2008 වර්ෂයේ දී, එවකට ජාතික හෙළ උරුමයේ නායකයෙකු වූ ‘නිශාන්ත වර්ණසිංහ’ එවකට අපගේ පක්ෂ කාර්යාලය පැවති ගල්කිස්ස පිරිවෙන පාරේ නිවසට පැමිණ කියූ අදහසක් මගේ මතකයට තදින් කා වැදිණි. එවකට, යුද්ධය තීව්‍ර ලෙස ආරම්භ වී නොතිබූ මුත් ඔහු පැවසුවේ “රාජපක්ෂලා ප්‍රභාකරන්ගේ නිලය අල්ලලා තියෙන්නේ. අපි එයාව මේ පාර පරද්දනවා.” ශිවරාම් ඝාතනය වී තිබුණු මොහොතක උතුරේ යුද්ධයේ වාස්තවික රටාව පිළිබඳව ඒ ගැන උනන්දුවක් තිබූ පුද්ගලයන්ට පවා තිබුණේ තොරතුරු සමූහයක් පමණි. ඒ වන විට, පරිණත යුද හමුදාවක් නඩත්තු කරමින් සිටි LTTE ය පරාජය කිරීමේ ‘යතුර’ රාජපක්ෂලා අතට බුද්ධිමය වශයෙන් යෑමට ඉඩක් නොතිබූ බවට කිසිදු සැකයක් තිබුණේ නැත. නමුත් 2009 වර්ෂයේ දී, රාජපක්ෂලා ජයගත් අතර එසේ ජයග්‍රහණය කරන ලද්දේ කවර ‘සාධකයක්’ නිසා ද යන කාරණය ගැන කිසිවෙකු සලකා බැලුවේ නැත.

                        නමුත් 2010 වර්ෂයේ සිට මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ‘ක්‍රම-විරෝධී’ දේශපාලන ව්‍යාපාරවල පැත්තේ සිට අධ්‍යයනයක් කළ මුත් LTTE ය ඒ අංශයෙන් දුර්වලතා පෙන්වූයේ නැති බව ද ප්‍රත්‍යක්ෂ විය. මතක තරමින්, 2006 වැනි වර්ෂයක දී එවකට මා සමඟ සමීපව දේශපාලන වැඩ කටයුතු කළ ‘තිලක් කෝදාගොඩ’ විසින් පැවසූ දෙයක් දෙසට ඔබගේ අවධානය යොමු කරමි. ඔහු කීවේ මෙවැන්නකි. “ දීප්ති සංවිධානයේ පුද්ගලයෙකු ඔබගේ නායකත්වය වෙනස් කර ඒ තැනට ඔහු ආදේශ වෙන්න හදනවා. පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න. භූපති කියන්නේ කේලම්කාරයෙක්. එයාට මුකුත් කියන්න එපා. එයා ඒ හැමදේම අර පුද්ගලයාට කියනවා”. කෝදාගොඩ මට මේ අදහස ප්‍රකාශ කරන විට, අපි දෙදෙනාම සංවිධානය වෙනුවෙන් ‘මව්බිම’ පුවත්පතේ වැඩ කළෙමු. 2007 වන විට, ‘මව්බිම’ පුවත්පත ඉතා ජනප්‍රිය වූ අතර ‘මංගල සමරවීර’ තමන්ගේ පාර්ශවයෙන් රාජපක්ෂ ආණ්ඩුවට කේවල් කිරීම් කිහිපයක් කළ මුත් රාජපක්ෂලා ඒවා ගණනකට නොගෙන ඔහුව ඒ ආණ්ඩුවෙන් ඉවත් කරනු ලැබුවේ ඉන්දීය විරෝධය ද නොතකා ය. එතනදී, ‘රාජපක්ෂලා’ ක්‍රීඩාව කළේ කුමන රීතීන් යටතේ ද?

