[dropcap color=”green”]මේ[/dropcap] කාලයේ නත්තල් නිවාඩු කාලය බැවින් අන්තර්ජාලය හරිම සන්සුන්ය. අන්තර්ජාලයේ වර්චුවල් අවකාශයේ විප්ලවවාදීන් වන්නට පෙරුම් පුරන අය මේ දවස් වල ගමේ ගොස් ඇති නිසා ෆේස්බුක් එක හරිම පාලුය. ඒ නිසා මහා දේශපාලන සංවාද ගැන කතා කරන අය මේ දවස් වල කරටි කැඩෙන්නට ගසනවා විණා අන්තර්ජාල ගත වන්නේ නැත. බොහෝ අය ආයතන වල කම්පියුටර් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වන නිසා මේ තත්ත්වය සාධාරණය.

මේ අතර නතල් නිවාඩුව ලංකාවට එන මහා බුද්ධිමතුන් පිරිසක් ද සිටියි. මේ අය අතර ප්‍රධාන වන්නේ චන්ද්‍රරත්න බණ්ඩාර,ඌ චේරන්,රාජන් හූල්,දයාපාල තිරාණගම,දයාන් ජයතිලක,තිසරණී ගුණසේකර,මහාචාර්ය විමල් දිසානාක වැනි අයය. මේ අය සාමූහිකව කියන ප්‍රධාන කාරණාවක් වන්නේ ලංකාවේ බුද්ධිමය සම්ප්‍රදාය අවසන් වී ඇති බවයි. නව සංකල්ප හෝ දේශපාලන දර්ශණය පිළිබදව දැන් ලංකාවේ කතා කරන්නට කිසිවකුත් නැති බව මේ අය මාගල් වැනි ලිපි ලියමින් කියයි. මේ ලිපි පළ කරන්නේ රාවය පත්තරේය. රාවය පත්තරේ තොත්ත බබාලා මේ ගැන කිසිවක් කියන්නේ නැතිව මේ මාගල් පළ කරයි.

මේ ආකාරයෙන් මේ වන විටත් ලංකාවේ පාපාකාරි සමාජයක් ඇති බව කියන චන්ද්‍රරත්න බණ්ඩාර වැනි අය අමතක කරන්නේ රූපවාහිනි සංස්ථාවේ පාපකාරී ඉහළ තනතුරක් තමන් දැරූ බවයි. රාවයේ පෙර පාසල් බබාලා හිතා මතා අපේ දේශපාලන සහ බුද්ධිමය මැදිහත් වීම විග්‍රාමික විශ්‍රාමිකයන් මාර්ගයෙන් අමතක කරන්නට හැදුවත් අප විසින් මේ රටේ දේශපාලනය,කලාව සහ දර්ශණය සහ අනෙකුත් සියළුම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කළ මැදිහත් වීම නොවන්නට බොහෝ දෑ මේ අකාරයෙන් වෙනස් වන්නට නියමිත නොවීය.

මේ අන්ත තක්කඩි සහ රාවය මොන්ටසෝරි බබාලා අපව මගහැර යමින් කරන තක්කඩි වැඩ වලට අපි කළබල නොවන්නේ අපේ අරගලය බද්ධ වන්නේ ධනවාදය වෙනස් කිරීම සම්බන්ධයෙන් විණා  පත්තර විකුණන්නට අදාලව නොවේ. මේ නිසා යන්නේ කොහොද මල්ලේ පොල් වර්ගයේ තක්කඩි  විග්‍රාමිකයන් ගේ මාගල් ලිපි තවදුරටත් පළ කරමින් රාවයට ස්වයං වින්දනයේ යෙදෙන්නට පුලුවන.

ඔබේ අදහස කියන්න...