කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් වර්ධනය කරන ලද මාක්ස්වාදී දේශපාලන න්‍යාය ප්‍රායෝගිකව භාවිතාවක් මගින් ඔප්පු කර පෙන්වූ ලෙනින් වර්ෂ 1917 දී රැසියානු විප්ලවය විජයග්‍රහනය කරවීම මගින් විප්ලවය සම්බන්ධයෙන් ලෝකයට කියා දුන් පාඩම අතිශයින්ම ගැඹුරුය. හුදු ගරිල්ලා ව්‍යාපාරයක සන්නද්ධ අරගලයක ස්වරූපය පමණක් නොගත් මහා රුසියානු විප්ලවය විසින් ලබා දෙන්නට උත්සහ කරන ලද්දේ සමස්ථ මානව වර්ගයාටම බලපාන අන්දමේ විමුක්ති ධර්මයකි.

20 වන සියවස යනු විප්ලවීය සියවසක් වන බවත් ලෝකයේ බොහෝ රටවල සමාජවාදී විප්ලව සම්බන්ධයෙන් විභවතාවයක් සහිත සියවසක් වශයෙන් අපට එම සියවස හදුන්වන්ට හැකි බවත් පැහැදිලිය. මේ විප්ලවීය සියවසේ අත්දැකිමී ඇසුරින් උගත් ලෝකයේ බොහෝ රටවල විප්ලවාදී නායකයන් විසින් එය දේශීයකරණයට ලක්කල අතර අවසානයේ බොහෝ රටවල තරුණයන් දහස් ගණනින් මරණයට පත්වෙමින් විප්ලවීය සිහිනයයන් බොදවිය.

ලංකාවේ ද 1972 සහ 1989 දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් රැසියානු මොඩලයේ විප්ලවීය භාවිතාවක් ලාංකීය පොළවට බද්ධ කිරීමට ගත් උත්සහ රාජ්‍ය මර්ධනය හමුවේ මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කරමින් ඛේදවාචකයක් එක්කරමින් අවසන් විය.

විජේවීර විසින් මාක්ස්වාදය ලංකාවට ගැලපෙන ආකාරයට  සිංහල බෞද්ධ මතවාදය සමග මුහුකරමින් නිෂ්පාදනය කරන ලද හයිබ්‍රිඩ් සත්වයා අංගවිකල අකාරයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. මේ වන විටත් විජේවිරගේ පක්ෂය තුළින් පෝෂනය ලැබූ අනෙකුත් වාමාංශික පක්ෂ ද ඇතුලුව බහුතර වාමාංශික පක්ෂ වල කාලාන්තරයක් තුළ විනයගත වෙමින් හැදී වැඩුන කාඩර්වරයන්ගේ අනාගත භාවිතාව සහ වර්ථමාන භාවිතා සම්බන්ධයෙන් අපට දැන් නැවත සිතා බලන්නට සිදුව ඇත.

Yanis 2.

විප්ලවය කරන්නට ආශකත්ව සිට උපෝතක ශීලය සමාදන් වූ ආකාරයෙන් විප්ලවාදී විනය ආරක්ෂා කරගත් පවතින ක්‍රමයට එරෙහිව සටන් කළ පක්ෂ කාඩර්වරයන් මෙවැනි විප්ලවවාදී පක්ෂවලින් සමුගෙන ගිය සැනින් පවතින ක්‍රමයට වෙනත් අයටත් වඩා හොදාන් සෙටිවීම නවතම විප්ලවවාදී භාවිතාවක් නොවන්නේ ද?

විප්ලවාදී විනය සම්දන් වී සිටි පැරණි විප්ලවවාදීන් මේ වන විටත් පෝස්ටර් මාරයන් බවට පත්ව අනෙක් සියළු දෙනා පරයමින් ඡන්ද පෝස්ටර් බිත්තිවල ගැසීමේ කොන්ත්‍රරාත් භාර ගෙන සිටින අතර අතීතයේ දී ක්‍රමය පෙරළා දම්න්ට විප්ලවවාදී පක්ෂ වලට සෙට් වුන මේ අයම දැන් ක්‍රමය වඩාත් තහවුරු කරන්නට හොද තල්ලුවක් ලබා දෙමින් සිටියි.

