අපගේ උපක්‍රමය-

ලෙනින්ට අනුව ප්‍රජාතන්ත්‍රික විප්ලවයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම දෙකක් ඇත.

01- කෙරෙන්ස්කිට බලය ගැනීමට ඉඩ දීීම

02-දුර්වල ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ බිහිවීමට ඉඩදීම

ගැටළුව වන්නේ මේ මොහොතේ දී ලංකාවේ කෙරෙන්සි කවුද යන්නය. මුලුමහත් සමාජයේම භ්‍රමණය වීම. මේ වන විට තීන්දු වෙමින් පවතින්නේ පුද්ගලයන් හතරදෙනෙකු මතය.

01-මහින්ද රාජපක්ෂ

02-රනිල් වික්‍රමසිංහ

03-සජිත් ප්‍රේමදාස

04-මංගල සමරවීර ( කරූ ජයසූරියට මේ සදහා ආදේශ වීමට ඇති හැකියාව දුර්වලය)

ජනාධිපතිවරණයට පසු ඉහත හතර දෙනාගෙන් දෙදෙනෙකු ගේ දෛවය විසදී යනු ඇත. මෙවන් මොහොතක අප කළ යුත්තේ කුමක් ද? එහිදී ලෙනින්ගෙන් සහ කුමාර් ගුණරත්නම්ගෙන් අපට වෙන වෙනම උගත හැක.

01-ලෙනින් ගේ පාඩම

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2014/11/2TacticsSocial-Dem-on-Dem-Rev.pdf” width=”600″ height=”400″]

02- කුමාර් ගේ පාඩම

87-89 අරගලය ගැන කුමාර් ගුණරත්නම් කතා කරයි!

සන්නද්ධ අරගලයේ සමහර පැති ගැන අපට ස්වයංවිවේචනයක් තියෙනවා!

– පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ‍පේ‍්‍රමකුමාර් ගුණරත්නම්

  • gunaratnam1987 – 89 අරගලය පිළිබඳ කෙරෙන සාකච්ඡාව අඛණ්ඩව වුවද වරින්වර යට යමින් මතුවෙමින් පවතින්නකි. සාමාන්‍යයෙන් නොවැම්බරයේ සිදුවන ‘ඉල් විරු සමරුව’ එකී සංවාද තීව‍්‍ර කරන අවස්ථාවකි. එළඹෙන 13 වැනිදාට 25 වැනි ‘ඉල් විරු සමරුව’ සැමරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් වෙයි. ඒ පිළිබඳ සාකච්ඡාවට ප‍්‍රවේශයක් තබනු පිණිස මෙවර අප සංවාදයට තෝරාගත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් ය. 1981 උසස් පෙළ හදාරමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමය තුළ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ විය. එසේම පේ‍්‍රමකුමාර් 1987-89 අරගලයේ දී ඊට සක‍්‍රීයව දායක වූවෙකි. 89 අරගලයේ දී එජාපයේ මර්දන හමුදා විසින් පැහැරගෙන මරා දමනු ලැබූ රංජිදන් ගුණරත්නම් ඔහුගේ වැඩිමහලූ සොහොයුරා ය. 1990 දශකය ආරම්භයේ සිට ජ.වි.පෙ. නැවත දේශපාලන වශයෙන් සක‍්‍රීය තලයට ගෙන ඒමට උරදුන් ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාධරයකු වූ ඔහු ජවිපෙ නිවැරදි වාමාංශික දේශපාලනය වෙත නැවත ගෙන ඒම අරමුණු කරගෙන 2000-2010 වකවානුව තුළ සිදු කෙරුණු පක්ෂ අභ්‍යන්තර දේශපාලන අරගලයේ දී ඊට සක‍්‍රීය ලෙස සම්බන්ධ වූවකු ද විය. කෙසේ වෙතත් 2011 සැප්තැම්බරයේ දී ජවිපෙන් වෙන්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කරලීමේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුළ ප‍්‍රධාන කාර්යභාරයක් ද ඔහු විසින් ඉටු කරන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරම්භක සම්මේලනය පැවැත්වුණු 2012 අපේ‍්‍රල් මස 09 වැනිදාට දින දෙකක් තිබියදී, එනම්, අපේ‍්‍රල් මස 07 වැනිදා කිරිබත්ගොඩ දී ආණ්ඩුවේ සන්නද්ධ කල්ලියක් විසින් ඔහු පැහැරගෙන ගොස් මරා දැමීමට උත්සාහ කරන ලදී. ඊට එරෙහිව විවිධ ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන, දේශපාලන පක්ෂ ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලය විසින් සිදුකරනු ලැබූ මැදිහත්වීමක ප‍්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුවට ඔහුව නිදහස් කර හැරීමට සිදුවිය. කෙසේවෙතත් මේ වනවිට ඔහු ලෝකයේ විවිධ වාමාංශික සංවිධාන, විදෙස්ගත ලාංකිකයන් සමඟ සක‍්‍රීය දේශපාලන ක‍්‍රියාකාරීත්වයක යෙදෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වත්මන් දේශපාලනය තුළ ක‍්‍රියාත්මක වෙමින් සිටී. ඔහු ‘ජනරළ’ පාඨකයන් වෙනුවෙන් දුරකතනයෙන් සංවාදයකට එක් වෙමින් දැක් වූ අදහස් මෙසේ සටහන් කරමු.87-89 අරගලය සඳහා පසුබිම සකස් වුණේ 1983 ජවිපෙ තහනම කියලා කිව්වොත් හරි ද?

