ලිබරල් වාදය

රාජ්‍යෙයන් මිනිසා පාලනය වීම නොඉවසන චින්තනය

නව-ලිබරල්වාදය

වෙළෙද පොළ මගින් මිනිසාට යෝජනා කරන හර පද්ධතිය සතුට ලෙස බාර ගැනීම

ලිබරල් වාදය නව-ලිබරල් වාදය-වෙනස

සමාජය සතු ධනය ලිබරල්වාදය පොදු යහපත සදහා යෝජනා කරන මුත් නව-ලිබරල්වාදය යෝජනා කරන්නේ සමාජය සතු ධනය නිශ්ඨාවට පත්විය යුත්තේ පවුලෙන් බවයි.

රනිල් නව-ලිබරල්වාදියෙක් ද?

පැහැදිලිවම නැත. ඔහු යටත් විජිත සමයේ සිට පැවතගෙන එන රාජ්‍යයට සම්බන්ධ සේවා සපයන පවුලක සාමාජිකයෙකි. ඔහු දේශපාලනිකව ප්‍රජාතන්ත්‍රවාදී වන අතර සමජයීය වශයෙන් සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකි. දෘෂ්ටිවාදය කොම්පදෝරු පුද්ගලවාදයයි.

සමාජවාදය

රාජ්‍ය මගින් සමාජයට අවශ්‍ය තීන්දු තීරණ සංවිධිතව සැළැස්මකට අනුව ඉටු කිරීම. එහිදී මිනිසාගේ ආශාව මිය ගොස් සතුන් ගේ ආශාව මගින් එය ආදේශ වෙයි.

ධනවාදය

කොමියුනිස්ට් වාදය තම අනාගතය යැයි සිතා වර්ථමානයේ දී විප්ලවවාදීව ක්‍රියා කිරීම. මෙහිදී මිනිස් ආශාව අතෘප්තිමත් වේ. එබැවින් නොසතුට ධනවාදයේ දෘෂ්ටියයි.

 

ඉතිහාසය අවසන් වීම සහ පශ්චාත්-ඉතිහාසය යනු සංකල්ප දෙකකි. පළමුවැන්න අවධාරණය  කළේ ෆැන්සිස් ෆුකුයාමාය. දෙවැන්න අවධාරණය කළේ ඇලෙක්සෙන්ඩර් කොජෙව්ය.

ඇමරිකාව යනු මෙම තර්කනයට අනුව මිනිස් ආශාව මිය ගිය සත්ව ආශාව තහවුරු වූ සමාජයකි.

පසුගිය ඔක්තෝබර් මස විසි වන දින කොළඹ නව නගර ශාලාවේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන්නට යෙදුන වමේ පියවර සම්මණ්ත්‍රනයේ දී එම පක්ෂයේ දුමින්ද නාගමුව සහ පුබුදු ජයගොඩ සහෝදරයන් විසින් කීවේ මොනවා ද?

බහුභූත ද? විකාර ද? මනස්ගාත ද?

 

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. වමක් ලංකාවේ නැතිවෙනකොට වමක් කියන්න පුළුවන් එකක්වත් තියෙන්න ඕන වම්මු හැමෝම කැමති තමන් පොරවෙන්න එක වම්මුන්ගේ උපන්ගෙයි දෝෂයක් දීප්තිලා එක්ක එකතුවෙන්න ඒ වම්මු කැමති නැහැ දීප්ති කියන වමා ඒගොල්ලත් එක්ක එකතුවෙන්න කැමති නැහැ ජ්ව්පී එක මොඩකන් කරනවා එතකොට අපි කාත් එක්කද එකතුවෙන්නේ වම්මු ඇයි දනවාදයට danavadaye ඒජන්තයින්ට නොගහ වම්මු වම්මු කලගන්නේ කොයි වමද රියල් එක කොහොමද තේරුම්ගන්න මමත් වමෙක් අඩු පාඩු එක්ක මම කැමති ඔක්කොම වම්මු එකත්වෙලා දනවාදයට කෙලින හැටි බලන්න මම දීප්තිලගේ සම්මන්තන වලටත් එනවා පෙරටුගාමී එකටත් යනවා ජේවීපී එකට යන්නේ නැහැ …..මන වමද හරි යකෝ………

Comments are closed.