මේ ආකාරයෙන් විප්ලවවාදී පක්ෂ වල කලා කව වලට සම්බන්ධ වී සිටි ඇතැම් කාඩර්වරයන් මේ වන විටත් ගීත රචකයන්,වෙළෙද දැන්වීම් නිර්මාපකයන් සහ පුවත්පත් ලේඛකයන් ලෙස රූපාන්තරණය වී නව ආත්මයක් තුළ ගීලි ඇති බව පෙනෙන්නට තිබේ. මීට පරිභාහිරව මෙවැනි ලේඛකයන් පශ්චාත්-නූතන පෙම්වතුන් බවට පත්ව හුදකලා වුනු හිස්ටෙරික ස්ත්‍රී ආත්මයන් තුළ රෝමියාලාගේ භූමිකාවට අවතීර්ණව ඇත. හෙට දින මේ අලුත් පෙම්වතුන් තවත් විප්ලවීය දරු පරපුරකට සුජාතභාවාය ලබා දුන් විප්ලවවාදී මාපියන් බවට පත්ව වී ඔවුන්ගේ ආදර කතා උසාවි පිටුවල ලියා අවසන් කර වෙන්ව යනු සහතිකය.

ක්‍රමයට අභියෝග කරන්නට විප්ලවවාදී දේශපාලනය තෝරාගත් කාඩර්වරයන් සාමාන්‍ය පුරවැසියන්ටත් වඩා හොදින් ක්‍රමය නඩත්තු කරන දැතිරෝද බවට පත්ව ඇති අතර වඩාත් මළ බැදුන දැතිරෝද මෙන් නොව මේ තරුණ ජවය සහිත දැතිරෝද ක්‍රමයට ලබා දෙන තල්ලුව ටොන් ගනණක එකකි. ඇතැම් විප්ලවවාදී කාඩර්වරයන් මේ වන විටත් හන්දි ගානේ අටවාගත් අට්ටාල තුළ අරක්කු බෝතල් හිස් කරමින් විප්ලවවාදී දේශපාලන දේශකයන් ලෙස හැසිරෙන අතරම චිත්‍රපටකරුවන්,ඡායාරූප ශිල්පියන්,කාටුන් ශීල්පීන් ,බස්කොන්දොස්තරලා සහ නීතීඥයන් ලෙස විප්ලවය ගැන විප්ලවීය වෙරිටෝක් දමමින් සුපුරුදු ලෙස දෛනික ජීවිතය කාලකන්නි ලෙස ගතකරමින් සිටියි. NGO සංවිධාන  අවටාගත් ඇතැම් පුද්ගලයන්ට අවසානයේ යුරෝපයෙන් ලැබෙන ඩොලර්  අතර  Pervert ස්ත්‍රී ශරීර ඉදිරියේ  නළුවන්ගේ භූමිකාව නිරූපණය කරමින් පළතුරු යුෂ පානය කිරීමට සිදුවීම  විනයේ පසු – නූතන තත්ත්වය වශයෙන් අපට  වටහා ගන්නට පුලුවන. ක්‍රමයට විරැද්ධ අය ක්‍රමය අවශෝෂනය කර ගැනීම අපුර්ව අත්දැකීමකි.

දකින දකින ස්ත්‍රී ශරීරය තමන්ගේ ආත්මය සමග සසදා ගන්නට වෙර දරමින් නිල්පාට රතුපාට සිහින ලෝක වල අතරමංව කැරෝකේ සාමාඡ ශාලා මාලක සිල්වලාටත් වඩා හොදින් තම වාසස්ථාන බවට පත්කර ගැනීම විප්ලවාදී විනය නිසා පවතින ක්‍රමයට වඩා හොදන් සෙටිවීමේ ජීවමාන සාක්ෂිය ලෙස අපට හුවා දක්වන්ට පුලුවන.  