1983 ජවිපෙ විතරක් නෙවෙයි, නව සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කළා. පසුව ජවිපෙ තහනම තියෙද්දිම අනෙක් පක්ෂවල තහනම ඉවත් කළා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ නිකං නෙවෙයි. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වැනි ඉදිරිපෙළ සහෝදරවරුන් අත්අඩංගුවට ගෙන මරා දැමීමේ සූදානමකුත් එක්ක තමයි ඒ තහනම ප‍්‍රකාශයට පත් කෙරුණේ.

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරපු නිසා 89 අරගලය පැන නැඟුණායැයි කියන්න බැහැ. ඒ නිසා පක්ෂය තහනම් වූ පසුබිම කතා කරලා ඒ ගැන උත්තරයක් දෙන්න මම කැමැතියි. එදා පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති විරෝධී පාලනය විසිනුයි ඒක කළේ.

1977 බලයට පත් එජාප ආණ්ඩුව 1978 දී මහජන කැමැත්ත නොවිමසාම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස හා නීති විරෝධී ලෙස විධායක ජනාධිපති ක‍්‍රමයක් හඳුන්වා දුන්නා. ජේ. ආර්. ජයවර්ධන තමන්ව විධායක ජනාධිපති වශයෙන් ප‍්‍රකාශ කර ගත්තා. මතක තියාගන්න, 1978 ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමත කරපු එකක් නෙවෙයි. විධායක ජනාධිපති ක‍්‍රමයත් එහෙම අනුමත කරපු එකක් නෙවෙයි. 1977 න් පස්සෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙනකොට කලින් තිබුණට වඩා ජන ජීවිතය දුෂ්කර වෙන්න පටන් ගත්තා. නව-ලිබරල් ප‍්‍රතිසංස්කරණ කියන්නේ වැඩ කරන ජනතාව තවදුරටත් සූරාකෑමට විවෘත කිරීමයි. ආණ්ඩුව මැදිහත් වෙලා පොදු ජනතාවට ලබා දුන් යම් හෝ සහන තිබුණා නම් ඒවා අහෝසි කිරීම නව-ලිබරල් ආර්ථිකයේ අරමුණයි. මේ තත්වයට එරෙහිව ගොඩ නැෙඟන ජනතා විරෝධය මර්දනය කරන්න තමයි අසීමිත බලතල ඒකරාශි කරගෙන විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කළේ. එජාප පාලනය යටතේ ගොඩනැගුණු ජනතා විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, නීති විරෝධී දේශපාලන භාවිතයයි, ජාතිවාදය, තමන්ගේ දේශපාලන දර්ශනය බවට පත්කර ගෙන මුළු රටම ජාතිවාදී යුද්ධයකට ඇද දැමීමයි, ඉන්දියාව ලංකාවේ ජාතික ප‍්‍රශ්නය තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අනුව පාවිච්චි කරන්න උත්සාහ කිරීමයි පසුබිමේ තියාගෙන තමයි 87-89 තත්ත්වය තේරුම් ගන්න වෙන්නේ.

  • එවැනි තනි බලයක් ඇති කරගන්න පසුබිම සකස් වුණේ කොහොමද?

1970 දී සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ගොඩ නැඟුනු සමගි පෙරමුණු ආණ්ඩුවේ ජනතා විරෝධී පාලනය නිසා ඒ ආණ්ඩුව පරාද කරන්න ජනතාවට ඕන වුණා. එදත් සැබෑ වාම විකල්පයක් නොතිබුණ නිසා තට්ටු මාරු ක‍්‍රමයට අනුව එජාපයට 1977 මැතිවරණයේ දී 5/6 ඡුන්ද බලයක් ලැබුණා. ඉන් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ගේ දින නොමැති ඉල්ලා අස්වීමේ ලියුම් සාක්කුවේ දාගෙන තමයි ජේ.ආර්. රට පාලනය කළේ. 1978 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ ජනතා නැගිටීම් මර්දනය කරන්න. 1980 ජුලි වැඩ වර්ජනයෙන් කම්කරු පන්තියේ සංවිධාන සුනු විසුනු කරලා දැම්මා. නියමිත පරිදි 1983 පවත්වන්න තිබුණු පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට 1982 දී පවත්වපු හොර ජනමත විචාරණයෙන් නිති විරෝධී ආකාරයට පාර්ලිමේන්තු බලය දිග්ගස්ස ගත්තා.

නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන එමින් එජාපය ගෙන ගිය ඒ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලියට විරුද්ධ වුණු සියලූම බලවේග මර්දනයට හසු වුණා. කම්කරුවන් ශිෂ්‍යයන් මරාදැමීම, සරච්චන්ද්‍ර වගේ බුද්ධිමතුන්ට ප‍්‍රසිද්ධියේ පහරදීම, ගැටඹේ පන්සලට කටුකම්බි ගැසීම වගේ දේවල් සිදු වුණා. ආණ්ඩුවට පක්ෂපාත නොවන විනිසුරුවන්ට අධිකරණයට අපහාස කළා. නව-ලිබරල් ආක‍්‍රමණය නිසා ගොඩ නැෙඟනු ජනතා විරෝධය වෙනතක යොමු කරන්න ජාතික ප‍්‍රශ්නය පාවිච්චි කළා. ජාතිවාදය පාවිච්චි කළා. ඉන්පස්සේ ජේ.ආර්. ගේ මැදිහත්වීමෙන් හා එජාප ආණ්ඩුවේ නායකත්වයෙන් 1983 ජූලි මාසයේ දී දකුණේ ජීවත් වූ තමිල් ජනතාවට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කළා. තමන්ටත් නව-ලිබරල්වාදයටත් එරෙහිව පැන නැෙඟන ජනතා විරෝධය මග හරවන්න සිංහල ජනතාව ඉදිරියේ ව්‍යාජ තමිල් හතුරෙක් නිර්මාණය කිරීමේ උපක‍්‍රමය පිළිබඳව රාජපක්ෂ ඉගෙන ගත්තෙත් ජේ.ආර්.ගෙන්. එදා ඒ අපකීර්තිමත් කළු ජූලිය දඩමීමා කරගෙන වාමාංශික ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමට පියවර ගත්තා.

1970 දශකයේ සිටම සන්නද්ධ ස්වරූපයකට මාරු වෙමින් තිබුණු ජාතික ප‍්‍රශ්නය 1983 කළු ජූලියෙන් පස්සෙ වෙනත් තලයකට ඇද දැමුනා. විවිධ සන්නද්ධ කණ්ඩායම් නිර්මාණය කිරීමේ හා ඒවාට උදව් දීමේ ඉන්දියාවේ මැදිහත්වීමත් සමඟ තත්වය තවත් වර්ධනය වුණා. ජාතික ප‍්‍රශ්නය පදනම් කරගෙන නිර්මාණය වෙලා තිබුණු යුදමය පසුබිම තම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන යන්ත‍්‍රය සාධාරණිකකරණය කිරීමට යොදාගත්තා. ඒ මර්දනය තුළින්ම වාමාංශික ව්‍යාපාරය නිහ`ඩ කරවන්නයි ජේ.ආර්.ට ඕන වුණේ. මෙම තත්වයට එරෙහි ජනතා විරෝධයේ ප‍්‍රකාශනයක් තමයි 1987-89 අරගලය.

  • සන්නද්ධ දේශපාලනයකට එළඹෙන අවස්ථාව හා එහි පසුබිම ගැන කතා කරමු.

82mayday-1-

1983 ජවිපෙ මැයි පෙලපාලිය

සන්නද්ධ දේශපාලනයේ පසුබිම ගැන ගත්තම ධනේශ්වර දේශපාලනය වෙන් කරලා කතා කරන්න බැහැ. අපි දන්නවා ලංකාවේ ඇත්තටම සන්නද්ධව හිටියෙ කවුද, ඉන්නෙ කවුද කියලා. බලයට පත් වුණු, බලයේ ඉන්න ආණ්ඩු තමයි සැබෑ ලෙසින්ම ආයුධ සන්නද්ධව ඉන්නේ. හත් හවුල්, සමගි පෙරමුණු වගේ නම් කියලා හදාගත්ත ආණ්ඩු ජනතාවට එරෙහි මර්දනය හා පීඩනය මුදා හරිමින් දිගටම පාලනය ගෙන ගියා. ජනතාවගේ හඬ යටපත් කළා. සමගි පෙරමුණු, පොදු පෙරමුණු වේවා වෙනත් සන්ධාන වේවා මේ දක්වා වසර හැට ගාණක් ඊනියා නිදහසෙන් පස්සේ බිහිවුණු සෑම ධනපති ආණ්ඩුවක් විසින්ම සන්නද්ධ මර්දනය ජනතාව මත මුදා හැරියා. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරාගෙන ඔවුන් මැඩ පවත්වන්නට යුද බලය, සන්නද්ධ කල්ලිවල බලය පාවිච්චි කළා. 1971 දීත් අධිකරණ නියෝගයකින් තොරව මලමිනී වළලා දැමීමේ නීති සම්පාදනය කළා. හැමදාමත් සන්නද්ධව හිඳිමින් නීති විරෝධී ලෙස බලය පාවිච්චි කරන්නෙ කවුද කියලා ජනතාව දැන ගත යුතුයි. ඒ නිසා ජනතාව ආරක්ෂා කරනවා යැයි කියමින් තමන්ගේ අවශ්‍යතාවට අනුව ජනතාව පෙළන මෙන්න මේ සන්නද්ධ බලයට මුහුණ දෙන්න වෙනත් ක‍්‍රමයක් නැති වුණාම තමයි වාමාංශික ව්‍යාපාර සන්නද්ධ වීම ගැන කතා කරන්න වෙන්නේ.

