශ්රණයත් සමගින් බත්මුල නැවත එලෙසම එතීය. තමාට පෙනුනේ කෑම මේසය අයිනේ කුස්සිය විය යුතු යැයි අනුමාන කළ ඔහු හෙමින් ඒ දෙසට ඇතුළු වී වටපිට බලා කුණුබාල්දිය වෙත බත්මුල අතහැරීය. කුස්සියේ එක්පැත්තකින් බලන කළ කෑමමේසයත්, කාර්යාල කාමරයක කොම්පියුටර් එකක් වටා සිටින තරුණපිරිසත් නැවත එකවර හේ දිටීය. මේ මොන කුස්සියක් ද? හැරෙන්නත් ඉඩ මදි. අපේ අම්මා හිටියනම් හිනා වෙයි, නල්ලමලේ කුස්සියක් කියලා. මේකේ පුලුවන් පාං බාගයක් කපන්න විතරයිනේ. අරුං ටික කෑම කන්නේ මේ කුස්සියේ හදන කෑම නම් කැලේ බණ්ඩාර දෙවියන්ගේ පිහිටයි කියා තමාටම මුමුණගනිමින්, හෝම් තියටර් කියන දේ තියන තැනට ඇවිදයන්නට විය.
වර්ණවත් එළිවිහිදුවන අදුරක් සමග තරුණ තරුණියෝ කිහිප දෙනෙකු රැස්වී වශී වූවා සේ රූපවාහිනයක් දෙස බලා සිටිති. වටපිටාවේ ලොකු , පොඩි, උස, හීනි පුංචි බෆල් හයිකර ඇත. ශබ්දය කරච්චරලක් වී ඇත. මේ වාදකයා ගිටාරය කන්නට නොහැකිව, එය සමග තරහා වී මෙන් වාදනය කරන්නේ ඇයි?. අපොයි මූ ද මේ යානි. ෂික් අපේ ටවුමේ මියුසිකල් ෂෝ එකේ සන්ෆලවර්ස්ලැ ගෘප් එකේ හිටියා එකෙක් නම දන්නේ නැති කොණ්ඩයෙක්, … මූ වගේ ගිටාර් එක කෑවේ නෑනේ. මට නම් තේරෙන්නේ නෑ මේකේ මම මොනවා බලන්නද කියලා…. ඒත් ඔක්කොමලා බලන එකේ මාත් ඔන්න ඔහේ දන්නවා …. මම ආසයි මගේ බලන් ඉන්න ඕනෑ…. ඔහු ඔහුටම කියා ගනිමින් අසල ඇති බිම දමා ඇති මෙට්ටයට ආසන්නයේ කකුල් දෙක උස්වන සේ වාඩිවී, උස්ව තිබෙන දනහිස මත තම දෑත් දෙකම තබා ගනිමින් වාඩි වුණේ ය. ඉක්බිතිව මේ මහ තරුණ සෙනග මැද තනිව සිටිය නොහැකි බැවින් තමාගේ දෑත් දෙකේ ඇගිලි එකිනෙක ගැටගසා ගති. ගමේ නිවසක දෙදරන්න දාන කැසට් එකකින්, ටවුමේ රෙකෝඩ් බාර් එකක, ස්වීප් කඩේක… හෝ බස් එකක යන-එන විට සිංදුවක් ඇහුණා හැරුනු විට ඔහු ගීතයක් පිරිසක් මැද දැහැන් ගතවී අසන පළමු අවස්ථාව මෙය විය. ඒ අතරිනුත් මෙය ඉංග්රිසි ගායකයෙකුගේ වන බැවින්, තම ජීවිත කාලය පුරාම ඉංග්රීසි ගායකයන් ගෙන් මයිකල් ජැක්සන් හැර වෙනත් ගායකයෙක් පිළිබදව නොදත්තේ ය. එම ගීතයෙන් පසුව ජෙනිෆර් ලෝෆේස් ගේ ගීත ඇල්බමය දමා තිබුණෙන් තමා නොදන්නා ලෝපේස් ගේ පෙනුමේ තිබුණු කාමුක ගතියට ප්රිය කරමින්, එම ගීතයේ කෙසේ වෙතත් ලෝපේස් ගේ දර්ශනයේ නම් යම් ඇගට දැනනෙන රසයක් ඇති බව වටහා ගත්තේය. එය ඔහු අන් අයට හොරෙන් රහසින් විදිගන්නට විය. ලිංගිකත්වය භාෂා සංකේත ලෝකයක ගොඩනංවන ලද්දක් බව මාතොට සගරාවේදී තමා කෙතරම් කියවා තිබුණද, මෙම ගීතය නරඹද්දි නම්, එය අතිශයින්ම ස්වභාවික බව ඔහුට දැනුනි.