                          2013 පමණ වන විට, ඉහත සිදුවීම් තුන අතර පැවති සහසම්බන්ධය- උතුරේ යුද්ධය, අපගේ සංවිධානයේ ම සිදුවෙමින් පැවති අභ්‍යන්තර රහසිගත අරගලය, දෙවරක් නොසිතා මංගලව ආණ්ඩුවෙන් ඉවත් කිරීම පිළිබඳ සංයුක්ත න්‍යායක් ගොඩනඟා ගැනීමට මට හැකි විය. මේ සඳහා, 2015-2016 වර්ෂවල දී ඒ මොහොතේ මට සමීපව වැඩ කළ පුද්ගලයෙකුට යම් පර්යේෂණ දත්ත ප්‍රමාණයක් සොයා ගන්නා ලෙසට මම උපදෙස් දුන්නෙමි. කෙටියෙන් ප්‍රකාශ කළහොත්, අප සෙව්වේ  සුහුඹුල් අවස්ථාවේ දී අනෙකුත් ද්‍රවිඩ ජාතික සන්නද්ධ කණ්ඩායම් පරදා LTTE ය ඉදිරියට පැමිණි ඥාණ-විභාගය කුමක් ද යන්න යි. එහිදී, අප අධ්‍යයනය කරන ලද්දේ 80 දශකයේ මුල දී දකුණු ඉන්දියාවේ දී ද්‍රවිඩ ජාතික විමුක්ති අරගලයට සම්බන්ධ වූ අනෙකුත් සංවිධාන වලින් LTTE ය සුවිශේෂ වූයේ කෙසේ ද යන්න යි. එහිදී, අප දුටුවේ LTTE ය තමන්ගේ ‘ක්‍රියාකාරකම්’ මදුරාසි පාතාලයට විස්ථාපනය කිරීමයි. නැතහොත් තමන්ට අවශ්‍ය ‘සේවාව’ බැහැරින් ලබා ගැනීම යි. 68 ශිෂ්‍ය අරගලයට පසුව ධනවාදයේ සිදු වූ මුලික කළමනාකරණ විකේන්ද්‍රීයකරණය වූයේ ද ලාභය වැඩි කිරිම සඳහා තමන්ට අවශ්‍ය සේවා බැහැරින් ලබා ගැනීමේ උත්සාහය යි. මෙය Man Power සමාගම් ලෙස ලංකාවේ දැන් තහවුරු වී ඇත. මින් සිදු කරන්නේ, ලාභය වැඩි කිරීම සඳහා ‘ශ්‍රමය’ බැහැරින් ලබා ගැනීමට (Outsource) බාහිර පුද්ගලයන්ගේ උදව් ලබා ගැනීමයි.

                       LTTE සංවිධානය අන් අය පරදවා ඉදිරියට ආවේ, ඔවුන් විසින්ම දියුණු කරන ලද පාතාලය හරහා සූක්ෂමව තමන්ගේ වැඩය ගැනීමෙනි. මින් ලැබෙන වාසිය වන්නේ, සංවිධානයේ පුද්ගලයන් බාහිරට හෙළිදරව් නොවීමයි. වියට්නාම් ගරිල්ලන් ඇතුළුව වෙනත් වාමාංශික ගරිල්ලා කණ්ඩායම් මෙම ක්‍රමය අත්හදා බලා නොතිබුණු නිසා මෙය නැවුම් ප්‍රවේශයක් විය. මෙම ක්‍රමය වැඩිදියුණු කරමින් කලක් යන විට, ‘සංවිධානය’ වෙනුවෙන් නොදැන සේවය සපයන ජාලයක් සංවිධානයට බාහිරින් නිර්මාණය වෙයි. ශිවරාම් විසින් පසුව හඳුනා ගන්නා ලද උපක්‍රමික තලයේ ව්‍යුහ තුනක් පිළිබඳ අදහස මෙතැන දී සලකා බැලීම වැදගත් ය. ඔහුට අනුව, LTTE ය පරිණත වූ විට ඔවුන්ගේ ප්‍රහාරක බලඇණි වර්ග තුනක් විය. (1) උතුරු ප්‍රදේශයේ සාම්ප්‍රදායික පාබල හමුදාව. (2) නැගෙනහිර දී පහර දී පළා යන ගරිල්ලන්. (3) දකුණු ප්‍රදේශයේ දී ත්‍රස්ත ක්‍රියා සඳහා යොදා ගන්නා සිවිල් පුද්ගලයන්. මින් පසුව කී බලඇණි දෙක සඳහා යොදා ගන්නා ලද්දේ, Outsource නැතහොත් සේවාව බාහිරින් ලබා ගැනීමේ සන්දර්භය යි.

