Peter Pan image

මිනිසා සතුව ඇති මූලික ‘නොදැනුමක්’ වේ නම් එය ඔහුගෙ ලිංගිකත්වය පිළිබඳව වූ නොදැනුම වේ. මෙම නොදැනුම ඔහුටම ආවේණික වූ සහජාසයකි. ස්වභාවධර්මය ලිංගික අර්ථයෙන් නොසිතන බැවින් ලිංගිකව සිටීම යන්න එයට අර්ථ විරහිත මුත් මිනිසා සමජාතීය හෝ විෂම ජාතීය ලිංගිකයන් සමඟ සන්නිවේදනය කරන බැවින් ඔහුට තමා කතා කරන දෙය සඳහා ඒ වෙනුවෙන් වූ ලිංගික අර්ථයන් ඇත. නමුත් මිනිසා ලිංගිකත්වය යනු කුමක්දැයි මූලික වශයෙන්ම නොදනී. එසේම සතුන් එය නොදන්නා බවවත් නොදනී. ලිංගිකත්වයේ ප්රො බ්ලමැතිකය සතුන්ද නොදන්නේ ප්‍රොබ්ලමැතිකය යනු කුමක් දැයි ඔවුන් නොදන්නා නිසා යැයි පවසන ඇලෙන්කා සුපැන්ජිත් මිනිසා ලිංගිකත්වය යනු ප්‍රොබ්ලමැතිකයක් බව පමණක් දන්නා බව පවසයි. මෙම නොදැනුමෙන් ඔහුට කිසිදා ගැලවීමක් නැති අතර තමන් නොදන්නා බව පමණක් දැනීම නිසා ලිංගිකත්වය සම්බන්ධ මිනිස් ඥානය සෑම විටම නොහැකියාවේ සත්භාවී නිශේධනය සමඟ රෙජිස්තර ගතව ඇති බව සුපැන්ජිත් පෙන්වා දෙයි. මෙම නිශේධනය වෙනුවෙන් කේවල ආකෘතියක් ලෙස ‘අවිඥානය’ රෙජිස්තරගත කළ ෆ්‍රොයිඞ් යනු මිනිස් ඉතිහාසයේ වඩාත්ම වැදගත් මැදිහත්කරුවා වන්නේ ඒ අයුරිනි. නිශේදනය (ශුන්යය බව, නොහැකියාව, නොදන්නා බව) යන්න මිනිස් ආත්මයේ මුල ලෙස ගණන් තැබුවහොත් මිනිස් විෂය ආත්මීය අර්ථයෙන් මුලින්ම සොයාගන්නේ ෆ්රොයයිඩ් විසිනි.

Jeff Koons

 

අපි නොදන්නා ලිංගිකත්වය යනු මේ අනුව අවිඥානයේ රෙජිස්තරයයි. අප නොදන්නවා යැයි සිතා සිටි දෙයක් (පූර්ණ නිශේධනයක්) ෆ්‍රොයිඞ් විසින් ‘නොදන්නවා’ යන්න වෙනුවට ‘අවිඥානය’ යනුවෙන් එය වෙනස් කිරීම ඔස්සේ මිනිසාට අවිඥානය ධනාත්මක (ප‍්‍රතිශේධතාත්මක) දෙයක් බවට පත් විය. දැන් අපට දැනගත හැකි වුවද නොවුවද අවිඥානය යනු දැන් යම් – දෙයකි (Some – thing) එනම් අපි දැන් යම් දෙයක්’ ගැන අවිඥානික වෙමු. යම් දෙයක් ගැන නොදන්නා බව දනිමු. නොදන්නා සංකේතනයට නොනැඟී යථාව සහ සංකේත නය (වචනය) අතර දැන් අප ස්ථානගතව සිටිමු. අවිඥානිකය පිළිබඳ දැනුම යනු මේ අනුව නොදැනුම පිළිබඳ අපගේ දැනුමයි. ඥාන විභාගයේ අර්ථයෙන් ‘ලිංගික සම්බන්ධතා නොපවතී’ යනු ඉහත ලිංගිකත්වය පිළිබඳව මිනිසා තුළ ඇති සත්භාවී නිශේධනය වෙනත් ආකාරයකට ප‍්‍රකාශ කිරීමකි. නොදැනුම දැනුමක් බවට පත්කිරීමට මිනිසා ආශා කරන බැවින් අපගේ ලේාකයේ සමකාලීන සන්දර්භය තුළ ලිංගිකත්වයට මෙතරම් වැදගත් කමක් ලැබී ඇත්තේ මන්දැයි බවට දැන් පැහැදිලි යැයි සිතමු. ලිංගිකත්වය ඉස්මතු නොකරන සාහිත්‍ය කෘතියක් මේ දිනවල සෙවීම නොමල ගෙයකින් අබ අහුරක් සොයන්නක් මෙනි. වික්ටෝරියානු සාහිත්‍යය තුළ මේ අනුව ලිංගිකත්වය වාරණය වන්නේ ලිංගිකත්වයේ හැඟවුම්කරණය ලෙස නොව එවන් හැඟවුම්කරණයක් නොපවතින බවට වන ‘දැනුම’ බව සුපැන්ජිත් පෙන්වා දෙයි. එනම් තහනම යනු නොපතින බවේ හැඟවුමයි. වික්ටෝරියානු සදාචාරය ප්රුශ්න කරන නවකතා කරුවන්  මේ ගැන දැනුවත් වීම වැදගත් යැයි හඟිමි.