1983 පක්ෂය තහනම් කළායින් පස්සෙ පක්ෂයේ බොහෝ සහෝදරවරු අසාධාරණ ලෙස හිරිහැරයට ලක් කළා. නායක මණ්ඩලවල සහෝදරවරු මරා දමන්න නියෝග නිකුත් කළා. මාතර දී අනුරාධපුරයේ දී සාමාන්‍ය දේශපාලන කටයුතුවල යෙදුණු අපේ පූර්ණ කාලීන සහෝදරවරු අත්අඩංගුවට ගෙන මරා දැමුවා. අපි පක්ෂ තහනම ඉවත් කර ගැනීමට එරෙහිව පවතින නීතියට අනුව ජාතිකවත් ජාත්‍යන්තරවත් කටයුතු කරමින් සිටි මොහොතක තමයි එජාප ආණ්ඩුව විසින් අපට එරෙහිව සන්නද්ධ බලය මුදා හැරියෙ.

පක්ෂෙ තහනම් කළේ 1983 කළු ජූලියට සම්බන්ධ බව ප‍්‍රකාශ කරමින්. මුළු ලෝකයම දන්නවා ඒක ජේ.ආර්. ගේ අතේ රෝලක් බව. එහෙම කියපු ජේ.ආර්. ම පසුව පක්ෂයේ නම උතුරේ සන්නද්ධ සංවිධාන සමඟ සම්බන්ධ කරමින් අවලාද ගෙන ගියා. 1982 පාර්ලිමේන්තු කාලය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස හා නීති විරෝධී ලෙස දික් කරගන්න පවත්වපු හොර ලාම්පු කලගෙඩි සෙල්ලම ඉතිහාසයේ දරුණුම ඡුන්ද කොල්ලයයි. ඒක එවකට මැතිවරණ කොමසාරිස්වරයාම පිළිගත්ත කාරණයක්. ඊට විරුද්ධව පක්ෂ විසින් අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹී තිබුණා. පක්ෂෙ තහනම් කරන්න මේවත් හේතු වුණා. ඒ නිසා, මුළු රටම ජාතිවාදී යුද්ධයකට ඇද දමමින් රාජ්‍ය ත‍්‍රස්තවාදය සාමාන්‍යකරණය කරමින් විවිධ ජනතා විරෝධී මර්දන අණ පනත් ගෙන එමින් මුළු රටම විසාලාවක් බවට පත් කළේ පැවැති එජාප පාලනයයි. පක්ෂය සන්නද්ධ වීම වටහා ගන්න වෙන්නේ මේ තත්වයට යටත්වයි.

  • ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඇති වූ දේශපේ‍්‍රමී නැඟිටීම ගැන පසුවිපරමක් කරන්නෙ කොහොමද?

aug1987-1

1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි පෙළපාළියක්

අද ආපසු හැරිලා බලද්දි අපට අරගලයේ ඇතැම් පැති ගැන බරපතළ ස්වයංවිවේචනයක් තිබෙනවා. දේශපේ‍්‍රමී අරගලය ගැන විතරක් නෙවෙයි, එදා ගත් තීරණ ගැන සහ දේශපාලන ක‍්‍රියාකාරීත්වය ගැන ස්වයංවිවේචනාත්මක කරුණු ප‍්‍රමාණයක් තිබෙනවා සාකච්ඡුා කරන්න. ඒක අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2012 දී ඉදිරිපත් කළ දේශපාලන ස්වයංවිවේචනය තුළ සැලකිය යුතු පමණකින් සාකච්ඡුා කරන්න උත්සාහ කළා.

