[dropcap color=”red”]ස්[/dropcap]වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති විකාශනය සහ විමසුම නරඹන විට අපි යථාර්ථයෙන් මොනතරම් නම් දුරස්ථද යන කරුණ වැටහෙනව. ඇත්තටම ඒ අය කියන විදිහට ලංකාව තමයි මේ වෙනකොට ජීවත් වන්නට සුදුසුම රට. ඒ විතරක්ද අපේ රටට ඊෂ්‍යා කරන බටහිර අධිරාජ්‍යවාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රටවල් රාක්ෂයන් වගේ බලා ඉන්නේ අපේ රටේ සිංහල බෞද්ධ උරුමය විනාශ කරන්නයි. ඉතිං එහෙම රටක ජීවත් වෙන්න ලැබුන එක මොන තරම් නම් භාග්‍යයක් ද? ත්‍රස්තවාදයෙන් මුදාගත් සොහොන් පිට්ටනි වල වන්දනා ගමන් යන සිංහල බෞද්ධයන් ගොඩක් විට කියන කතාව වන්නේ කන්න නැතත් දැන් නිදහසේ පාරේ බැහැලා යන්න පුලුවන් කියන එකයි. මානව අයිතිවාසිකම් ගැන කතා කරන ක්‍රියාධරයන් සහ මානව හිමිකම් සංවිධාන කියන්නේ බටහිර අධාරාජ්‍යවාදීන්ගේ ඕනෑ එපාකම් පිරිමසන්නට දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබන අයයි. මේ මතවාද සමාන්‍ය මෝඩ ජනතාව (පොදු මිනිසා )  තුළට කාවද්දන්නේ ස්වාධීන රූපවාහිනි නාලාකාවයි. ඒකට මොකුත් කියන්න බැරි මේ නාලිකාව ජාතියේ නාලිකාව වන නිසයි. ( ප්‍රාග්ධනය මත පදනම් වන ධනවාදී ව්‍යාපාරයක් ජාතියේ සාරය බවට පත්කරවා ගත් අභිමානවත් ජාතිය වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ඉතිහාසගත වන්නට පුළුවන. ) මේ නාලාකාවේ ගිය පුවත් දෙකක් ඇසුරින් කෙටි පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කළා.

විකීලීක්ස් වෙබි අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් විසින් මෑතකදී ඇමරිකානු හමුදා විසින් නිරායුධ ඉරාක සිවිල් වැසියන්ට බෝම්බ හෙලා ඝාතනය කිරිමේ වීඩියෝවක් එළි දක්වනු ලැබුවා. මේ වීඩියෝවෙන් මහත් කුල්මත් වූ ජාතියේ නාලිකාව පවසන්නේ මෙන්න බලන්න අපිට මානව අයිතිවාසිකම් ගැන සමාලෝචනය කරන්න යැයි කියන අපට යුධ අපරාධ චෝදනා එල්ල කරන ඇමරිකාව ඉරාකයේ යුධ අපරාධ කළ බව ලෝකයටම දැන් රහසක් නෙවි. අනෙක් ප්‍රවෘතියෙන් කියවෙන්නේ එංගලන්තයේ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් සාමාන්‍ය සැකරුවන්ට අමානුෂික අකාරයෙන් පහර දෙන අකාරයයි. ඒ අනුව ජාතියේ නාලිකාව ඇමරිකාවට සහ එංගලන්තයට චෝදනා කරන්නේ මෙන්න අපට මානව හිමිකම් ගැන උගන්වන්න හදන මේ අයම මානව හිමිකම් උල්ලංඝණය කරනවා. ඇයි ඒ ගැන කතා නොකරන්නේ ඒ නිසා මේවා හොදින් අවබෝධ කර ගන්න කියායි.

