Nirmal Dewasiri  – ” xගේ මේ ඔක්කොම ප්‍රශ්න විසදෙනව (එහෙමත් නැත්නම් ප්‍රශ්න නෙවෙයි වෙනව) එයා දීප්ති කුමාර ගුණරත්න සමග සම්මුතියක් ගැහුවොත්.  දසුන් රාජපක්ෂ මහත්මය මට දැන් වයස 50කට කිට්ටුයි.”

Dasun Rajapakse – “සර්.. මාත් එක්ක තක්කඩිකම් කරන්න එන්න එපා.. ඔයාට වයස 50 ක් වුණාට මට තාම 27 යි. ……. අනික ඔයා ඇකඩමික් බුද්ධිමතෙක්. සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ වකීම් දරන්නෙක්.. මෛත‍්‍රී පාලනයක් බිහි කරන්න කැප වූ අයෙක්.. දැන් ඒ අයව විවේචනය කළාට.. මට ඒ කිසිවක් අදාළ නෑ.. මේ කාරණය විතරක් කියන්න? ඇයි ඔයා මම කථා කරන මාතෘකාවෙන් පිට පැනල වෙන වෙන දේවල් කියවන්නෙ.. ඔයාට බයද හිතවත් මාධ්‍යවේදීන් තරහවෙයි කියලා..”
 
