යහපාලනය ගැන ඔබට අධික පොරොන්දු දෙන මිනිසුන්ගෙන් මේ යුගය පිරී ඉතිරී ගොස් ඇත. ජාතික ගැටළුව අමතක කර යහපාලනය මත පමණක් පදනම් වී කලින් එකට උද්ඝෝෂණය කළ නොහැකි අයට දැන් එකට එක් වී උද්ඝෝෂණය කළ හැක. චම්පික රණවක සහ බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා ඉතා සමීපයට පැමිණ ඇත.
ඔබට විවේකයක් ඇත්නම් මේ මොහොතේ යහපාලනයට පොරොන්දු දෙන දේශපාලකයන්ගේ කාර්යාලවලට යන්න! සදරැවන්ට අනුව නම් එම කාර්යාල පිරී ඉතිරී ගොස් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙනි. එය ඇත්තද? නිකමට ඒ තැන්වලට ගොස් ඒ තැන් අරක්ගෙන සිටින මිනිසුන් කවුරැන්දැයි පරීක්ෂා කරන්න! මේ දක්වා ඔවුන් අතර එකගතාවයක් නැත. නමුත් රාජ්‍ය පාලනය ලැබුණු වහාම සතොස,ලංකා විදුලි බල මණ්ඩලය,ඛණිජ තෙල් සංස්ථාව,ලේක් හවුස් ආයතනය,එයාර් ලංකා සමාගම, වරාය,ධීවර අමාත්‍යාංශය,මහා මාර්ග දෙපාර්තමේන්තුව,රාජ්‍ය ඉංජිනේරු සහ ඉදිකිරීම් අමාත්‍යාංශය, ඇති තැන නිවැරදිව සොයා යනු ඇත.

ඔබේ අදහස කියන්න...

14 COMMENTS

  1. තමන්ගේ ලක්ෂය ලකුණු කිරීම පිණිස වඩාත් සත්‍යවාදී වීම හොද යැයි ත්‍රිමාන සිතනු ඇත. නමුත් සමාජ සංශෝධනවලදී ඈත්ව සිටීම නුවණට හුරු යැයි සිතන ඔබලාගේ විවේචන ඔබලා ළගම තබාගන්න. වඩාත් පවිත්‍ර ලෙස දෑත් තබාගැනීමට අවශ්‍ය නම් කිලිටි රෙදි අල්ලන්නේ ඇයි? මොනවා හරි කියන්න ඕන නිසා කියනවාද? මහින්ද පමනක් නොව ඔබලාද කැත වැඩ කරන බව පැහැදිලිය. පාරිශුද්ධ වීමට අවශ්‍ය නම් නිහඩව ඉන්න. නිදාගන්න. දෙමළ ජනයාගේ අයිතිය ගැන කතා කිරීමට ඔබලාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? මට අවස්ථාවක් ලැබුණොත් මා කරන්නේ උඹලාව කුඹුරු හෑමට, හේන් කෙටීමට දැමීමයි. ශ්‍රමය ගැන දොඩවන උඹලාට ශ්‍රමය ගැන තිබෙන අත්දැකීම් මොනවාද? උඹලාට අදහස් මිස වෙන කිසිවක් නැති බවත් උඹලා සමාන වන්නේ පිස්සන්ට පමණක් බවත් පැහැදිලිය. උඹලා බුද්ධිමත්බව පෙන්වන්න යන්නේ මහදැනමුත්තාගේ ක්‍රමයටයි. විමල් වීරවංශට වඩා දීප්ති කුමාර ගුණරත්න වෙනස් වන තැන හැකිනම් භාවිතයෙන් පෙන්වන්න. කියවන පොත් ගිණිතියපල්ලා. අකුරු ද තොපේ ජීවිතේ.

  2. දීප්ති සහෝදරයා ලංකාවේ සමාජයට කරන ලද න්‍යායාත්මක මැදිහත් වීම ඔහුගේ භාවිතාවයි. ඉන් තක්කඩින් හොද මිනිසුන් නොවුණු නමුත් නොදැනුවත්ම වැරදි දේශපාලන මාවතකට (භාවිතාවන්ට)හැරෙන්නට සිටි යම් පිරිසක් හෝ නිවැරදි න්‍යායන්ගෙන් පොහොසත්ව අනාගත ලස්සන රටකට අවශ්‍ය බුද්ධිමතුන් පිරිසක් වූ බවත් ඉදිරියේදී තව තවත් බිහි විය හැකි බවත් මාගේ මතයයි.

  3. වමේ පොදු අපේක්ෂක දුමින්ද ගැන ඔයාලගේ මතය මොකද්ද? එයාල ජාතික ගැටලුව ගැන පැහැදිලිව නොකිව්වට ප්‍රශනයක් තියෙනවා කියල පිලිගන්නවා, අනිත් ගැටළු වමේ පදනමක ඉඳන් ප්‍රශ්න කරනවා, ඉතින් නරකද එයාලට සහයෝගය දෙන එක ?

    • ප්රශ්නය නම්, ඔවුන් දෙමළ ජනතාව ගැන කතා නැහැ .