ඔබ දන්නවා, අද වන විට ජවිපෙ සුළු ධනේශ්වර පක්ෂයක් බවට පිරිහිලයි තියෙන්නේ. ජවිපෙ නිවැරදි වාම දේශපාලන භාවිතාවට ගේන්න කරපු අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි වෙන්නේ. ඒ නිසා පක්ෂයේ අතීත දේශපාලන ක‍්‍රියාකාරකම් ගැන පුළුල්ව හිතන්න, වඩා සංයුක්ත පරාසයක ඉඳලා අඩුපාඩු සහ දුබලතා හඳුනාගන්න

අවස්ථාවක් ලැබුණා. ඒත් අපි ඉදිරිපත් කළ ස්වයංවිවේචනය පරිපූර්ණයි කියල අපි කියන්නේ නැහැ. එය තවදුරටත් සංවර්ධනය විය යුතුයි. ඒ ස්වයංවිවේචනය පිළිබඳව වත්මන් සමාජය සමඟ කරන අඛණ්ඩ සංවාදයක් තුළ තවදුරටත් සම්පූර්ණ කරන්න වෙනවා. අපේ වත්මන් දේශපාලන කි‍්‍රයාකාරීත්වය කියන්නේ ඒ ස්වයං-විවේචනය සම්බන්ධයෙන් වූ ව්‍යවහාරික මැදිහත්වීමක් වශයෙන් වටහාගැනීම වඩාත් නිවැරදියි.

එජාප ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය නිසා රටේ ආර්ථික පීඩනය උත්සන්න වුණා. සමාජමය ජීවිතය කුඩුපට්ටම් වුණා. අනෙක් අතට ජාතික පීඩනය හා මර්දනය නිසා ජාතික ප‍්‍රශ්නය හේතුවෙන් පැන නැගුණු සන්නද්ධ අරගලය අතිශය සංකීර්ණ වුණා. ඉන්දියානු රාජ්‍ය මේකට මැදිහත් වුණේ ලංකාවට හෝ ලංකාවෙ තමිල් ජනතාවට ඇති ආදරය නිසා නෙවෙයි. ලෝකයේ විවිධ රාජ්‍යයන් වගේම ඉන්දියාවටත් ලංකාවට අදාළ මැදිහත්වීමකට ඒ අවස්ථාවෙ ඉඩ ලැබුණා. එය සිද්ධ වුණේ ආක‍්‍රමණයක ස්වරූපයෙන්, බලහත්කාරී ලෙස. ඒ මැදිහත්වීම හමුවේ ආණ්ඩුව යට වුණා, දන ගැහුවා, එකඟ වුණා.

ඉන්දියන් හමුදාව එනකොට ඊට ප‍්‍රතිවිරුද්ධව ලංකාවේ ජනතා බලවේගවල ක‍්‍රියාකාරීත්වයක් ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණ වගේම වෙනත් දේශපාලන පක්ෂවල දේශපේ‍්‍රමී කොටස් විශාල වශයෙන් ඒ ක‍්‍රියකාරීත්වය සමග පෙළ ගැසුණා. විදේශික ආක‍්‍රමණයකට සමාන මැදිහත්වීමක් නිසා රට තුළ ඇති වුණු ඒ පෙළ ගැස්මට නායකත්වය දෙන්න ජවිපෙ කටයුතු කළා. ඒ වුණත් අපි විසින් නායකත්වය දුන් අරගලය සමස්ත සමාජ ක‍්‍රමයටම එරෙහි අරගලයක් බවට පත් කරගන්න අසමත් වුණා. ඉන්දියානු ආක‍්‍රමණයත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වයත් පදනම් කරගෙන සමස්ත ක‍්‍රමයට එරෙහි අරගලයක් තුළ ජනතාව සංවිධානය කරගන්න අපි අසමත් වුණා. ඒ අසමත්භාවයට හේතු වූ විවිධ දේශපාලනමය හා සංවිධානමය හා දුබලතා තමයි අපේ ස්වයංවිවේචනයට අදාළ වෙන්නෙ.

  • එසේ ජයග‍්‍රහණය කරා යන්න නොහැකි වූ සීමාවන් මොනවද?