“ඒයි… අන්න ගෝනිසේකර සද්දේ වැඩියි කියනවා….පොඩ්ඩක් අඩු කරගන්න වෙයි. අපිට එයා කම්ප්ලේන් කරන එක හොද නෑනේ” කවුදෝ දොරෙන් එබී කළුවරේම පවසා යන්නට ගියේ ය.

“හෙට උදේ පංති තියෙනවා, දීප්ති එන්නේ උදේ 10ට” කවුදෝ දුරකථනයට පිළිතුරු ලබා දෙනවා ඔහු අසාගෙන සිටියේ ය.
දීප්ති කියන්නේ කොයි වගේ එක්කෙනෙක්ද? අතට ලැබුණ මාතොට සගරාවන්හි ලිපි ඔහු අමාරුවෙන් කියවා ඇති නමුත් එහි හරයන් කෙසේවෙතත්, “කතුහලයන්” ඔහුට වද දෙන්නට විය. දීප්ති කියන්නේ අපි වැනි අය සමග සමග හිනානොවන, කතා නොකරන කෙනෙක් විය යුතුය… සමහර විට නිතරම අතේ ලොකු පොත් කිහිපයක් රැගෙන කියවමින් සිටින කෙනෙක් වන්න ඕන, ලියන කියවන දේවල්වල හැටියට ඉංග්රීසියෙන් පමණක් කතා කරන්නෙකු විය යුතුය. මාළිගයේ නිලමේලා ට මෙන් ගමන් විලාසයක් නම් ඔහුට තිබෙන්ට ඕනෑ ය. මාතොට සගරාවේදී ඔහු ලිපි ලියන හැටියටනම් හොද ජීප් එකක හෝ කාර් එකක හෙට මෙහි පැමිණෙනවා ඇත, දැසි දස්සන් ඔහු පසුපසින් මුතුකුඩයක් ඉහලින් ගෙන වලවල්වල වැටෙමින් පැමිණෙනු ඇත. ඔහු හිදගන්නා විට පුටුවට සුදු රෙද්දක් එලා පවන් ගසන්නට, හුළං කාරයෝත් ඉන්නවා ඇත. ඔහු නුවර දේශනයකට පැමිණිවිට ශාලාවේ කෙලවර සිට බලා සිටි බැවින් ඔහුව එතරම් සමීපරූපයක් සේ දැකගන්නට නොහැකි විය. ඔහු හෙට මා හමු වූ විට මා සමග කෙසේ කතා කරයිද? මා ඔහුට ප්රතිචාර දැක්වීමේදී අතිශයින් යටහත්පහත් අචාරශීලීත්වයක් පෙන්නුම් කරන්න ඕනෑය. මාතොට හරහා එයා ලංකාවේ මහා පොරවල් වලට නෙලලා තියෙන විදිහට මා වැනි කූඹියෙක්ව ගණන් ගනීවිද? ඔහු සගරාව කියවනවා කිව්වොත් න්යායාත්මක කොටසක් ඇහුවෙවොත් මට මොකද වෙන්නේ? හෙටින් පසුව මට රත්මලානේ එන්නට හැකි වෙයිද? මගෙ හිතට වද දෙන ප්රශ්න වලට මම මොනවා කරන්නද? කාට කියලා මේවට උත්තර හොයන්නද? හිතවතා පෙම්වතිය හමුවන්නට ගුවන් විදුලි සංස්ථාව අසලට ගොස් ඇත. ඔහු අද පැමිණ නැති බැවින් මම මොකද කරන්නේ? ඒත් ඌ වත් හිටියේ නැත්නම්, මට කිසි දිනෙක මෙම විශාල පුරුෂයා දැක බලා ගන්නට කිසිදු චාන්ස් එකක් නැත. මා අවේ ඔහුව දැක බලාගෙන කතා කර, ගමට යන්නට ය. හෙට උදේ වනතුරු මම ඉතිං ඉන්න එපෑයෑ.
රාත්රිය මෙලෙස බෙහෙවින් දීර්ඝ ලෙස මට දැනෙන්නේ ඇයි? අම්මා මා මතක් කරමින් සිටිනවා විය යුතුය. සවස ෆිජ් එකෙන් බිව් ඇපල් යුෂ වීදුරුව හරීම අපූරුය. ………… ටවුමෙදි ඇපල් ගෙඩි විකුණන්නට තිබෙනවා මා දැක තිබුණත් ඒවා ප්රණීත බීම යුෂ ලෙස හදන වගක් මා අසා තිබුණේ නැත. රටින් ගෙන්වන ලද මේ බීම වර්ගය ඇත්තටම රුපියල් 10 ක් කැටේට දමා බොද්දී අම්මාටත් මේවා මා කවදා හෝ යත්දි රැගෙන යන්නට තිබේ නම් මැනවැයි සිතිනි.
