[dropcap color=”black”]ප[/dropcap]සුගිය දිනෙක ‘රාවය’ පුවත්පතේ අපූර්ව ප්‍රවෘත්තියක් පළ විය. එය ලියා තිබුනේ එක්ස් කණ්ඩායම තුළ කාලයක් සමීපව සිට පසුව ඊට විරුද්ධව තැන්තැන් වල කැත වැඩ සමූහයක් කළ ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මහතාය. ප්‍රවෘත්තිය අනුව ‘ස්වර්ණ පුස්තක ’   සම්මාන උළෙල ගැන විවේචනයක් ඔහු රාවයට එවන ලද අතර එය පළ නොකරීමේ උත්සහයක් ජනක ඉණිමංකඩ දරා ඇත. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියකි. මෙය කියන්නේ අප නොව ‘රාවය’ කතු මණ්ඩලයේ සාමාජික විමලනාත් වීරරත්න මහතාය. ඔහුට අනුව මෙය මෙසේ වන්නේ ප්‍රධාන කතුකම තවම ඇගට දැනී නැති පුද්ගලයෙකු නිසාය. ඔහුම කියන පරිදි ‘රාවය’ට මේ තරම් ගාමිණි වියන්ගොඩ මහතා උදව් කරන්නේ ප්‍රධාන කතුකම ලබා ගන්නටය. මෙය ඔහුට කියා ඇත්තේ කුසල් පෙරේරා මහතාය. ‘රාවය’ අප ගැන ආචාර්ධර්ම වලින් තොරව ප්‍රවෘත්ති පළ කරන නිසා එයට එකට එක කිරීමක් ලෙස මෙම ප්‍රවෘත්තිය අප පල කරන්නෙමු. කෙසේ වෙතත් අපගේ මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් සත්‍ය අතර එය බොරුවක් ලෙස හැකිනම් ප්‍රකාශ කරන ලෙස ‘රාවය’ට අපි අභියෝග කරන්නෙමු.

පහත පල වන්නේ ‘රාවය’ හී පල වූ අදාල ප්‍රවෘත්තියයි.

මෙවර පැවැත්වීමට නියමිත ස්වර්ණ පුස්තක උළෙල සම්බන්ධයෙන් පවතින උණුසුම වෙනදාට වඩා බෙහෙවින් වර්ධනය වී ඇත. සම්මාන ලැබිය යුත්තේ අහවලා නොව අහවලාය යන්න අපට ගැටලුවක් නොවේ. එහෙත් මේ වන විට ස්වර්ණ පුස්තක කමිටුවේ බලධාරීන් තම නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටින බව නොරහසකි. මෙම කෙටි සටහන තම නිලබලය සහ ධන බලය උපයෝගි කොට ගනිමින් ස්වර්ණ පුස්තකයේ සහ අදාළ කමිටු බලධාරීන්ගේ නිරුවත වසා ගැනිමට දැරු තැත හෙළිදරව් කිරීමකි.

පසුගිය 15 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් පිහිටි E ශාලාවේ දී අවසන් වටයට තෝරාගන්නා ලද කෘතීන් පහ නම් කෙරුණි. එහි දී මධ්‍ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පාදක මණ්ඩලයේ සාමාජික ප්‍රියාන් ආර්. විජය බණ්ඩාර යම් උණුසුම් අදහසක් සභා ගත කළේ ය. එහිම දිගුවක් වූ ලිපියක් පසුගිය 25 වන දින රාවය පුවත්පතේ පළ විය. එම ලිපිය පළ විමට පෙර එය වළක්වාලීම සඳහා අදාළකමිටු සාමාජිකයන් හෝ සාමාජිකයෙක් නින්දිත උත්සාහයක් දරා ඇත.

සිද්ධිය සැකෙවින් මෙසේ ය.