ඉහත පල වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ නීතිගරුක සමාජයක් ඇති කිරීම සදහා මහින්ද රාජපක්ෂ රජය පරාජය කරවීමට ජනතාවට උපදෙස් දුන් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා මා වෙත දක්වා තිබූ ප‍්‍රතිචාරයකි. පසන්ගෙ මළගෙදරදි යම් සිදුවීමක් උනා. ඒකට අදාළව මම මාධය භාවිතාව ගැන ප‍්‍රශ්න කරද්දි මැදට පැන්න නිර්මාල් සුමනසේකරට පරිවාස කාලයක් ලබා දිය යුතු බව කීවා. මේ ප‍්‍රකාශයෙන්ම යහපාලනය කියන දේ උල්ලංඝනය වෙනවා. නමුත් නිර්මාල් ජනවාරි මාසයේ පෙනී සිටියේ යහපාලනය වෙනුවෙන්.
මම පල කරපු ලිපිවලට කොමෙන්ට් දාපු නිර්මාල් ජනමාධ්‍ය ගැන මම මතු කරන්න  හදන ගැටලුව ගැන කථා කරන්නේ නැතිව නරුමවාදීව මා අනුගමනය කරන දේශපාලනය සහ දීප්තිව සම්බන්ධ කරගෙන තමන්ගේ අනන්‍යතා අර්බුදය පෙන්නුවා.. ඒ නිසා අනන්‍යතා අර්බුද වලින් පෙළෙන මේ වගේ සිවිල් සමාජ චරිත වල අවිඥාණය මෙනෙවගේද කියල බලන්න අපි පොඩි පරීක්ෂණයක් කළා.. ඒක දේශපාලන උගුලක්.
අපිට නිර්මාල්ගේ නයායික ජීවිතය විනාශ කරන්න කිසිම අවශ්‍යතාවක් නැති බව ඔහු මතක ලබා ගත යුතුයි.. නමුත් එක දෙයක් හොදින් අහගන්න. අපේ දේශපාලන වැඩවලට මැදට පනින්නේ නැතිව ඔයාගෙ දෙයක් කරගෙන ඉන්න..ඔයාට ගෝලයො කී දෙනෙක් ඉන්නවද??
අපි දිගින් දිගටම සුමනසේකරගෙ සිද්ධිය ලියල ඔහුව පොලිසියට අල්ලා දීමට රාජ්‍ය ආයතන කිහිපයක නම් සදහන් කළා.. හැමෝම හිතුවෙ සිරාවටම අපි මේක කරයි කියල.. මෙතනදි තමයි නිර්මාල් එයාගෙ යහපාලන හැව ඇරියෙ.. ඇත්තටම නිර්මාල් අවිඥාණිකව ආස කරන්නෙ මහින්ද රාජපක්ෂට.. මහින්ද රාජපක්ෂත් සිය පාලන කාලයෙදි කළේ නීතියේ ආධිපත්‍යට අනුව කටයුතු නොකිරීම. ඔහුගේ හිතවතෙක් ස්ත‍්‍රී දූෂණයක් කළාම ඒ පුද්ගලයාව නීතියේ ආධිපත්‍යයෙන් මුදවා ගත්තා..  අන්න ඒ අශ්ලීලත්වය තමයි සුමනසේකරගෙ සිද්ධිය හරහා නිර්මාල් තුගීන් මතු වුණේ..
නිර්මාල් ඔයා දේශපාලනය කරන්න තෝරගෙන ඉන්න පිරිස වගේ නෙවෙයි දීප්තිත් එක්ක දේශපාලනය කරන්න එකතු වෙලා ඉන්න පිරිස.. ඒ නිසා අනවශ්‍ය ප‍්‍රශ්න අහන්න එපා.. ඔයා මින්නේරියෙ.. මම කුරුණෑගල.. 
දීප්තිව අදාළ කරගෙන නිර්මාල් මොනවා හරි ලියද්දි ඔහු වටා එකතුවෙන හැකරැුල්ලන් දෙතුන් දෙනෙක් ඉන්නවා.. එක අත්තෙ වහන්නෙ එක වර්ගයේ කුරුල්ලන් කියල කියමනක් තියෙනවනෙ.. අන්න ඒ වගේ මේ හැකරැුල්ලන් අතරත් සමානකම් රැුසක් තිබෙනවා. මේ සියලු දෙනාගෙ කේන්ද‍්‍රය වන්නේ පුද්ගලවාදයයි.. ඔවුන් දේශපාලන සංවිධාන වල ඉදල දේශපාලන දර්ශනය අමතක කරල “මම තමයි පොර කියල” එළියට බැහැල තමන්ගෙ අනන්‍යතාවය හොයන පිරිසක්.. මේ වගේ පිස්සො තමයි සයිබර් අවකාශයේදී අපෙන් ගේම ඉල්ලන්නේ.. දීප්තිව මූණට හම්බුණාම මුන් මූණවත් බලන්නේ නැතුව මාරු වෙනවා. මේ වගේ උන්ගෙ ගෙවල් වල ලොකු කණ්නාඩි තියෙනවද දන් නැහැ ??
“පක්ෂ ආකෘතිය” එපා කිව්ව මේ හැකරැුල්ලන් දැන් Blog වටා එකතුවෙනවා..  මහ පුදුම ජාතියක්.. පක්ෂ ආකෘතිය එපා කියල පුද්ගලවාදය තෝරාගෙන ආය Blog ආකෘතීන් තුලින් අවිඤාණකව යලිත් පක්ෂ-ආකෘතිය හොයනවා… Political Nostalgia ? [Nostalgia is a sentimentality for the past, typically for a period or place with happy personal associations.] “
විඥාණය විසින් තමන්වම අවබෝධ කරගන්න යන ගමනෙදි එයට මුණ ගැසෙන එක ස්ථානයක් තමයි ස්වාමි- සේවක සම්බන්ධය.. විඥාණයට තවත් ස්ථාන තිබෙනවා…. අපි ඔ්න කෙනෙක්ට මේ දේ තියෙනවා… අපි උදාහරණයක් ගනිමු..
නිර්මාල් විසින් මහත්මයකු මෙන් බිරිදගේ සියලු වැඩ කරන බව හැමෝම දන්නවා.. එතනදි බිරිද තමයි ස්වාමියා වෙන්නේ. ඒකට මම “නිර්මාල්” වයිෆ්ගෙ වහලෙක් කියල කිව්වම ඒක හරිද?? එතකොට ලව් කියල දෙයක් නැති ද? [“අනෙකා” යනු අපගේ අශාව නිර්මාණය කරන්නා බව අනෙක් අය නොදනිතත් නිර්මාල් එය දනියි .]
සමහර ලිංගික සම්බන්ධතාවලදි ස්තී‍්‍රන් කියනවා ඒ අයගෙ තට්ටම් වලට ගහන්න කියලා. ඒ වගේ සම්බන්ධතාවලට “ස්වපීඩා – පරපීඩා” කියල අපි කියනවා. මෙතනදි ගහන කෙනා තමයි ස්වාමියා..  එතකොට ගැහැණිය වහලා වෙනවද?? ඒක ආත්මීය පිලිගැනීමක් විතරයි.
සකර්බර්ග්ගේ පිස්සු රැුළට මම කියන්නේ දර්ශනය ගැන දන්නේ නැති නම් කටවහගෙන ඉදපියව් කියලයි. නිර්මාල් නැමති දාර්ශණිකයාගේ ගුදයෙන් එළියට එන අසූචි බෙටි තමයි ඔහු වටා රැුස්වන හකරැුුග්ලො.. ඉතින් නිර්මාල් අපේ දේශපාලනයට අදාළව මොනව හරි ලිව්ව ගමන්ම මේ ගූබෙටි හැකරැුල්ලො ටිකත් එක එව්ව දානවා..
මේ හැකරැුල්ලන්ගෙ අතීතය ගද ගහනවා..
නිර්මාල් මම මේ ටික අහගත්තෙ xඑකේ පරණ සාමාජිකයෙක්ගෙන්..
“ඉස්සර ඔයා දයාන්ටයි තිසරණීටයි කෑම පැකට් ගේන්න කඩේ යනවලු?? මම අහන්නෙ එතන තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලයි..? ඒක ස්වාමියා සහ වහලා ඇසුරින් පහදන්න.. ඒ නිසා ඔයා කියන වහල් බලකා කථා වලංගු නැහැ..  අපි දීප්තිත් එක්ක ඉන්නෙ ඇයි?….. 96 ට පස්සෙ අනන්‍යතා අර්බුදයක ගිලිල හිටපු ඔයාට දීප්ති හින්ද අනන්‍යතාවයක් හමු වුනා. දැන් ඔයාට එයාව වැඩක් නැහැ. හරියට Titanic චිත්‍රපටියේ රෝස්ට Sex and Love වලට පසු ජැක් වැඩක් නැහැ. නීල ජලයේ ජැක්ට ගිලෙන්න ඉඩ හරිනව. පන්ති අරගලය අපි හිතනවාට වඩා රැඩිකල්. ……..”

