[dropcap color=”green”]අ[/dropcap]රුණි ශිපිරෝ යනු සිංහල ‘ආයන් රෑන්ඩිය’ ඇය දාර්ශනික ස්ත්‍රියකි. මේ යුගයේ ස්ත්‍රියක් ජ.වි.පෙ සහ සමාජවාදය ගැන අදහස් දැක්වීම සාධනීයය. සිංහලෙන් බ්ලොග් අඩවි පවත්වා ගෙන යන මෝඩ පිරිමින්ට වඩා අරුණිට හොදින් ලිවිය හැක. ධනවාදය ගැන පුළුල්ව ලියන විට වාමාංශය ගැන ද අපට පුළුල්ව ලිවිය හැක.

 

ලොව මිලියන 94 ක් මරුමුවට පත් කරමින් ගෙනා අසාර්ථක ප්‍රතිපත්තියකට “නවීන සමාජවාදය” යැයි ලේබල් එකක් ඇලෙව්වාම සාර්ථක වෙයි ද?

ජවිපෙ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මගේ අදහස් රැගත් ලිපි පෙලක් මට ඉඩ ලැබෙන ආකාරයෙන් පළ කරන්නට ගන්නා උත්සාහයේ පළමු සටහනයි මේ.

ධනවාදය නම් තම වෙහෙසෙන් තමන් උපයන්න තමන් කැමති ආකාරයෙන් පරිහරණයට ඉඩ ලැබීමයි. එය නොහැකි නම් ඇත්තේ සමාජවාදයයි.

සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය අතර වැඩි වෙනසක් නැත. ඒ දෙකම එකම අරමුණක් වූ සාමූහිකවාදයක් (collectivism) වෙයි. එම සාමූහිකවාදය සාක්ෂාත් කරගන්නා ගමන් මාර්ගය සමාජවාදයේ දී සහ කොමියුනිස්ට්වාදයේ දී වෙනස්කම් දක්වයි.

1917 දක්වා සමාජවාදය (socialism) සහ කොමියුනිස්ට්වාදය (communism) යනු අතුරුමාරු කළ හැකි වදන් වූහ. එහෙත් රුසියන් විප්ලවයේ දෙවැනි ජාත්‍යන්තරය සහ තුන්වැනි ජාත්‍යන්තරය අතරමැද දී එය වෙනසකට භාජනය විය.

19 වැනි සියවස මැද දී ජර්මන් ජාතික කාල් මාක්ස් විසින් ධනකුවේරයෙක් වූ ෆ්‍රෙඩ්රික් ඒංගල්ස්ගේ ආර්ථික හා බුද්ධිමය සහායෙන් ලොවට ඉදිරිපත් කළේ ධනවාදය කියා ලේබලයක් අලවන ලද ගජබින්නයකි. පටන් ගෙන ඇතැයි හඳුනාගෙන නොතිබි කාර්මික විප්ලවය නිසා එතෙක් සාගින්නේ මිය ගිය දුප්පත් ජනතාව රැකියා ලබමින් ජීවිත සරුවත් කරගනිද්දී මාක්ස් ඒ වැඩවසම් යදම් වලින් නිදහස ලබමින් සිටියවුන්ට ලේබලයක් ඇලවූයේ පීඩිත පංතිය කියායි.

1840 ගණන් වල දී කාර්මික විප්ලවය නිසා මිනිස් ජීවිත යහපත් වෙන හැටි හඳුනාගත්තවුන් අතර සිටි ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ෆෙඩ්රික් බැස්ටියාට් එය කෙසේ සිද්ධ වෙන්නේ දැයි නිවැරදිව හඳුනාගත්තේය. “එකතු කරගන්නා මූලධනයට සමානුපාතිකව, මූලධනය ආයෝජනය කරන්නාට සමස්ත නිෂ්පාදනයෙන් ලැබෙන පූර්ණ කොටස ඉහළ යයි එසේම මූලධනය ආයෝජනය කරන්නාට ලැබෙන සමානුපාතික කොටස පහළ යයි. එසේම ආයෝජනය කරන එකතු කරගත් මූලධනයට සමානුපාතිකව, සම්පූර්ණ නිෂ්පාදනයෙන් ශ්‍රමිකයාට ලැබෙන පූර්ණ සහ සමානුපාතික කොටස් දෙකම ඉහළ යයි. ආයෝජනය සඳහා එකතු කරගන්නා මූලධනය අඩුවෙද්දී මෙහි අනෙක් පැත්ත සිද්ධ වේ.”

කාල් මාක්ස් ලොව සුපතල නමක් වුවත් ෆෙඩ්රික් බැස්ටියාට් කවුදැයි දන්නා අය තවමත් ලොව හිඟ වෙති. ලංකාවේ වර්තමාන තත්වය පැහැදිලි කරගන්නට සත්‍යය උවමනාවක් ඇති අයට මෙහි දකුණත අමුණා ඇති බැස්ටියාට් ලියූ නීතිය කියැවීමෙන් පුළුවනි.

