ස්ලාවෝජ් ජිජැක් sublime object of ideology කෘතියට පසුව වසරකට එක බැගින් පොතක් පළ කරයි. එය ද ඔහුගේ අනෙකුත් අතිරේක ලිවීම් කන්දරාවට අමතරවය. මෙය මනෝ විශ්ලේෂණය හඹායාමක :drive- ප‍්‍රකාශනයක් නොවන්නේ දැයි ග්ලින් ඩාලි ඇසූ විට ජිජැක් නහයට කෙළින් දෙන පිළිතුර ‘ඔව්’ යන්නය. එම ප‍්‍රශ්නයට එලෙස පිළිතුරක් සපයන්නේ කවර අර්ථයකින් දැයි ජිජැක් වෙනම පැහැදිලි කරයි. 
ස්ටීවන් කින්ග්ගේ shinning නවකතාවට ප‍්‍රස්තුත වන්නේ ලේඛකයකුගේ ලිවීම ඇන හිටීම නිසා ජනිත වන බිහිසුණු බවය. මෙම නවකතාව ඇසුරින් නිර්මාණය කළ චිත‍්‍රපටයේ රඟන ජැක් නිකොල්සන් නිරන්තරවම තම යතුරු ලියනයේ ලියා තිබුණේ එකම වාක්‍යයකි. ඔහුට තම ලිවීම එම වාක්‍යයෙන් ඔබ්බට ගෙන යාමට නොහැකි වේ. මෙම ඇන හිටීම පොරොවකින් පහර දී සිදු කරන ඝෘතන වැලක් බවට පරිවර්තනය වේ. 
ජිජැක්ට අනුව වඩාත් බියකරු වන්නේ ලිවීම ඇන හිටීම නොව නොනවත්වා ලිවීමට පෙළඹවීමක් ඇති වීමය. කියකගාඞ් නම් දර්ශනිකයා මනුෂ්‍යා හැඳින් වූයේ තම මරණය තෙක්ම ව්‍යාධියෙන් පෙළන සත්වයෙකු ලෙසය. කියකගාඞ් බිය වන්නේ යම් ලෙසකින් මිනිසා  අමරණීය වුවහොත් අර ව්‍යාධ වේදනාව සදාකාලික වන බැවිනි. එහෙයින් නොනවත්වා ලිවීමට පෙලඹවීමක් ඇති වීම වේදනාවකි. එහෙයින් තමා ලිවීමට වෛර කරන බව ජිජැක් ඩලීට කියයි. 
මෙම ලිපිය එම ලිවීමේ වේදනාව දරන්නේ කා වෙනුවෙන්ද යන්න සොයා බැලීමකි. සමකාලීනව අප ලියන්නේ මහා අනෙකාගේ :Big other පිළිගැනීම සඳහා තමයි. අප නැගිය යුතු ප‍්‍රශ්නය නම් මහා අනෙකා නොපවතිද්දීත් අප නොපවතින :භදබ ෑංසිඑ* මහා අනෙකකු උදෙසා ලියන්නේ මන්ද? යන්නය. අනෙකා සහ මහා අනෙකා යනු කවර වූ ප‍්‍රපංචයක්ද? සංකේතීය පැවැත්ම -symbolic system-තුළට ආත්මයාගේ කාවැදීම නිරූපණය කරන්නේ අනෙකා සහ මහා අනෙකාය. 
ලැකාන්ට අනුව අනෙකා යනු ආත්මය -subject- උදෙසා වන ආදර්ශ අහමය  මේ අනෙකාමය බව සංකේතීය පැවැත්ම තුළ මැදිහත් වීම විශේෂිතව නම් කරන්නේ මහා අනෙකාය. ජිජැක් වර නගන පරිදි මහා අනෙකා ආත්මීය ගොඩනැගීම සඳහා අවශ්‍ය වන ප‍්‍රතිවිරුද්ධ බව ආත්ම කොට ගත් මායාවකි. මහා අනෙකා පවතින බව විශ්වාස කිරීමේ  ඕනෑකම නිසාම ආත්මයන්  එබදු කිසිවක් පවතින බව අඟවමින් කි‍්‍රයා කරතැයි ජිජැක් පවසයි. 