ප්‍රියාන් සිය අවංක සහ ඍජු අදහස සටහන් කළ ලිපිය රාවය වෙත යවා ඇත. කිසියම් අවශ්‍යතාවක් සඳහා රාවය පුවත්පත්කාර්යාලය වෙත ගිය ආර්යය වංශයට අයත් රණවිරුවකු වු ද, ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් ලෙ සැලකෙන පුද්ගලයකු අදාළ ලිපිය දැක තිබේ. එසැණින් භූමි තෙල් ගෑවුණ ගැරඬියකු සේ කල බල වු මෙම ආර්යය වංශිකයා මේ පිළිබඳ ව ස්වර්ණ පුස්තක කමිටු සාමාජිකයකු වන මංකඩක ඉණි සිටුවා ඇති පුද්ගලයා අමතා අදාළ ලිපිය පිළිබඳ දැනුම් දී ඇත. ඔහු ද එසැණින් දුම්මල වරම අතට ගෙන ප්‍රියාන් අමතා ඔහුට නොසෑහෙන සේ දෙහි කපා: ‘‘මම රාවය ගොඩ නැඟීමේ කමිටුවෙත් ඉන්නවා. ඒ නිසා මම ඔය ලිපිය දාන්න දෙන්නේ නැහැ’’ යනුවෙන් වහසි බස් දොඩවා වත්මන් රාවය කර්තෘ ජනරංජන මහතා හමු වී ඇත. ඒ හිස් අතින් නොව අඩ මිලියනයක් ද සමඟ ය. එහෙත් එකී මුදල් සම්භාරයට තම ප්‍රතිපත්ති පාවා නොදුන් ජනරංජන මහතා මංකඩක ඉණි සිටුවා ඇති පුද්ගලයාගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කොට ඇත. නමුදු වහාම කර්තෘ මණ්ඩලය රැස්කළ ජනරංජන මහතා මේ පිළිබදව සාකච්ඡා කොට ඇත. එදින නිවාඩු ගොස් සිටි සාහිත්‍යය අතිරේකයේ සංස්කාරක විමලනාත් වීරරත්න මහතා ද හදිසියේ ම නැවත කැඳවා ඇත. අරුමය නම් ඔහු ද මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා කෘති තේරීමේ පාදක මන්ඩලයේ සාමාජිකයකු වීම ය. එහෙයින් අභ්‍යන්තර අසුචි වළේ ගඳ ඔහු හොඳින් දනී.කර්තෘ මණ්ඩලයේ එකඟතාව මත ලිපිය පළකිරිමට තීරණය කළ ඔවුන් අඩ මිලියනය පසෙකට දමා තම පුවත්පත් කලාවේ අදීනත්වය ප්‍රදර්ශනය කළේ ය.

දැන් ගැටලුව ඇත්තේ මෙම සිදුවීමේ නොවේ.

ප්‍රියාන්ගේ ලිපිය පළ වීම වළක්වන්ට හේතු පාදක වන්නේ කුමන කරුණක්ද? එම ලිපිය පළ වීම වැළැක්වීම සඳහා මංකඩක ඉණි සිටුවා ඇති පුද්ගලයාට ඇති බලය කුමක් ද? වඩාත් බරපතල ගැටලුව නම් රාවය පුවත්පත වෙත භාර දීමට රැගෙන ගිය මුදල් කාගේ ද යන්න ය. මෙම මුදල අදාළ පුද්ගලයාගේ වීමට නොහැකි ය. ප්‍රියාන්ගේ ලිපිය පළ වීම වළක්වාලිමට ඔහු තම පුද්ගලික ගිණුමෙන් මෙතරම් මුදලක් වැය කිරිම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි. එසේ කරන්නේ නම් ඒ සඳහා සුවිශේෂ වු හේතුවක් තිබිය යුතු ය.

මෙහි දී පාඨකයන් වන අප ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් විමසා සිටින්නේ: මෙවන් සිදු වීමක් සංගමය දැන සිටියාද? දැන සිටියේ නම් එවන් වාතාවරණයක් ඇති වීමට හේතු කවරේ ද? ත්‍යාග මුදල හා සමාන ම මුදලක් ස්වර්ණ පුස්තකයේ නිරුවත වසා ගැනීමට යොදවන්නේ මන් ද සහ තවත් මෙබඳුම වු නිහීන කටයුතු වෙනුවෙන් සංගමයේ මුදල් කොපමණ වැය කරනවාද යන්නයි.

පාඨකයා

ඔබේ අදහස කියන්න...