                         රාජපක්ෂලා යනු ද තම දේශපාලනය තුළ බලයට ඒමට පෙර පාතාලයට තම සේවාවන් Outsource කරන ලද කණ්ඩායමකි. යුධමය න්‍යායන් ගැන මළපොතේ අකුරක් රාජපක්ෂලා නොදැන සිටියත් (ෆොන්සේකා තවමත් සිතන්නේ මල්ටි බැරල් වලින් තමන් යුද්ධය දිනුවා කියා ය) ඔවුන් යුද්ධයට අදාළ සංවිධාන ඥාණය, මූල්‍යමය සම්පත්, තීරණාත්මක පුද්ගලයන්, ජනමාධ්‍ය සහ සංස්කෘතික ප්‍රකාශකයන් Outsource කරන ලදී. LTTE නිලය වී පැවති Outsource ක්‍රමය රාජපක්ෂලා ඩැහැගත් අතර එය LTTE යට  වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන ලදී. (මේජර් මුතාලීෆ් ඇතුළුව බොහෝ දකුණේ ඝාතන කරන ලද්දේ LTTE ය කුලියට ගත් පුද්ගලයන් හරහා බව පසුව හෙළිදරව් විය.) ‘ප්‍රාග්ධනය’ කාර්යක්ෂමව එකතු කිරීම සඳහා යොදාගත් කළමණාකරන න්‍යායක් අහම්බයකින් ගරිල්ලා සංවිධානයකට ආදේශ විය. ඉතිහාසයේ එක්තරා මොහොතක දී, LTTE ය විසින් ම නොදැනුවත්ව තමන්ගේ විනාශය තමන් විසින්ම කැඳවා ගන්නා ලදී.

                     දැන් අපට ‘නිශාන්ත වර්ණසිංහ’ නොදැන කළ ප්‍රකාශය සඳහා න්‍යායික උත්තරයක් ලැබී ඇත. ඔහු එදා නොදැන සිටී කාරණය වූයේ, LTTE ය පමණක් නොව යම් දිනෙක සිංහල ජාතික සංවිධාන ද රාජපක්ෂලා විනාශ කරන බවයි.

                       2013 වන විට, තිලක් කෝදාගොඩ නොදැන සිටි සහ ‘මම’ දැන සිටි කාරණය වූයේ, ඒ වන විට ඔහු ද තදින් තදාත්මක වී සිටී ‘සිංහල ලෙනින්’ ද ක්‍රියාත්මක කරමින් සිටියේ ඉහත අප කතා කළ Outsource න්‍යාය බව යි. විප්ලවවාදී අරගලයක ‘සටන් ගුණය’ එහි තීරණාත්මක කොටසකි. එය එනම්, ”මතවාදී අරගලය”-ideological struggle-  අතහැර එය බාහිරින් ලබා ගත හැකි සේවාවක් බවට ඌණනය කළ විට ලැබෙන උත්තරය දැන් සිංහල ලෙනින්ට ලැබී ඇත. ඇමරිකන් අධිරාජ්‍යවාදී සැකසුමට එරෙහිව වියට්කොංවරුන් 67 වර්ෂයේ දී Tate ප්‍රහාර සංවිධානය කරන ලද්දේ, පහර දිය යුතු නියම තැනට පහර දිය යුත්තේ තමා මිස කුලීකාරයන් නොවිය යුතු නිසා ය. 

දැන් අපට ලංකාවේ  මේ මොහොතේ ‘රාජ්‍ය සැකසුම’ ගැන කතා කිරීමට හැකි ය.

ඉන්දීය ඔත්තු සේවාවත්, ඇමරිකානු ඔත්තු සේවාවත්, ලංකාවේ පවතින චීන තානාපති කාර්යාලයත් රාජපක්ෂලාගේ ‘Outsource  න්‍යාය’ (මෝඩ සිංහලයන් මෙය දන්නේ පාවිච්චි කර ඉවත දැමීම කියා ය.) ගැන හොඳ වැටහීමක සිටින බව පෙනෙයි.

ලංකාවේ රාජ්‍ය සැකසුමේ අභ්‍යන්තර විකාශය ගැන ඉතා කෙටි සාරාංශයට අපි දැන් යමු.