රජ්ජුරුවෝ හෙලූවැල්ලෙන් නම් ජනප‍්‍රිය කතාවෙන් යටකී අදහස මනාව නිරූපණය වේ. මෙම කතාවේදී රජු නිරුවතින් සිටින බව දැන දැනම නරඹන්නෝ ඔහු මනාව හැඳ පැලඳ සිටිතැයි අඟවති. එලෙස යමක් නො පවතින බව දැන දැනම එසේ වෙතැයි ඇඟවීම සමාජ ලෝකය තුළ අනෙකා සමඟ සමාදානයෙන් පැවතීමට පිටුවහලකි. මොන විදියේ ප‍්‍රති විරෝධයන් සහ නොඑකඟතාවන් පැවැතුනත් සමාජ චාරිත‍්‍ර මඟින් ඉදිරිපත් කරන පරිදි මහා අනෙකා උදෙසා දෘෂ්ටිවාදය පේ‍්‍රක්ෂාවක් සපයයි. සමාජය හීලෑ කරන නීති රීති සම්ප‍්‍රදායන් සහ දැනුම යනු මහා අනෙකා අප මත පනවන නියාමන බලවේගය. මහා අනෙකාගේ බැල්මට හසුවීමට අප කොතෙක් නම් ඇලූම් කරන්නේද යත් සමාජ සහ දෘෂ්ටිවාදී ආස්ථානයන් ගොඩනැගීමේ කි‍්‍රයාවලිය තුළ දෙවියන් වහන්සේ බදු සංකේතික මායාවන් අපි නිර්මාණය කර ගන්නෙමු. 
ජිජැක්ට අනුව නීතියේ ආධිපත්‍ය :ඍමකැ ධෙ ඛදඅ* තහවුරු කිරීම පිණිස දෘෂ්ටිවාදය අවිඥානය හරහා කි‍්‍රයාත්මක වේ. එහෙත් දෘෂ්ටිවාදය නිර්මාණය කරන්නේ ව්‍යාජ යථාර්ථයකි. ස්වකීය මායාවන් තුළ ගැලෙන ලෙස එය ආත්මයට බල කරයි. මායාවී මහා අනෙකා වෙත ඇලීම කි‍්‍රයාත්මක වන්නේ සාමුහික රුවටිල්ලක් බදු කිසිවක් ලෙසයි. මහා අනෙකා පවතින බව ඇඟවීම අඛණ්ඩව පවත්වාගෙන යාමට ෆැන්ටසි එන්නතක් අවැසිය. ජිජැක් පෙන්වා දෙන පරිදි මහා අනෙකාගේ උපකරණ වූ කලී ආචාර විද්‍යාත්මක යථාර්ථයක් සේ වෙස් වලාගත් දෘෂටිවාදී අඩවිය. 
විශ්වාස කිරීම වූ කලී දෘෂ්ටිවාදී අවතාරයේම අංගයකි. එය සමාජ ආකල්ප, මාධ්‍යයේ කි‍්‍රයාකාරිත්වය, තාක්ෂණය, විනෝද කර්මාන්තය, දැනුම නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම ආදිය තුළ ප‍්‍රකාශමාන වේ. එහෙත් අද අප දවසරින්නේ පශ්චාත් – දෘෂ්ටිවාදී නරුම :ක්‍හබසජ්ක* යුගයකය. ඒ අනුව මහා අනෙකා නොපවතින සමාජයක් අපට සම්මුඛ වේ. මේ යුගයේ කිසිවකු ප‍්‍රකාශිත ආදර්ශ -ideals- කෙරේ විශ්වාසයක් නඩත්තු නොකරයි. 
ජිජැක් පැහැදිලි කරන පරිදි මහා අනෙකා බිඳී විසිරී යන විට සහනය සපයන්නේ අනෙකාගේ අනෙකාය :other of the other- ජිජැක් එම අනෙකාගේ අනෙකා නම් වූ ලැකානියානු සංකල්පය කිසියම් සංස්කෘතික, පීඩනෝන්මාදයක්  ලෙස විවරණය කරයි. පීඩනොන්මාදය ගොඩනැගෙන්නේ අප විසින්ම අප සුවපත් කර ගැනීමට දරණ ප‍්‍රයත්නයක්, තුළය. එහිදී සංකේතික විශ්වාසය කඩා වැටෙයි. කෙනෙකුගේ සංකේතික පැවැත්ම බිඳවැටෙන්නේ මහා අනෙකා කැඞී බිඳී යන බැවිනි. මෙම හඳුනා ගැනීමේ දී මහා අනෙකා අවතාරයක් ලෙසින් යළි පැමිණෙයි. ජිජැක් පැවසූ අපූර්ව අදහසක් නම් කෙනෙකුට අවතාර පිළිබඳ කිසිම ඇදහීමක් නැතුව අවතාර විශ්වාස කිරීමට පිළිවන් බවය. නූතන නරුමවාදීන් වු කලී අචපල විශ්වාස කරන්නන්ගෙන් හොඳම පිරිසය. 