දෛනික ජීවිතය නියෝන් එළි වැනි සිගරට් දුමෙන් ස්ත්‍රි – පෙනහල්ල සන්තර්පනය කරමින් පිල්කන්ඩි උඩ කන්ද උඩ දේශනාවන් වැනි දීර්ඝ දේශන පවත්වමින් තමන්ගේ Monster මතය අනුන්ගේ මතය බවට පත් කරන්නට වලිකන , ගරිල්ලා සිහින දකින විප්ලවවාදීන් යනු ක්‍රමය වෙනස් කරන අය නොව ක්‍රමයට පැරාසංගතභාවය ඇති අය බව අපට අනාගතය විසින් කියාදෙනු ඇත.

දැන් අපට අවශ්‍යව ඇති විප්ලවාදී භාවිතාව යනු කුමක්ද කියා ඔබ මදකට කල්පනා කර බලන්න! අනාගතයේ දොර විවරව ඇති විප්ලවවාදී මාවත යනු තව දුරටත් විජේවීර දුටු සුභ සිහින සහිත විප්ලවාදී කනත්තේ මාවත  නොවන බව සක්සුදක් ස් පැහැදිලය. දැන් අප කළ යුත්තේ කුමක් ද?

ධනවාදයට හෙට set වෙන අය අද අප තැනිය යුතුද?

හදාරන්න! හදාරන්න! හදාරන්න!

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ප්‍රශ්න පත්‍රය

    *කාලයක් තිස්සෙ හිතන දෙයක් තමයි මේ කලකන්නි සමාජයට වඩා හොද සමාජයක් තියෙනවනම් ඇයි අපි එකට යන්නෙ නැත්තෙ කියලා. මිනිස්සු එකතු කරන්නෙ කොහොමද කියලා?දිප්ති කියනවා ලන්කවෙ මිනිස්සුන්ට විප්ලවයක් ඔනැලු.යාලුකම ,සහොදරත්වය,අචාරධර්ම මොකක්ද කියල නොදන්න තරැනයන්ට මොන විප්ලවද?උන්ට එවා මුලින් උගන්න ඔනැ නේද?විජෙවීර මෙවා කොහොම කරන්න ඇද්ද?ප්‍රභාකරන් සහොදරත්වය,ආත්ම ගවුරවය දෙමල කොල්ලන්ට කොහොම උගන්නැද්ද?මානුශවදී හින්සාව සමාජගත කරන්නෙ කොහොමද?

    *දිප්ති කියනව දේශපාලනයක් කරනවනම් ආත්මිය කැපකිරිමක් සහිත මිනිස්සු අවශ්ය කියලා.එහෙම අය ඉන්නවද?ඉන්නවයි කියන අය එහෙම කැපකිරිම් කරනවද? ඒ අයට සල්ලි හම්බකරන්න හිතෙනවද? කාර් ගන්න හිතෙනවද? ෆෙස්බුක් එකෙ ලොකුකම් කතා කරන්න හිතෙනවද?ආදරය කරන්න හිතෙනවද?මේ අය ගැමි තරැනයන්ගේ සුලු ධනේශ්වර මානසිකය ගැන දැනුවද්ද?එය නැතිකරන්න ක්‍රම හොයනවද?එය ෆෙස්බුක් එකෙන් කල හැකිද? දෙමල සමාජය තුල මෙම අගතින් කොහොම නැති වෙන්න ඇද්ද?

    *මෙ කාලයෙදි තරැනයන් නිශ්චිත අදහස් වලට එකතු කිරිමේ ක්‍රම පහසුය එවා පහත වේ

    1.ෆේස්බුක් එකේ ජනප්‍රිය පුද්ගලයෙකු සමග පොටො පල කිරිම.

    උ.දා * ගැමිතරැනයන් නම් ෆැලැශ් බැක් සන්ගිත කන්ඩායමේ රොශාන් ප්‍රනාන්දු

    *නාගරිකයගේ දැක්මට ඔනැ විදිහට හැසිරෙන තරැනයන්නම්

    *දෙශපලනයෙදි මෙය එකිනෙකගේ පක්ශ අනුව වෙනස් වෙ.