විසි වන සියවසේ අද්විතීය භෞතික විද්‍යාඥයෙක් හා අජටාකාශ විද්‍යාඥයෙක් වූ ස්ටීවන් හෝකින්ස්ගේ ජීවිත කතාව පදනම් කර ගනිමින් 2014 වර්ෂයේ තිරගත වූ The Theory OF Everhting නම් අතිශයින්ම ජනප‍්‍රිය චිත‍්‍රපටය තුළ හමු වන යම් සිදුවීමක් අර්ථකතනය කර ගැනීම පිණිස අපට ඉහත පූර්විකාව කොතරම් අනුබලයක් සපයන්නේ දැයි අප මෙතැන් සිට විමසා බලමු. ස්නායු සම්බන්ධ රෝගයක් නිසා ඔහුගේ ශරීරයේ මාංශ පේෂීන් කි‍්‍රයාත්මක නොවන නමුත් ඔහුගේ මනස ඉතා විශිෂ්ට ලෙස කි‍්‍රයාකරයි. වෛද විද්යාමවට අනුව ඔහුට ජිවත් විය හැක්කේ තව අවුරුදු දෙකක් බව දැනුම් දෙයි. දැවැන්ත න්යා යක්-THEORY- සොයාගැනීමේ මුවවිට සිටි ඔහුගේ පෙරළා ප්රතශනය වුවේ තම මනස කොතරම් කල් ජිවත් වේවිද යන්නය. එතැනදී ඔහු ශරීරය ගැන අමතක කරයි. එනයින් ඔහුගේ ශරීර බරෙන් මනස නිදහස් කරයි  (පරිකල්පනීය තලයක පමණි) ලිංගිකත්වයේ ශරීර අන්තර්ගතය වෙනුවට ඔහුට ඇත්තේ ෆැන්ටසි තත්ත්වයක් පමණක් වන අතර චිත‍්‍රපටයට අනුව ඔහුගේ අතිරික්ත ප‍්‍රමෝදය සඳහා ඔහුට නැරඹිය හැක්කේ ”පෙන්ත්- හවුස්” හෝ ”හස්ලර්” වැනි මෘදු කාමෝද්දීපන සඟරාවක්  සඟරාවක් පමණි. තමන්ගේ ප‍්‍රථම බිරිඳ සමඟ ඔහු මෙම අතිරික්තය දෙසට ගමන් නොකරන නමුත් ඉන් පසුව ඔහුගේ ශාරීරික ආබාධ තත්ත්වය නිසා ඔහුව බලාගැනීමට එන එලීන් එම නැරඹුම් ආශය හඳුනා ගනිමින් ඒ සඳහා ඉඩ කඩ ලබා දේ. සහජාසය (නොදැනුම) දෙසට ඔහුව දෛර්යමත් කරයි. මහාචාර්ය හෝකින්ස් හට අන් සියලූ දේ අකර්මණ්‍ය වෙමින් ජීවිත බලාපොරොත්තු අත්හැරීමට සිදු වන තත්ත්වයක් යටතේ පවා  ඔහුට අනාගතය වෙනුවෙන් ජීවත් වීමේ බලාපොරොත්තුව රැුගෙන එන්නේ එවන් ලිංගික සඟරාවක ඇති අඩ නිරුවත් කාන්තා රූපයක් විසිනි. චිත‍්‍රපටයේ සමස්ත තේමාව වන ‘මිනිස් බලාපොරොත්තුව’ තුළ ඇති අපූර්ව සහ අනුවේදනීය බව එම කුඩා අශ්ලීල බව විසින් මොනවට පැහැදිලි කරයි. ස්ත‍්‍රී රුව මේ අර්ථයෙන් ගත් කල ඉන්ද්‍රජාලික සහ විස්මයජනක දෙයකි. ‘ලිංගික සම්බන්ධතා නොමැති’ නිශේධනාත්මක සත්භාවයක් තුළ ඔහුව ජිවත් කරවන සහජාසය :නොදැනුම බවට පත්වන්නේ ඔහුගේ පැත්තෙන් ගත් විට ස්ත‍්‍රී නිරුවත් ඡායාරූපයකිනි.

