[dropcap color=”black”]ලං[/dropcap]කාවේ අලුත් දේශපාලන පරම්පාරවක් ඉන්නව ‘වම ‘ (left) කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැති අපි ‘වම ‘ කියන්නේ කුමක්ද කියල බලමු.

ඉතිහාස කතාවට අනුව වම කියන්නේ  ‘හේගල්ගේ දර්ශනය ‘ විවේචනය කරපු සහ ඊට එකග වෙච්ච අය අතර විවාදයෙන් බිහිවුණු වචනයක්. මොකද ඒ යුගයේ  ‘රාජයේ ‘ මතවාදය වුනේ හේගල්ගේ දර්ශනය වටහා ගත් අය මගින් ‘වම ‘ නිරූපණය වුනා. අනෙක් අය ‘දකුණ ‘ වුණා. ඉන් අදහස් වුනේ බහුතරයක් අය කරන වැඩ අනුගමනය කිරීම සහ ඊට විරුද්ධව විකල්ප යෝජනා කරපු අය. සරල උදාහරණයකින් කියනව නම් හැමෝම බත් කන්නෙ දකුණෙන්. වමත පාවිච්චි කරන අය හරි අඩුයි. ‘දේශපාලනය ‘ අලුත් විදිහකට හිතන අය ‘වම ‘ ගතානුගතික විදිහට හිතන අය දකුණ.

ලංකාවට අදාලව ‘වම ‘ කියන සංකල්පයට අර්ථ 3ක් තියෙනව.

01-වෙනස් කිරීම පිළිබද අදහස-මින් අදහස් කරන්නේ සමාජයේ වෙනසක් කිරීම මූලික කොටගත් අය යන අර්ථයයි.

02-මේ වෙනස් කරන ක්‍රමය මාක්ස්වාදී දර්ශනය මූලික කොටගෙන කිරීම. මන්දයත් ධනවාදය පිළබද විද්‍යාව මාක්ස්වාදය නිසා. ලාභයක් මුල් කරන ඕනෑම නිෂ්පාදනයක් කරන මාදිලිය යනු ධනවාදයයි.

03-පුද්ගලික දේපොල පිළබද විවේචනය. මෙහිදී සලකා බැලෙන්නේ මහජනයාගේ දේපොල සබදතා වෙනස් කිරීමෙන් සමාජය වෙනස් කිරීමයි. එසේ නැතිව මහජනයාට ඔහේ ප්‍රකාශ වන්නට ඉඩදීම නොවේ. එය ෆැසිස්ටිවාදයයි.

ඔබේ අදහස කියන්න...