                          පළමුවෙන්ම කිව යුත්තේ, 78 ව්‍යවස්ථාව මඟින් බිහි කරන ලද සංස්කෘතික යුද්ධය දැන් අවසන් වී ඇති බවයි. මධූෂ්ගේ හිස මගින් මූර්තිමත් වන්නේ, රාජපක්ෂලාගේ ආරම්භය වූ ප්‍රභාකරන්ගේ ‘හිස’යි. ‘සත්තාව’ ඇත්තේ ආත්මීයත්වය තුළ මිස ‘සත්තාව’ ඇත්තේ සිතීම තුළ ද? මා නොසිතන තැන ‘මා'[I] ඇත.

                            ලංකාවේ පන්ති අරගලයේ සංස්කෘතික ප්‍රකාශනය වූයේ, ගම-නගරය අතර විභේදනය යි. ලංකාවේ මේ මොහොතේ පවතින්නේ, මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක් නොවේ. නාගරික  නිර්ධනයන්ට 20 වැනි සියවසේ දී තම ශ්‍රමය විකිණීමට තේ, පොල්, රබර් ආර්ථිකයක් සහ ඒ ආශ්‍රිත කර්මාන්තශාලා පැවැතිණි. ලංකා සමසමාජ පක්ෂය යනු, මෙම කම්කරුවන්ගේ වෘත්තිය සමිති දේශපාලනය ‘පන්ති විඥාණයක්’ බවට පරිවර්තනය කිරීමට දරණ ලද අසාර්ථක ආකෘතියකි. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ යනු, මේ ක්‍රියාවම මීටත් වඩා අසාර්ථකව ඉටු කළ ව්‍යාපාරයකි. නිදහස් අධ්‍යාපනය සහ රජයේ රැකියා නොමැති වීම තුළ ග්‍රාමීය සමාජයේ පීඩිත ජන කොටස් කැරැල්ලක් ගැසූ අතර එහි ආකෘතිය වූයේ, ‘ජනතා විමුක්ති පෙරමුණයි’. උතුරේ දෙමළ ජාතික ව්‍යාපාරය යනු, දකුණේ පශ්චාත්-යටත්විජිත රාජ්‍යයෙන් ඉවත් වීමට දරණ ලද සන්නද්ධ උත්සාහයකි. මේ සියල්ල පන්ති අරගලයේ විවිධ සංස්කෘතික ප්‍රකාශ වීම්ය. දැන් මේ සියලු අරගල පරාජය වී ඇත. මේ කිසිවෙකුට ‘දෘෂ්ටිවාදය’ පිළිබඳ ලෙනින්වාදී න්‍යායක් තිබුණේ නැත. 

                            දැන් අපි දකින්නේ, පොලිස්කාරයන් විසින් නාගරික ලුම්පන් ජනයා Reality Show හරහා ඝාතනය කරන ආකාරය යි. මෙහි ඊළඟ පියවර වන්නේ, නාගරික ලුම්පන් ජනයා පොලිසීයට ප්‍රතිප්‍රහාර එල්ල කරන යුගය යි. තුන්වෙනුව ඇති වන්නේ, පොලිසීය සහ සංවිධානාත්මක අපරාධ අධිකරණයේ දී පමණක් බේරා ගන්නා අවධිය යි. ඇමරිකාව සහ යුරෝපයේ දී සිදු වී ඇත්තේ මේ තත්වය යි. නාගරික පීඩිතයන්ට රැකියා නැත්නම් රජයෙන් පිං පඩි කමින් සිටින පරපුටු පන්තිය අපරාධ සමඟ එකට ජීවත් වීමට පුරුදු විය යුතු ය. අපරාධකරුවන් අතර සංස්කෘතික වෙනසක් නැත. විශේෂඥ වෛද්‍යවරයා රජයේ වියදමින් පොල් කඩන අතර සංවිධානාත්මක අපරාධකරුවා දේශපාලකයන් සමඟ එකතු වී පොල් කඩයි. 