“මේ දවස්වල අපේ කණ්ඩායමේ අය තරගෙට කෑම ජාති හදනවා, ඒකට ඔයාටත් ඕන නම් එන්න පුළුවන්. අද හදන්නේ සී ෆුඩ්ස් විත් චොප්සි එකක්. රෙඩ් රම් එකතුත්, සැලඩ් එකතුත් තියෙනවා”……. මැදිවියේ තරුණ පෙනුමැත්තෙකු පැමිණ පවසා ගියේ ය.
මාතොට සගරාවේ ලියා විවේචනය කරාට පස්සේ, අපේ ආහාර සංස්කෘතිය හදන්න දීප්ති ප්රණීත ආහාර සංස්කෘතියක් නිර්මාණය කළේ නැතිනම්, මෙම කෑම සහ බීම ජාති ගැන අප මොනවා දන්නවාදැයි ආහාර පිසිමින් මැදිවයස් තරුණයා සතුටෙන් ඉපලෙමින් කියනු ඔහුගේ සවනතවැකිනි.
ඇත්ත වශයෙන්ම අති දුෂ්කර කදුකර ගම්මානයක දුෂ්කර ජීවිතයක් ගත කළ මේ අමුත්තා මැදිවයස් තරුණයා පැවසු කෑම ජාති එකක් වත් දැක තිබුණේ නැත. එබැවින් වචනෙන් වචනේ කඩා බලා තේරුම් ගන්නට ඔහු උත්සාහයක නිරතවිය. See[Sea] foods – හරි ඒ කියන්නේ මුහුදු කෑම… with කියන්නේ සමග… Chopsy ඒ කියන්නේ, මොකක් හරි මල ඉලව්වක් එක්ක මාලු එකතු කරලා කන්න ඇති. එතකොට Red කියන්නේ රතු, Rum කියන්නේ මොකක්ද? ඒක ඒ වෙලාවට බලාගත හැකි වෙයිනේ. ම . Salad නම් අපි නොදන්නවායැ. අපේ අම්මා බී ලුණු දාලා හදන පිපිඤ්ඤා සම්බෝලේ. ඔහුට ඔහු සිනා සුනේ කාටත් හොරාය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඕක එච්චර ගණන් ගන්ඩ දෙයක් නෑ. හෝමෝ හැබිලිස් හොදටම අප්සට්. උඹලව ලන්ඩන් යැවුවොත් කොහොම තියෙයිද ආ? වීරවංශත් උඹලට වඩා හොදයි ඒ අතින්. පේනවනේ තොපේ මෛත්‍රිපාලට වෙලා තියෙන දේ. මහින්ද කිව්වෙ ඒකනෙ. ආප්පවත් කන්ඩ දෙන්ඩ හොද නෑ. නමුත් මට නම් හරිම සතුටුයි. සුනාමියෙදි තොපිට කෙළවුණා. කොහොමද සෙට් එක ඉස්සර ආ අම්මට හුඩු නේ! ධම්ම ද කල්‍ය ද සුමිත් ද වමා ද අරවද මේව ද ආ… දැන් කෝමද… පුකේ දත් තිබුණනම් හිනාවෙන්ට තිබ්බා! ඩිෂ්… අද බොන්ඩ ඕන දවසක්? යන්ඩ ඕන මාලු බාන්ඩ…!

  2. ඇයි මේ 3mana වෙබ් සගරාවෙ පළවන ලිපි ලියන අයවලූන් කවුද කියලා ගොඩපෙරකදේරුවො විසින් ඔවුන්ට අවශ්‍ය විදිහට බොරු නම් සදහන් කරලා සමාජජාල වල කොමෙන්ට් කරන්නෙ. බැංකුවක සේවය කරන ස්ත‍්‍රීන්ට බය නිලමෙ කිට් ගහපු මේ ගොඩපෙරකදේරුවා දන්නවද ලිපි සම්පාදනය කරන අයවලූන් කවුද කියලා. පක්ෂ ඉතිහාසය ගැන කියල දුන්නෙ අඩුම ගානෙ මුගෙ අයිය නම් මූට මේ විදිහට විකාර ලියවෙන්නෙ නැහැ. අයියව පක්ෂයෙන් කපල දැම්ම එකා පක්ෂ ඉතිහාසය කියල දුන්නම ප‍්‍රතිඵලය මේ විදිහට තමයි එළියට පනින්නෙ.

Comments are closed.