      • අපිට පේනවා එයාල දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරනවා එයාලගේ මැතිවරණ වෙදික්වල, නසසප, ඇතුළු අනිකුත් සංවිදාන මේ වේදිකාව හරහා මේ ගැටළු කතා කරනවා, රැස්වීම් තියනවා ලංකාව පුරා . ඔයාල කිසිම සංවාදයක් සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න මහන්සි වෙනපාටක් පෙන්නේ නැ. මේකේ කොමෙන්ට් කරල තියෙන තාත්ත කියනවා වගේ ඔයාලගේ මෙදිහත් වීමක් අවශ්යය් සාමාන්‍ය මිනිස්සුන්ගේ පෙරමුණු වල සහ අරගලවල. මටනම් හිතෙන්නේ නිමල් සිරිපාල ගැන්සියට මහින්ද එක්ක තියෙන personal ප්‍රශ්නයම තමය් ඔයාලට අනික් සන්විදානත් එක්ක තියෙන්නේ.

  4. දීප්ති කිසිදු අකාරයෙන් පුද්ගලවාදියෙක් නොවේ.කුහක සදාචරවදියෙක් නොවේ.දීප්තිට වර්ත්තමාන සමාජය නිර්වචනය කිරිමෙ පුලුවන්කම ඉතා ප්‍රබලය.ආත්මීය කරනා පිලිබද ඔහුගෙ ද්නුම ඉතා ප්‍රබලය.ඔහු මෙතනදී අවන්ක ලෙස සමාජයට අවශ්ය න්යාය සපයනු ලබයි.ඇකඩමික් මිනිස්සු නරුමවාදීව මගහරින්නෙ මෙන් මෙ අවන්ක මිනිසාය.මොකද ඔහුනට අවශ්ය ෆෙස්බුක් වල පොර විම මිසක් සමාජය වෙනස් කිරිමට නොවේ.අපිත් cමෙන්ට් දමමින් කිසිවක් නොකර සිටින නරුමවාදියො නේද???????

  5. මවිසින් දක්වන අදහස් හෝ වෙනත් අදහස්වල සාරය දුමින්ද නාගමවගේ පෙරටුගාමී වර්ගයා විසින් සොරා කෑමට අදහස් කළ යුතු නැත. පුබුදු ජයගොඩ ….. ගැන අවධානය යොමු කළ යුත්තේ වෙනස් ආකාරටකටයි. මේ මොහොතේ ජවිපෙ පිරිස් තමන් වෙතට නැඹුරු කර ගැනීමට හෝ ඔවුන්ගේ ප්‍රසාදය තමන්ට හිමි වෙතැයි පෙරටුගාමීන් සිතන්නේ නම් එය වැරදි අදහසකි. නාගමවගේ ක්‍රියාව මහින්ද වෙනුවෙන් සහයෝගය පළ කිරීමක් පමණි. අප මේ ගෙවන්නේ අශිෂ්ට ලංකාවේ කේවල මතවාදයන් සියල්ල ධනේශ්වරකරණයකට ගොනු කිරීමටත් මූලික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් අවශ්‍ය කාලයයි. තව වසර දෙකකින් පසු එළැඹෙන මහමැතිවරණයේදී නාගමවලා සිටිය යුත්තේ කුමන වැසිකිලියේද යන්න තීරණය වනු ඇත. මෙහි වඩාත්ම විහිලු උපදවන දෙය නම් ජවිපෙ තමන් කරන දෙය දැනගෙන කරන අතර නාගමව නොකළයුතු දෙය කළ යුතු දෙය වශයෙන් කිරීමයි. මෙවැනි අවස්ථාවල පෙනී සිටීම විවාදාපන්න විය හැකි වුවත් මහින්ද පරාජය කිරීම අනිවාර්ය බව මාගේ මතයයි. මහින්දව පැරදවීමේ ස්ටාර්ලින්වාදය ලෙස කෙනෙක් එය දකින්නේ නම් එහි ද ගැටලුවක් නැත. ඊළග ස්ටාර්ලින්වාදය කුමක්ද යන්න තීරණය කරන්නේ 8වනදාට පසුව ය. කරුණාකර එජාපය වෙනුවෙන් මෛත්‍රී දිනවන්න. මල්වලට වඩා ලේ සුවදයි.

  6. මු මොකෙක්ද මේ “කරුණාකර එජාපය වෙනුවෙන් මෛත්‍රී දිනවන්න”?

    • හිතාගන්නවත් බෑ නේද ව්‍යුක්තභාවය. මම තමයි සාතන්. මගේ ලෝකයේ තමයි උඹල වගේ පූසො මීයො අල්ලන්නෙ. මේ වතාවෙ මම මීයන්ට බලය දෙන්න හදන්නෙ පූසන්ව මරන්න.

  7. This society is politically polarizing these days and Deepthi and his political stance is very correct. Keep the good work going and don’t afraid to express your genuine political ideology.
    “ඇකඩමික් මිනිස්සු නරුමවාදීව මගහරින්නෙ මෙ අවන්ක මිනිසාය.මොකද ඔහුනට අවශ්ය ෆෙස්බුක් වල පොර විම මිසක් සමාජය වෙනස් කිරිමට නොවේ” – Well said Nuwan

Comments are closed.