                         රාජ්‍ය සැකසුමේ ඊළඟ විකාශය මෙසේ වනු ඇත. සංස්කෘතික යුද්ධය ගමෙන් නගරයට විස්ථාපනය වනු ඇත. ගමේ මෙන් නොව පන්ති යුද්ධයේ දී ‘සංස්කෘතිය’ කිසිවෙකු ගණන් ගන්නේ නැත. අප මේ සාකච්ඡා කළේ, ‘රාජ්‍යයට’ අභ්‍යන්තරිකව සිදුවන විපර්යාසය යි. අධිරාජ්‍යවාදීන්ගේ දකුණු ආසියානු කලාපය තුළ සිදුවන පන්ති යුද්ධයේ දී ලංකාවේ ජාතික රාජ්‍යයට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව අපි ඊලඟට බලමු.

Deepthi Kumara Gunarathne

නිල නොවන – ඒ නයින් අවස්ථාවාදී නොවන සටහනක්

මාත් එක්ක දේශපාලනය සමීපව කරපු බහුතර දෙනා කරපු චෝදනාවක් තමයි ‘ඔබගේ සමහර වැඩ බොළඳයි’ කියන එක. නමුත්, ඉතාම බැරෑරුම් මුහුණුවරක් තියෙන විප්ලවවාදී මහත්වරුන්ට මගේ බොළඳ වැඩ වලින් ඉගෙන ගන්න තැනක් තියෙනවා. ‘ඩයනා ගමගේ’ සජිත් ප්‍රේමදාසව පාවාදීම හරහා මගේ බොළඳකම් වලින් කාටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් අවුස්සන්න එපා කියන තක්කඩින්ට කියන්න තියෙන්නේ, ඔන්න දැන් ඩයනා පුද්ගලික දේවල් පාර්ලිමේන්තුවටත් ගෙනල්ලා තියෙන්නේ කියලයි. දැන් JVP එක මෙහෙම කියන්න එපා. “අපිට නම් ඔය වගේ දේවල් අදාළ නැහැ”. කෙටියෙන් කියන්න තියෙන්නේ, ලැකාන් කියපු ආප්තයක් මතක් කරන එක විතරයි. ‘කෙනෙකුගේ ආශාව කියන්නේ වෙන කෙනෙකුගේ ආශාවට ආශා කිරීමයි’. ටිල්වින් ආශා කරපු ස්ත්‍රියව අයිති කරගන්න ගියාම අලුත් පක්ෂයක් සුළු ධනේශ්වරයට හැදෙනවා. කතාව නිමි.

                     අපි දැන් ඩයනාගේ කතාවට එමු. පසුගිය අවුරුද්දේ ජනාධිපතිවරණය වෙනකොට, ඩයනා කවුද කියලා හැමෝම දන්නවා. ඒත් දන්නේ නැහැ වගේ හිටියා.[Ideology] ශිරාලුත් මේක දන්නවා. නමුත් ඩයනා කවුද කියලා සජිත්ට වටහා දෙන Epistemology එකක් නැහැ. ජලනිට එනකොට එයාට තියෙන්නේ Ontology එකක් විතරයි. ආණ්ඩුකාරවරියක් ඇවිල්ලා ජලනිගේ අභ්‍යන්තර කවයට වැදුනම ඒ කවය Lesbian වුණා. ශිරාල්! ධනවාදයට සමාජ බන්ධනයක් නැහැ. ඒක හදන්නේ මේ යුගයේ ස්ත්‍රී ශරීරය යි. ඒ අර්ථයෙන්, ස්ත්‍රිය නැතිව මේ කාලයේ දේශපාලනය කරන්න බැහැ. මං මේ කියන බොළඳ කතා මේසයට ගන්නේ නැතිව රාජපක්ෂලාව පරද්දලා රාජ්‍ය බලය ගන්න බැහැ. ශිරාල්! , මේ ගනුදෙනුව පිටිපස්සේ ආර්ථික ප්‍රශ්නයකුත් තියෙනවා. ඔයා හොයලා බලන්න, ලංකා බැංකුවේ මිලියන 600ක් ණයට ගත්ත කෙනෙක් ඒක දැන් බොල් කරගෙන තියෙනවා. කවුද ඒ කියලා ඔයා හොයාගන්න. 

++++++++++++++++++++++++

DIANA Matter : Result of a Political Threesome

Facebook Note.