1903 ලන්ඩනයේ පැවති සම්මන්ත්‍රණයක දී තරුණ රුසියානුවෙක් වූ ව්ලැඩමියර් ඉලිච් උලියානොව් නොහොත් පසුව ලෙනින් නමින් ලොව සුපතල වෙන්නා විසින් දෙවැනි ජාත්‍යන්තරයේ උපාය මාර්ගය ගැන ප්‍රශ්න කළේය. දේශපාලන ක්‍රියා මාර්ගයෙන් බලයට පත්වීම ඔහුට ඉබි ගමනකින් සිද්ධ වෙන්නක් සේ පෙනිණ. මාක්ස් කියූ ධනවාදය විසින් සිය ඇතුලතින් එන හානියෙන් මරණයට පත්වෙන තෙක් බලා සිටීමට අකමැති වූ ඔහු ප්‍රචණ්ඩත්වයෙන් ආණ්ඩුව පෙරලීමට අවශ්‍ය යැයි කීවේය. තෙවැනි ජාත්‍යන්තරය ලෙසින් රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය හැදුනේ එසේයි. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය ඇතුළුව දෙවැනි ජාත්‍යන්තරයේ කැඩී ගිය අය තමන්ව සමාජවාදීන් යැයි හඳුන්වා ගත්හ.

ඉතින්, සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර පටන් ගන්නේ කෙසේදැයි කියා මිසෙක වෙනත් පැහැදිලි වෙනසක් නැත. ඔවුනට ඒකීය පුද්ගලයා (individual) කිසිත් වටිනාකමකින් නොයුතුය. අගනා දෘෂ්ටියක් සාක්ෂාත් කරගන්නට වෙහෙසෙන පක්ෂය පමණක් වැදගත් වෙයි. ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි පිළිනොගන්නා වාදයක් නිවහල් මිනිසෙකු ගැන කතා කරන්නේ කෙසේද?!!!!!

2014 පෙබරවාරි පළමු මුද්‍රණයේ “අපේ දැක්ම” යනුවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාවේ ඇත්තේ ක්‍රි. පූ. 600 ස්පාර්ටාවේ දකින්නට ලැබෙන අදහස් නම් එය නවීන සමාජවාදයක් වෙන්නේ කොහොම ද?!!!!!! 😀

arunishapiro | පෙබරවාරි 4, 2014 දින 11:07 පෙ.ව. ට | Categories: Uncategorized | URL: http://wp.me/pAMLx-3v2

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. 3මාන වෙබ් අඩවියට අනුව පෙරටුගාමී පක්ශය වැනි සමාජ ව්යාපාරයක් ඔවුන්ව විවේචනය කරන තනි පුද්ගලයන්ට පිලිතුරු දිය යුතු නැත.නමුත් ඔවුන්ට අනුව අරුනි ශපීරෝ නම් තනි කාන්තාව ජවිපෙ විවේචනය දියුනු වැඩකි.මේකට කියන්නේ දයලෙක්තිකයක්ද නැත්නම් විරුද්ධාභාශයක්ද

  2. මේක මම දකින්නේ නම් අරුණි ශපීරෝ කියන නම වඩාත් වටිනා නිසා ඇයට කරන විසේස සැලකිල්ලක් විදියට..අපි කමෙන්ට් එකක් දැම්මත් ඒක පලවෙන්න සතියක් විතර ගන්නවා සමාර වෙලාවට..නමුත් මේ සපීරෝ ආන්ටිගේ කතාව බොහොම ඉක්මනින්ම වැටෙනවා..

    ඉන්ටනෙට් එකෙ ලිව්වට වැඩක් නැහැ තැනක් හදාගන්න නම් ඒ තැනැත්තාට කොලිපිකේසන් තියෙන්න ඕනි. උපාදි දෙක තුනක් තිබීම, සංඛ්‍යාෙල්ඛන සිද්ධි ආදී බර ඇතුලත්ව පිටරට මැගසින් ලිපි විදියට ලිපි ලිවීම, පිටරට ජීවත් වීම, ආදිය වැදගත් වෙනවා තැනක් හදාගන්න.

    එහෙම නැතුව නිකංම නිකං උපාදිත් නැති..දාර්සනිකයොත් නොවන..පොත් පත් කවි ලියා ජනප්‍රිය නොවන…නීතියත් නොකරපු සාමාන්‍ය සමාජයේ පොරක් නොවුන එකෙක් ගේ ලිපිවලට කමෙන්ට් වලට අත්වෙන ඉරණම ඒ මිනිහා සාමාන්‍ය සමාජය ඉදිරියේ ඒ මිනිහාගේ මතයට හමුවෙන ඉරණමම තමයි..

Comments are closed.