අන්තර්ගතය, අරමුණ සහ අපේක්ෂිත ෆැන්ටසිය යන සාධක සැලකූ විට 2004 වර්ෂයේ අගදී X කණ්ඩායමේ දී සිදු වූ ව්‍යුහාත්මක පෙරළිය සහ 2014 දී මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ සිදු වූ පෙරළිය ඉතාම සාම්‍යය. එම සාම්‍යෙයන් පහත පරිදි සාරාංශගත කළ හැක.

01-   දෘෂ්‍යමාණයේ පිරිමින් සිටියත් අදෘශ්‍යමාණ කේන්ද්‍රය ස්ත්‍රියකි.

02-   ව්‍යුහයේ කේන්ද්‍රය බාහිර සතුරෙකුට විරුද්ධව ක්‍රියා කිරීමට උත්සහ දරද්දී ක්ෂණිකව සහ අවසන් මොහොතේ අභ්‍යන්තර,අතිශය සමීප සගයෙකු අභ්‍යන්තර සතුරෙකු ( කාන්ටියානු නිෂ්ප්‍රපංච ලක්ෂණ සහිතව) ලෙස හමුවීම.

03-   රැඩිකල් බාහිරත්වය සමග (එනම් එක්සත් ජාතික පක්ෂය) සම්මුඛ වූයේ ව්‍යුහයේ කේන්ද්‍රය නොව ව්‍යුහයේ රැඩිකල් සංයුතියයි.

04-   අලුත් ලෝකයක් තැනීමට සපථ කළ සියළු දෙනාට දැන් පැරණි ලෝකයක් සහ පැරණි බල සබදතා යළි හමු වී ඇත.

 

2005 වර්ෂයේ ජේ.ආර් කේන්ද්‍රෙය් දී පැවති ප්‍රති-X දේශපාලන ප්‍රථම රැස්වීමේ දී ධම්ම දිසානායක මහතා කියා සිටියේ X කණ්ඩායම යනු සිරගෙයක් බවයි. දැන් එතුමන්ට ඒ ගැන කියන්නට ඇත්තේ කුමක් ද? ගැලවුම්කරුවා කවුද? ක්‍රියාමාර්ග මොනවාද?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. නීතිය කෙරෙහි වන ප්‍රේමය පියා කෙරෙහි ඇති කැමැත්තයි. නීතියට ගරු නොකරන මහින්ද රාජපක්ෂ වැනි අහිමි වූ ළමාවියක් ඇති දැඩි බියකින් යුක්ත පිරිමින් ළග දැවටී සැප සොයන ස්ත්‍රියක් ලෙස සල්ලි සෙවීමට ධම්මට සිදු වීම ගූ කෑමට සිදුවූවා වැනි අජූත කමකි. ඉදිරියේදී බල්ලා මැරෙනු ඇත. ධම්මට එම කම්පනය දරාගත නොහැකිව පිස්සු හැදී ගම්පහ බණ්ඩාරණායක සමරුව අසලට වී අර පනස් හයේ කතාව මැතිරීමට සිදුවනු ඇත. එවිට අපට කල හැක්කේ ඔහුව අංගොඩට පැටවීම ම පමණි. මට නං හිතෙන්නේ දැනටමත් මූට හොදටම පිස්සු.

Comments are closed.