සජිත්ගේ ජනාධිපතිවරණයට පෙර වව්නියාවේ එජාප සංවිධායක ලෙස ඩයනා ගමගේ යවන්නේ රනිල් වික්‍රමසිංහය. හංසයාට වැඩ කරනවා කියා, ඩයනා වව්නියාවේ ගියත් එහෙදී කළේ ගෝඨාභයගේ කැම්පේන් එක. ඩයනා, පොහොට්ටුවෙන් වව්නියාවට ඡන්දය ඉල්ලන්න හිටියේ. අන්න එහෙම හිටපු ඩයනා දුරකතනයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු ආවා.

ඒ මෙහෙම; සජිත් පරාජය වූ පසුව, සජිත්ගේ කණ්ඩායමට දේශපලන පක්ෂය අවශ්‍ය වුණා. බැසිල් කණ්ඩායම ඉතා සුක්ෂම ලෙස ආර්ථික මන්ත්‍රීලා දෙන්නෙක් හරහා හරහා ඩයනාව සජිත්ට ළං කළා. ඇත්තටම ඩයනා සජිත්ට වඩා ළං වුණේ රංජිත් මද්දුම බණ්ඩාරට හා ලක්මන් ෆොන්සේකාටය.

සජිත් වෙනුවෙන් වැඩ කරන්නට ගොස් දේශපාලන ජීවිතයම නැති කර ගත් මෛත්‍රී ගුණරත්නගේ කෙසෙල් ඇවරිය පක්ෂය වෙනුවට ඩයනාගේ පක්ෂය ගත යුතු යැයි කීවේ ඉමිතියාස් බාකීර් මාකර් හා රංජිත් මද්දුම බණ්ඩාරය. මෛත්‍රීගේ පක්ෂය ගත්තොත් අපිට එජාප ඡන්ද නැතිවෙනවා සංකල්පය හැදුවේ ඉමිතියාස්.

සජිත්ට ඩයනාගේ පක්ෂය දුන්නාත්, එහි නූල් ටික තිබුණේ බැසිල්ගේ අතේ. දේශපාලන ගණිකාවට බොහෝ දේ කළ හැකිය. වෘත්තීය ගණිකාවට වගේම. කොදුරන එක බලවත්.

සජිත්, රංජිත්, ඉමිතියාස්, එරාන්, තිස්ස, ලක්මන් හා ජලනි කියන දුරකතනයේ තීරණ ගන්නා කමිටුව පක්ෂයට නීතිඥයෙකු අවශ්‍ය යැයි කියා ඩයනා ජාතික ලැයිස්තුවට දැම්මා. ඒ පක්ෂයේ අයිතිකාරයාත් නිසා. ඒ සජිත් නිසා දේශපාලන අනාථයින් බවට පත් වූ ශිරාල් හා ගුණරත්න වන්නිනායක කපා දමාය.

ගිය දවසේ සිට ඩයනා සජිත්-රංජිත්ට දුන්නේ ලණු. මාසයකට පෙර ඩයනා ආණ්ඩුවට යන බව බොහෝ දෙනා දැන සිටි නමුත්, ජලනි එය විශ්වාස කළේ නැත.

දැන් ඛෙදවාචකය පා මුලට පැමිණ ඇත. අදටත් සජිත්ගේ පක්ෂයට ව්‍යවස්ථාවක් නැත. පත්වී සිටින මන්ත්‍රීවරුන් පක්ෂ සාමාජිකයින් නොවේ. පක්ෂයේ තීරණ ගන්නා ආයතනයක් නැත.

20 න් වැඩිම විනාශය සිදු වී ඇත්තේ විමල්ට නොව සජිත්ටය. ඉදිරි සති දෙකත් සජිත් ප්‍රේමදාසට, රංජිත් මද්දුම බණ්ඩාරත් අරගෙන ම කැලේ පණින්න පුළුවන්. රංජිත්ටනම් ප්‍රත්‍යාවලෝකනයක්වත් ඉතුරු වෙයි. ඒත් සජිත්ට.

වලකට වැටීම මොලයට ලාභයකි. නමුත් නිතර නිතර වලවල්වල වැටීම, කොන්දට හොද මදිය.

ඔබේ අදහස කියන්න...