ජාතියේ නාලිකාව මෙහිදී අවිඥාණකව කියන්නට උත්සහ කරන්නේ මෙච්චරයි. යකෝ ඇමරිකාව සහ එංගලන්තය කියන්නේ අපිට වඩා දියුණු රටවල් ඒ රටවලත් මානව හිමිකම් උල්ලංඝණය කරනවා නම් යුධ අපරාධ සිද්ධ කරනව නම් අපි කලහම තොපිට පුකේ අමාරැද කියාය. ඒ නිසා කටවල් වහගෙන ඉදපන්. ඇමරිකාව ඉරාකයේ සාමාන්‍ය සිවිල් වැසියන් සිය ගණනක් මරා දමන විට අපි දහස් ගණනින් ඒ දේ කළා. එංගලන්තයේ පොලීසිය සැකරුවන්ට පහර දෙන විට අපේ පොලීසිය සැකරුවන්ව අත් අඩංගුවේ දී මරා දැම්මා. ඒ කියන්නේ අපි ඇමරිකාවට සහ එංගලන්තයට වඩා ගොඩක් දියණුයි කියන එකද? කවුරු කළත් යුධ අපාරධ කියන්නේ මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරනු ලබන අපරාධයන්ය. මොන පොලිසියක් විසින් ජනතාව පීඩනයට පත් කළත් එය අපාරාධයක්ය. නමුත් ජාතියේ නාලිකාවට අනුව ඇමරිකාව කරන යුධ අපරාධ වැරදියි. ඒ ගැන කියන ජුලියන් අසාන්ජ් විමුක්තිකාමියෙකි. ලංකාවේ යුධ අපරාධ කියන්නේ මානුෂික මෙහෙයුම්. ඒ ගැන කියන කැලම් මැක්රේ ත්‍රස්තවාදියෙකි. අවසානයේ මේ අය උත්සහ කරන්නේ රජපක්ෂ රෙජිමය තව තවත් රැක ගන්නටය. ඒ මේ ආණ්ඩුව ජනතාවාදී වන නිසා නොව මේවා ලියන කියන පෙන්වන අයට වැඩිපුර කොමිස් කුට්ටි ලබා දෙන නිසාය.

අවසානයේ ලංකාවේ ජනතාව ජාතියේ නාලිකාව නරඹා පළාත් සභා ඡන්ද වලදී ගයේෂා පෙරේරාට වැඩිම මනාප ලබා දෙන්නට නියමිත අතර සිරස රූපවාහිනිය නරඹා නදීෂා හේමමාලිට ඡන්ද ලබා දෙන්නට නියමිතය. කොළඹ නගරයේ පාරවල් වසා රෑට නයිට් රේස් පදින විට සොයිසා පුර පිට්ටනියේ මේ මෝඩ ජනතාවට (පොදු මිනිසා) ෆැලෑස් බෑක් කිංස්ලි අයියාගේ රුචිරානනේ අහන්න එකපාර මා මරන්න ගීතයට නටන්නට පුළුවන. මේ අවු අස්සේ ෆේස් බුකියේ ජාතිය,ආගම,රට,දැය සමය නිසා දේශමාමකයන් බවට පත්ව සිටින අය මෙවන් ප්‍රශ්ණ අසනව. ඇයි යකෝ පෝල් වෝකර් ගැන කතා කරන කාළකන්නි රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුජා කරපු රට ජාතිය වෙනුවෙන් අතපය,ඇස්,ඉස්.මස්,ඇට,ලේ දන්දුන්න ජාතියේ මුරදේවතාවුන් ගැන කතා නොකරන්නේ?ඇයි ලයික් නොකරන්නේ?ඇයි කොමෙන්ට් නොකරන්නේ? මේ කතාව ෆේස් බුකියට ලියන කෙනාත් ඇතුලුව හැමෝම දන්නව. ලංකාවේ රණ විරුවෝ කියන්නේ ඇත්තටම ගත්තම ඔය කියන ජාතියේ අය නෙවි. නිකම් පඩියට රස්සාවක් කරපු අය විතරයි කියලා. ඒ වුනාට මේක වෙන කවුරු හරි පිළිගනී කියලා හෝ පිළිගන්න කෙනෙක් ඇතියි කියලා හිතලයි මේවා කියන්නේ. හරියටම ජාතියේ නාලිකාවේ අය කරන්නෙත් මෙටහම වැඩක් තමයි. මේ නාලිකාවේ වැඩ කරන අයට මේ කියන ජාතිය,ආගම අදාල නැහැ. ඒ අයට ඕන මොන ගේමක් හරි ගහලා වැඩිපුර ගාණක් හොයා ගන්න විතරයි. ඒ නිසා දොරමඩලාවෙන් හසන්නතට ආගම විකුණන්න වෙනකොට මහින්ද අබේසුන්දරට විමසුමෙන් ජාතිය විකුණන්න වෙලා තියෙනව. අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක නිසා සමාජයේ හර පද්ධතීන් බිද වැටිලා අවසන් නිසා මේ අයටත් මෙහෙම කරනවා හැර වෙන විකල්පයක් නැහැ. ධනවාදය සමාජ ක්‍රමය එහි ඇතුලතින්ම කා දමන අතර එය ඇටමිදුලු වලට පවා කිදා බැස තියෙනව. මේ යථාර්ථය ගැන අවබෝධයක් නැති ලාල් කාන්ත බස්නාහිර පළාත් සභා ඡන්දයට නළුවෙක් වගේ මේකප් කරලා ලෑස්ති වෙනව. ලාල් කාන්නත් හොදටම දන්නවා ජනතාව මේවා නොදැන වැඩ කරනවා නෙවි කියලා. ඒ වුනාට ඔහු විශ්වාස කරන කොහෝ හෝ තැනක පාරිශුද්ධ පොදු මිනිසෙක් ඇති කියලා. දූෂණයට රාහිව කෑමොර දෙන ලාල් කාන්තව පොදු  මිනිසා ප්‍රතික්ශේප කරන්නේ මේ යථාර්ථය තුළ භාවිතාව නරුමවාදී වන නිසයි. අනෙක් අතට දූෂණයට විරුද්ධව පොදු මිනිසා බල ගැන්වීම හරහා ධනවාදය වෙනස් කළ හැකි යැයි යමෙක් සිතනවා නම් එය දවල් හීන දැකීමක් පමණයි. දියුණු ධනවාදී රටවල නොදියුණු රටවලට වඩා දූෂණය සහා වංචාව අඩුයි නෙවි මේ දූෂණය සහ වංචාව කියන එක සමාජ ක්‍රමය තුළටම බද්ධ වෙලා තියෙන නිසා ඒක මතුපිටට පෙනෙන්නෑ.