බයිබලයට අනුව යහපත සහ නපුර පිළිබද ප්රවඥාවේ වෘක්ෂයේ (බුද්ධියේ වෘක්ෂය) ගෙඩි අනුභව කළ පසු ආදම් සහ ඒව දෙදෙනාට ලැබුණු දැනුම කුමක්ද? සුපැන්ජිත්ට අනුව එම දැනුමේ හැඟවුම නම් දෙදෙනාම නිරුවතින් සිටින බවට ඔවුන් හඳුනාගත් දර්ශනයයි. දැනුමේ බලපෑම ලජ්ජාව ලෙස අප හඳුනා ගතහොත් එය සත්භාවී තත්ත්වයකි. ඒ ඔස්සේ අපගේ දැනුම ව්‍යුහගත කරයි. (නිරුවත් ශරීරය වසා ගැනීමට අප උත්සාහ කිරීම එම දැනුමේ බලපෑමයි.) මේ අනුව ලිංගිකත්වය සහ සත්භාවය අතර සම්බන්ධයක් සුපැන්ජිත් හඳුනා ගන්නා අතර හෝකින්ස් එම නිරුවත් සඟරා එලින් විසින් පෙන්වන විට ඔහුගේ මුහුණේ ඇඳෙන ලැජ්ජාශීලී බව විසින් හැඟවුම්කරණය කරන්නේ ඔහුගේ අවිඥානයේ හිඩැසයි. ඔහුගේ නොදැනුමයි. විශ්වයේ කළු කුහරය සහ කාලය පිළිබඳව ශුද්ධ න්‍යායන් හඳුන්වා දෙන ඔහුට නොතේරෙන ඔහුගේම ආත්මයේ කළු කුහරයයි. දෙවියන්ගේ නියමයට ඔහු අවනත නොවන නිමේෂයයි. දැනුමට ළඟා විය නොහැකි, තර්කයට සහ වියුක්ත ගණිතයට පැහැදිලි කළ නොහැකි හැඟවුමට ළඟා විය නොහැකි ස්ථානයයි. බයිබලයේම අර්ථයෙන් කිවහොත් ප‍්‍රාකෘත පාපයයි (Original Sin)

එසේ නම් ලිංගික සම්බන්ධතාවයක දී සිදු වන්නේ කුමක්ද? අනෙකාගේ ශරීරය විනිවිදීම හරහා අප අත්පත් කර ගැනීමට උත්සාහ කරන්නේ ඉහත මිනිස් සත්භාවයේ හිදැසයි. ‘අනෙකා පිළිබඳ බයිබලයට අනුව වන දැනුම’ අප අනෙකාගේ ශරීරය හරහා සොයමින් සිටිමු. එනම් අපගේ ඥාන විභාගයේ නිශේධනාත්මක සත්භාවයේ අවිඥානික රෙජිස්තරය අප අනෙකාගේ ශරිරය හරහා සොයා යමින් සිටිමු. අනෙකා හමුවීම යනු මේ අනුව ආගමික දෙයකි. අනෙකා පිළිබඳ අපට ‘නැති දැනුම’ යනු අනෙකාගේ නිරුවත් ශරීරය ඉදිරියේ අපට දැනෙන ලජ්ජාවේ හැඟවුම විසින් ගෙන එන ලිංගික සම්බන්ධතාවයේ අසමත් බව පිළිබඳ දැනුමයි. එසේනම් ලිංගිකත්වය ෆැන්ටසියකට ඌණනය කරන්නේ නම් එවිට එම ෆැන්ටසිය යථාර්ථයක් බවට පත් කරනු පිණිස (ෆැන්ටසියෙන් ගැලවෙනු පිණිස) අනෙකාගේ ශරීරයේ ‘අතන මෙතන මිරිකීම’ (සුපැන්ජිත් පාවිච්චි කරන යෙදුමයි) සාධාරණීකරණය කිරීමට සිදුවේ. චිත‍්‍රපටය තුළ මහාචාර්ය හෝකින්ස් තම මුල් බිරිඳගේ සිට දෙවැනි ස්ත‍්‍රියට ගමන් ගන්නා මාර්ගය වැටී ඇත්තේ ෆැන්ටසියක් මත වීම හේතුවෙන්  චිත‍්‍රපටකරු අප වෙත ගෙන එන ඔහුගේ බලාපොරොත්තුව පිළිබඳ හැඟවුම ඉහත නිශේධනයේ හිදැස සමඟ සම්බන්ධ වනු අපට දැක ගත හැකිය.