    2.කාර් එකක් තිබිම(වාහනෙ වටිනාකම වැඩිවන විට පුද්ගලයාගේ වටිනාකම වැඩිවේ)

    3. කාතා කිරිමේ හැකියාව.

    4.ලස්සන ගැනුලමයෙක් ( කොන්ඩෙ ස්ට්‍රෙට්නම් තවත් හොදය ) (අලුත් පරපුර නැමති සන්විධානයෙ සමහර අය කැරකෙන්නෙ කෙල්ලෙක් වටේය )

    ඉහත දෑ අනුගමනය කරොත් නුතන නාස්මික තරුනයො එකතු කල ගත හැක.මෙය දේශපාලනිකද?අරගලකාරිද?විප්ලවාදිද?

    * ගම ස්වාධින එකකයක් විය යුතු නැද්ද? ගම නාගරිකයන්ට අවශ්ය විදිහට සැදිය යුතුද?හැමොම සින්දු ඇසිය යුතුද?ගමෙ කොල්ලො ගොවිතැන් කල යුතුයි නේද?ගොවිතැන ලැජ්ජාවක් නොමැති බව උන්ට කියලා දිය යුතුයි නේද?චෙ ගුවෙරා කොහොම වැඩකරන්න ඇතිද? විජෙවීර පිටකොටුවෙ මුට්ට කියක් කර ගහන්න ඇද්ද? දෙමල කොල්ලො කොහොම කැපකිරිම් කරන්න ඇද්ද?

  2. නරැම කැලුමා 1

    “හදාරන්න ,හදාරන්න, හදාරන්න”.ඇත්තටම අපි හදාරනවද? ඔව්…. අපි කොතරම් හැදැරුවත් එම කරුනු සමාජය සමග ගලපාගන්න වැටහෙන්නේ නැත්නම් සහ මෙම කරුනු සමාජයේ විවිධ පන්ති කොටස් වලට කාන්දු කිරිමට අවන්ක උත්සහයක් නැත්නම් මෙම සියලු හැදැරිම් වලින් පලක් නැත.දිප්ති සහොදරයා විසින් පල කරන ලද ඇසිඩ් වැස්ස පොතේ ඇති කරැනු උපයොගි කරගෙන වැටහෙන අකාරයට අත්දැකිම් ඇසුරෙන් යමක් කිවිමට දරන උත්සහයකි.

    සමකාලින සමාජයේ අන්තර් පුද්ගල සම්බන්ධතා බිද වැටි ඇති අතර අපට සැමතැනම මුනගැසේන්නේ අද්භුත මිනිසුන්ය.මෙම අද්භුත මිනිසුන් අතර ඇත්තේ අත්භුත සම්බන්ධකන්ය.මේ අය සමග දේශපලන ගනුදෙනුවක් කිරිම ඉතා අපහසුය.අප කලයුත්තේ මෙම නාස්මික තරුනයන්ට මිත්‍රත්වය,සහොදරත්වය,ආත්මග්‍රව්වය කුමක් දැයි ප්‍රයොගික භාවිතයෙන් කියාදිමය. [මෙමගින් අදහස් කරන්නේ තරැනයන් අවින්ඥානිකව යම්කිසි හැගිම් සමුදායක් මත පාලනය විමට සැලැස්විමයි ] දිප්ති මෙසේ කියනවා.