මම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ පශ්තාත් – නූතන සභාපති දසුන් රාජපක්ෂ

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. වරදක් පළමු වතාව ට කරන කෙනෙකු ට ලැබෙන දඬුවම ලෙස “පරිවාස කාලයක් ගත කිරීමට සිදු වීම” පිළිගත හැකි වුනත්, ස්ත්‍රී හිංසනය සම්බන්ධයෙන් පෙර වැරදි සහිත පුද්ගලයෙකු ට නැවත නැවත ඒ චෝදනාව එල්ල වෙද්දි ත් චූදිතයා ව පරිවාස කාලය ට යටත් කිරීම ප්‍රමාණවත් ය කියන සිතුවිල්ල සහ මහින්ද රට පාලනය කළ ආකරය (එනම් නීතිය තමන් ගේ හිතවතුන් ට එරෙහිව ක්‍රියාත්මක නො කිරීම) අතර සමාන කමක් ඇත යන දසුන් රාජපක්ෂ ගේ නිරීක්ෂණය නිවරැදි යැයි මම සිතමි. ඊ. ඒ. පී. අවන්හලේ සිදුවීම, රටේ පිළිගත් නීති පද්ධතිය හමුව ට ගෙන යා යුතු දෙයක් නො වේය, ඒ සම්බන්ධ ව මහේස්ත්‍රාත් නිර්මාල් ට යුක්තිය පසඳලිය හැකිය, යන සිතුවිල්ල ද ඉහත සිතුවිල්ලේ ම දිගුවකි. (පාතාල කල්ලි, මාෆියා කල්ලි, වල ප්‍රශ්න උසාවි වලට ගේන්නෙ නැහැනෙ. ඒවා විසඳන්නෙ පාතාල නායකයො ම තමයි. මේක ත් ඒ වගේ එකක් තමයි. අදාළ පුද්ගලයා විසින් පරිවාස කාලයක් ගත කළ යුතුයි කියලා මහේස්ත්‍රාත් නිර්මාල් නිගමනය කළේ La Cosa Nostra code of conduct එකට අනුව ද නැද්ද යන්න පැහැදිලි නැතත්, මීට පස්සෙ කොළඹ පාතාල කල්ලි වල ගැටුම් වල සිට යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් දක්වා බොහොමයක් ගැටුම්, කොළඹ විශ්වවිද්‍යාල යේ කැන්ගරු උසාවිය විසින් විසඳනවා ඇත.)