එකක් තමයි ඒ අරගලය අතිශය දරුණු ලෙස මර්දනයකට ලක් කෙරුණා. ඒ මර්දනයට මුහුණ දීම දුෂ්කර වුණා. ඒ වගේම අරගලය තුළ භාවිත වුණු බොහෝ ක‍්‍රියාමාර්ග නිසා අපි සාමාන්‍ය ජනතාවගෙන් වියෝ වුණා. එහෙමත් නැත්නම් සාමාන්‍ය ජනතාවගෙන් අපිව වෙන් කිරීමට සතුරාට හැකියාව ලැබුණා. මුල් අවස්ථාවල දී අප වෙත තිබුණු ජනතා විශ්වාසය සහ සහයෝගය දිගටම පවත්වාගෙන යන්න අපි අසමත් වුණා. අනික මුලින් කීවා වාගේ ඒ අරගලය ඉදිරියට ඇදෙද්දී ඒක සමස්ත ක‍්‍රමයටම එරෙහි අරගලයක් බවට සීරු මාරු කරගන්න අපි අසමත් වුණා. උදාහරණ හැටියට ‘ඉන්දියන් හමුදාව වහාම ඉවත් කරගන්න’ කියලා පේ‍්‍රමදාස ගෙනාපු සටන් පාඨය නිසා අපේ උපක‍්‍රම දුර්වල කෙරුණා. අපේ අරගලය ආණ්ඩු විරෝධයෙන් ක‍්‍රම විරෝධයකට මාරු වියයුතුව තිබුණා. ජනතාව ඒ ඔස්සේ සංවිධානය කළ යුතුව තිබුනා. අරගලයට හේතු භූත වූ කරුණු කෙසේ වෙතත් අරගලය තුළ එය සමස්ත ක‍්‍රමයට එරෙහි අරගලයක් බවට පත් කරගැනීම අවශ්‍යයි.

IPKF

ඉන්දියානු හමුදාව පැමිනීම

තවත් පැත්තකින් මේ අරගලයට ඉන්දියානු හමුදා ආක‍්‍රමණය මඟින් විශේෂ බලපෑමක් සිදු වුණා. ඒක වුණේ ජාතික ප‍්‍රශ්නය වර්ධනය වමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ වුණාට තමිල් සහ මුස්ලිම් පීඩිත ජනතා බලවේග අරගලයට සක‍්‍රීයව සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒ ජාතික ජන කොටස්වල විශ්වාසය ඇතිකරගන්න අපි අසමත් වුණා. අපේ අරගලය එක්තරා ආකාරයකට සිංහල සමාජයට සීමා වුණු අරගලයක් බවට පත් වුණා.

ඒ විතරක් නෙවෙයි, අප විසින් උපක‍්‍රමිකව භාවිත කළ සමහර සටන් පාඨ හා ක‍්‍රියාමාර්ග නිසා සමහර ජාතික ජන කොටස් ඒ අරගලයට එකතුවීමට බාධා වුණා. ඒ ජාතික ජන කොටස්වල සම්බන්ධය ඇතිකර ගැනීම කියන්නෙ ප‍්‍රමාණාත්මක වර්ධනයක් ගැන අදහසක් නෙවෙයි. ඒක ඊට වඩා ගුණාත්මක දෙයක්. අරගලයක් සමාජවාදී අරමුණක් ජයග‍්‍රහණය කරා ඉදිරියට ගෙනයන්න නම් සියලූ පීඩිත ජන කොටස්වල ඒකාබද්ධ අරගලයක් අවශ්‍යයි. විශේෂයෙන්ම ලංකාවෙ විවිධ ජාතික ජන කොටස් අතර ඒකාබද්ධ අරගලයක් කියන්නෙ ඔලූ ගෙඩි ගණනින් පිරිස වැඩිවීමක් නෙවෙයි. එවැනි ඒකාබද්ධ අරගලයක් සඳහා අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසිය තමයි තමන්ගේ සැබෑ සටන්කාමීත්වය තමන් තුළින්ම බිඳ දමා තමුන්ව අකර්මන්‍ය කරන ජාතිවාදයේ බරින් නිදහස් වීම. එයින් නිදහස් වුණු තමිල්, මුස්ලිම්, සිංහල පීඩිත ජන සමාජයක් කියන්නේ සැබෑ සතුරාට එරෙහිව සටන් කිරීමේ දී දැවැන්ත ශක්තියක්. ඒ නිසයි මම කීවේ ඒකාබද්ධතාව කියන්නේ ඔලූ ගෙඩි ගණනක ප‍්‍රශ්නයක් නොවෙයි. ගුණාත්මක සාධකයක්. ඒ වගේ ඒකාබද්ධතාවක් තුළ සටන් කරන්න නම් ජාතිවාදය පරාජය කරලා දේශපාලන වර්ධනයකින් සමාජය ඉදිරියට යන්න ඕන. කාලාන්තරයක් තියෙන ජාතිවාදී විෂෙන් මිදෙනවා කියන්නෙම විශාල ගුණාත්මක පරිවර්තනයක්. එවැනි සමාජ පරිසරයක් කියන්නෙ වෙනස්ම තත්වයක්. එවැනි පසුබිමක් ඇති වුණොත් විතරයි වමේ ව්‍යාපාරයේ ඉදිරි ජයග‍්‍රහණ ගැන හිතන්න පුළුවන්. වෙනත් බොහෝ කරුණුවලට අමතරව එවැනි තත්වයක් ඇති කරගන්න බැරි වීමත් එදා පැවැති අඩුවක්.

  • දෙමළ ජනතාව සහ වෙනත් ජාතික ජන කොටස් සමග එදා පැවැති දේශපාලන සබඳතාවයේ ගැටලූවක් ලෙසද එය ඔබ සලකන්නෙ?