    “යම්කිසි ජනසමාජයක පුද්ගලයන් අතර ඇතිවන සුහද සන්වාද සමාජය ක්‍රම ක්‍රමයෙන් පාරිභොජනය,අර්චනකාමය,පරාරොපනය වැනි ධනවාදී සමාජ සම්බන්ධතා ජාලය තුල දිය වෙමින් පවතියි.මෙහි අතුරුපලයක් වන්නේ අනෙකා පිලිබද භක්තිය නැති වී යාමයි” (ඇසිඩ් වැස්ස-පිටුව 22)

    “ඒ වෙනුවට අපි ඔවුන්ව වටහා ගත යුත්තේ ප්‍රමිතිගත සමාජයට ඔවුන් දක්වන අපගමනය තුලය.මෙම අපගමනය ඔවුන්ටත් අවින්ඥානිකය.”(ඇසිඩ් වැස්ස-පිටුව 22)

    මෙම කරුන අපි අත්දැකිමක් ඇසුරෙන් පැහැදිලි කරගමු.මාගේ හොදම යලුවෙකුගෙ නම කැලුම්ය.ඔහු උසස් අධයාපනයෙන් පසු හොද රැකියාවක් කරන්නේය.උගේ මල්ලිගෙ නම අකිලය.මට මේ ලගදි ලැබුන ආරන්චියට අනුව අකිලට ගමේම කොල්ලො සෙට් එකකින් බඩ කට පිරෙන්න කලාය.මම කැලුමගෙන් ඇහුව්වේ මචන් උබෙ මල්ලි නිකන් ගුටි කලා උබ මල්ලි වෙනුවෙන් මොකවත් කරන් නැද්ද? කියාය.උගේ ප්‍රතිචාරයෙන් මම පුදුම වුනෙමි.උගෙ නරුම ප්‍රතිචාරය වුයේ මෙවැනි දෙයකි.මචන් මම ඉගෙනගෙන හොද රස්සාවක් කරන එකෙක් මම වලි වලට බැස්සොත් මට නරක නාමය ගැවෙනවා.නරැම කැලුමට සහොදරත්වය,පවුලේ ආත්මගරුත්වය,මනුස්සකම යන උතුම් ගතිගුන අමතක විනි.

    කැලුමා මොකක්ද මේ කියන්නේ? කැලුමලා වැනි අපේ කාලයේ තරැනයො ජිවත් වෙන්නේ තෙවන පාර්ශවයක් වෙනුවෙනි.මෙය මෙම තරැනයන්ගේ දැක්මය(අවින්ඥානික අශාව ) නරක නාමය ගැවෙනවා යනුවෙන් යනුවෙන් අදහස් කරන්නෙ මෙයයි.කැලුමා හිතනවා උ දිහා මිනිස්සු බලා ඉන්නවා කියා ඔවුන්ට අනුව හොදින් හැසිරිය යුතුය.මේ නිසා උට සහොදරත්වය ගැන අවබොධයක් නැත. මෙය ඔහුටද අවින්ඥානිකය.මහා අනෙකා(අචාර ධර්ම ) නොමැති සමාජයක තරැනයන්ගේ ජිවන විලසිතාව මැවැනිය.දිප්ති නැවත මෙසේ කියනවා

    “පවතින ක්‍රමයට අප බැදි ඇත්තේ හොද ක්‍රියා හරහාය.නරක ක්‍රියා අපව පවතින ක්‍රමයෙන් ගලව යි.එබැවින් එවැනි ක්‍රියාවන් පවතින සදාචාරය උල්ලන්ගනය කරයි” (ඇසිඩ් වැස්ස-පිටුව 30 )

    අකිලයා අපේ මල්ලි නම් අපට කල හැක්කේ කුමක්ද?අපිට සමාජයට ඇසෙන්න මෙසේ කිව හැක “අඩො මු මගේ මල්ලි මුට මොනවා හරි උනොත් අපි නිකන් ඉන්නැ “. මෙමගින් අපිට දැක්මට එරෙහිව යා හැක.මෙමගින් නිදාසිටින අද්භුත සමාජය ඇහැරවිය හැක.දැක්ම කඩාබිද දාමා අද්භුත සම්බන්ධකන් වෙනුවට ආත්මිය සම්බන්ධකන් ඇති කල හැක.තරැනයන් අවින්ඥානිකව පාලනයට අවශ්ය මිත්‍රත්වය,සහොදරත්වය,ආත්මග්‍රව්වය සමාජයට ලබාදිය හැක.මහා සමාජ පරිවර්තනයක මුලාරම්භය මෙය වනු ඇත.

Comments are closed.