[dropcap color=”gray”]2[/dropcap]013 අගෝස්තු මස 08 වන දා පැවැත්වෙන සම්මන්ත්‍රණයේ දී විනෝදය පොත ලබා ගැනීමට හැක. මේ දිනවල විනෝදය පොතට දැඩි ඉල්ලුමක් බිහි වී ඇත. දේශපාලනිකව නිවරදි වන්නට වලිකන සිංහල ස්ටාලින්වාදීන්ට අනුව පසුගිය කාලයේ වාම බලවේග දුර්වල වූයේ ජාතිවාදීන් අධිපති වූ නිසාය. අපට අනුව නම් වම දුර්වල කරන ලද්දේ ෆැසිස්ටි ජ.වි.පෙ විසින්ය. එය වමේ කිසදු පල්ලම් බැසීමක් නොවේ. එය වමට ආඩම්බර විය හැකි කාරණයකි.
දේශපාලනිකව නිවරදි වීම () රැඩිකල් යැයි සිතන සමහර සිංහල වර්ගවාදී බුද්ධිමතුන්ට ( මේ අය නලීන්ලාට,චමිපිකලාට,විමල්ලාට සපුරා වෙනස්ය) කිසිදා දේශපාලනය තුළ ක්‍රියාත්මක වන විනෝද සාධකය වටහා ගත නොහැකි විය. පශ්චාත්-නූතන දේශපාලන සමයක ස්ටාලින්වාදයට දිය හැකි හොදම නම පිරිසිදුකම අගයන, දේශපාලනිකව නිවරදි වීමට තටමන බුද්ධිමතුන්ය යන්නය.මෙම දේශපාලනිකව නිවරදි දේශපාලනය විසින් ධනේශ්වර පද්ධතියේ වාස්තවික හිංසනය යළි ආධ්‍යාත්මික කරන අතර එයට ප්‍රතික්‍රියා දක්වන ආත්මීය හිංසනය ස්වභාවිකකරණය කිරීමක් ද කරයි.

1016980_597891200254347_754034766_n

ඔබේ අදහස කියන්න...