මහා අනෙකා පිළිබඳ යට කී න්‍යායික විවරණය සමකාලීන සමාජය තුළ චන්ඩි පාට් දමන්නන් පිළිබඳ යම් වැටහීමක් ලබා ගැනීමට උපකාර නොවෙතැයි කිව නොහැකිය. එනම් තමන් තුළ කිසිම දේව විශ්වාසයක් නැතැයි වහසි බස් දොඩන්නන් ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස පවතින්නේ විශ්වාසයම බව පැහැදිලි කර ගැනීමට පිළිවන. තමා තුළ කිසිදු විශ්වාසයක් නොවන බවත් සමාජ යථාර්ථය ඒ ආකාරයෙන්ම පිළිගන්නා බවත් කියන්නකු ඔබට හමු වුවහොත් ඔහුගෙන් ඇසීමට ප‍්‍රශ්න ජිජැක් යෝජනා කරයි. ”හරි යථාර්ථය ඔබට ඒ හැටියෙන්ම පිළිගැනීමට [නැත්නම් එලෙස ඇඟවීමට] මෙහෙය වන අර්චන වස්තුව : object a කුමක්ද? ඔහුට අනුව යමක් [දෙවියන්] ප‍්‍රතික්ෂේප කිරීම මැ එබඳු විශ්වාසයක් අවුලූවන අර්චන වස්තුවක් බවය.” 
ඇත්තටම නම් මහා අනෙකා පිළිබඳ මෙපමණ හරියක් ලිවීමට මට කල්පනා වූයේ අන් කිසිවක් නිසා නොව මෙම තීරුවේ පළ වූ සමහර ලිපි ති‍්‍රමාණ වෙබ් අඩවියේ පළ වු විට ලැබී තිබූ ප‍්‍රතිචාර දැකීමෙනි. මනෝ විශ්ලේෂණය ප‍්‍රචලිත වීමට පෙර (නැතහොත් දීප්ති මෙරට දේශපාලන කතිකාව තුළට කඩා වැදීමට පෙර] මහා අනෙකා පිළිබඳ අදහසක් කිසිවකු තුළ තිබුණේ නැත. එහෙත් එකල මහා අනෙකාගේ පැවැත්ම පිළිබඳ අවිඥානික විශ්වාසයක් පැවතිණ. අජිත් තිලකසේන කෙටි කතා ලිව්වේ ඒ කාලයේ දීය. 
අජිත් කෙටි කතා ලිව්වේ තමාගේ හුදු විනෝදය සඳහා මිස මහා අනෙකා වෙනුවෙන් නොවේ. මේ නිසා එකල මෙහි සිටි විචාරකයෝ බලවත් දුෂ්කරතාවයකට පත් වූහ. ඔහුගේ කෙටිකතා විකේතනය කිරීම අපහසු විය. එහෙත් මනෝ විශ්ලේෂණයේ සම්ප‍්‍රාප්තියෙන් පසුව (මහා අනෙකා පිළිබඳ අදහස් සමාජ ගත වූ පසුව ] අජිත් තිලකසේනමත් අර්ථය දෙසට නැඹුරු වනු දක්නට ලැබෙයි. 
සැබැවින්ම සිදු වී ඇත්තේ කුමක්ද? මහා අනෙකකු නොමැති බැවින් අජිත්ගේ විනෝදාර්ථිකය අවුල් වී යාමය. අනෙක් අය ඔහුගේ කෙටි කතාවලට අර්ථ සපයන බැවින් ඔහු ද අර්ථය දෙසට ආලෝලනය වේ. එහෙත් එය ජාතිවාදයෙන් කෙලවර වීමේ අනතුර ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. 
 

saman wicramarachchi

ඔබේ අදහස කියන්න...