‘යුද්ධය නම් යුද්ධය සාමය නම් සාමය, තමන්ගෙ ආරක්ෂාව තමන් ම බලාගන්න’ කියලා ජේ ආර්. කීවේ 1977 බලය ගත්තු ගමන්මයි. උතුරේ සන්නද්ධ අරගලයට අදාළ තීරණාත්මක හැරවුමක් එන්නෙ 1983 කළු ජූලියෙන් පස්සෙ. උතුරෙත් වැවිලි ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතවත් වාමාංශික දේශපාලන පදනමක් කලින් තිබුණා. කොමියුනිස්ට් පක්ෂයට, චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට උතුරේ තමිල් ජනතාව තුළ පදනමක් තිබුණා. නමුත් ඉපැරණි වමේ ව්‍යාපාරය පාර්ලිමේන්තුවාදයට ගොදුරු වීම නිසා සිංහල ජාතිවාදයට ගොදුරු වුණා. ජවිපෙ 1982 වනතෙක් උතුර හා නැෙඟනහිර දිස්ත‍්‍රික්කවල දේශපාලන කටයුතු කළා. නමුත් මර්දනය නිසා ඒක වැළකුණා. අනිත් අතට පැරණි වම කරපු වැරුද්ද නිවැරැුදි කරන්න ජවිපෙ අසමත් වුණා.

සියලූ ජාතිවාදයන්ට එරෙහි අඛණ්ඩ අරගලයේ නිරත වෙන්න ජවිපෙත් අසමත් වුණා. ඒ නිසාම වාමාංශික වැඩපිළිවෙළක් මඟින් සංවිධානය කළ යුතුව සිටි තමිල් ජනතාවගෙන් ඉතා විශාල පදාසයක් දෙමළ ජාතිවාදයේ ගොදුරු බවට පත් කර ගැනීමට පහසු ඉඩකඩක් නිර්මාණය වුණා. 1987 පමණ ජවිපෙ සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයට එළඹෙන මොහොත වන විට තිබුණේ එම අවකාශය සම්පූර්ණයෙන්ම වාගේ දෙමළ ජාතිවාදී සන්නද්ධ දේශපාලනය විසින් ගිලගෙන. එම හිදැස වාම දේශපාලන භාවිතයකින් ආමන්ත‍්‍රණය කරන්න අපට බැරි වුණා.

  • 87-89 අරගලය ගැන ස්වයං-විවේචනයක් කිරීමේ තේරුමක් තියෙනවද?

පැහැදිලි තේරුමක් තියෙනවා. වාමාංශික ව්‍යාපාරයකට ස්වයංවිවේචනයක් අවශ්‍ය වන්නේ ඉදිරි මඟ නිරවුල් කරගන්නයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි පළමු වතාවට ඒ ඓතිහාසික කාර්යයට මුල පිරුවා. ස්වයංවිවේචනය කියන්නේ අතීතය පිළිබඳ පාපොච්ඡාරණයක් හෝ ඉතිහාසමය වාර්තාවකුත් නොවෙයි. අතීතයෙන් උගෙන අනාගතයේ දී ධනවාදයට එරෙහි නිවැරැදි වාමාංශික විකල්පයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සකස් කිරීම ස්වයංවිචේචනයේ අරමුණයි.

Robert_Nickelsberg

1989 භීෂණයේ අවස්ථාවක් (ඡායාරූපය Robert Nickelsberg)

අපේ ආදරණීය සහෝදරියන් සහෝදරවරුන් දහස් ගණනක් එදා අරගලයෙදි මිය ගියේ සාධාරණ යුක්තිගරුක සමාජයක් වෙනුවෙන්. ලාංකීය දුක් විඳින ප‍්‍රජාවන් සඳහා ආදරය පිරුණු සමාජයක් ගොඩ නැඟීමයි ඒ අයගේ අරමුණ වුණේ. ඒ අය නියම වශයෙන් සැමරීම කියන්නේ ඔවුන්ගේ බලාපොරොත්තුව සැපිරීමේ අරමුණ වෙත ව්‍යහාරිකව මැදිහත් වීමයි. අද අපි සිදු කරමින් ඉන්නේ එයයි. වාමාංශික ප‍්‍රතිපත්ති ධනේශ්වර පක්ෂ ඉදිරියේ ආණ්ඩු ඉදිරියේ පාවා නොදෙමින්, පාර්ලිමේන්තු ආසන කිහිපයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ අරමුණු අවස්ථාවාදයේ ගිල්ලන්නේ නැතිව කටයුතු කරන්න වෙනවා. සියලූ ජාතිවාදයන්ට එරෙහිව කටයුතු කරමින් නිවැරදි වාම විකල්පයක් සඳහා ව්‍යහාරිකව මැදිහත්වීමෙන් තොරව අරගලයේ දී වද වේදනා විඳිමින් මිය ගිය ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කළ නොහැකියි.

