[dropcap color=”red”]පා[/dropcap]සල් යන කාලයේ පාසල් නොගොස් කට්ටි පනිමින් සිට වැඩිහිටි වූවාට පසු යළිත් පාසල් යන්නන් ලංකාවේ බහුලය. මේ අයට ඩෙස් බංකු සහ පුටු පෙන්වන්නට බැරිය. නාන කාමරයකදී පවා සමහරු කියවන්නට උත්සහ කරයි. රමණය කරන විට කියවීම සමහර නියුරෝසිකයන් ගේ ජන්ම පුරුද්දකි.

දැන් මේ වන විට මෙම කියවීමේ රෝගය වාමාංශිකයන්ට ද බෝ වී ඇත. ඔවුන් දිගට හරහට කියවමින් සිටිති. කුමාරෝදය පවා ඔවුන් ගැඹුරින් හදාරති. සුමිත් චාමින්ද 2005 වසරේ දී පැවසුවේ පාසල් නොගිය අය ටියුෂන් පන්තියකට හෝ යා යුතු බවයි. ලෙනින් ද හදාරන්න! හදාරන්න! හදාරන්න! කියා ඇති විට වාමාංශිකයන් ගේ මෙම හැදෑරීම කොතැනින් නතර වේදැයි කීමට මෙය සුදුසු වේලාව නොවේ.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. කුමන දෙයක් වුනත් හැදෑරීම නම් වඩාත් අගනේය. නමුත් හැදෑරීම යනු එක් අයකුගේ හෝ එක් කුලයක මතය පමණක් කියවීම සහ ඇදහීම නොවේ. පොලව මත දේශපාලනය කරන පුද්ගලයා බොහෝ අයගේ අදහස් යෝජනා කියවා බලා ඒවා මනසින් විමසා වඩාත් සාධාරන විසඳුම ඇති කිරීමට උත්සාහ කල යුතුය. නමුත් මනෝරාජික දේශපාලනය තුල නම් එක් අයකු හෝ කන්ඩායමක අදහස් ධාරාවට සියලු සිද්ධින් සමපාත කිරිම වඩාත් වාසිදායක වෙයි.

Comments are closed.