    කෙනෙක් ඇත්තට ම මහින්ද ට විරුද්ධ නම්, යහපාලනයක් ගැන කියවන්නෙ ඇත්තට ම නම්, ඒ කෙනා ට නීතියේ ආධිපත්‍යය කියන දේ ගැන ලොකු කැක්කුමක් තියෙන්න ඕනෙ. ඒක බිඳ වැටෙනවා දැක්කා ම ලොකු ආවේගයක් එන්න ඕනෙ. සැබෑ යහපාලනවාදියෙකු ට රටේ අධිකරණය එක එක අය ගේ අතකොළු වෙනවා දකිද් දී ඇල්මැරුණු ආකරයකින් හැසිරෙන්න බෑ.

    කුමාර් ගුණරත්නම් සිද්ධිය මතක් කර ගනිමු. මේක අන්තිමේ දි උසාවිය හමුවට ගියා. කුමාර් ට රටේ ඉන්න පුළුවන්ද බැරිද කියන එක ගැන නිකම් මහේස්ත්‍රාත් උසාවියක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීන්දුව දුන්නෙ. ඒ තීන්දුව දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ උවමනාව නිසා ය, අනුර කුමාර දිසානයක ගේ කීම උඩ ය, කියන එක ප්‍රතික්ශේප කරන්න බෑ. ඒ කියන්නේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා, මොහාන් පීරිස් ඉවත්කිරීමෙන් පසුව පවා, හැසිරෙන්නේ පාලකයන් ගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව ය කියන එක ප්‍රතික්ශේප කරන්න බෑ. නමුත් මේ ගැන මොනම විවේචනයක් කෙරුනා ද? නෑ. මෙන්න මේ වගේ දේ ලියැවී තිබුනත්,

    “කෙසේ වෙතත් මේ සදහා මේ අවස්ථාවේ ඇති බාධාව වන්නේ ජවිපෙ බව පෙනේ. මක් නිසාද යත් මේ අවස්ථාවේ කුමාර් ගුණරත්නම් ජවිපෙ හැර වෙන්ත් කිසිවෙකුට දේශපාලන අභියෝගයක් නොවේ.” (පෙබරවාරි 21)

    කුමාර් ගුණරත්නම් නිසා තමන් ට එල්ලවන අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ ජයගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය පාවිච්චි කරලා ය, වත්මන් පාලනය යටතේ ත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය යනු බලය ඇති අය ගේ උවමනා එපාකම් වලට අනුව පාවිච්චි කළ හැකි අතකොළුවක් ය යන්න ගැන විවේචනයක් නෑ. මේ කරුණ ගැන විවේචනයක් නොමැති වීම ඉතාම බරපතළ අඩුවක් වුනත් එක සට්ටැඹියෙක් මෙන්න මෙහෙම ප්‍රශස්ති ගායනා කරලා තිබුනා.

    “ඇතැම් ලේඛනවලට එකතු කිරීමට අකුරු හෝ වචන නැත. ඉවත් කිරීමටද නැත. සාහිත්‍යෙය්දී නම් බොහෝ විට ඒවාට කියන නම කෙටි කතා යන්නය. දේශපාලනයේදී නම් පවතින තත්වය පිලිබඳ මෙවැනි කෙටි එහෙත් පරිපූර්ණ සංගත වියමනකට කුමක් කියන්නදැයි මම නොදනිමි.”

    නමුත් දෙසතියක ට පමණ පසු තමන්ට වැරදුනු බව අවබෝධ වී මෙසේ ලියා තිබුනි.