  • 1987-89 අරගලය ගැන විවිධ ආවර්ජන සිදුවෙනවා. සමහර පුවත්පත්වල පිටු පුරා විවිධ පුද්ගල දෘෂ්ටිකෝණයෙන් ලියැවෙන කතා ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

ඒ ගැන නම් කියන්න තියෙන්නේ ඒක ඛේදවාචකයක් කියලයි. එදා අරගලයට විවිධ අයුරින් දායක වී අහම්බයෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ අය සැලකිය යුතු පිරිසක් ලාංකේය සමාජයේ ඉන්නවා. සමහරු තවමත් මොනවා හෝ දේශපාලනයක් කරනවා. සමහර අය දේශපාලන වශයෙන් නිහ`ඩයි. නමුත් අතීත වීරවරියන්ගේ වීරවරුන්ගේ සටන්කාමී දේශපාලන සෙවනැල්ලට මුවා වෙමින් තමන්ටත් යම් කීර්තියක් ලබා ගැනීමට දරන සමහර අයගේ උත්සාහය නම් හරිම ඛේදනීයයි. අතීත වීරවරියන්ගේ හා වීරවරුන්ගේ දේශපාලනයට සාධාරණය ඉටු කළ හැකි වන්නේ ඔවුන් පැතූ ලෝකය ගොඩනැ`ගීමේ දේශපාලනයට මොන ආකාරයකින් හෝ දායක වීමෙනුයි. නමුත් ඔබ සඳහන් කළ උදාහරණවල දී පේන්න තියෙන්නේ අද දවසේ දී තමන් තුළ නැති විප්ලවවාදීත්වයක් ආරෝපණය කිරීම සඳහා පත්තර පිටුවලට කොහෙන් හෝ අසා දැනගත් අර්ධ වශයෙන් දන්න තොරතුරු විකිණීමයි.

අතීත වීරවරියන් වීරවරුන් ගැන කතා කරන්න නම් දේශපාලන හෘද සාක්ෂියක් තියෙන අයට නිවැරදි වාමාංශික දේශපාලනය අරගලය සමඟ එක්වෙන්නම සිදු වෙනවා. ඒ සාධාරණය ඉටු කරන්න වෙනත් මගක් නැහැ.

සැබෑ වීරවරියන්ගේ වීරවරුන්ගේ සෙවනැල්ලට මුවා වෙමින් වැහැරී ගිය දේශපාලන ජීවිතවලට ව්‍යාජ දේශපාලන අනන්‍යතා ගොඩනඟා ගැනීමේ විවිධ උත්සාහයන් ගැන අනුකම්පාවක් හා දේශපාලන පිළිකුළක් හැරුණු විට වෙනත් හැ`ගීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් තවමත් ඒ අතීතය ගැන නිවැරැුදි කියැවීමක් සිදු කරන්න උත්සාහ ගන්න අයගේ එම උත්සාහයන් අපි පැහැදිලිවම ඉහත පටු අරමුණ දරන්නවුන්ගේ උත්සාහයන් සමඟ පටලවා ගන්න ඕන නැහැ. එවැනි සාධාරණ උත්සාහයන් ගන්නා අය සමඟ වඩාත් ඵලදායක සංවාදයක් ගොඩනැ`ගීම මඟ හැර යා නොහැකි අනිවාර්ය අවශ්‍යතාවක්.

සංවාදය – චන්දන සිරිමල්වත්ත

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ලෙනින්ගේ ලිපිය පල කරපු එක හොඳයි. සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයාව සාකච්චා වට ගන්නෙවත් නැතිනම් හොඳයි. කෙරෙන්ස්කිගේ චරිතය ගන්න ඉන්නේ එක්කෝ සෝභිත හාමුදුරුවෝ නැත්නම් රනිල්. හැබැයි රනිල් කට්ට වැඩියි. මංගල වැරදි දෙහ්ස්පලන තීරණ ගන්න අවස්ථාත් වැඩියි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොදු අපේක්ෂකයෙකුට සහය නොදක්වා තම අපේක්ෂකයෙක් දැම්මොත් වම දුර්වල කරනවය කියන චෝදනාව ඒවි. කෙරෙන්ස්කි පන්නයේ අපේක්ෂකයෙකුත්, නව වමේ අපේක්ෂකයුකුත් ඉදිරිපත් කලොත් හොඳයි.
    අස්වභෂ්දෙනිය කියල රුසියානු භාෂාවෙන් කියන්නේ නිදහස් කර ගැනීම කියන එක. ලෙනින්ගේ පරිවර්තනයේ ඒ වචනය එලෙසින්ම දීම තේරුමක් නැහැ.

Comments are closed.