මේ නිසා ගොඩක් අය ජාතියේ නාලිකාවට සහ සිරස නාලිකාවට බැණ වැදුනත් මේවා තමයි අපි ජීවත් වන සමාජය කුමක් ද කියන එක නිරූපණය කරන කැඩපත් වන්නේ. අපි මේවායේ සේවය කරන මාධ්‍යෙව්දි කම්කරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. මේ ව්‍යපාර මගින් ලාභය උපරිමය කර ගන්නට ජාතිය,ආගම සහ රට පවා ගණිකා වෘත්තියේ යොදවන ප්‍රාග්ධන හිමියන්නට සහ පාලක පංතියට එරෙහිව තමයි අරගලය තියෙන්නේ. ඒ අරගලය මහපොළව පලාගෙන ඉබේ ප්‍රාදූර්භූත වන්නේ නැති අතර ඒ සදහා එක්ව සාමුහික අරගලයක් සදහා පොදු වේදිකාවක් නිර්මාණය කරන එක තමයි වමේ පොදු අභියෝග වන්නේ.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ස්වාදීන හා රජයේ මාද්‍ය තුලින් කරන්නෙ ආන්ඩුවට අවශ්‍ය වඩාත් ලාබ ලැබෙන දේවල් බෙදීමය කියන කාරණාව මෙ ්ලපියෙ කියල තියෙනවා..
    මම නම් හිතන්නෙ ඊට වඩා එහා ගිය අපේ පොදු සමාජයේ ජනතාවට හැංගෙන්න පොට් එකක් අයි ටී එන් එකයි මීඩියා ටිකක් විසින් ගොඩනගල තියෙනවා..
    හිතන්න අද ආන්ඩුවෙ කන්තෝරුවක වැඩකරන ක්ලාක් කෙනෙක් ගැන..අද ඇමරිකාවෙ එංගලන්තෙ සහ දියුනු රටවල අර වගේ ක්ලාක් තනතුරු නැහැ..පරිඝනක පද්ධති මගින් කාර්යක්ෂමතාවය වැඩිකරපු නිසා මැද තිබුන තනතුරු රැසක් හෝදගෙන ගහගෙන ගිහින්…
    වැරදිලාවත් ඇමරිකාවෙ එංගලන්තෙ වගේ තත්වෙට ලංකාව පත් වුනොත් ඔය ක්ලාක් මහත්තය වගේම සිය දාස් ගානකට ලංකාවෙ ජොබ් නැතිවෙනවා..

    ඉහල මැද පන්තියෙ බොහෝ දෙනක් කරන රස්සාව ඔවුන්ගේ ආදායම් මාර්ග දියුනු රටවල නැහැ..ඉතිං ඔවුන් දන්නවා මේ ක්‍රමයෙ ්පැවත්ම මත තමුන් රදාපවතින බව… ඒ නිසා ඒ අයගේ ආතල් එක ගන්න අර දියුනු රටවල කුනු හොයනවා..

Comments are closed.