    “කුමාර් ගුණරත්නම්ට ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පසුපස ජවිපෙ ඊට දක්වන අකමැත්ත ප්‍රබල සාධකයක් බව මම මීට පෙර සදහන් කළෙමි. මා ඒ ප්‍රකාශය කළේ මට ලැබුණු යම් යම් තොරතුරු මත පදනම්වෙමිණි. නමුත් එම තොරතුරු සත්‍ය නොවන බව පෙනී යයි. කෙසේ වෙතත් ආණ්ඩුව මේ ප්‍රශ්නයට අත නොතැබීම සදහා ජවිපෙ පළිහක් ලෙස භාවිත කරන බව පෙනී යයි. කෙසේ වෙතත් ඒ සදහා ආණ්ඩුවට ඉඩ ලැබී ඇත්තේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දක්වන අත්භූත නිහැඩියාව නිසාය. මේ නිහැඩියාවට හේතුව ලෙස පෙනෙන්නේ ජවිපෙහී කුමාර් හා බැදුණු අතීතයයි. රටේ බලය ලබා ගැනීමට අපේක්ෂා කරන පක්ෂයක් මේ ආකාරයට මෙවැනි ප්‍රකට හා වැදගත් ප්‍රශ්නයක් අරභයා තම පක්ෂයට පමණක් වැදගත් වන්නාවූ හේතුවක් මත නිහඩව සිටීම කිසිසේත් පිළිගත නොහැක්කකි.” (මර්තු 7)

    ඊට අනුව කුමාර් ව පිටුවහල් කිරීමට ජ. වි. පෙ. ට අවශ්‍ය නැත. ආණ්ඩුවට ද අවශ්‍ය නැත. ආණ්ඩුව අත නොදා ඉන්නවා පමණි. ජ. වි. පෙ නිහඬව ඉන්නවා පමණි. (මොළයේ තරම ඉන් පෙනේ.) පෙබරවාරි 18 වන දින කුමාර් ගේ ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ශේප කළේ තනිකරම නීති පොත් පමණක් බලලා යැයි සිතීමට අප ව පොළඹවනු ලැබේ. නමුත් මේ රට, ගිය ආණ්ඩුව යටතේ ත්, මේ ආණ්ඩුව යටතේ ත්, දුමින්ද සිල්වා අත් අඩංගුව ට පත් නොවන රටකි. එවැනි රටක කැන්ගරු උසාවි පටන් ගැනීම ට ආණ්ඩුවේ සහචරයන් එඩිතර වීමේ පුදුමයක් නැත.

  2. මම මහින්ද ට විරුද්ධයි හොඳේ. මේ බලන්න මම කොච්චර උද්වේගකර ආකාරයකින් මහින්ද ව විවේචනය කරනව ද කියලා. අප්‍රේල් 12 වෙනිදා සිළුමිණ පත්තරේ තියෙනවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පසු ගිය ආණ්ඩුව සමයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා ගැන හොඳ ලිපියක්. මම ඒක මගෙ ෆේස්බුක් වෝල් එකේ ම ශෙයාර් කළා. අපි දැන් කතා කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මොනතරම් දූෂිත ආණ්ඩුවක් ද කියන එක ගැන. නැතුව මගේ යාළුවන් ගේ ස්ත්‍රී දූෂණ ගැන නොවේ. කැමතියිනෙ? අකමැති අයට විරුද්ධව මම මගේ කැන්ගරු උසාවියෙ තව නඩුවක් අහනවා.

  3. දීප්ති, කබ්බන්ගෙ ලිපි පොලිෂ් කරල ඉංග්‍රීසි වචන ටික දාල න්‍යායත් දාල හැදුවට වැඩක් නෑ මුං ගොඩක් තැන් වල පජාත වෙනව.. තමන්ගෙ නමින් ලියපු ලිපිවලම තියෙන වචන ගැන ඇහුවම මුං ඇඹරෙනව දස අතේ.. හැබැයි මුං ඇවිල්ල ඒ ටික ඔයාට කියන්නෙ නෑ.. වැඩේ නියමෙට යනව කියල ඔයා හිතං ඉන්නව.. මුං දන්න ලබ්බ.. පක්ෂයයි ක්‍රමයට සෙට් වෙලා ගන්න ආතල් එකයි අතර සංකීර්ණ පරතරයක් තියා ගන්න මුං දෙයියල.. හැබැයි අන්තිමට වෙන්නෙ ඔයා කිච වෙන එක..

    • පක්ෂය වෙනුවෙන් ඔබ වැනි අය එකතු වු වහාම මෙම කබ්බන් ඉන් ඉවත්වනු ඇත.

Comments are closed.