මීට වසර ගණනකට පෙර එනම් අනූව දශකයේ අග භාගයේ දී දීප්ති විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ එක්තරා ස්ථානයක පැවැත්වූ දේශපාලන පංතියකදී හරි අපූරු සිදු වීමක් සිදු වුනා. මේ පංතියට ශිෂ්‍යයන් යමි පිරිසක් සහභාගි වී සිටි අතර මේ පංතියේ සිටි නර්මාල් රංජිත් දේවසිරි හට ඔහුගේ බිරිද ආමණ්ත්‍රනය කරන ආකාරය පිළිබදව යම් සංවාදයක් ඇති වුනා. එහිදි ඔහුට බිරිද රංජිත් කියා අමතන්නේ ආදරය  පිළිබද යම් ගැටලුවක් නිසා යැයි කතාවක් ඇති වුනා. ගොඩක් අයගේ මතය වුනේ බිරිද ඇත්තටම ආදරෙයි නම් නිර්මාල් කියා කතා කල යුතු බවයි. සාමාන්‍යෙයන් ඒ යුගයේ දේශපාලන පංතිය තුළ මෙය බැරෑරුම්ව සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වුනා. අද නව විට ගොඩක් අය ස්වාමි පුරුෂයාට කතා කරන්නේ තාත්තා නැත්තම් අප්පච්චී කියාය. එය අර තත්ත්වයට වඩා බරපතල තත්ත්වයක් වුවත් ඒ ගැන කිසිවෙකුට වැටහීමක් නැත. ආමණ්ත්‍රනය සහ ආදර අතර ඇති සම්බන්ධය වඩාත් බලවත් නිසා අපි නිර්මාල්ට රජිත් වෙනුවට නිර්මාල් කියන්න යැයි කියන්නෙමු.

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. භාෂා ලෝකයට ඇතුලු වූදා සිටම ආමණ්තරනයට පමණක් ම සංවේදී වූ රංජිත් ,ආදරයෙන් නිර්මාල් කී පමණින්, ඔහුට ආදරයෙන් ඉතා දැඩි විවේචනයන් එල්ල කළ පරන මිතුරන්ට සංවේදී වෙයිද?

  2. ඊට වඩා ආදරාණිය නැද්ද අමාරිස් අයිය කිව්වනම්.

  3. තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග සංගෘහිත පරිපත දස දහස් ගණනක් එකට එකතු කොට තනි Silicon Chip 1ක් සාදන ලදී. මෙය වර්තමානයේ අප භාවිතා කරන Processor එක ලෙස හදුන්වයි. මෙම Microprocessor පරිගණක තාක්ෂණයට විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය. මුල් යුගයේ කාමරයක් තරම් වූ පරිගණකය අතේ ගෙන යාමට හැකි තරමේ කුඩාවට නිෂ්පාදනය කිරීමට මෙම තාක්ෂණයට හැකි විය. මේ අතර වර්ෂ 1971දී නිපදවනු ලැබූ Intel 4004 Microprocessor එක ප්‍රධාන ස්ථානයක් ගනී. ප්‍රථමයෙන් 1981දී IBM සමගම විසින් ගෘහස්ථ භාවිතය සදහා පරිගණකයක් නිපදවීය, මෙතැන් පටන් ක්‍රමයෙන් කුඩා වන ලෙසත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසත් පරිගණක නිෂ්පාදනය විය. මේවා මුල් යුගයේ පරිගණක වලට වඩා බෙහෙවින් කුඩා වූ බැවින් පහසුවෙන් ජාල ගත කිරීමටද පුළුවන් විය. 05. Fifth Generation – Artificial Intelligence පරිගණක විකාශනයේ ඉතාමත්ම වැදගත් අවධිය ලෙස මෙය හැදින්විය හැක. පරිගණකයටම වෙන්වූ බුද්ධියක් සමග පරිගණක ක්‍රියා කිරීම ආරම්භ විය. පරිගණකයේ වර්තමාන සහ අනාගත අවධිය දැක්වෙන යුගය ලෙස මෙය සැලකේ.

  4. ඔය විස්ව විද්‍යාල වල කෙරෙන අනික් වැදගත්වැඩ වගේ තමයි මෙව්වත්..මොනවා හරි කරනවා නමුත් අවුට්කම් එකක් නැහැ.

Comments are closed.