Deepthi poter-

ෆැසිස්ට් දේශපාලන දර්ශනය විසින් මර්දනය කරන ලද අපගේ දේශපාලන අදහස් යළිත් රට පුරා පැතිරවීමේ දීර්ඝ පා ගමන ආරම්භ කර ඇත.
අපගේ සතුරන් කවුද ? ඔවුන් ස්ථානගත වී සිටින්නේ කොතැනද ? ඔවුන්ව මෙහෙයවන්නේ කවුද ? යන මේ සියලු සාධක පිළිබද අප ඉතා හොදින් දැනුම්වත්ව සිටින බව ඔවුන් මතකයේ තබාගෙන සිටිය යුතුය.
අපගේ සංවිධානය තුළ අපත් ඔබත් දන්නා වැරදි අඩුපාඩුකම් බොහෝ තිබේ. නමුත් පැහැදිළි ඉදිරි දර්ශනයක් අපට ඇත. අන් අයට නැත්තේ ද එයයි. ඉදිරි දර්ශනයක් ඇති තැන මහජනයා තුළට අදහස් රැගෙන යා හැකිය. 
දශක දෙකක් අපගේ සංවිධානය සමග සිටිමින් අපට ආශා කළ ගම්පහ හිතවතියන් සහ හිතවතුන්ට ලබන 27 වැනි සෙනසුරාදා සවස 3 ට සණස ශාලාවට පැමිණෙන මෙන් අපි ආරාධනා කර සිටින්නෙමු.
ගම්පහ තුළ අප අවසානයට පැවැත් වූයේ ‘ හිස්ටීරියාව ‘ පොත පිළිබද සම්මන්ත්‍රණයයි. මේ පොත නිසා ලංකාවේ මිනිස් සම්බන්ධතා ලෝකය උඩුයටිකුරු විය. බොහෝ දෙනා මෙම පොත නිසා බිය වී අප අතහැර ගියේය. නමුත් අප අරගලය අතහැරියේ නැත. මීට වඩා පොහොසත් මිනිස් ලොවක් බිහි කිරීමට අප කළ පැතුම මියයන තුරා අත නොහරින්නෙමු.

morales
එන්න ! සබද අපි කදු නොවෙමු ! තුවාලය හටගත්තේ ගින්දරෙන් නම් එය සුව කළ හැක්කේද ගින්දරෙනි.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අර සාගර පලන්සූරියගෙ පොතක තියෙනවා එක කවියෙක් පොතක් ලීව්වලු. ඒක කියවන කොට අහගෙන හිටපු හැමදෙනාම යන්ඩ ගියාලු. අන්තිමට ගෑණිත් නැති වුණාලු. උසාවිත් නැතිවුණාලු. පන්සල් පල්ලි අරව මේව ගම් නියම්ගම් ඔක්කොටම කෙලවුණාලු. අන්තිමට මිනිහ අම්බලමකට වෙලා නිදාගත්තලු. ඒ පොත හිස්ටීරියාවද දන්නෙ නෑ?

Comments are closed.