කෙසේ වුවද හෝකින්ස්ගේ ආත්මයේ ප‍්‍රබලතාවය නොහොත් විශ්වය අර්ථකතනය කිරීමට ඔහු තුළ ඇති නොතින් ආශාව මෙන්ම (යථාව සංකේතනය කිරීම) ඔහුගේ ආත්මයේ නොපැහැදිලි – අනතුරුදායක (vulnerable) අඩංගුව (සංකේතනය කළ නොහැකි දෙය) යන දයලෙක්තික අන්ත දෙකම චිත‍්‍රපටකරු අප වෙත සාර්ථකව රැුගෙන එයි. ඔහු ජිවත් කරවන ඔහුගේම නොදැනුම පිළබදව ඔහු ලජ්ජා නොවී එය අප වෙත අවංකව ප්රමික්ෂේපනය කරයි. තම කීර්තිමත් බුද්ධිමය ජීවිතය මෙන්ම තම අනතුරුදායක ජීවන ගැටලූව සාන්දෘෂ්ටික අර්ථයකින් නිරූපණය කිරීමට සහ එය ලොවට එළිදරව් කිරීමට ඔහු තුළ ඇති නිර්භීත බවට ද අපගේ ප්රපශංසාව හිමි විය යුතුය. මෙම තත්වය හරියටම ඔහු සමීකරණ ලියන කේම්බ්රිාජ් විශ්ව විද්යා්ලයේ කළු ලෑල්ල ට සමානය. කළු පාට යනු විශ්වයේ පතුලක් නැති සංකේතයට නොනැගු අඳුරු පැවැත්ම වේ. සුදුපාට රටහුණු ඉල්ලකම් යනු සංකේතනයට මේ වනවිට නඟා ඇති කොටසයි. දෙකම පවතින්නේ එකටය.

සියල්ලම පැහැදිලි කළහැකි එක් න්‍යායක් (ToE = A theory OF everything) සෙවූ ඔහුට පැහැදිලි කල නොහැකි දෙය ඔහුගේම ආත්මයේ නොදනුමද? කෙසේවුවද ඔහුගේ නියමයන් තවමත් විශ්වාසයන් පමණය. ඒවා ඔප්පු වී නැති හෙයින් ඔහුට තවමත් නොබෙල් ත්යා ගය හිමි නැත. ඔහු තවමත් පොරොත්තු වන්නේ නිශේදනය තුළය. කොතරම් දුෂ්කර තත්ත්වයකදී වුව ද බලාපොරොත්තුව අත්නොහැරීම සහ තමා විශ්වාස කරන පරමාදර්ශයක් තුළ පොරොත්තු වීම ද ඔහු විසින් මානව සංහතියට කරන ලද දායාදයන් වේ.  ශරීරය අකර්මණ්‍ය වීම ඔස්සේ අතුරුදන් වී යන ලිංගික සම්බන්ධය යනු අප ඉහත දැක් වූ සත්භාවයේ නිශේධනය ද අතුරුදන්ව යාමකි. නමුත් ඔහුගේ පැත්තෙන් අතුරුදන්ව යන ලිංගික නො – සම්බන්ධය විසින් ඔහුගේ ආශා පේ‍්‍රරණය තව තවත් තී‍්‍රව‍්‍ර වෙනු අපට දැකිය හැකියි. තව තවත් ඔහු නිරුවත් ස්ත‍්‍රී සිරුර හඹායයි. ස්ත‍්‍රියගේ පාර්ශ්වීය වස්තු සොයායයි. ඉහත නිශේධනය විසින් ඔහුට දැනුම් දෙන්නේ තව තවත් පාර්ශ්වීය තෘප්තීන් තිබිය හැකි බවයි. ‘මීට වඩා හොඳ දෙයක්’ තිබිය හැකි බවයි. නමුත් සුපැන්ජිත්ගේ අදහස නම් පේ‍්‍රරණය-DRIVE- විසින් අපට ගෙන එන පූර්ණ ධනාත්මක බව සහ අපේක්ෂිත තෘප්තිය යනු ප‍්‍රභේදයන් දෙකක් විය හැකි බවත් මේ දෙක අතර සම්බන්ධයක් දැකීම යම් විනාශකාරී ප‍්‍රතිඵළ ඇති කළ හැකි බවත්ය. එනයින් තෘප්තියේ අසමත් බව විසින් අපට කරන අනර්ථය නම් නැවතත් අපව ෆැන්ටසියක් තුළට ගාල් කිරීමය.

මහේෂ් හපුගොඩ

ඔබේ අදහස කියන්න...