ලංකාවේදී අප කෙතරම් ‘යථාර්ථය’ (Reality) සහ යථ (Real) හෝ සැබෑව අතර වෙනස පැහැදිලි කරත් එම වෙනස වටහා ගත් අය මේ සමාජයේ විරලය. අන්තර්-පුද්ගල මිනිස් සබදතා කියවීමේදී මෙම වෙනස වටහා ගැනීම දුෂ්කරය.

අපි උදාහරණයක් ගමු. (නැතහොත් ෆ්රිට්ස් ලෑන්ගේ සිනමා පන්තියකට සහභාගී වෙමු.)

සේනාධීර සහෝදරයා කියන්නෙ ඉතාම නිශ්ශබ්ද, හිමින් කතා කරන, හරිම ශිලාචාර විදිහට හැසිරෙන, අනෙකා සමග කතා කරන කොට හිස පාත් කරගෙන ඉන්න ඉතාම අහිංසක නිහතමානී සහෝදරයෙක්. එයා එක මොහොතකට පසු හරිම රෞද්‍ර සිහිනයකට ඇහැරෙනව. ඒ සිහිනයට අනුව එයා ඉතාම ක්‍රියාශීලි, උපායික බොරැ අනුන්ට කියන,සමාජයෙන් සැග වී ඉන්න අවිඥාණිකව ආශා කරන, ප්‍රසිද්ධ ඡායාරෑපවලට තරැණ කාලයේ බියෙන් සහ සැකයෙන් සිටි (හේගල්ට අනුව කියන්නේ නම් සෑම කලුවර කාමරයක් යන සාරය (Essence) පිටුපසින් ම එය නිර්මාණය කරන ආත්මයක් ද පිහිටයි. ඔබට දෘෂ්‍යමාන වන්නේ කලුවර කාමරය සහ කාමරයේ අවුල පමණි. ඔබට නොපෙනෙන්නේ එම සංවේදී අපිළිවෙළ අවිඥාණිකව සමපේක්ෂණය කරන ආත්මයක්ද (subject) පවතින බවය.) කුමාර් ගුණරත්නම් බවට එයා පත් වෙලා ඉන්නවා.

ඉහත උදාහරණයට යථාර්ථය සහ සැබෑව අතර වෙනස න්‍යායිකව යොදා යළිත් කියවමු.

ඇත්තටම සේනාධීර සහෝදරයා කියන්නේ එයාගේ ආත්මමූලික ලෝකයට අනුව ඉතා ක්‍රියාශීලීවීමට කැමති, මැද පන්තික ස්ත්‍රීන් තමන්ට වහ වැටෙනවා යැයි ෆැන්ටසිකරණය කරන එනමුත් අභ්‍යන්තරික ස්වයං බාධාවක් නිසා එය තමන්ගේ ආත්මමූලික ලෝකයෙන් යථාර්ථයට විස්ථාපනය කොට යථාර්ථය තුළදී ඉතාම ලැජ්ජාශීලීව ජීවත්වන පුද්ගලයෙකි. සැබෑව තුළ තමන් කැමති ප්‍රතිරෑපයට තමන්ම බිය නිසා සැබෑවෙන් පලා යන ඔහුට යථාර්ථයක් ලෙස රෞද්‍ර, බියකරැ,සංකල්පවලට බිය, ශුර ලෙස සටකපට වැඩ කර ඒවා විප්ලවවාදී වැඩ යයි අන්‍යනයන්ට ඒත්තු ගන්වන්ට විශ්ව කර්ම හැකියාවක් ඇති පුද්ගලයෙකු අවශ්‍යය. ඔහු කුමාර් ගුණරත්නම්ය. (ෆැන්ටසිය = යථාර්ථය)

දේශපාලනය යනු සේනාධීර සහෝදරයාගේ සහ තවත් එවැනි වර්ගයේ නිහතමානී සහෝදරයන්ගේ සිහින වාරණය කරන්නක් නොව එය ප්‍රකාශයට පත්වීමට ඉඩදෙන විප්ලවවාදී ආකෘතියකි. (Form)

ඔහුගේ සහ තවත් බොහෝ අයගේ එවැනි සිහිනයන් කෙනෙකු වරදවා වටහා ගත්තොත් නතර විය හැක්කේ කොළඹ කනත්තෙනි. ඩී.එම්. ආනන්ද රෝහණ විජේවීරට 1989 ඉගැන්වූයේ යථාර්ථය තුළ තිබෙන සැබෑව මග හැර විට අපට සම්මුඛ වන කෲරයථයි.

Missing Supplement (2014 November – December) by rightsnow

ඔබේ අදහස කියන්න...