[dropcap color=”black”]ප[/dropcap]හත ඔබ නරඔන වීඩියෝවට අනුව සූසන් නම් යුදෙව් ස්ත්‍රිය තමන්ට ලැකාන් සමග පැවති අත්දැකීමක් විස්තර කරනව.එම විස්තරයට අනුව දෙවන ලෝක යුද්ධය සමයේ ඇය කුඩා දැරියක්.

යුද්ධයට පසු දිගටම ඇය දකින සිහිනයක අන්තර්ගතය ඇය ලැකාන්ට කියනව. එය මෙසේය. සෑම දිනකම හිමිදිරි පාන්දර පහට ඇයව ඇහැරෙනව ඇය දකිනව. ඒ මොකද? යුද්ධය පැවති කාලයේ ගෙස්ටාපෝව ( ජර්මානු රහස් පොලීසිය) විසින් යුදෙව්වන්ව පැහැර ගැනීම සදහා යොදා ගන්නේ මේ වෙලාව.උදේ පහ.

මේ කතාව අහපු ගමන් ලැකාන් තම පුටුවෙන් නැගිටල ගිහිල්ල සූසන් ගේ කම්මුල අත ගානව. ඒක අංගහාරයක් ( Gesture-චේතනාවක් දැන්වීමට කරන ක්‍රියාවක්). Gestapo වෙනුවට Gesture මනුෂ්‍යත්වය වෙනුවෙන් ලැකාන්ට කළ හැක්කේ එපමණයි. සිදුවූ මහා අපරාධය දැන් සිදු වී අවසනායි. අපට කළ හැක්කේ ඔවුන් ගේ කම්මුල අතගා කරුණාව ප්‍රකාශ කිරීම පමණයි!

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඕ හෝ..එහෙනං අපේ මහින්ද මාම චූටි දරුවන්ගේ නාහෙ අතගාන එකේ ලොකු වැරැද්දක් නැහැ.

Comments are closed.